රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය ලබන සඳදා (28) වැනි දා සිට උගැන්වීමේ හා පරිපාලන කටයුතු වලට යළි සම්බන්ධ වන බව රජරට එහි ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඕලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියෝ පැවසුහ.
සිසුන් පිරිසක් විසින් උපකුලපති පැය විසිහතරකට ආසන්න කාලයක් සිර කිරීමේ සිද්ධියෙන් පසු පසුගිය දෙවැනිදා ආචාර්ය මණ්ඩලය උගැන්වීම් කටයුතු හා විශ්ව විද්‍යාල පරිපාලන කටයුතු වලින් ඉවත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය තුල කිසිම පිළිගත් කෙනක් නැත (නදී)
පෙඩ්රික් මහත්මයාණෙනි ඔබ රජරට් ගැන දන්නා ප්‍රමාණය හා විශ්වවිද්‍යාලයක පිළිගැනීම ලැබෙන හැටිගන තවදුරටත් සොයාබැලිය යුතුය. ඔබට ස්තුතියි (නදී)
රජරට සරසවියෙ පිළිගැනීමක් නැති කරගෙන තියෙන්නෙ ඩයස්පොරාවෙ සල්ලි වලින් යැපෙන කුරුටුගාමි සිසු නායකයන් නිසා. දෙමව්පියන් තම ළමයි තේරෙනවට අකමැතිම විශ්වවිද්‍යාලවලින් එකක් තමයි රජරට.(අ)
ගුරවරු හිතෙන කොට අයින් වෙනවා. නැවත උගන්වනවා. මේ අයට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද. (නදී)
රජරට කියන්නේ ඉස්සරහින්ම ඉන්න විශ්ව විද්‍යාලයක්. යු.ජී.සී එකෙන් කරපු ලංකාවේ ගණකාධිකාරී රෑන්කින් වල දෙවැනි තැනට තියෙන්නේ රජ රට. විද්‍යා පීඨය 3 වෙනි තැන. දන්නේ නැති අය හොයා බලන්න (නදී)
විද්‍යාවේදී කළමනාකරණ උපාධි පාඨමාලා තියෙන විශ්වවිද්‍යාල හතරෙන් එකක් තමයි රජරට විශ්වවිද්‍යාලය කියන්නේ. කළමනාකරණ උපාධි වලින් තියෙන හොඳම උපාධිය තමයි විද්‍යාවේදී උපාධිය. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාලවල ගණකාධිකරණ දෙපාර්තමේන්තු අතරින් දෙවෙනි තැනට තියෙන්නෙත් රජරට විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුව. ඉදිරියේදී රජරටට ඉංජිනේරු පීඨයකුත් ලැබෙන්න නියමිතයි. එතකොට රජරට කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යා , සමාජ විද්‍යා සහ කෘෂිකර්ම කියන පීඨ 6ක් තියෙන විශ්වවිද්‍යාලයක්. රජරට ගැන හරියට දන්නේ නැති අය කරණාකරල බොරු දේවල් පතුරන්න එපා.(අ)