IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘රජරට නියගය කොළඹට ඇවිල්ලා’

කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ රැසකට  පසු ගිය දෙවැනිදා සිට  ජලය කපා හැරීම නිසා  ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටී.

එක දිගට දින තුනක් ජලය කපාහැරිම නිසා උසස්  පෙළ විභාගයට  පෙනී සිටින සිසුන්ට මෙන්මරජයේ හා පෞද්ගලික  අංශයේ රැකියා කරන්නන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.

රාජගිරිය පොල්දුව  නව පාළම ඉදිකරන  ස්ථානයේ  ජලනළයේ  අලුතින් එළිමත් අයහපත් කාලගුණය නිසා එහි වැඩ අවසන් කිරීම දුෂ්කර බවත් ඉතා ඉක්මනින් ජලය ලබා දීමට කටයුතු  කරන බවත්  ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

‘පොළොන්නරුවේ නියඟය තලපත්පිටියට ඇවිල්ලා ’යැයි ළිං සොයා යමින් සිටි පිරිසක් කීහ.



අදහස් (0)

‘රජරට නියගය කොළඹට ඇවිල්ලා’

තරංග Monday, 04 August 2014 01:37 PM

සමන්ති ඔයාගේ ගෙදර ඔයා විතරද ඉන්නේ. එහෙනම් දවස් තුනට එක ටැංකියක් ඇති (නදී)

:       1       0

සුදේශ් ගෝම්න්ද Monday, 04 August 2014 02:02 PM

ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ඉන්නේ මහා එපා කරපු කම්මලිම කම්මැලි සෙට් එකක්. අද වතුර බටයක් කැඩුනොත් හදන්න එන්නේ සතියකට පස්සේ. එතකන් අරහෙට මෙහෙට බෝලේ පාස් කර කර වතුර ටික නාස්තී කරනවා. අපේ ගේ ඉස්සරහ උන දෙයක අත්දැකීමෙන් කියන්නේ මම මේ. (නදී)

:       0       1

දිල්ෂාන් Tuesday, 05 August 2014 05:37 AM

මේවා මෙහෙම වෙන්නේ හැමෝම ප්‍රශ්නයක් තමන්ට බල පාන විට පමණක් එයා ගැන කතා කරන්න ඉදිරිපත් වෙන නිසා. රටක් හැටියට හිතන්නේ නැහැ. රජරට ගොවියන්ට හෙන ගැහුවත් අපිට මොකද කියන අදහසින් ඉන්න කොළඹ මිනිසුන්ට ඔහොම වෙලා මදි. (නදී)

:       0       1

සමන්ති Monday, 04 August 2014 03:36 PM

මම කිව්වේ වතුර ටැංකියක් තබාගත්තොත් තදින් බලපාන්නේ නැහැ කියලා. දිනකට කෙනෙකුට අවශ්‍ය ලීටර 130 ක් පමණ වේ . 5 දෙනෙක් සිටින ගෙදරකට ලීටර් 650කි . ලීටර් 2000ක් දින තුනකට සැහේ. (අ)

:       0       1

සන්ජය Monday, 04 August 2014 03:39 PM

නියමයි. (අ)

:       0       1

දියකව Monday, 04 August 2014 04:16 PM

ජල කෙලියට පාලම උස්සලා. බට තවම උස්සනවා (නදී)

:       0       0

අජන්තා Monday, 04 August 2014 04:53 PM

මමනම් හැමදාම කිව්වේ අපට ජීවත් වෙන්න වැදගත්ම දෙය වතුර , පාරවල් හදන වෙලාවේ හැමතැනම ලින් හෑරුවා නම් පිරිසිදුව හරි ඉන්න තිබුනා. දවසක් දත් මැද්දේ නැත්නම් , මොකද වෙන්නේ.? දැන් මිනිස්සුන්ගේ ගද ? මට මතක් වෙන්නේ දැන් බේරේ වැව.(නදී)

:       0       0

ටානියා Monday, 04 August 2014 09:15 AM

අපිත් ඒ වතුර කැපිල්ලට අහු උනා (දී)

:       0       0

දොන් Monday, 04 August 2014 09:17 AM

අපිට ඔය ප්‍රශ්නය ඉස්සර තිබුණා එක නිසා අපිනම් ලිඳක් කපා ගත්ත දැන් වතුර ප්‍රශ්නයක් නැහැ. (දී)

:       0       0

ජනිත දිසානායක Monday, 04 August 2014 09:29 AM

සම්පූර්ණ ඇත්ත. හෙට විභාගයට පෙනී සිටින දරුවෙකුගේ මවක් මා සමගම මෙම කතාව කීවා. විභාගයට සිත විතරක් නෙමේ කය පවා අපිරිසිදුව තමා යන්න වෙන්නේ යැයි තම පුතා පැවසූ බවත් දරුවා අද දිනයේ ජලය සොයා පොදු ලිඳක් සොයමින් ගිය බවත් එය දරුවාට දැඩි මානසික පීඩනයක් බව අම්මා ලෙස තමුන්ට තේරුණත් බළධාරීන්ට මේ ගැන වුවමනාවක් හෝ සිතීමක් වත් පහල නොවීම කණගාටුවක් බව ඇය පැවසුවාය. නිදා සිටින බලධාරීන් දැන් වත් නැගිට බැලුවොත් තමා හොඳ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 August 2014 09:38 AM

එකනේ දොන් , සමහරු කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගෙන පයිප්ප ආවට පස්සේ තිබුන ලින් ටිකත් වහල දැම්මනේ දැන් ඉතින් අවනඩු කියනවා නේද ? (දී)

:       0       0

ප්‍රියංග Tuesday, 05 August 2014 07:29 AM

මෙතැන වෙලා තියෙන්නේ වෙන දෙයක් කියල ආරංචිය..අලුතින් දාපු බටයක් හිනි වැඩි වෙලා පුපුරලා කියල ආරංචිය..ජාල සම්පාදන එකේ එක්කෙනෙක්ගෙන් ලැබුන තොරතුරක්...ඒ බටයක් දනකන්ලු වෙලා යන්නේ..මෙතන දුෂණයක් වෙලා පටයි .හොයල බලන්න (දී)

:       0       0

සුභාශි Monday, 04 August 2014 09:47 AM

අපෝ අපිට නම් ඔය වතුර ප්‍රශ්නය හොඳට පුරුදුයි. බත්තරමුල්ල තලවතුගොඩ ප්‍රදේශ වලට නොකියාම සමහර වෙලාවට වතුර කපන්නේ. හවස වැඩ ඇරිලා දුවගෙන ආවම මුණ සෝදා ගන්නවත් වතුර නැහැ . කාලයක් තිබුනා සති අන්තයේ අපිට දඬුවමක් වගේ වතුර නැහැ . රෙදි ටික සෝදා ගන්නවත් විදියක් නැහැ. පසුව අපි ටැංකියක් බැඳ ගත්තා. (දී)

:       0       0

ධම්ම Monday, 04 August 2014 10:08 AM

ටැප් වතුර අරගෙන ලිඳ වහන්න හැදුවාම බිරිඳ දෝස්මුරේ දැම්මා. මගේ මතේටම වැඩ නොකර එයා කී දෙයට කන් දුන් නිසා අද මම ගොඩ. (ස)

:       0       0

ධනුෂ්ක Monday, 04 August 2014 10:27 AM

මේ ගොල්ලෝ දැනුම් දුන්නේ ඉරිදා රාත්‍රී 9 ට ජලය දෙනවා කියලා. හරියට වෙලාව කිවා නම් මිනිස්සු ටිකක් හරි සුදානම් වෙනවා. අද මේක නිසා අපිට කොච්චර වැඩ පාඩු උනාද. මේවා කරන අය මිට වැඩිය මිනිස්සු ගැන හිතන්ඩ ඕනා. අපිට තවත් වතුර නෑ.(නදී)

:       0       0

එරංග Monday, 04 August 2014 10:56 AM

2 වෙනිදා උදේ 9 සිට 3 වෙනිදා රෑ 9.00 දක්වා කියලයි දැනුම් දුන්නේ. දැන් වෙන කොටත් වතුර නැහැ. (ස)

:       0       0

ධනුෂ්ක Monday, 04 August 2014 10:57 AM

1939 කෝල් ගත්තම පැය 2න් දෙනවා කියනවා. දැන් පැය 2කෙ ඒවා 10ක් විතර ගියා, තාම වතුර එන්නේ නැ. (ස)

:       0       0

චානක. Monday, 04 August 2014 11:47 PM

එතකොට මේ ජල හිඟය අර මහා මැදුරුවලටත් බලපාලද ? (නදී)

:       0       0

තබීතා Monday, 04 August 2014 11:01 AM

මේ වතුර නැති ප්‍රශ්නේ පර්ලිමේන්තුවේ අවට ඉන්න අයට නෑ නේද? මිනිස්සු හරිම අපහසුතාවයට පත්වීමක්. (ස)

:       0       0

lලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 04 August 2014 11:11 AM

ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෝ මහා අමුතුව කොටසක්. කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැහැ තමන්ට කැමති දේ කරනවා අනිත් මිනිස්සු අමාරුවේ. සුදුසුකම් නැති දේශපාලන පන්දමට ඔල මොට්ටයන්ට තනතුරු දුන්නම වෙන දේ බලන්න (නදී)

:       0       0

ධනුෂ්ක Monday, 04 August 2014 11:10 AM

ජනිත දිසානායක ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නදී)

:       0       0

දනුක Monday, 04 August 2014 11:23 AM

අනාදිමත් කාලෙක ඉඳලා බත්තරමුල්ල ප්‍රදේශයේ වතුර කපන්නේ පෙර දැනුම් දීමක් නැතිව. වැඩට ගිහින් හවස එනකොට වතුර කපලා. ඉරිදා සෙනසුරාද ඇඳුමක්වත් සෝදා ගන්න නැහැ . වැසිකිලි යාමටත් අපහසු නිසා මම කාර්යාලයේම නවතින්නම් කියල ගෙදර අයට විහිලුවට වගේ කිව්වා. (නදී)

:       0       0

සමන්ති Monday, 04 August 2014 12:29 PM

සෑම ගෙදරකම ජලය ගබඩාකරණ ටැංකියක් තබාගන්නවා නම් මේ ගැටලුව තදින් බලපාන්නේ නැහැ නොවැ. ලිඳෙන් හෝ ඇලෙන් වතුර ගන්නා ගෙදරකත් වතුර කලයක් තබා ගන්නවා. (නදී)

:       0       0

සියාතු Tuesday, 05 August 2014 04:04 AM

දියවන්නා ඔයෙන් වතුර ගන්න වෙන්නේ දැන් ඉතින් අමුඩ ගසා සුදානම් වෙයල්ලා. තවමත් වතුර නැහැ. විභාගෙට යන දරුවන්ට‍ මොකද දැන් වෙන්නේ. ඒ අයට ඔක්කොම වැඩ නවත්තලා වතුර හොයාගෙන යන්න වෙලා. (නදී)

:       0       0

කසුන් Monday, 04 August 2014 01:15 PM

සමන්ති ඔලුව අතගාලා අං එනවද බලන්න. දවස් 3 කින් කෝට්ටෙ ප්‍රදේශයට වතුර දුන්නෙ නෑ. ගබඩාකරණ ටැංකි 5-6 තියාගන්න වෙනවා මෙහෙම ගියොත්.(නදී)

:       0       0

සුමල් Monday, 04 August 2014 01:19 PM

සෙනසුරාදා පෙරවරු 9 සිට මේ දක්වා වතුර බින්දුවක් වත් නෑ. මිනිස්සු කොහොමද මෙහෙම ඉන්නෙ.. ලීටර 10,000 ටැංකියක් ගන්න වේවි මෙහෙම ගියොත් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 9 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 288 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 270 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 108 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1428 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1672 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site