වව්නියා - මාතර රජරට රැජිණ දුම්රියේ මැදිරි දෙකක් අද ( 27 ) සිව්වරක් ගැලවී ගිය බව දුම්රිය ආරංචි කියයි.
මුලින්ම තලවත්තේගෙදරදී ද රාගම වල්පොළ දී ද රාගම දුම්රියපොළ ආසන්නයේ දී ද අවසන් වරට කැළණිය දුම්රියපොළ ආසන්නයේ දී ද මැදිරි වෙන්වූ බවත් මේ නිසා දුම්රිය පැයක් පමාවූ බවද මගීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවල් වලදී අපි දැකලා තියෙනවා දුම්රිය ඇතුළේ මැදිරි දෙක අතරත් මිනිස්සු යන වෙලාවල්. එහෙම යන වෙලාවක ගැලවුණා නම් කීදෙනකුගේ ජීවිත අවදානමකද. (නි)
ප්‍රවාහන ක්ෂේත්රයට අයිති වෙන්නෙ පාරවල් හදන එක විතරක් නෙමෙයි. කෝච්චි පාරවල් සුද්දා තේ ගෙනියන්න හදපුවා, එ්වා තමා තාම පාවිච්චිය. සබ්වේ කෝච්චි , ස්කයි ට්‍රේන් ප්‍රොජෙක්ට් තමා අනිත් රටවල යන්නෙ. (බ)
මෙය දුම්රිය මැදිරි සම්බන්ධ කරන ආධාරක වල ගැටළුවක්. මෙයට වඩා දුර ගමන් සේවා වල මැදිරි වල ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. මෙය නුවර හා කඩුගන්නාව වැනි මාර්ගයක වූවානම් අනතුරේ ප්‍රතිපලය මිට වඩා භයානක වෙන්න තිබුන.(බ)
ගණන් ගන්න එපා..ලංකාවනේ..මෙතැන ඕව ගැන කතා කරන්න දෙයක් වෙලා තියෙනවද? ෆොටෝ ගැනිල්ල අද මෝස්තරයක් වෙලානේ..(බ)
ලංකාවේ වැඩිම දුරක් ධාවනය වන විශාල මගීන් ගණනක් ගමන් ගන්නා දුම්රියක්. එ්ත් කිසිම පහසුකමක් නැහැ. ෆෑන් වැඩකරන්නේ නැහැ, ලයිට් හරියට නැහැ, හිටගෙන යන මගීන්ට අල්ල ගන්න එකක් නැහැ. රෝද කැරකෙනවා විතරයි (නි)
මේවා දිනපතා පරික්ෂා කරන්නේ නැද්ද? අකුරට වැඩද? (නි)
ශ්‍රී ලන්කන් එකට පහුගිය අවුරුදු 5 ට භාණ්ඩාගාරයෙන් දුන්න මුදල් දුම්රිය දෙපාර්තුමේන්තුවට දුන්නා නම් අද අපේ දුම්රිය සේවය ලෝකයේ තිබෙන හොඳම දුම්රිය සේවා 10 අතරට එන්න තිබුණා. කොහෙද අපේ මිනිස්සු නිතරම මුදල් වියදම් කරන්නේ අත්‍යවශ්‍ය දේවල් වලට නොවේනේ. බොරු පුරාජේරු වැඩ වලටනේ (නි)
දැන් දැන් ගැළවීමේ ඉවරයක් නැතුවා වාගෙයි. ඉස්සරහට තවත් ගැළවෙන්න ඉස්සරවෙලා ප්‍රතිකර්ම යෙදුවොත් හොඳයි. මේ දුම්රිය ධාවනයට පෙර ඒවායේ කාර්මික තත්වය පරික්ෂා කරන්නේ නැද්ද? මේ ගැළවීම භයානක අනතුරු වීමට හේතු වෙනවා. මගීන්ගේ ජිවිත අනතුරේ දමන්න එපා. සිදුවුණාට පසුව ගෙවන වන්දිය වැඩක් නැහැ. (නි)
නඩත්තුවේ හොඳකම තමා මේ (නි)
උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයවන වායුසමනය කළ දුම්රිය හැරෙන්නට අනෙක් සියලු දුම්රියන්ට කුඩම්මාගෙ සැළකිලි තමයි ලැබෙන්නේ. රජරට රැජිණි දුම්රිය කියන්නේ ලංකාවේ තියෙන අපිරිසිදුම හා අබලන්ම දුම්රිය මැදිරි තියෙන දුම්රියක්. මේ සිදුවීමෙන්ම පේනවා දුම්රියේ තිබෙන තාක්ෂණික ආරක්ෂාව. (නි)
පලවෙනි සැරේ ගැලවුනා,හයි කළා ගියා.දෙවෙනි සැරෙත් ගලවුනාම වත් නැත්ද ටිකක් කල්පනාවක් එන්නේ මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා හරිගස්සගන්න කියල මිනිස්සුන්ගේ ජීවිත අවදානයේ දාන්නේ නැතුව (බ)
මුදිත මොකද අමුතු කතාවකට අර අදින්න හදන්නේ ,,,, සමලිංක කතාව කෝච්චි පෙට්ටි පැන්න එකට අදාළ නැහැනේ (බ)
මෙම මැදිරි ඉතා පැරණි ඒවා. රුමේනියාවෙන් ගෙන්වන ලද . අදටත් මේවා ධාවනය වීම පුදුමයි (බ)
හතරපාරම ගැලවුනේ එකම තැනින්ද කිව්වොත් මම කියන්නම් හේතුව. (අ)
මේ රජරට රැජින දුම්රියට විටින් විට බාධා. (බ)
ඕක ගැලවුනා කියල මුකුත් වෙන්නේ නැහැ, මැදිරි සම්බන්ධක උඩ හිටියොත් තමා ගැටලුව . ඔහොම වෙන්නේ දුම්රිය මාර්ගයේ ප්‍රශ්ණ නිසා. (බ)
මට පෙනෙන විදියට කව්රුත් මැරුණේ නැති එකයි මතන ප්‍රශ්නේ..මොකද දන්නවද? අපේ කට්ටිය පුරුදු වෙලා ඉන්නේ අනතුර වෙන්න කලින් ආරක්ෂා වෙන්න නෙවෙයි..යමක් වුණාට පස්සේ හතර වටේට බැනල, කෑ ගහල, එකිනෙකාට චෝදනා කරගෙන මොනවා හරි කරන එකනේ. (අ)
එතනත් ෆෝන් අරගෙන ෆොටෝ ගන්න එහෙමත් නැතිනම් වීඩියෝ කරන මෝඩයෝ පෙනෙන්න ඉන්නවා. දුම්රියක් ඇතුලේ වැඩි වෙලා යන්න බැහැ. ෆෝන් එක ඔබන මුවාවෙන් පිරිමින්ගේ ඇඟේ වැලමිට වද්දව වද්දව යන සමලිංගිකයෝ වැහි වැහැල. බැරිවෙලාවත් සමලිංගිකත්වය නීතිගත කළොත් හරිම කරදරයක් වෙන්නේ. (බ)
ලණුවලින් වෙන්නැති ගැටගැහුවේ. (බ)