‘’අද මේ රටේ වන රක්ෂිත විනාශ කරන්නේ කවුද?ගංගා ඇළ දොළ වැලි ගොඩ දමනුයේ පරිසරය වනසන්නේ කවුද?ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ගේ අයම නේද?’’
තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියන් එසේ පැවසුයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් විජේනායක මහතා අමතමිනි.
මධ්‍යම පළාත් සභාවට රජයේ අපේක්ෂකයකු වශයෙන් ඔහු තරග කිරීමට යයි.
‘’පළාත් සභාවල ඉන්න සමහරුන් කළ වැඩ ගැන පුදුම හිතෙනවා . එවැනි යුගයක උගතුන් මෙහෙමවත් එවැනි තැන්වලට යනවානම් හොදයි.’’ යනුවෙන්ද මහ නා හිමියෝ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් විජේනායක ප්‍රසිද්ධ ටියුෂන් කාරයෙක් පමණි. (නදී)
ඔලුවේ දාතු කරඩුව තියන වෙලාවටවත් කියන්න පුලුවන්නේ අසරණ මිනිසුන්ගෙන් ගහන දඩ සහ බදු සල්ලි වලින් මෙහෙම ගසා කෑම් කන්න එපා කියලා අවවාද කරන්න.(නදී)
රටට වැඩක් නොකරන සමහරක් පාලකයින්ට පිරිත් නූල් ගැට ගහන අයත් පිරිත් නූල් ගැට ගසාගන්න යන අයත් කම්බා හොරු. දෙගොල්ලොම එකතු වෙලා රට කනවා. වෙන කියන්න දෙයක් නැහැ.(නදී)
මමත් බෞද්ධ තමයි. ඇත්ත දැන් එන්න, එන්නම චීවර දාරීන් ගැනනම් තියෙන්නේ පුදුම කලකිරිමක්.(නදී)
බ්.එම්.ඩලිව්, ප්‍රාඩෝ, ඉන්ටර්කූලර්, බෙව්ස් දෙනවා නම් මොනවද කරන්න බැරි. අනාගත දරුවන්ට රටක් අහිමි කලත් ප්‍රස්නයක් නැහැ.(නදී)
මගේ අදහස පට්ට ඇත්ත ඒ වුනාට ඒක පලවෙලා නැහැ. අනිවාර්යෙන්ම පැජරෝ එකක් හරි මොන්ටෙරෝ එකක් හරි දුන්නොත් අනේ මම එහෙම එකක්, කිව්වේ නැහැ කියලා කියනවාමයි.(නදී)
ජගත් විජේනායක නම් ගොඩක් උගත්, නිහතමානී පුද්ගලයෙක්. ඔහු යමක් කරාවී කියලා මට විශ්වාසයක් තියනවා.(නදී)
තිබ්බටුවේ සුමංගල මල්වතු මහ නා හිමියන් කවදත් සත්‍යය සත්‍යයක් ලෙස දැක ඒ වෙනුවෙන් කතා කල හිමිනමක්. නමුත් උන්වහන්සේගේ දැහැමි හඬට පාලකයින් හා සිල්වත් ජනතාව ඇහුම්කන් දුන් බවක් නම් අපට පෙනුනේ නැහැ. ඒ වෙනුවට හාමුදුරු වරු යයි කියාගන්නා වෙනත් සේනාවකට සවන්දීමට පින්වත් සැදැවතුන් හුරු පුරුදු වෙලා. ඉස්සර නම් ඔබ වහන්සේ වැනි සංවර ශිලී භික්ෂුවක් දුටුවිට අපට දැනෙන්නේ ගෞරවයක් මුසුවූ බියක්. ඒත් දැන් නම් අර හාමුදුරුවරු සේනාව දුටුවාම හා උන්වහන්සේලා බන දෙසන ආකාරය දුටුවාම අපට දැනෙන්නේ මර බියක්.(නදී)
අපේ රටේ ඇමතිලා මහා ඇමතිලා ඔක්කොම එකයි.(නදී)
මලවතු අස්ගිරි මහා නායක වෙන්න ලබා දෙන සන්නස් අක්ත පත්‍රයේ අඩංගු කාරණා අතර පවතින ආණ්ඩුවට පක්ෂපාති වෙන බවට සහතික වෙන වගන්තියකුත් ඇති බව ඇත්තද ?(නදී)
නීල් රාණා දෙන්ඩ බලන්ඩ ඔයාගේ ලොකූ විස්තරාත්මක අර්තකතනය. හොංග්කොන්ග් 1997 චිනේ දෙනකොට ලෝකේ හොද රටක්. ඕස්ට්‍රේලියාව අද ලෝකයේ හොදම රටවල් වලින් එකක්. දකුණු ඇෆ්රිකා අද දියුනු රටක්. ඇස් දෙක ඇරලා ලෝකේ දිහා බලන්ඩ මම ලෝකේ රටවල් 16 වඩා ගිහින් ලෝකේ දැකල තියනවා. නින්දෙන් නැගිටලා අර දැක්ක හීන ලියනවා නෙවේ.(නදී)
කඹ හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට, මිනීමරුවන්ට, ළමා අපචාරකයන්ට, කැළෑ පාලුවන්ට පිර්ත් නුල් ගැට ගහන, ඔලුවේ දාතු කරඩුව තියලා සෙත් පිරිත් කියන කාලයක් මම නම් කවදාවත්ම දැකලා නැහැ.(නදී)
මේ රටේ මිනිසුන්ට වැරදුනේ හැමදාමත් දේශපාලුවන් ගෙන් යහපත් ක්‍රියා මාර්ග බලාපොරොත්තු වුන එක.දැන්වත් හැමෝම තේරුම් ගන්න ගාන්ධි තුමා කළා වගේ ග්‍රාමීය මට්ටමින් සංවිධානය වෙන්න. දේශපාලුවන්ට පිටින්,දේශපාලනේ ට සම්භන්ද නැති ග්‍රාමීය කමිටු පිහිටවා ගන්න.ඒවාට වැඩි බලයක් දුන්නාම දේශපාලුවන්ගේ බලය අඩු වෙනවා. ග්‍රාමීය කමිටුව ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරන්නක් විය යුතු. ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් කැප විය යුතුය. අපිට ඔය දේශපාලන පක්ෂ එකක් වත් ඕන නැහැ. වකුගඩු ලෙඩින් ජනතාව දහස් ගණනින් මිය යද්දි ඒ අය මොකක්ද කලේ? (අ)
ඔබ වහන්සේ ඔහොම නොවී මොන විදිහේ කීවත් මේ රටේ දේශපාලනය කරන හදන්න වහල් නිතිය කටත් එක විදියට යොදවන්නට අපේ ජනාධිපති තුමන් ඉදල හැමෝම හිතන්න ඕනේ. අනික තමන් විශ්වසකරන බුදු දහම වාචිකව නොවී ප්‍රතිපතියනුකුලව යොදවන්න හිතේ තබාගන්න වුවමයි. ඉස්සර රජුවරු රජකම් කලේ එම දේවල් හිතේ තබාගෙන. (අ)
ගියාට පසු අනිවාර්යයෙන්ම ඕන හොද මිනිහෙකුට වෙන්නේ කඩේ යන්න තමා.නරකද මැරෙන මොහොතේ හරි හිතේ සතුටින් මැරෙන්න මේ වගේ දේවල් වලට සම්බන්ද වෙලා නොහිටියානම්. (අ)
මහා නා හිමියනි, ඔබ වහන්සෙය් කල ප්‍රකාශය බොහොම වැදගත් ප්‍රකාශයක්. එවැනි දේවල් වලට සාම්බන්ද අයවලුන් ඔබ වහන්සෙය් බැහැ දැකීමට පැමිණිවිටෙතරයේ අවවාද අනුසාසන කරන්න අයෙත් එවැනි අපරාද නොකරන ලෙසට. ඔබ වහන්සේය්ට බොහෝ පින්.
අපිට මොන දේ කිවත් රට පලනය කරන අය අපි ගැන හිතනවනම් ඕව වෙන්න නෑ මේ රටේ මිනිස්ස්සු පිස්සෝ මොකක්හරි දානවා කිවුවා නම් ගහිල්ල කතිර ගහවි (අ)
චවෙසේ ,වාසු ඔබ දෙදෙනා හරි (අ)
හාමුදුරුවනේ ඔබවහන්සේ කියන සහ නොකී ඔයිට වඩා භයානක/ම්ලේච්ච ඔය හැම දුෂනයක්ම ලංකාවේ වෙන්නේ රජයේ නියෝජිතයන්ගේ අතින්. ඒ බව දත් අනිකුත් සංඝයා වහන්සේලාට ඇයි මේ තරම් නිහැඩියාවක් දරන්නේ? සැමවිටම කියනවා නේද, රටේ චීවරයෙන් රටට වැඩදායික සේවයක් ඉටු කරනවා කියලා. එතකොට මේ අමන ජනතා නියෝජිත හොරු ටික කරන හැම හොර වැඩකටම සන්ඝරත්නය ආශීර්වාදයෙන් සේවයට මුල පුරවපු අය නෙමෙයිද? පළමුව මේ සොරු ටික යන්නෙම ආශීර්වාද ලබාගැනීමටයි. ඔබලා මින්මතු ආශීර්වාදය රටේ ජනතවට පමණක් කරන්න එකම පක්ෂයකටවත් නොකරන්න. මොන ඇමතිද ජනතාවට අවංක සේවයක් කරන්නේ අන්න එයාගේ සේවය අගයලා ආශීර්වාද කරන්න.(නදී)
අස්මිත් ඔබ මුස්ලිම් භක්තිකයෙක් නිසා නොදැන කිවුව දෙයට මම මුකුත් කියන්නේ නැහැ, තිලක් බෞද්දයෙක් කිවට මම හිතන්නේ නමට බෞද්දයෙක් .බුද්ද පුත්‍රයෙක් ලගට එන කිසිවෙක්ව ප්‍රතික්ෂේප කරන්න ඔවුන්ට අවසර නැහැ, බුදුහාමුදුරුවෝ එහෙම කලානම් අංගුලි මාලල රහත් වෙන්නේ කොහොමද. කවුරු අවත එයාලට අර්ථයෙන් දර්මයෙන් කරුණු කාරණා පහදලා දීල දතුකරදුව ඔලුවේ තියල හරි පිරිත්නූල් බැදල හරි සෙත් පතන එක තමෛ කරන්නේ. එන කෙන කවුරු උනත් පිළිගන්න නොගන්න එක එයාගේ වැඩක් (අ)
නායක හාමුදුරුවන්ගෙ අදහස් වටිනවා. අදහස් කෙසේ වෙතත් විනාශ වෙන පන්සල් රැකගන්න පිළිවෙළක් යොදන එක මීට වඩා වටිනවා. පුසුල්පිටිය වගේ තැන් දැනටම විනාශවෙලා ගිහින්. ආරවුල් තියෙන පන්සල්වලට නුසුදුසු පත්වීමි කරලා ඒව විනාශවෙලා යනවා. ආරවුලක් වුනාම විභාග කිරීමකින් තොරවම හිතූමතේ තීරණ ගන්නවා. මේවා නිවැරදි කරගෙන අනුශාසනා කලොත් කවුරුත් කැමතියි (නි)
ගරුතර මහනායක ස්වාමින් වහන්ස, මම දන්නා විදිහට නම් මේ රටේ වැදගත් රට ගොඩ ගැනීමට උත්සහ කරන දේශපාලනයකට වඩා තිබුනේ කෙසේ හෝ බලයේ සිටින රජය සුළු ජාතික ජාතිවාදීන්ගේද සහය ඇතිව පෙරලා දමා බලයට ඒමට උත්සාහ කල විපක්ෂයක් සහිත දේශපාලන බල තරගයක්. මේ රටට කුමන කටයුත්තකදී හෝ ජාතික ප්‍රතිපත්තියක් සකස් වුනේ නැහැ. උගතුන් සිටියද ඉන් වැඩි දෙනකු කලේ බලයේ සිටින දේශපාලකයාට ගැතිකම් කර උසස් වීම් ලැබීම. සිංහලයාගේ අනාගතය ගැන බැලුවේ නැහැ. සිංහලයට පුංචි පවුල රත්තරන කියා සිටියදී තව කොටසකට කසාද 5 දිය හැකි නීති සකස් කලා. මම ඔබ වහන්සේලාගේ ඉල්ලා සිටින්නේ එකම මන්ත්‍රී කෙනෙකුගෙන් හෝ බලයට එන පක්ෂයට නියමිත කාලය රජය කරගෙන යාමට ඉඩදී , කරනු ලබන හොඳ වඩා වැඩවලට පමණක් සහය දෙන විපක්ෂයක් සහිත වැදගත් දේශපාලන ක්‍රමයක් සකස් කරනතුරුම බලකර සිටිමටයි. එදාට සුළු ජාතික ජාතිවාදීන්ට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ නැටවීමේ හැකියාවක් නැති වේවි. සිංහලයාගේ අනාගතය රැකේවී. බොදු අයිතිය රැකේවී.එය කල හැක්කේ ඔබ වහන්සේලාට පමණි. නැත්නම් යුදහමුදාව තුලින් මතුවෙන දේශයට හිත ඇති යුද සෙනෙවියෙකුට පමණි. (නි)
නිල් රණා මහත්තයෝ, තරහා වෙන්න එපා. මෙය එංගලන්තයේ තිබ්බා නම් අද ලංකාව දියුනු රටක්. (නි)
රට කාලා ඉවරයි. රට ලෝකයෙනුත් කොන් වෙලා ඉවරයි. පරිසර සම්පත් ,නිධන් සහ පුරා වස්තු සියලු දේම මංකොල්ල කා විනාශ කර හමාරයි.(නදී)
මම අහලා තියනවා බලය තියනකොට මොලය නැහැලු, මොලය තියන කොට බලය නැහැලු. ඒ කියන්නේ බලය නැති විට උගත් මිනිහා බලය ලැබුණු විට නූගත් වනවා කියන එක විය යුතුයි. ඊට අමතරව පෙනෙන දෙයක් තමයි බලය නැති විට අසාධාරණයට එරෙහිව කථා කිරීම සහ බලය ඇති විට කොන්ද පණ නැති විදියට හිදීම. ලිඛිතව පොරොන්දු දුන්නත් සුදනෙක් නම් තවම දුටුවේ නැහැ.(නදී)
ගරුතර මහා සන්ඝරත්නය අවදි වෙන්න කල්ගියා වැඩියි. මීට වසර ගානකට පෙර ඉදිරිපත් වෙලා හඩ නැගුවානම් ප්‍රපාතයෙන් ගොඩ ගන්න තිබුනා එත් තාම ප්‍රමාද නැහැ.(නදී)
අනේ හාමුදුරුවනේ මෙයාලට කියන්න මේ රටේ තියෙන වකුගඩු ප්‍රශ්නයට ඉක්ක්මනින් විසදුමක් දෙන්න කියලා. මේක තමයි සිංහලුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. ඔය ප්‍රශ්නය තියෙන හැම පළාතකම දුප්පත් සිංහල අය තමයි ඉන්නේ.(නදි)
මේ රට විනාසය කරා යන ගමන ඉතා හොදින් රජය කරගෙනයනවා බලය තිබුනට මොලේ නැහැ ජනතාව අසරණවෙලා. මුලික දේ විෂය බාර ඇමතිවරු විෂය දන්නේ නැහැ. තව කල් ගියාම සිගිරියත් විකුණයි කළුගල් වැඩපලකට පුරා වස්තු කාලා ඉවර වුනහම දැන් මේ රටටට ලෝකෙනුත් තැනක් නැහැ. කොන්වෙලා බොරු පම්පෝරි ගහනවා. දවස ගානේ ඒ මදිවට ලොකු සංඛ්‍යා ලේඛන නම් හොදට තියනවා. මේකද රටේ දියුණුව.(නදී)
ගියාට පස්සේ මේ හැමෝටම යන්න ඉස්සර කියපුවා අමතක වෙනවා.(නදී)
වැලි ගොඩ දාන එක හොදට පානදුරේ වෙනවා. විශේෂයෙන්ම පානදුර වලානේ ගොරකාපොල කුමාරතුංග මුනිදාස මාවත ගග විනාස කරලා හොදින් වැඩේ කරගෙන යනවා. බල පත්තර දෙන්නේ කව්ද රජයෙන්ම තමයි. පරිසර ඇමති නිදි.(නදී)
දේශපාලකයෙක් ගාවදි වුනත් හාමුදුරුවෝ කලකට පසු ප්‍රකාශයක් කිරීම අගය කල යුතුයි. ඔබවහන්සේ මේ රටේ දේශපාලකයින් ගැන කියා ඇතිදේ සම්පුර්ණ ඇත්ත. නමුත් ඒ තත්වයට ලංකාව ඇද වැටුනේ අද ඊයේ නොවෙයි. යුරෝපයේ යටත් විජිතයක් වෙලා මේ රට වහල්දේශයක් බවට පත්කරන්න 16 වන සියවසේදී "තිබ්බොටුවාවේ" නම තිබු චීවර ධාරියෙක්ම මුල්වීම ගැන අපට ඇත්තේ බලවත් කණගාටුවක්. ආපසු හැරී බැලුවොත් හාමුදුරුවන්ටම පෙනෙයි රාවණ රජුව ඉන්දියාවට පාවලා දුන්නු තැන ඉඳන්ම මේ රටේ රාජ්‍යත්වය ගිහි පැවිදි බොහෝදෙනෙක් පුද්ගලික වාසි තකා නිර්දය ලෙස විදේශිකයන්ට පාවා දුන් නිසාම රට විනාශයට පත්වී ඇති බව. මේ රටේ ප්‍රධාන හිමිවරුත් අපේ අයට වැරදුනු තැන නිවැරදි නොකොට මෙහෙම හිසරදයට කොට්ට මාරුකරන්න ඉදිරිපත්වීමම රට පත්වී ඇති දුක්ඛිත සැබෑ තත්වය සනාථ වීමක්.(නදී)
දේශපාලකයෙක් ගාවදි වුනත් හාමුදුරුවෝ කලකට පසු ප්‍රකාශයක් කිරීම අගය කල යුතුයි. ඔබවහන්සේ මේ රටේ දේශපාලකයින් ගැන කියා ඇතිදේ සම්පුර්ණ ඇත්ත. නමුත් ඒ තත්වයට ලංකාව ඇද වැටුනේ අද ඊයේ නොවෙයි. යුරෝපයේ යටත් විජිතයක් වෙලා මේ රට වහල් දේශයක් බවට පත්කරන්න 16 වන සියවසේදී "තිබ්බොටුවාවේ" නම තිබු චීවර ධාරියෙක්ම මුල්වීම ගැන අපට ඇත්තේ බලවත් කණගාටුවක්. ආපසු හැරී බැලුවොත් හාමුදුරුවන්ටම පෙනෙයි රාවණ රජුව ඉන්දියාවට පාවලා දුන්නු තැන ඉඳන්ම මේ රටේ රාජ්‍යත්වය ගිහි පැවිදි බොහෝදෙනෙක් පුද්ගලික වාසි තකා නිර්දය ලෙස විදේශිකයන්ට පාවා දුන් නිසාම රට විනාශයට පත්වී ඇති බව. මේ රටේ ප්‍රධාන හිමිවරුත් අපේ අයට වැරදුනු තැන නිවැරදි නොකොට මෙහෙම හිසරදයට කොට්ට මාරුකරන්න ඉදිරිපත්වීමම රට පත්වී ඇති දුක්ඛිත සැබෑ තත්වය සනාථ වීමක්.(නදී)
හා හා හාමුදුරුවනේ කට වැරද්ද ගන්න එපා. ඔයා කරන දේකට හොද කියලා ඉන්ඩ නැතිනම් ඉන්න පන්සලත් නැතිවෙයි.(නදී)
මං ජගත් සර්ගේ ගේ ගෝලයෙක්, සර් පාර්ලිමෙන්ට් ගියොත් මුලින්ම කරන්න ඕනේ ලාංකීය ගැහැණිය මෙද පෙරදිග යවන එක නතර කරන එක. පිට රැටියන්ගේ ඉදුල් හෝදන එකද ලාංකීය කම. ඉස්සර කක්කුස්සි හේදුවේ සක්කිලි. දැන් සිංහල ජාතිය කක්කුස්සි හෝදන්නේ, අපිට ලැජ්ජියි ලංකාවේ කියන්න. (නදී)
කොටින්ම අපේ හාමුදුරුවනේ මුළු ලංකාවම උඩු යටිකුරු කරලා මේ අවුරුදු කීපයට දුෂණය රජකලෙත් මැති ඇමතිවරුන්මයි. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේ මෙච්චර දවසක් හිටියේ කොහෙද? (නි)
ඔබ වහන්සේ මොනවද දන්නේ මේ රට ගැන. විහාරෙකට වෙලා පිරිත් නූල් බඳින ඔබ වහන්සේ දේශපාලනය ගැන දන්නේ නැහැ.(නදී)
අපි පොට්ටයෝ නෙවෙයි අපේ හාමුදුරුවනේ. අටපිරිකරක් සහ පලතුරු වට්ටියක් අරගෙන ඕන හොරෙක් ආවහම ඔබවහන්සේලාම තමයි පිරිත් නූල් ගැටගහන්නේ.(නදී)
හමුදුර්වෝ මොනවත් කියල නැහැ නේ (අ)
වාසු, ලංකාවේ පාලනය යටතේ තිබුනානම් එංගලන්තය ගොඩ කියල හිතෙන තැනට වැඩිකල් නොගොස් අපි එංගලන්තය ගේනවා. ඒ නිසා වහසිබස් නොදොඩන්න.(නදී)
හොද අදහසක්.(නදී)
අපේ මහා නායක හාමුදුරුවෝ හැමදාම තමන්ගේ වාසිය බලන්නේ නැතිව අදහස් ප්‍රකාශ කළා. ඒ ගැන අපිට සතුටුයි ආණ්ඩු වලට මුක්කු ගහන අයට හිත රිදේවි. ටිකක් ඒ ඇත්තෝ ඉවසන්න. (අ)
ඩී.උපුල්.අපි පොට්ටයෝ නෙවෙයි අපේ හාමුදුරුවනේ. අටපිරිකරක් සහ පලතුරු වට්ටියක් අරගෙන ඕන හොරෙක් ආවහම ඔබවහන්සේලාම තමයි පිරිත් නූල් ගැටගහන්නේ.(නදී)