(සිරංගිකා ලොකුකරවිට)
කිසිම දෙයක් ස්ථිර නැති ලෝකයක රජයේ සේවය ස්ථිර කියල හිතාගෙන අපේ තරුණ තරුණියන් ඉල්ලනවා කාර්යාල කාර්ය සහායක තනතුරක් හරි දෙන්න කියලා. මේ තමයි අපේ සමාජය අද හැඩ ගැහිලා තියෙන හැටි. නමුත් හොඳ ව්‍යපාරයක් කරගෙන, හොඳ ව්‍යවසායකයෙක් වෙලා ඊට වඩා යමක් උපයන්න පුළුවන් බවත් රටට සේවයක් කරන්න පුළුවන් බවත් අපේ අය තේරුම් නොගැනීම කණගාටුවක්.’’ යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අඟහරුවාදා (11) ගාල්ලේ දී කීවේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුඩා ව්‍යාපාර සංවර්ධන අධිකාරිය මගින් ගාල්ල නගර ශාලා භූමියේ දී ආරම්භ කෙරුණු ගාලූ ව්‍යවසාය-2017 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහි දී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘අපේ අය හිතනවා රාජ්‍ය සේවය ස්ථිරයි කියා. රාජ්‍ය සේවයත් ස්ථිර නැහැ. විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා තමයි රාජ්‍ය සේවයට මේ තරම් පොරකෑමක් ඉල්ලූමක් තියෙන්නේ. නමුත් අපි දකිනවා රටේ මේ වගේ කර්මාන්ත කරන නිෂ්පාදන කරලා අළෙවි කරමින් ව්‍යාපාරයක් කරන අය කොතරම් සේවයක් මේ රටට රටේ ආර්ථිකයට කරනවා ද කියා. ඒ නිසා කුඩා ව්‍යාපාර ක්ෂේත්රය වැඩිදියුණු කරන්න අපි රජයක් ලෙස විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ව්‍යාපාර කරන අයට ස්වශක්ති ණය ව්‍යාපාරය හඳුන්වා දුන්නා රුපියල් 250,000ක ණයක් ලබාදෙන විට රුපියල් 50,000ක් දෙන්නේ නැවත අය කරගන්න නොවෙයි.
මේ සඳහා කර්මාන්ත ක්ෂේත්රයේ විශාල පිරිසක් සම්බන්ධ වුණා. සුළු ව්‍යාපාරිකයන් තමන්ගේ කර්මාන්තය දියුණු කරගෙන ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදන අළෙවි කරනවානම් මේවා තවතවත් දියුණු කරන්න පුළුවන්. අපි දන්නවා මීට දශක කිහිපයකට පෙර මාගාල්ල ඉතා ප්‍රසිද්ධව තිබුණේ රේන්ද කර්මාන්තය සම්බන්ධයෙන්. නමුත් අද මාගාල්ලේ රේන්ද කර්මාන්තය කරපු අය දැන් කරන්නේ නිමි ඇඳුම් කර්මාන්තය. ඔවුන් කාලානුරූපව වෙනස් වෙලා තියෙනවා. අම්බලන්ගොඩ වෙස්මුහුණු කර්මාන්තය කරපු අයත් අද නව වෙළෙඳ පොළට ගැලපෙන ආකාරයට තමන්ගේ නව නිර්මාණ බිහිකරන්න පටන් අරගෙන. මේ ආකාරයට අපේ කුඩා කර්මාන්ත දියුණු කළ යුතුයි. අපි රජයක් ලෙස මේ වගේ කර්මාන්ත දියුණු කරන්න අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.’’ ඇමැති වරයා පැවසීය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජයේ සේවයත් ස්ථිර නැහැ - වජිර අබේවර්ධන
chandima Tuesday, 11 April 2017 06:18 AM
ඕක තමයි රජයේ සේවය නෙමෙයි ආණ්ඩුවත් ස්ථිර නැහැ.
wasantha Tuesday, 11 April 2017 11:49 AM
ආණ්ඩුව රක්ෂා නොදුන්නොත් ඊළඟ ඡන්දෙදි කපෝති.