කදුකරයේ වගා කර ඇති යුකලිප්ටස්,පයින් ටර්පන්ටයින් ආදී ගස් වර්ග මුලූමනින්ම ඉවත් කර ඒවා වෙනුවට දේශීය ආදේශක ශාකන් වගා කිරීමට මධ්‍යම පළාත් සභාව සැරසේ.
මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම,ජලසම්පාදන හා පරිසර ඇමති නිමල් පියතිස්ස මහතා පවසන්නේ මේ සදහා ඉක්මනින් පියවර ගන්නා බවයි.
දැව හා ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ආනයනය කර වගා කර ඇති විදෙස් ශාඛ වර්ග නිසා කදුකරයේ ජෛව විවිධත්වය පවතිනුයේ අවදානමකට ලක් වී බලපෑම් එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩකට නැති රට ගස් වෙනුවට අපේ රටේ කොස් දෙල් කජු වගේ ගස් ටිකක් හිටෙව්වනම් අඩු ගානේ අපේ දුප්පත් උදවියට එක වේලක් හරි පිරිමහගන්ඩ තිබුනා. අනික එහෙම උනොත් ඔය කාලේ ඉන්න සත්තුන්ගෙන් ගමේ ගොවීන්ගේ වගා වලට වෙන හානියත් අඩු වේවි.(නදී)
උත්සවයට ගස් දෙක තුනකුත් හිටවාවි. ඊට පස්සේ දිගට හරහට අර ටික කපාවි. අන්තිමට කන්ද හිස් බිමක් වෙයි. (නි)
අලුතින් ගස් රෝපණය කල පසු පරණ ගස් ඉවත් කළ යුතුය. නැත්නම් මේ ගස් හොරුන්ගේ ව්‍යාපාරයක් වේවි (නි)
දැන්වත් මොලේ පෑදුන එක ගැන සතුටුයි. අවංකව කරනවා නම් හොදයි. පයිනස් ටික කපලා විකුනගන්න කරන උප්පරවැට්ටියක් උනොත් නම් වැඩක් නැහැ. මොකද කරන්න යන්නේ? කිසි විශ්වාසයක් නම් තියන්න හරිම අමාරුයි. (නි)
පමා වී හෝ ඇස් ඇරීම ගැන සතුටුයි. ඉක්මනින් ක්‍රියාත්මක වේවා! (නි)
ඔන්න ලී මඩු හිමියන්ට හොඳ පුවතක්. (නි)
ගස් ටිකට සොට් එක දෙන්න නේද යන්නේ බොරු හේතු හොයාගෙන? (අ)
මේ වැඩය බොහොම හොඳයි. මේ ගස් වවන්න ආධාර දුන්න රටවල් අතර ඉන්දියාවත් ඉන්නවා. මේ නිසා තේ වගාවට බරපතල ජල අඩුවීමක් ඇතිවෙලා, තේ නිෂ්පාදනයට බලපෑමක් තියනවා. අපි හැමදාමත් ලණු කාපු ජාතියක්නේ .... දැන් පරක්කු නෑ, කොස්, පළු, මිල්ල වවනවානම් වඩාත් හොදවේවි. (නි)
ඔය හදනේ පරණ ගස්වලට විදින්න !! ජනතාවට බොලේ බස්සලා ගස් කපන්නේ හදනේනෙ අපි නොදන්න ගස් (අ)
රුප,දිල්හානි,සඳුනි, නුඹලා යුකැලිප්ටස්,පින්න වගේ ගස්වල වටිනාකම දන්නේ නැහැ. ඒ වගේම කන්දටත් සපොර්ට් එකට මේ ගස් තිබිය යුතුයි. නැත්නම් ශක්තිය නැතිවී පාලු වෙලා යයි කන්ද. (නි)
කාලෙකට පස්සේ ඇසුන සතුටුදායක ආරංචියක් හැබැයි නිවැරදිව විශේසඥ උපදෙස් මත කරන්න.(නදී)
ඕව දන්නේ නැතිනම් මේ රට මෙච්චර දුරක් ගේන්න බෑ. ඔය ගොල්ල තමන්ගේ වැඩක් බලාගන්න.(නදී)
රූපටත් ගානක් එන පාටයි නේද ? වැඩේට පුල් සපෝට්. ඔය වැඩේ කරන්න කලින් භූ විද්‍යාඥයෝ සහ පරිසරවේදීන්ගේ, වනසංරක්ෂකයන්ගේ උපදෙස් ඇතුව කලොත් හොඳයි (නි)
රටට සෙතකට වඩා කාගේ හරි සාක්කුවකට සෙතකටයි මේ කරන්නේ.(නදී)
මේ ශීත රටවල වගා කරන ගස් අපිට හරි යන්නේ නැහැ.ඔය ගස් එකවර මාස හයකට ඇතිවෙන්න වතුර උරා ගන්නවා.අවට නිසරු වෙනවා. දිය උල්පත් සිදෙනවා.අකුණක් වැදුන ගමන් පළාතම ගිනි ගන්නවා. අධික තෙල් ගතිය නිසා,නිවන්න පහසුත් නැහැ. (නි)
ෆයින් නට්ස් කනවට වැඩ හොඳයි වට්ටක්කා ඇට ටිකක් කෑවා නම් (නි)
නීරෝ, ඔයා කොහෙද පය ගහලා ඉන්නේ? ඔයාල වගේ බහුබුතයෝ හන්දා තමා මේ රටට හෙන ගැහිලා තියෙන්නේ. පිට රට චීස් හම්බටවනකන් බලා නොයිද , කොස් දෙල් ටිකක් කාලා දේශීය විදිහට හිතන්න (නි)
මේ ඉහත අදහස් දක්වූ පයින් නට් උදෙසා, ඔය පයින් නට් වලට වඩා අපේ කජු කොපමණ අගේද? පිට රටත් පයින් නට් වලට වඩා කජු මිල අධිකයිනෙ. අනික ඔය ස්වාබාවිකව කේතුධර වනාන්තර තියන රටවල් එක්ක අපිට තරඟ පුලුවන්ද? මේ අදහස නම් පංකාදුයි, හරියට කලොත්. අපේ අය ඉතින් ගස් ටික කපලා සල්ලි සාක්කුවේ දාගනියිද දන්නේ නෑ. කොහොමත් වාණිජ වටිනාකමක් ඇති දේශීය ශාක ප්‍රවර්ධනය නම් අගය කල යුතුයි. පයින් කියන්නේ කිසි ලස්සනක් නැති අපේ කමක් නැති ගහක්, මගේ අදහස.(නදී)
දේශීය ශාක තිබුන කාලේ කඳුකරය ජල පෝෂක වනාන්තර ලෙස පවත්වාගෙන ගියා. ජනතාව වගා කලේ පදිංචි වුනේ නෑ. දැන් කන්ද මුදුනට යනකල්ම එළවලු වවල ගෙවල් හදලා. ඉතින් නායයාම වලක්වන විදෙස් ශාක ඉවත් කරන්න කලින් මේ වැඩේ යහපත් හා අයහපත් ප්‍රතිපල ගැන අධ්‍යනයක් කරලා ශක්‍යතාව බලලා විධිමත් පිළිවෙලකට කරන්න. ගස් විකුණලා කොමිස් ගහන එක කොහොමත් සිදු වෙනවනේ. ඒ නිසා ගස් විකුණගන්න එපා කියල කියන්නේ නෑ.(නදී)
කඳු තිබුණු පලියට හැමතැනම නාය යන්නේ නැහැ. ඊට බලපාන භූ විද්‍යාත්මක සාධක බහුලව පෙනෙන ප්‍රදේශවල වනතීරු ලෙස මේ ශාක තිබෙන්නට හැරිය හැකියි. වන සංරක්‍ෂණය, භූ විද්‍යාව හා ගොඩනැගිලි පර්යේෂණ යන ආයතන ඒකාබද්ධවූ ව්‍යාපෘතියක් ලෙස මෙය නිසියාකාරව ඉටුකළ හැකියි. (නි)
ලොකු දෙයක් එක නම්. මෙච්චරකල් ගිහිල්ල හරි ඒක කරන ඒක ගැන ගොඩක් සතුටුයි. (අ)
ඔය පයින් ගස් අපට හානි කර උනත් දැන් වගා කරලා ඉවරයිනේ. ලෝකේ 'පයින් නට්ස්"කියන ඒවාට ඉහල ඉල්ලුමක් තියනවා. එක කිලෝවක් රුපියල් 10000 පමණ වෙනවා.හරි ගුණයි.අපට ඒවා කරන්න පුළුවන්.ලංකාවේ ගස් වලින් කිරි කපල ඒ කිරි පිට පටවල ඒ කිරි වලින් නිපදවපු නිෂ්පාදන සල්ලි දීල ගන්න එක තම කරන්නේ. (අ)
මා දන්නා තරමින් මෙම ගස්වලින් පසේ ඇති භූගත ජලය වැඩිපුර උරාගනිමක් සිදුවේ . එහි වාසී අවාසි දෙකම ඇත . වාසියනම් කඳුකරය නාය යාමෙන් වලකිමි. අවාසිය නම් ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ජලය හිඟ වීම සහ මේ ගස් අතර වෙනත් කිසිම ශාකයක් වැවෙන්නේ නැති එක .නමුත් මෙම ශාක ඉවත් කරනවිට දිර්ගකාලින වැඩක් විදිහට කොටසින් කොටස කරමින් ඊට ගැලපෙන අලුත් ශාක වගකරමින් කල යුතුය නැතිනම් නාය යාම මෙන්ම තිබුනට වඩා පරිසර හානියක් සිදුවේ .තවද මෙහි නිත්‍යානුකුල දැව ජාවාරමක් වීමටද බැරි නැත . අපේ කට්ටියගේ තරම ඉතින් අපි නොදන්නවය. (අ)
ඉතා හොද තීරණයක්. හැබයි විශේසඥ උපදෙස් මත කරන්න.(නදී)
තියෙන ගස් කපයි, ජරාව සාක්කුවට එයි .කොට අදින්න, හදා ඇති මාර්ග අබලන් කරයි. දැනට ජීවත් වෙන සතුන්,ජීවීන් නන්නත් තාර වෙයි. පස සේදී යයි. වැස්සට කඳු නාය යයි. පරිසරය වියලී ඇල දොල සීදී යයි. කාට කියන්නද ? කරන්න යන විනාශය.(නදී)
මෙය සිදුකල යුත්තේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් මිස ප්‍රාදේශීය දේශපාලකයින් විසින් නොවේ. ආදේශක වනවගාව ස්ථාපිත කිරීමෙන් පසු ක්‍රමානුකුලව ගස් ඉවත්කිරීමත් පාංශු ඛාදනය වැළක්වීමේ ක්‍රම යොදාගැනීමත් විද්‍යානුකුලව ඉටුකිරීමට ඔවුන් කටයුතු කල යුතුයි.(නදී)
පිට රට ඉන්න අය දන්නවා ඇති "පයින් නට්ස්"කියන ඒවා. හරියට කජු ඇට වගේ. පුදුම ගනන් හරි ගුණයි කියලා කියනවා. අපේ වෙන රටවල් ඒවා හරි ලොකුවට අපනයනේ කරලා සල්ලි හොයනවා. අපි නොකරට.(නදී)
ඉතා වැසි අධික සීතල රටවල කඳුකර පළාත්වල මේ කියන වර්ගයේ ගස් ඕනෑතරම් තියෙනවා. ඒවා දැව හැටියට සහ කඳුකර ප්‍රදේශවල නාය යාම වලක්වන්න තමයි බහුලව වවන්නේ. මේවා වගා කලේ හේතුවක් ඇතුව බව දන්නවද දන්නේ නැහැ. දැන් බොරු දේශීයත්වයක් මවාගෙන ගස් ටික කපලා විකුණගන්න වගේ හදන්නේ, අන්තිමට ගස් ටිකත් නැහැ, ඒ මදිවට පළාතම නාය යාවි. (නි)
සියරට දේ සිරි සැප දේ... (නි)
දෙවියන්ගේ නාමයෙන් මේ වැඩේ විශේසඥ උපදෙස් ඇතුව කරන්න. ආවට ගියාට කරන දේශපාලන වැඩක් හැටියට නම් කරන්න එපා. අන්තිමට දැන් තියෙන ගස් ටික හිතවතුන්ට යයි. පස සෝදා යයි. පරිසරයත් වැනසෙයි. (නදී)
ධම්මික, ඔයාගේ අදහස හරි කියලා මාත් සිතනවා. (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ..... (නි)
ලබන අව්රුද්දෙ මැද වෙනකොට විදේශීය ශාකත් නැහැ , දේශීය ශාකත් නැහැ (නි)
තියෙන ගස් ටික කපන්න දැනටම තිරණය කරලා තියෙන්නේ. (නි)
ලොකු දෙයක් ඒක නම්. මෙච්චරකල් ගිහිල්ලා හරි ඒක කරන එක ගැන ගොඩක් සතුටුයි.විශේෂඥ උපදෙස් එපා.මේ විශේෂඥයන්ම කලින් දේශීය ශාක ඉවත් කර ටර්පන්ටයින් වගා කළා. (නි)
ඇත්තටම කලොත් හොඳ වැඩක්. සිංහරාජ වනාන්තරයට ඇතුල්වෙන තැනත් කැලේ කපලා පයිනස් හිටෝලා තියෙන්නේ. ඒකත් දැන්මම වෙනස් කරන්න. (නි)
මේ යෝජනාව ගෙනාවේ ඇත්තටම කවුද? (නි)
ඉස්සර මේ ගස් වර්ග හිටවන්න මුල් වුන උදවිය, මේවට දාන අදහස් බලන්නේ නැතුව ඇති කියලා හිතනවා (නි)