IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව  විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්  බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජාජබ) පැවසීය.

රටේ සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කරන්න නම් ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද එසේ කළහොත් ජනතාව රටෙි ප්‍රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවද අනුර දිසානායක මහතා කීය.

වත්මන්  ජනාධිපති තෝරාගෙන තිබෙන්නේ ජනතාව විසින් නොවේ යැයිද එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් හැදීම  ජනවරමට පටහැනි යැයිද අනුර දිසානායක මහතා කීය.

අතුරු අයවැය ද ජනවරමට ප්‍රතිපක්ෂ අයවැයක් බවත් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා  ජනවරමක් අවශ්‍ය අතර දැන් ජන වරමක් නැති පාවෙන මිනිස් පුළුටු ටිකක් පැමිණ රට පාලනය කරන බවද අතුරු අයවැය විවාදයට එක්වෙමින් අනුර දිසානායක මහතා කීය.



අදහස් (46)

රට ගොඩ ගතහැකි ක්‍රමය අනුර හෙලි කරයි

Ravi Friday, 02 September 2022 12:49 PM

දැන් හොරාකාපුව අල්ලන් නැද්ද? මුන් ඔක්කොම යාලුවො මල්ලී..

:       56       211

Sanath KandyFriday, 02 September 2022 01:45 PM

ඔයල හොරුන්ට චන්දෙ දීල දැන් ජවිපෙන් අහනව හොරු අල්ලන්නෙ නැද්ද කියල

:       166       128

JiwanFriday, 02 September 2022 08:49 PM

ජෙප්පො මහබැංකු වංචාව යට ගහන්න ගත්තු මහන්සිය වංචාව කරපු උන් අල්ලන්න තිබුනා නම් අද ඔච්චර අඬන්න ඕනෙ වෙන්නෙ නෑ. ඒක එලියට ආවෙ අර මෛත්‍රීපාල රනිල් එක්ක විරසකයක් හදා ගත්තු නිසා. අනුර අර ගෙනාපු ෆයිල් මිටියෙත් බැඳුම්කර වංචාව තිබුනේ නෑ නේද. තව පන්දම් අල්ලලා කොහොම හරි ඊලඟ ඡන්දෙන් බලයට ගෙනල්ලා අලුත්ම විදියකට කෙලවගනිල්ලා සියලු අමාරු හොඳ වෙන්න.

:       24       58

Vajira fernandoSaturday, 03 September 2022 10:07 AM

ඉතිහාසය විකෘති කරන්න එපා. මහබැංකු වංචාව ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කළේ අනුර. සුනිල් හඳුන්නෙත්ති තමයි කෝප් කමිටුවේ ඒ ගැන විමර්ෂණයක් කළේ...!

:       21       11

Nissanka Friday, 02 September 2022 01:53 PM

හොරු අල්ලන්න අනුරට බලයක් තිබුනනම් මෙ පර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් හිරෙ. ඉලග වතාවෙවත් එ බලය අපි ජවිපෙට දෙමු

:       156       135

චමින්ද Friday, 02 September 2022 03:07 PM

පුළුවන් නම් ජවිපෙ විසින් රටේ ඉදිරිය වෙනුවෙන් සකසා තියෙන ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයක් සොයා දෙන්න. ඒක මැතිවරණ වෙනුවෙන් සැකසූ එකක් නොවිය යුතුය.

:       2       4

BamunuarachchiSaturday, 03 September 2022 07:08 AM

අනුරම කියන විදිහට මහවැලියේ කානුකපපු අනුර ළමයි පිටරට තියාගෙන ලැබෙන එකම වැටුප පක්ෂෙට දීලා පිටරට ගෙවල් තියාගෙන සැපට ඉන්න පොහොසත් උනේ කොහොමද කියලා හෙව්වොත් ආයුබෝවන්.

:       31       60

GamunuFriday, 02 September 2022 06:23 PM

ඔබලා IMF සහයෝගය ගැනීමට ප්‍රතිරෝධයක් සහ අකැමැත්තක් දක්වා තිබේ. ඔබලා සමාජවාදය පිළිබඳව කතා කළද ධනවාදය සහ සමාජවාදය අතර දෝලනය වෙමින් රටක් දියුණුකළ නොහැක. Mikhail Gorbachev ගේ Perestroika (reconstruction- ප්‍රතිසංස්කරණය) සහ glasnost (openness- විවෘතභාවය) පිළිබඳ හොඳින් අධ්‍යයනය කර බලන්න. ධනවාදය හෝ ලිබරල්වාදය මෙන් නොව සමාජවාදය, කොමියුනිස්ට් යනු පන්ති භේද ඇතිකරන්නාවූ සංකල්පයකි. එය මිනිසුන් මිටි, උස් ලෙස විරුද්ධව මත ගොඩනගමින් කාණ්ඩකර ඔවුන් එකිනෙකාට එරෙහිව තබයි. පන්තිභේදය නැතිකළ යුතුබව රටපුරා උත්ඝෝෂණ පවත්වමින් ධනවාදය සහ සමාජවාදය අතර ජීවත්වෙමින්, දෝලනය වෙමින් තිබෙන්නාවූ ඔබලාගේ සත්‍ය අවංක ප්‍රතිපත්තිය කුමක්ද ? ජවිපෙ දේශපාලනය සහ මතවාදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන නමුත් JVP පක්ෂය සහ කණ්ඩායම් විසින් හඳුනානොගත් ප්‍රධානතම කරුණ මෙසේ ඔවුන්ට කෙටියෙන් පැහැදිලි කළහොත් ධනවාදී පවුලකින් කසාදයක් කරගත් සමාජවාදී තරුණයකු කුමන මාර්ගය (ධනවාදය/සමාජවාදය) තෝරා ගන්නේද කියා මංමුලාවී සිටිනා ආකාරයකට මේ වනවිට JVP ය පත්ව තිබේ. නමුත් එම තිත්ත සත්‍ය පිළිගැනීමට ඔවුන් කැමැති නැත.

:       0       3

දාසSaturday, 03 September 2022 05:00 AM

රන්ජන් මුන් ඔක්කොම හොරු මල්ලි කිව්වෙ අවුරුදු 74 මෙරට පාලනය කල පිරිසට , ඒ එක්කම රන්ජන්ගෙන් අහනව JVP එක ආවොත් හොරු අල්ලයිද කියල, එතකොට රන්ජන් කියනව JVP ආවොත් හොරු අල්ලයි හැබැයි ඒ අයට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ මල්ලි මොකද මිනිස්සු කැමති හොරුන්ට නේ කියල.

:       48       28

ජගත් ලියනගේ Saturday, 03 September 2022 06:36 AM

රනිල් මහත්තයා ජනාධිපති උනාට පස්සෙ මොකද වුණෙ කියල සියලුම දෙනා කල්පනා කරන්නකෝ. එයා කරේ, එයාගෙ ගජමිතුරු සෙට් එකට තනතුරු දීගෙන , දීගෙන ගියා . බලන්න දැන් වැඩක් කරන සහ කෙළින් කතා කරන මිනිස්සුන්ට දෙන දඬුවම් ජනාධිපති බලතල පාවිච්චි කරල. ළඟදීම මහ බැංකු අධිපති අයින් කරයි කියල තමයි හිතෙන්නෙ.

:       44       21

මැක්ස් Friday, 02 September 2022 12:57 PM

ජන වරමින් පත් වූ රජයට නිසිම වැඩක් කරන්න ඉඩ නොදෙමින් වැඩ වර්ජන මෙහෙය වූ ජවිපේලා ගේ වැදි බණ.

:       129       201

randilFriday, 02 September 2022 01:49 PM

මෙච්චර කල් රට කාල හොරා කල විනශ කරපු එවුන් දැක්කෙ නැති උන් JVP එදා කුඩ හොයනව,රට විනශ කලෙ රජපක්ෂ කල්ලියයි උන්ගෙ හිතවත්තුයි එව අනුමත කරල වෙන තැන්වල වැරදි දකින උබලත් මෙ විනසෙට වග කියන්න ඔන

:       108       93

Hafeel Friday, 02 September 2022 04:16 PM

මැක්ස්, ජවිපෙ ට චෝදනා කරන්නේ මොන පදනමින්ද? ජන වරමින් පත්වූ ගෝඨාභය ඇතුළු පොහොට්ටුවේ මැති ඇමැතිලාත් කියන්නේ පොහොර සම්බන්ධ ගත්තු වැරදි තීන්දු සහ IMF යන්න ප්‍රමාද වුණු නිසා තමයි රටට මේ ඉරණම වුනේ කියලා...

:       0       3

Athula Friday, 02 September 2022 07:12 PM

මොනවද බන් මේ ආණ්ඩුව කළේ...? ගොවියෝ, ධීවරයින්... ඇතුළු රටේ සියලු ජනතාව පාරට ඇදල දාපු එකනේ.. ඉතින් ඔයාලා කියන්නේ කට වහන් ඉන්න කියලද? එහෙම විපක්ෂයක් තියෙනවා ඒක ඔවුන්ගේ ඩමිය.. ඕක තමයි 74ක්‌ කළේ...

:       12       6

NilanthaFriday, 02 September 2022 08:52 PM

දැන් මේ ජෙප්පො අඬා වැටෙන්නේ IMF ණය හම්බෙලා රට පොඩ්ඩක් හරි ඔලුව උස්සයි කියන භයට. සරත් ෆොන්සේකගේ අමන කතාවත් කියවුනේ ලංකාවට ඩොලර් එවන්න එපා මෙහේ මිනිස්සු බඩගින්නේ මැරුණත් කියලා.. තමන්ගෙ පක්ශෙ නැතිව වෙන පක්ශයක් රට හදන්න හදනවට වත් ඔය කුහක හැතිකරේ කැමති නෑ.

:       17       59

Amila peiris Friday, 02 September 2022 01:34 PM

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන රජයේ වෘත්තීය සමිති, රට යථා තත්වයට එනකම් එහි ක්‍රියාකාරිත්වය අත්හිටුවන්න. විශ්වවිද්‍යාල සිසුන්ට අද්‍යාපන කටයුතු කරගැනීමට ඉඩ දෙන්න. මේ අවස්ථාවේ ඔබ පක්ෂයේ සහයෝගය රජයේ හොද තීරණ වලට ලබා දෙන්න

:       45       191

KumuduFriday, 02 September 2022 02:10 PM

රට මේ අර්බුදයට වැට්ටුවේ ජවිපෙ වෘත්තීය සමිති කියලා හිතන වහල්ලු ඉන්නකන් මේ රටට ගොඩයෑමක් නෑ. මේ අර්බුදයට යථාර්ථවාදී විසඳුමක් ඉදිරිපත් කරන්නේ ජවිපය ඇතුළු ජාතික ජනබලවේගය පමණයි.

:       3       2

indikaFriday, 02 September 2022 04:33 PM

වෘත්තීය සමිති JVP එකේ විතරයි තියෙන්නේ කියලා හිතන කෙනෙක්.

:       0       3

ලමයSaturday, 03 September 2022 05:48 AM

විශ්ව විද්‍යාලවල එවුන් මෝඩ නෑ. එක එකාගෙ පදේට නටන්න. විශ්වවිද්‍යාලෙට යන කොල්ලට මේ කමෙන්ට් දාන අයට වඩා ලොකු බුද්දියක් තියෙනව තමුන් කරන්නෙ මොකක්ද කියල හිතාගන්න . මේ සැරේ කොල්ලො පාරට ආවේ මේ රටෙි අපි වෙනුවෙන් උන්ගෙ දේවල් වලට නෙමෙයි.රට පාලනය කරන හොරු රැල එලවන්න, පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කප්පම් කාරයො උසාවි වලින් දඩුවම් ලබපු හොරු. උන් මෙරටට කල විනාසයෙන් අපි දුක් විදනව , උන්ට රජ සැප , ඔය දේශපාලන හොරු රැලට විරුද්ධව හඩ නගන මිනිසුන්ට විරුද්දව කතා කරන අය ගැන ඇත්තෙ කනගාටුවක්.

:       59       16

Mavilmada Vajira himi Friday, 02 September 2022 01:50 PM

මෙ ආර්තික අර්බුදය ගෙන ජවිපෙ කී සෑම දෙයක්ම දැන් ඔප්පු වී තිබෙනවා. මෙ අර්බුදය පුපුරා ගිය මොහොතෙ අනුර දිසානායක මහතා රට හමුවෙ ඉදිරිපත් කලා. විසදුම් එදා කිසි කෙනෙක් ගනන් ගත්තෙ නෑ. ඒත් දැන් හැමොම කියන දේවල් වලින් පෙනි යන්නෙ එදා ඔහු ඉදිරිපත් කල විසදුම් නිවැරදි බවයි.

:       192       90

SudheshFriday, 02 September 2022 08:43 PM

ඔව් අපිට මතකයි. ලංකාවට ඩොලර් එවන්න එපා කිව්වා. ගැහුවොත් ගහන්න ඕන කිව්වා. ගෙවල් ගිනිතියපු අය ගැන හොයලා මැරුම් කන්න එපා කිව්වා. රට හදන්න එයාලට අවුරුදු 2ක් යනව කිව්වා, ඒත් ආණ්ඩුවට දෙන්නේ මාසයයි කිව්වා. එහෙම කරලා රටට මාසෙකට එන්න තිබ්බ ඩොලර් මිලියන 600, මිලියන 200ට අඩු කරා. ඩොලර් මිලියන 400ක් උන්ඩියල් ක්‍රමේට වෙන රටවල් වලට ඇදිල ගියා. අන්න ඒ ගියපු 400 ගැන හෙව්වොත් නියම හොරු ටික හොය ගන්න පුලුවන් කියලත් අපිට තේරෙනව.

:       11       77

Kumara Friday, 02 September 2022 01:54 PM

දැන් මෙ රටට ඇති එකම බලපොරොත්තුව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවෙගය පමනයි. අවුරුදු74 ක විනශය දැන්වත් නතර කරමු.

:       172       105

ajithFriday, 02 September 2022 06:54 PM

හැබැයි ඉතින් ඔය කියන විනාශයට පසු ගිය අවුරුදු74 ක කාලය තුල යුද්ධ සහ කැරලි හරහා රට විනාශ කල උදවියත් එකසේ වග කිව යුතුයි.

:       11       61

BamunuarachchiSaturday, 03 September 2022 05:54 PM

කොහෙන්ද හලෝ මේ අවුරුදු 74 කතාව ගෙනාවේ. අවුරුදු 74 ගැන කතා කරන මහා ජෙප්පටවත් අවුරුදු 74 වයස නැහැ. ඒ ගෝ...යියත් වයසින් එහා අවුරුදු 35 ගැන කියන්නේ කාගෙන්වත් අහලා. රට කාබාසිනියා උනේ 1971 -1989 කාලේ. 1971 කලින් රට හොඳට තිබුනේ නැතිනම් ලීක්වායුන් සින්ගප්පුරුවත් ලංකාව වගේ කරනවා කියයිද මැට්ටා ?

:       1       30

ruwan Friday, 02 September 2022 02:43 PM

මෙයාලා දන්නේ හොරා කෑවා, හොරා කෑවා කිය කියා කෑගහන්න විතරයි. එහෙම කියලා මිනිස්සු කුලප්පු කරලා රට කන්න තමයි දන්නේ...!

:       1       4

abesiri Friday, 02 September 2022 02:54 PM

දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු එලවගත්තනම් ඔය කිසි ප්‍රශ්නයක් නැතුව රට ගොඩගන්න පුළුවන් නේද? ලැබෙන සහනාධාර රටේ ආදායමෙන් නේද මුන් ඔක්කොම සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මාටියා ගහන්නේ.

:       18       9

ramesh Friday, 02 September 2022 03:22 PM

ඔන්න ආයෙත් ඇවිල්ලා. මේ මනුස්සයට කියවනවා හැර එකතුවෙලා වැඩක් කරන්න ඕන කමක් නැ. ගොඨා ගියහම කරලා පෙන්නන්නම් කිව්වා. කට විතරයි.

:       1       2

Demi Friday, 02 September 2022 04:01 PM

ඔය කියන ඒවා කරන්න කලින් වෘත්තිය සමිති තහනම් කරන්න. ඒවා ඔක්කොම ජවිපෙ. කවදාවත් කිසිම රජයේ හෝ පෞද්ගලික ආයතනයක් කරන්න දෙන්නේ නැත්තේ එයාලා කවදාවත් කිව්වේ නෑ.. පාඩු ලබන ආයතන දේශපාලන ගැට්ටන්ගෙන් පුරවන්න එපා කියලා. හැබැයි සේවකයින් අස් කරන්න දෙන්නේ නෑ. ඒ දේශපාලන වාසි ගන්න. රාජපක්ෂලා වගේම ජවිපෙත් මේ රටට සාපයක්...!

:       1       2

මනෝජ් රණවක Friday, 02 September 2022 05:11 PM

ඉතා නිවැරදියි. සියල්ලටම ප්‍රථම රට දේශපාලනිකව ස්ථාවර කර.... මහපාරේ තියෙන උද්ඝෝෂණ නවත්වා සියල්ලන්ම වැඩට බැසිය යුතුයි. ඒ සඳහා ජනතා විශ්වාසය සහිත නායකයින් ඡන්දයකින් පත්කරගත යුතුයි...! 

:       0       1

Santhu Friday, 02 September 2022 06:09 PM

මෙච්චර කල් රට කාලා, හොරා කාලා විනශ කරපු අය ගොඩට ඡවිපෙත් එකතුයි. එයාලා මේ ඊයේ පෙරේදා අහසින් වැටුණු අය නෙවෙයිනේ. දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ කියන්නේ 74 ක් වසර පොල් ගෑවාද? දැන් පෙනී යනවා වෙනසක් වෙන්නෑ කියලා. මෝඩ කරුණු ටිකක් එක්කාසු කරන ඇවිත් හලනවා පච වෙන්නම...

:       1       2

Bravo Friday, 02 September 2022 06:16 PM

අපි රට හදන්නේ කටින් පමණයි..

:       1       2

K Perera Friday, 02 September 2022 06:22 PM

දැන් මැතිවරණයකට යන්න සුදුසු අවස්ථාවක නොවේ රට සිටින්නේ, තිබ්බත් ඔබ සිතනවාද ජනතාව ඔබලාට ඡන්දය දේවි කියලා. මැතිවරණයකට ගියත් තවත් සියයට 3 ක් විතර වැඩිකරගනීවි. දවල් සිහින නොබලා රජයට එක්වන්න.

:       1       2

nimal kulathunga Friday, 02 September 2022 06:37 PM

අපි තවම මැරිලා නැහැ. ලයිට් නිවන්න කියලා රෑ ඇවිත් ගෙවල්වල ID එකතු කරලා හිතූ හැටියට මිනිස්සු මරපු කට්ටිය.

:       9       60

Lal Friday, 02 September 2022 06:50 PM

කතා විතරයි... ප්‍රායෝගික නැහැ...

:       1       22

Athula Friday, 02 September 2022 07:08 PM

ඉතාමත් නිවැරැදියි..

:       15       1

Suga Friday, 02 September 2022 07:54 PM

69 ලක්ෂයක් ඡන්දෙ ගත්තාම ජනතාව ඒකාබද්ද උනාද.අනුර කියන විදිහට ජනතාව ඒකාබද්ද වෙන්නෙ කෝටි දෙකම ජේපී එකට චන්දෙ දුන්න දවසට තමයි.එදාට තමයි පොරබදන්න වෙන්නෙ.

:       3       34

Pravith Friday, 02 September 2022 08:04 PM

රට ගොඩ දාන්න කිලින් හතරගාතේ වැටිලා ඉන්න පක්ෂෙ ගොඩ දාන්න කියන්න. වර්ජන, උද්ඝෝෂණ මගින් රටම හාන්සි කරලා දැන් බයිලා ගහනව.

:       9       39

විමල් පෙරේරා Friday, 02 September 2022 08:05 PM

අර අරගලය වගේද එහෙම නැත්නම් 71, 88-89 වගේද ? බයිලා කියන්නේ නැතුව කරන්න පුලුවන් දේවල් කියනවා.

:       8       53

Sugath Friday, 02 September 2022 09:14 PM

Always talking.. never has done single bit of work. What a clown!

:       6       40

අසරනයා Saturday, 03 September 2022 05:08 AM

අද අපට අත්හදා බැලීමට ඉතිරිව ඇත්තෙ මේ පිරිස පමනී. අවුරුදු 74 මෙරට දෙපිරිසකට ඡන්දය දී අප හෙම්බත්ව ඇත . අප අද අන්ත අසරන දූගී තත්වයකට පත්ව ඇත. දැන් ඉතිරිව ඇත්තේ මොවුන් පමනී. දවස් 1850 කට මොවුන් රට භාරදීමට අපට දැන් සිදුව ඇත. නැවත අවුරුදු 74 බලය දුන් පිරිසට බලය ගියහොත් මෙ රටට වන නස්පැත්තිය අපට සිතාගත හැක. එහෙයින් මෙම අත්හදා බැලීම අප කලයුතුමය.

:       66       15

Jayasekara Saturday, 03 September 2022 10:03 AM

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය... විශිව විද්‍යාල අන්තරේ සිසුන්, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් කිහිප පළක්, ජවිපෙ ප්‍රාදේශීය නායකයින්...

:       2       22

DASA MARA SENAVA Saturday, 03 September 2022 10:09 AM

මේ කතාකරන ජවිපෙ නායක කාරකාදීන් සියලු දෙනා අනේ (දැන් ඔක්කොම මහල්ලන් වෙලා) අවු 53 (කුලකයේ නඩය) පැනලනේ.., ඉදිරි මහ ඡන්දෙ වෙනකොට මොනවා කරන්නද? විශ්‍රාම යන කල වයස හරිනේ... කණ්ණාඩිය ඉස්සරහ හිට ගත්තාම මැවිලා පෙනේවි රෑපේ හදේ දර්ශනේ...

:       1       36

janaka Saturday, 03 September 2022 12:45 PM

අම්මෝ බර වැඩි කතා 3% සිට 4% දක්වා යන විදිහ කියන්නකෝ...!

:       4       26

LGPJ Sunday, 04 September 2022 05:53 AM

You cant catch any thief in parliament.!!

:       1       1

fairoosSunday, 04 September 2022 12:56 PM

රටට මෙච්චර වෙලත් වහල්ලුන්ට නම් ගානක්වත් නෑ.

:       2       0

HARAMANIS Sunday, 04 September 2022 12:18 PM

මෙයාලා දැන් කීපාරක් රට ගොඩදාලා තියෙනවද කටින්..?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1589 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1246 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 821 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6266 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2316 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 877 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1760 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site