යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇතැයි ද ලබන සැප්තැම්බරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේයැයි ද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.
මෙම ආචාර්ය ධර්ම කෙටුම්පත පාර්ලිමේන්තු මාධ්‍ය තේරීම් කාරක සභාවට හා දේශපාලන පක්ෂ වෙත යොමු කර යෝජනා හා සංශෝධන බලා පොරාත්තු වන බවත් ඇමැති සඳහන් කරයි.
‘අද මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැටළු රැසක් පවතිනවා. රට ජාතියට සමාජයට මෙන්ම ආගමික වහයෙන් ගැටළු ඇති නොවන ආකාරයට මාධ්‍යය හැසිරිය යුතුයි. රටේ පොදු නීතියෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරිමට මාධ්‍යයට හැකියාවක් නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මාධ්‍ය
මාධ්‍යට ආචාර ධර්ම කියල දෙන්න ඉස්සෙල්ල ඇමතිලාට පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන කියල දෙන්න ඕනෑ. (නි)
ජනමාධ්‍ය අඩපන කරන්න හදන්නේ මොකද
මට පේන්නේ මේ හදන්නේ ඌරව දාලා සොසේජස් ගන්න නෙමෙයි, සොසේජස් දාලා ඌරව ගන්න (නි)
මාධ්‍ය වලට ආචාර ධර්ම කියා දෙන්න ඉස්සර මාධ්‍යවලට වොයිස්කට් දෙන දේශපාලකයන්ටයි මිනිස්සුන්ට බල්ලන්ට වගේ කතාකරන ස්වාමින් වහන්සේලාටයි ආචාර්‍යධර්ම පද්ධතියක් කියා දෙන්නකො (නි)
ඊට වඩා හොද නැද්ද රටට විශේෂයෙන්ම දේශපාලකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හදන එක. මෙයට පෙර එය කරන්න (නි)
එතකොටවත් රජයේ මාධ්‍ය ඇත්ත කියයිද ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හැබැයි ඔය අචාර ධර්ම රාජ්‍ය මාධ්‍ය වලටත් අදාළ වෙන්න ඕනෑ. එහෙම වෙනවා නේද? (නි)
ඔක්කොටම ඉස්සර සියලු මාධ්‍ය දේශපාලන ග්‍රහණයෙන් මුදාහරින්න. මට පේන විදිහට නිදහසේ කතාකරන කීප දෙනාවත් නිශ්ශබ්ද කරන්නද දන්නෙ නැහැ හදන්නේ.එතකොට රටේ මිනිස්සුන්ගේ අදහස් මාධ්‍යයේ යන්නේ නැහැනේ. (නි)
හොදයි. නමුත් රජයේ මාධ්‍ය ආයතනත්,නිලධාරිනුත් ඒවා අනුගමනය කරයිද? එසේම, රූපවාහිනි නාලිකා වල සේවයකරන නිලධාරීන්ටත් විනය ගැන පුහුණු පන්තියක් පිළියෙළ කලොත් හොදයි නේද? (නි)
මේක නම් ජාතියට ඉතාම අත්‍යවශ්‍යම දෙයකි. අද රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට මුල ජනමාධ්‍ය වලට ආචාර ධර්ම පද්ධතියක් නැතිවීමයි. මේක තිබුනා නම් මේ රටේ ප්‍රශ්න සියල්ලම මෙලහකටත් විසදා හමාර කරන්නට තිබුනා. මේ වාගේ කාලෝචිත නීති සම්පාදනය කරන උත්තමයන් ඉන්න තවත් පාර්ලිමේන්තුවක් ලෝකයේ කොහෙවත් තියේද? (නි)
ආචාර ධර්ම මිසක් නීති නොවිය යුතුයි. මාධ්‍ය වාරණයකට සුදානම් වීම හෙලා දකිමු. මාධ්‍ය නිදහස ුත්‍යවශ්‍යයි. (නි)
මිනිසුනේ ඔබ හිතනවාද මේ ක්රියාඅ සදාචාර සම්පන්නයි කියලා
දෙයක් ඇගයීමට වගේම විවේචනය විය යුතු දේ විවේචනයට මාධ්‍යට හැකියාවක් තිබිය යුතුයි. හැකියාවක් තිබුනත් වාරණ සහ ජීවිත තර්ජන හමුවේ එවැනි හැකියා වියපත් වේ. මෙයද මාධ්‍ය නිදහස? රජයේ ඇතැම් මාධ්‍යවල හැසිරීම රජය වර්ණනාවට මිස ජනතා සේවයට නොවේ. ඔවුන් ජනතාව මුලා කරවයි.යහපත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් යනු රටක් ජාතියක් දැනුමෙන් සන්නද්ධ කිරීම මිස මුලා නොකිරීමයි( ඇතැම් මාධ්‍යට මෙය අදාළ නොවිය හැක) (නි)
මාධ්‍යයත් ඉවරයි
මිනිස්සුන්ට තොරතුරු දැන ගන්න තියෙන අයිතිය නැතිවෙනවාද
මාධ්‍ය පාලනයක් නේද මේ (දී)
ආචාර ධර්ම කියල දෙන්න ඕනි දේශපාලකයන්ට (දී)
රටේම තියන බොරු දෙසාබාන රාජ්‍ය හා පුද්ගලික නාලිකා හා පුවත්පත් සියල්ල වසා දමන්න සිදුවෙයි. අනේ කාලේ වනේ වාසේ . (නි)
ඒකත් දණ්ඩ නීති සංග්‍රහය වගේ පොත් රාක්කවල තියෙයිද දන්නෙ නැහැ (නි)
එංගලන්තයේ ආචාර ධර්ම අපේ මාධ්‍යට රිංගවන්න එපා. පොදු ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න. මාධ්‍ය මර්ධන පනත හකුළා ගන්න. (නි)
මම නම් ඊට විරුද්දයි
දැන් නම් මට හරියට තරහා එනවා, මේ සිංහලයෝ මෙච්චර දුර්වලද හැමදාම නහය ලගට එනකන් ප්‍රශ්න විසදාගැනීමට බලාගෙන ඉන්නේ කියලා. කොහොම වුනත් මේ වෙනුවෙන් බිය නැතුව හඩ නැගු අපේ ස්වාමින් වහන්සේලාටද අනෙක් පින්වත් පිරිසටද අපේ ගෞරව ප්‍රණාමය. කුරගල අන් ආගමිකයාන්ගෙන් සම්පුර්ණ නිදහස් වී බුදුගුණ පැතිරේවා! (නි)
රජයේ නියෝජිතයෙක් මාධ්‍ය වලට පුවත් දෙනකොටත් මෙම අචාර ධර්ම තිබුනොත් වඩාත්ම හොදයි. මොකද අපි නිතරම දකිනවා රජයේ නියෝජිතයන් කියන බහුතරය කියන්නේ හිස ඉදිමුන අය. ජනතාවට උඩගු කමින් කතා කරන්නේ.මේවා දකින්න ජනතාව කැමති නැහැ. (නි)
මොකද්ද ඒ වැඩේ
පාර්ලිමේන්තු මන්ත්‍රීලට සහ ඇමතිවරුන්ට හැසිරීම පිළිබඳව ආචාර ධර්ම පධතියකුත් ඔය එක්කම හදාගෙන ප්‍රසිද්ධ කලානම් හොදයි නේද? (නි)
මුලින් පාර්ලිමේන්තුවේ කට්ටියට උගන්වන්න ඕනෑ (නි)
ඉතා හොඳ කාලීන අදහසක්. (නි)
ඔන්න ඉතින් මාධ්‍ය පාලනයකරන්න ගත්තා
මේ කවුද? මොකද කරන්නේ? (නි)
ඕව ගෙනැල්ල අපේ හාමුදුරුවෝ කරන වැඩ යට ගහන්න හදන්න එපා. ගව ඝාතනයට පියවරක් ගත්තොත් හොදයි (නි)
මාධ්‍ය නිදහස නැති කරන්න එපා
මාධ්‍යයට ආචාර ධර්ම දාන්න කලින් මැති ඇමතිලාට ඔය වගේ එකක් දැම්මොත් නරකද? (නි)
නියමයි මම නම් කැමතියි
රජයේ මාධ්‍ය පොදු දේ වලදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු ආකාරයත් ඔය කෙටුම් පතට ඇතුළත් කරන්න. (නි)