විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළු දුෂ්කරතා මෙන්ම ඔවුන්ගෙන් රටට වන සේවය පිළිබඳව ජනතාව හා බලධාරින් දැනුම්වත් කිරිමේ පා ගමනක් අඟහරුවාදා හලාවතින් අරම්භවු අතර අද (24) දහවල් එය වෙන්නප්පුව නගරයට ළඟාවිය.
කොළඹ දක්වා පාගමනින් ගොස් 26 වැනිදා ජනපතිට, අගමැතිට හා විපක්ෂ නායකට සංදේශයක් බාරදීමටද නියමිත බව ‘රටගිය ඇත්තෝ‘ සංවිධානයේ සභාපති සුජිත් පෙරේරා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්න පොරොන්දු ඉටු කරන්න බැරි දේශපාලකයෝ පිටරවලට ආවහම එයාල සහභාගි වන රැස්වීම් වර්ජනය කරන්න පක්ෂ බේදයකින් තොරව (බ)
මම විදේශ සේවා ඒකකයේ ලියාපදිංචි වෙලා රට ආවේ . එහි ලියාපදිංචි අයගේ දරුවන්ට ශිෂත්වය පාස් උනාම යම්කිසි ප්‍රතිලාබයක් දෙනවා කියලා කියනවා නේ .එත් මම රට ඉන්නකොට දරුවා ශිෂත්වේ පාස් උනා ඒ අවුරුද්දේ මම ඒ අයගෙන් විමසුවාම කිව්වා හොයලා බලන්නම් කියලා එපමණයි .දැන් අවුරුදු ගානක් වෙනවා ඒ ගැන හෙවිම මමත් අත ඇරලා දැම්මා කොපමණ ඇහුවත් ඔය පිලිතුරම ලැබෙන නිසා . දරුවාට පාසලින් ලැබෙන ශිෂත්ව ආධාරත් අහිමි උනා ඒ අම්මා රට ඉන්න නිසා කියලා . ඒකත් කමක් නෑ කියන්නකෝ . මම ආයේ වතාවක් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ ආයෙත් මුදල් ගෙවලා ලියාපදිංචිය අලුත් කරලා ආවා . ඒ ඇවිත් මම දවසක් මෙරට ඉඳලා විදේශ සේවා ඒකකයට කෝල් එකක් දීලා කිව්වා මගේ දරුවෝ දෙන්නා ලංකාවේ ඉන්නේ . ඒ අයට කිසිම කරදරයක් දැනට නැති උනත් රට ඉන්න දෙමව්පියන්ගේ දරුවන් ගැන හොයලා බලන වැඩපිළිවෙලක් නැද්ද ,කියලා . ඒ කතා කරපු කෙනා එකපාරටම කිව්වා එහෙම පහසුකම් තවම අපි සලසලා නෑ කියලා . ඇත්තෙන්ම මගේ දරු දෙන්නා කිසිම කරදරයක් නොමැති උවත් අම්මා කෙනෙක් වශයෙන් මට අවශ්‍ය උනේ අද රටේ පවතින සමාජීය වටපිටාව අනුව වගකිවයුතු කෙනෙක් (පරිවාස නිලධාරිනියක් වගේ ) ඒ අය ගැන නිතර හොයා බලනවා නම් හොදයි කියන එක . අපි මෙහෙ රැකියාව කරලා හැම මාසෙම ඩොලර් ලංකාවට එවනවා නම් අපෙන් රටේ ආර්ථිකයට යම් කිසි සහයෝගයක් ලැබෙනවා නම් ඇයි විදේශ සේවා එකේ නිලධාරින් ට අපි ගැන අපේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හොයලා බලන්න බැරි. (ස)
කාන්තා සහභාගිත්වයත් වටිනවා (නි)
https://www.facebook.com/groups/dutyfreevehicle/ කරුණාකර අප සමඟ එකතුවන්න (නි)
ඒ මිනිසුන්ටත් සාධාරණයක් වෙන්න එපායැ (නි)
රටේ ආරක්ෂාවට,රටේ පැවැත්මට,රටේ ජනතාව ජීවත් කරවීමට රටගිය ඇත්තෝ කරන සේවය ඇති මහත්. එය නොදැක්කා වගේ ඉන්නේ නිවට,කපටි දේශපාලකයන්. රට ගිය ඇත්තෝ මෙවර ජනාදිපතිවරණයේදීත් විශාල මෙහෙයක් කලා. ලංකාවේ ඉන්න අයවත් දැනුවත් කලා ජරාජීර්ණ පාලනය අවසන් කරන්නට ලක්ෂ 40 ක් පමණ වන අපගේ යැපෙන්නන් අප මෙහෙයවනු ලබුවා. නව පාලනයෙන්,නව ජනාධිපති තුමාගෙන් අප ඉල්ලා සිටින්නේ මේ ජනතාවට ඡන්ද අයිතිය සහ ඔවුන්ගේ සුබසාදනය වෙනුවෙන් කටයුතු කරන මෙනි. (නදී)
මේ සම්බන්ධව දන්නෙ නැති අය කතානොකර ඉන්නවද? (නි)
පෙරේරා, සිරිමාවෝ රට ගිය අය වෙනුවෙන් මොකද කළේ? එතුමිය නායකයා කාලේ මම හිටියේ නැහැ. ඒකයි අහන්නේ. දැන්නම් බොරුවට රක්ෂණයක් කියලා එකක් බලෙන් කරනවා. මිනිස්සුන්ට කරදරයක් වුණොත් ඒ මොනවත් නැහැ. මම ඉස්සර නිතර මැදපෙරදිග යනවා සේවා අවශ්‍යතා වලට. ගුවන් තොටුපොළේ බේරෙන්න බැහැ කාක්කෝ වගේ. මට ආයතනයෙන් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් තිබුනත් ඒ අයට මදි. (නි)
පෙරේරා, අවුරුදු 30 ක් අරාබියේ කඹුරනවා.ඇයි සල්ලි ඉතුරු කළේ නැද්ද? (නි)
අවුරුදු 30 ක් අරාබියේ කඹුරනවා. අදත් මේ කාන්තාරයේ. අපිට ලංකාවෙන් කිසිම සේවයක් වුණේ නැහැ. අපි එදා පිහිටවුණේ ගරු සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක උත්තමාවිය. මේවා මෙහෙම ලියන්න ඕනෑ නැහැ, ලංකාවේම කවුරුත් දන්නා කරුණක්. (නි)
ද්විත්ව පුරවැසිකම සාමාන්‍යයෙන් අයදුම්කරුට ඉල්ලු විගස ලියකියවිලි බලා විගස කරදිය යුත්තක් වුණත් ඒක දෙන්න අවුරුද්දකටත් වඩා වැඩිය යනවා. ඒ විතරක්ද, කලින් ලක්ෂ දෙකක් අයකළා. ඒක පසුගිය රජයේ අවසාන භාගයේදී වැඩිකළා. විදේශික ශ්‍රමිකයා විසින් කළ ඉල්ලීම වුණේ එම වැඩිකළ බදු ප්‍රමාණය නැවත ලක්ෂ හතරේ සිට දෙක දක්වා බස්සවන ලෙසයි. මොකද අපි වැනි උදවිය මුදල් හරිහම්බ කරන්නේ අයිස් ගහලා නොවෙයි. මෙහෙ එහෙම වැඩකරලා මුදල් හොයන්න බැහැ. එහෙවු එකේ අපි සල්ලි ගස්වලින් කඩා ගන්නවා කියලා මෙහෙම එක පහකරලා ගන්නේ. නව රජය පත්වෙලා අපට කළ දෙයක් මේ වනතුරු නම් නැහැ. විදේශ විනිමය ශ්‍රමිකයන්ගෙන් නොලැබී ගියහොත් අපේ රටට වන්නේ මහා විපතක් බව දන්නේ ආර්ථික විද්‍යාඥයන් පමණයි. මෙහෙ ඉන්න අය මුදල් බැංකු හරහා එවන්නේ නැතුව අර හොර ක්‍රමයට එවුවොත් මොකකින් මොකක් වේවිද දන්නේ නැහැ. අපි එහෙම කරන්නෙත් නැතුව මුදල් තවම එවන්නේ බැංකු හරහාම තමයි. (නි)
ඡන්ද ළඟ එනකොට විදේශ ගත අයට විශ්‍රාම වැටුප් දෙනවා. ඡන්දෙ ඉවර වුනාම ඒ ගැන කතාවක් නැහැ.(හේ)
කරන්න දෙයක් නැහැ .ගිය රජය වැඩ පිළිවෙලක් දාගෙන ආවා රණවිරුවෝ වගේ දැන් ඉන්නේ අපට රට විරුවෝ කියලා.ඒත් වැඩක් වුනේ නෑ.(හේ)
ලොක්කා දියවන්නාවට යන්න පාර හොයනවා වගේ. (ර)
මමත් රටක සේවය කරන්නේ අවුරුදු ගානක සිට. නමුත් රජය අපෙන් අයකරගන්නවා ඇරෙන්න අපිට ලැබුන දෙයක් නම් තවම නැත. (නදී)
බලයට එන හැම පාලකයම දන්නවා එයාලා අපිට මුකුත් දුන්නත් නොදුන්නත්, අපෙන් ලැබෙන ටික ලැබෙනවා කියලා... සත්‍ය ඕක තමා. (ර)
තමන්ගේ ජිවිතේ ගැනවත් නොසිතා ඉතා දුෂ්කර රැකියාවල යෙදී රටට ප්‍රධානම විනිමය රන්මසු රැගෙන එන මේ මිනිසුන් ගැන කතා කිරීම , සංවිධානයවිම ඉතා අගෙයි. එත් ඒක තවත් කෙනෙකුගේ දියවන්නාව තරණය කිරීමේ ඔරුවක් නොවේවායි පතමු. මේ මහ මැතිවරණයක හඬ ඇසෙන නිසාවෙනි.. (ර)
අපට වාහනයක් වත් ගන්න බදු සහන ලබාදීමට කටයුතු කලොත් ලොකුම උපකාරයක් ලෙස සලකනවා. (ර)
අවරුදු 2 වත් රට රස්සා කරලා ලංකාවට බැංකු හරහා රුපියල් ලක්ෂ 4 වැඩි මුදලක් එවපු කෙනෙකුට අඩුම තරමේ මෝටර් බයිසිකල් එකකක් වත් ගන්න බදු සහන ලබා දෙන්න කියලා මම යෝජනා කරනවා. (ර)
දින 100 වැඩ පිළිවෙලේ 24 වන සැලසුමේ හැටියට විදේශ ශ්‍රමිකයන්ට යෝජිත විශ්‍රාම වැටුප ගැන ද අවධානය යොමු විය යුතුය. එය ප්‍රතිපත්ති මාලාවේ සඳහන් බැවින් රජයට ඒ ගැන වගකීමක් ද ඇත.(හේ)
පහුගිය රජයේ අයවැයෙන් පිටරටවල සේවය කරන ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට වාහන බලපත්‍රයක් ලබාදෙන්න යෝජනා කලා එම වාහන බලපත්‍රයවත් විදේශ ශ්‍රමිකයන්ට ලබදෙනමෙන් එල්ලමි (ම)
සරත් මහත්තයා කිසිම රජයකින් කියන්නේ අවුරුදු 30 ඉන්න රටෙන්වත් ඔබට සේවයක් වෙලා නැද්ද? අපරාදේ මැදපෙරදිග සල්ලි ඔබතුමාට දැන් ඕන වාහන බලපත්‍ර නේද සරත් මහත්තයෝ (නදී)
ඉසුරන්දි හරි. අපෙන් අරගන්නවා මිසක් අපිටනම් මුකුත් නැහැ. හරිනම් විදේශ සේවා එකේ ලියාපදිංචිය කැමතිනම් විතරක් කරගන්න තියෙන්න ඕනේ. මොකද එකෙන් මටනම් සත පහක වැඩක් නැහැ. අපිට කොහොමත් අපි සේවය කරන තැන වලින් ඉතා හොඳ රක්ෂණ ආවරණයක් තියෙනවා. (ම)
නිතරම දකින්න ලැබුණේ මැතිවරණයකදී පමණයි රටගිය ඇත්තෝ මතක් වෙන්නේ. හිටපු ඇමති බන්දුල ගුණවර්ධන මහතා තරම් රටගිය ඇත්තන් ගැන හඬා වැළපුන තවත් කෙනෙක් ඉතිහාසයේ දකින්නට නැති තරම්ය. සැළසුම් නොමැති රටක ඉල්ලීම් දිනා ගැනීමට මෙසේ සංවිධානය විය යුතුව ඇත. මේ වෙනකම් රට ගිය ඇත්තන්ට මැතිවරණයකදී දෙන පොරොන්දු පාලකයන්ට මතක හිටින්නේ නැත. කරන්නේ රැවටීමක් පමණි .(ම)
ලංකාවට අවශ්‍ය විදේශ විනිමයෙන් විශාල ප්‍රමාණයක් සපයා දෙන්නේ විදේශ ශ්‍රමිකයන් පසුගිය රජයන් කිහිපයෙන් මේ අයට සිදුන සේවාවක් නොමැත. සිදු උනේ අනෙක විධි තහංචි සහ ගසා කෑම් වලට ලක් වීමට පමණි. ඉදිරියටත් මොවුන්ට සහනයක් ලැබේ කියා සිතන්න අමාරුයි. රට විරුවන්ට මගේ උපහාරය (නදී)
අවරුදු 30 පමණ සේවය කරන මටද කිසිම රජකින්වත් කිසිම සහනයක් නැත. අපි රටට බරක් නැත නයක් නැත (නදී)
වසර දහයක් රට රැකියාවේ ගතවුනා, හැම රජයකින්ම අපෙන් අයකර ගත්ත මිස අපට දීපු දෙයක් නැහැ, තවම ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න බැරි උනා, නව ජනාධිපති තුමාගේ කාරුණික අවදානය ලැබෙනවනම් ගොඩක් වටිනවා. (නදී)
සියලු දෙනා එක්වී සංවිදානයක් පිහිටුවා ගමු රටට හොඳ බලපෑමක් කරන්න පුළුවන්. යුද්දය කාලේ අපි කොපමණ දායකත්වයක් ලබාදුන්නද නමුත් කිසිඳු රජයක් ඒ ගැන තැකීමක් කලේ නැහැ බොරුවට ලේබල් එකක් විතරක් ගැහුවා රටවිරු කියලා. මොකක්ද ඇති පලේ ඇත්ත වශයෙන් අපි රටට නය නැති කොටසක් (නදී)