රජරට සරසවියේ පන්ති තහනම් කැරුණු හා විනය කැඩූ සියලු සිසුන්ට සමාව දීමටත්, ලබන සඳුදා (04) සරසවිය විවෘත කිරීමටත් එහි පාලක සභාව අද තීරණය කළේය.
සිසුහු 27 දෙනෙක් පමණ සමාව ලබති.
උපකුලපති ඇතුළු ආචාර්යවරුන් දවසක් හිරකරගෙන සිටීමෙන් පසුව පසුගිය දෙවැනි දා සිට සරසවිය වසා දැමිණි.
වසා නොදැමුණේ වෛද්‍ය පීඨය පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් තමන් කළ දේ වැරදියි කියලා පිළිගන්නේ නැත්නම් මේ උදවිය උපාධිය අරගෙන ගෙදර ගිය දවසට ඉඩකඩම් ලියලා දුන්නේ නැහැ කියලා ඊළඟට දෙමාපියන්වත් නිවාස අඩස්සියට ගනීවි. (නි)
ළමයි 27ක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයම දවස් 240ක් විතර පාරේ සත්‍යග්‍රහ කළා. . ඒ ළසයින්ගේ එකමුතු කම මම අගේ කරනවා. වැඩිහිටියෝ විදියට ඒ ළමයින්ගේ වැරදි වලටම බනින්නේ නැතුව එයාලගෙන් අපේ ජීවිත වලට ගන්න පුළුවන් හොද පුරුදු ටික අරගමු. දරුවනේ ඔයාලට මගේ උණුසුම් සුභ පැතුම් ! (නදී)
සත්‍ය කවද හරි ජය ගන්නවා. රජරට විශ්ව විද්‍යාලේ නංගිලා මල්ලිලට මගේ උණුසුම් සුබ පැතුම්. (නදී)
මට නම් පෙන්නේ මෙතන ඉන්න කට්ටියට තියෙන්නේ විශ්ව විද්‍යාල ළමයි එක්ක තරහක්. තමන්ට විශ්ව විද්‍යාලෙට යන්න බැරි උනා කියල ඒ ළමයිනට ඉරිසියා කරන්න එපා. තමුන්ට අසාදාරන කම් වෙද්දී මනුස්සයෙක්ට බුද්දියෙන් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සිමාව පැන්නහම ඒ මිනිස්සු හැගීම් වලට වහල් වෙලා වැඩ කරනවා. මේ ප්‍රශ්නේ දිහා ගැඹුරින් බැලුවහම පේන්නේ මෙතනත් ඒ දේ තමා වෙලා තියෙන්නේ. (නදී)
උපවාස කිරීමට හා අසාදාරණයට එරෙහි වීමට ඉඩක් නැත්ද ?(නදී)
විශ්ව විද්‍යාල සිසුවෙක් පොත්ගුල්ලෙක් නොවිය යුතුයි. ඔඋන් උපාධිය ලබනවිට ඔවුන් දේශපාලන ආර්ථික වරදට හිස නොනමන, ඇත්තට ගරුකරන, ජනතාවට ආදරය කරන බුද්ධිමතෙක් වියයුතුයි (නි)
අන්තරේ විශ්ව විද්‍යාල වලින් ඉවත් කළ දවසට මේ ප්‍රශ්න කිසිවක් නැහැ. සමාව නෙමෙයි මොනවා දුන්නත් උරුලෑවා ගිය පාරේ නැවතත් යනවාමයි. ඒක නවත්වන්න බැහැ. (නි)
මගේ නම් මේ සිසුන් ගැන කිසිම පැහැදීමක් නැහැ. විනයක් හික්මීමක් නැති උගත්කමෙන් තමන්ටවත් රටටවත් වැඩක් නැහැ. මළපොතේ අකුරක් දන්නේ නැති උදවිය මීට වඩා ආදර්ශමත් ලෙස සමාජයේ ජීවත් වෙනවා මම දැකලා තිබෙනවා. (නි)
උද්ගෝෂණ කිරීමක් වගේ නෙමෙයි. මේ විදියට මිනිසුන්ව සිරකර තැබීම බලපතල වරදක්. එහෙම රඳවා ගත් කෙනෙකුට හදිසියේ කම්පනය නිසා අසනීපයක්වත් හැදිලා කරදරයක් වුණොත් මේ ළමයින් වගකියනවද? මේ වගේ වැඩ වලට මතක හිටින දඬුවමක් එක්ක තමයි සමාව දෙන්න ඕනෑ. (නි)
අපිත් උසස් පෙළ සමත්. ටිකක් නෙමෙයි, හොඳටම සමත්. ඒත් අපි රස්සාව කරන ගමන් තමයි විශ්ව විද්‍යාලයෙන් ගන්න බැරි වූ අධ්‍යාපනය ලබාගන්නෙ. (නි)
රජරට සරසවියට විහුලු කරුවන් ඉවත්කර හොද ලෝකය පිළිගත් ආචාර්යවරුන් පත්කරන්න (නදී)
මේ කට්ටියගේ දෙමව්පියන්ට හරි ආඩම්බර ඇති. හපන් දරුවෝනේ ! (නි)
මීට පස්සෙවත් හැදෙනවා නම් ලොකු දෙයක්. මොන ප්‍රශ්න තිබුනත් අහළ පහළ මිනිසුන් හිර කරලා තමන්ගේ ප්‍රශ්න විසඳන්න යන එක උගත්කමටත් මදිකමක් කියලා තේරුම් ගත්තොත් හොඳයි. අනිත් උදවියත් මේ ළමයින්ගේ වැඩ වලට උඩගෙඩි නොදී ඉගෙනීමට උනන්දු කරනවා නම් රටටම යහපතක්. (නි)
තමන්ම අතින් සරසවි ගාස්තු ගෙවාගෙන, එදිනෙදා වියදම සොයාගන්න අර්ධ කාලින රැකියා කරගෙන ඉගෙනගන්න සිද්ධ වුණා නම් මේ අය මෙහෙම වැඩ කරන්නේ නැහැ. (නි)
සමාවදීම දේව ගතියක් (නි)
හිරුලගේ අදහස් වලින් පෙනී යන්නේ මේ ළමයින් රැකියාවකට ගිය දවසටත් ආයතන ප්‍රධානියා පඩි වැඩි කළේ නැහැ කියමින් කුදලාගෙන ගොස් සිරකරගන්න බව නොවේද? පුද්ගලික අංශය සරසවි උපාධිධාරින්ට රැකියා දීමේදී දෙවරක් හිතන්නේ ඔන්න ඕක නිසා. (නි)
හිරුලට ප්‍රශ්නයක් අවම ඒවාට උත්තර සොයන්නේ, අහුවුණ අහුවුණ කට්ටිය සිරගත කරලාද? අනේ රටට ගිය කලක් ! (නි)
හිරු හිතන්නේ මිනිසුන් සිරගත කිරීම හොඳයි කියලාද? මොන පාසලටද ගියේ? (නි)
ඇත්තටම චන්ද්‍රා, මේ ළමයින්ගේ මව්පියන්ගේ නොසැළකිල්ලත් මේ සිද්ධ වුණ දේවල් වලට අනියම් අන්දමින් හරි හේතුවක්. තමන්ගේ දරුවා ඉගෙනගන්න එනවා කියලා ඇවිල්ලා මොනවද කරන්නේ කියලා වටින් ගොඩින් හරි ඉඳහිට විමසිලිමත් වෙනවා නම් මෙවැනි ප්‍රශ්න අඩු වේවි. (නි)
සමාව දෙන්න එ් ළමයි වරදක් කර ඇති කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)
මේ ළමයින්ගේ දෙමාපියනුත් මීට වඩා දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. සරසවියට තේරුන පලියට දැන් තමන්ගේ ළමයා සමාජයේ හැමෝටම වඩා හරි උගතෙක්, එයා කරන හැම වැඩේම නිවැරදියි කියලා හිතන්නේ නැතුව, ඉඳලා හිටලා හරි යන එන තැන්, කරන වැඩ ගැන විපරමින් ඉන්න එක හැමෝටම හොඳයි. (නි)
මොවුන් මින්පසුව වැරදි නොකර හොඳින් විනීතව ඉගෙනුම කරගෙන යනවා කියලා විශ්වාසද? කව්ද වගකියන්නේ? මින්පසුව මොවුන් තවත් වැඩකාරයින් වේවිද? මව්පියන් මේ ගැන බලාගත යුතුය (නි)
නිකන්ම සමාව දීලා හරියන්නේ නැහැ. තදින්ම අවවාද කරන්න ඕනෑ, තමන් ආ ඉගෙනීමේ කාරිය යහතින් කරගෙන, තමන්ට ඉගෙනගන්න වැයකරන මහජන බදු මුදල් වල ගරුත්වය තියලා උගතුන් ලෙස සමාජයට පිවිසෙන්න කියලා. (නි)