IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ?

මොහෙන්දොජාරෝ  සහ හරප්පා  ශිෂ්ඨාචාර  විනාශ වුයේ  ජලයේ වෙනස හේතුවෙන්  භූමියේ රසායනික සංයුතිය  වෙනස්වීම නිසා යැයි ද කෘෂි රසායන හේතුව  හා ජල මුලාශ්‍ර  විපර්යාස වලට ලක් වීම පිළිබඳව  රජරට පුරා විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීය යුතුව ඇතැයිද   මධ්‍යම සංස්කෘතික අරමුදලේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයකු වන  පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  මහාචාර්ය සුදර්ශන සෙනවිරත්න  මහතා පවසයි. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ දී ‘පුරා විද්‍යා හා උරුම  කළමණාකරණය වාර්ෂික  වාර්ෂික පර්යේෂණ සැසිය2013‘ අමතමින්  මහාචාර්යවරයා  මේ බව කීය.

ආදී වාසී ජනාවාස පැවැති  කණ්ඩලම ප්‍රදේශයේත් පොස්පේට් නිධිය වරෙක  සමාගම්කරණය වීම  නිසා එප්පාවල ප්‍රදේශයේත් ජල පද්ධතිය වෙනස්කම්වලට ගොදුරු  වු බැවින්  ඒ පිළිබඳව වහා පර්යේෂණ පැවැත්විය යුතු බව  ඔහු අවධාරණය කළේය.

‘එප්පාවල හා කණ්ඩලමත්  යෝධ ඇළ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

වකුගඩු උරුමය හා කරුමයට  ඒ ජල සාධකයත් භූමීයේ සිදුවන රසායනික සංයුතියේ වෙනස්කම් බලපෑ හැකියි.’

ජලය පැවැති ස්ථානයක ජලය නොමැති වු විටෙක රසායන ඇතිවන බව  පැරැණි ශිෂ්ඨාචාරවලින් පැහැදිලියි.මාසයකට ජීවීත හාරසීයක්  නැතහොත් දිනකට  දිනකට ජීවීත 13 නැති වන හේතුව  කෘෂි රසායන මිශ්‍ර වීමද යන්න මගින් තේරුම් ගත හැකියි ’.

රජරට විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා හා  උරුම කළමනාකරණ අධ්‍යාපන අංශය මෙම සැසිය සංවිධානය කළේ  විශ්ව විද්‍යාලයක  පැවැත්වෙන ප්‍රථම  පුරා විද්‍යා ජාතික පර්යේෂණ සමුළුවක් ලෙසිනි.

 

 

 



අදහස් (0)

රජරට ශිෂ්ඨාචාරයට වතුර හරස්වේද ?

කරණාරත්න දිසානායක Friday, 20 December 2013 06:34 AM

අදිවේගයේ කාපට් පාරවල් අපිට අනුරාධපුරයේ තියෙනවා. නමුත් පානීය ජලය නැතිව ජනතාව වකුගඩු රෝගයෙන් මිය යනවා. කෝක කරන්නත් ජනතාව නිරෝගී වෙන්න ඕනා නේද? (නදී)

:       0       0

සත්‍යයා Thursday, 19 December 2013 01:35 PM

ත්‍රස්තවාදය අවසන් කළා වගේම අපේ පාලකයෝ උතුරු මැද පළාතේ "කෘෂි රසායන මාෆියා" ව ගැන මුනිවත රකින්නේ නොදන්නා කම නිසා විය නොහැකියි. දිනකට මෙපමණ ප්‍රමාණයක් ත්‍රස්තවාදයෙන් වත් මියගියේ නැහැ. බටහිර කුමන්ත්‍රණයක් ගැන මියගිය අයගේ දත්ත උපුටා ගෙන බෙරිහන් අයටත් මේවා නොපෙනෙනවා නොවේ. මේක පිටරටවල සහයත් ඇතුව කෙරෙන කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:17 PM

අපි තාමත් අතිසාරේට අමුඩ ගහනවා ? තව පැත්තකින් කුඩු වසංගතේ අනේ මන්ද රටකට ගිය කලක් (දිල්)

:       0       0

සිංහ Thursday, 19 December 2013 11:17 AM

මේවා කිසි පරිත්ෂනාත්මක සාධක නැති මතවාද විතරයි. රසායනික යොදන එක නතර කරලා බලන්න අවුරුදු 10ක් විතර.(නදී)

:       0       0

ධම්ම Thursday, 19 December 2013 11:30 AM

මේක ටිකක් මත වාදයකට තුඩු දෙන ප්‍රකාශයක්. මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර විනාශ වුයේ භූමි කම්පා වල ප්‍රතිපලයක් හැටියට කියලයි මා අසා ඇත්තේ. ඒකනේ පොලොව කැණීමෙන් මේ ඉතිහාසය සොයන්නේ. ඔය තීරයේම ඇති කඳුවැටි පරීක්ෂා කර බැලුවොත් දැකගන්න පුළුවන් මුහුඳු පත්ලේ ඇති දේ ඒ කඳු මත ඇති බව. මතකද මේ ඊයේ පෙරේදා ඔය අවට ගවාදර් මුහුඳේ දුපතක් මතු උනා උතුරුකරයේ භූමි කම්පාවක ප්‍රතිපලයක් හැටියට.(නදී)

:       0       0

ගාමිණී Thursday, 19 December 2013 12:12 PM

කොහොම උනත් වකුගඩු ප්‍රශ්නය හරිම භයානකයි. ඒකට හරි හමන් දෙයක් තවම කරන්නේ නැහැ. පව් දුප්පත් ගොවියෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 218 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 254 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 329 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 412 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 392 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 726 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site