IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි

(තිළිණි ද සිල්වා)

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට් පයාස් නැමති චූදිත එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමන්ට මරණයට පත් වීමට ඉඩ ලබා දෙන ලෙස  ඉල්ලමින් එරට බන්ධනාගාර බලධාරීන් ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි ඉන්දියාවේ පළවන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

‘අනුකම්පා කර මරා දැමීම‘ හෝ ‘තමන්ට මරණයට පත් වීමට‘ අවසර ලබා දෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවෙන් ද එම ලිපියෙන් ඉල්ලා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේවන විට තමන් බැලීමට සිය ඥාතීන් තවදුරටත් බන්ධනාගාරයට නොපැමිණෙන බවද  චූදිත රොබට් පයාස් සඳහන් කරන බවද ටයිම්ස් වාර්තාවේ දැක්වේ.

එවැනි තත්ත්වයක් යටතේ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් වී ඇති බව රොබට් පයාස් පවසයි.

එම ලිපියට අදාළව කිසිදු තීරණයක් ගත නොහැකි බවත් එය පොලිස්පතිවරයා මාර්ගයෙන් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා යැවා ඇතැයි නම සඳහන් නොකළ තමිල්නාඩු පොලිස් නිලධාරියකු පවසා ඇත.

මේවන විට චෙන්නායි හි පූසල් බන්ධනාගරයේ රඳවා සිටින රොබට් පයාස් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටින ෂාන්තන් නොහොත් ටීගසුරේන්ද්රි රාජා,ටී.ශ්‍රී ද නිවාසන් ,නලිනි ඇතුළු හිටපු එල්ටීටීඊ සාමාජිකයන් හත් දෙනාගෙන් එක් අයෙකි.

තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත් සියලු ආණ්ඩු විසින් වරදකරුවන් හත් දෙනාම නිදහස් කිරීමේ උත්සාහයක නිරත විය.ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය. 
 



අදහස් (7)

රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි

ධම්ම Friday, 23 June 2017 03:55 PM

රජීව් ගාන්ධි මැතිතුමා ඝාතනයට අවසර දුන් අයගෙන්ම මේ අවසරයත් ඉල්ලා ගන්න එක නේද වඩා හොඳ...

:       0       74

NANDANA KUMARA Friday, 23 June 2017 05:37 PM

කොටි ත්‍රස්තවාදීන් අන්තිමට ලබා ගත්තේ මානසික පීඩනය පමණි.

:       0       0

Chanak Los Angeles Friday, 23 June 2017 06:24 PM

තමාව උපමාවට ගෙන අන්සතු ජීවිත වලට හානි නොකර සිටිය යුතුයි ... අන්ජීවිත නසන අවස්ථාවේ මිනීමරුවාට අනෙකාගේ වේදනාව හා ඔහුගේ පවුලේ හිතවතුන්ගේ දුක, දොම්නස පිළිබඳ අංශු මාත්‍රයක තරම් වත් සිතක් පහල නොවූවාට මිනීමරුවාට දඬුවම් ලැබෙන විටදී ඔහු ඒ ගැන වේදනා විඳිමින් හා එයින් බේරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගනී... උවමනාවෙන් හා සැලසුම් සහගතව තව කෙනෙක් නසා දමනා පුද්ගලයාට සමාව නම් නොලැබිය යුතු වගේම දඬුවම් නොලබා නිදහස් වීමටද ඔහුට අයිතියක් නැත...

:       0       0

anura Saturday, 24 June 2017 02:42 AM

අපේ රටේ සිදුවන්නේ වෙනස් දෙයක්.. රට වෙනුවෙන් සටන් කල අය සිරගත කර, විදේශ වලින් ලකුණු දමා ගැනීමට ඔවුන්ව කුණු එකතු කිරීමට නිර්දේශ කිරීමට කටයුතු කිරීම පමණි.

:       0       80

lalith Saturday, 24 June 2017 04:29 AM

"තමිල්නාඩු ප්‍රාන්තයේ බලයට පත් සියලු ආණ්ඩු විසින් වරදකරුවන් හත් දෙනාම නිදහස් කිරීමේ උත්සාහයක නිරත විය. ඒ සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය." මෙය මම අගය කරමි ...

:       0       80

PITIGALA MILANO Saturday, 24 June 2017 05:10 AM

චන්ඩිකමට හිරේ යන්න බය නෑ කියලා නිතර කියවන අය මේ ලිපිය දෙතුන් වරක් කියවන්න. ඉබේටම කට වැහෙයි කෙනෙක් හිරේදී විඳවන විඳවිල්ල තේරෙනවා නම්....

:       190       1

de silva Saturday, 24 June 2017 05:19 AM

අහිංසක සරසවි සිසුන් පිරිසක්... සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී, එහි දේපළ විනාශ කරමින් එහි සේවකයන්ට පහර දෙමින් කළ අහිංසක ක්‍රියාවට පහරදෙමින් ලොකු වරදක් කර ඇති බව මගේ වැටහීමය... එමනිසා ඔබලාත් ඔය උද්ඝෝෂණය, ඔතනින් සීමා කරන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට බැරිනම් රජයේ රෝහලකට හෝ ඇතුළුවී පොදු දේපල කඩා බිද දමන්න... ඒකනේ කරන්න ඕනේ වෙලා තියෙන්නේ... කණගාටුයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 73 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 860 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 365 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1258 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4610 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2179 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site