IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු

හරියටම වසරකට පෙර මාර්තු මාසයේ මැද මේ සතිය අප ගෙවූ අවසන් සාමාන්‍ය සතිය විය. එහෙත් ඒ බව අපි කිසිවකුත් දැන නොසිටියෙමු. ලොවේ බොහොමයක් රටවල තත්ත්වය ද එසේම විය. එම සතියෙන් පසුව කොරෝනා වසංගතයේ කඩතුරාවෙන් මුළු රටම වැසී ගියේය. වසරක කාලය ඇති කළ වෙනසක අරුමයේ ප්‍රතිඵල අපි දැන් විඳිමින් සිටින්නෙමු. ඒ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳ ගනිමිනි.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අකර්මණ්‍ය වූ පාසල් පද්ධතිය යළි ක්‍රියාත්මක වීමට සියලු‍ සැකැසුම් සිදුවෙමින් තිබේ. ඒ අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල සියලු‍ පාසල් ලබන 15 වැනිදා සිට යළි ආරම්භ වෙයි. බස්නාහිර පළාතේ ද 5, 11-13 ශ්‍රේණිවල පන්ති ද එදිනම යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය වසරේ මේ කාලයට වඩා දැන් පවතින්නේ අප කාටත් සතුටු විය හැකි තත්ත්වයක් බව පැහැදිලිය. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරාම පාසල් අධ්‍යාපනයට සිදු වූයේ බරපතළ හානියකි. එම හානිය අවම කරගැනීම සඳහා අප රටේ ද විවිධ ක්‍රියාමාර්ග ගැනීම නිසා පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාකප්පල් වීම වැළැකී ගියේය. ඒ සමඟ පළමු සහ දෙවැනි කොරෝනා රැලි අතරමගදී අපොස උ.පෙළ විභාගය පවත්වා අවසන් කිරීමට හැකි වූ අතර දෙවැනි රැල්ල තරමක් දුරකට පාලනය කරගැනීමෙන් පසුව අ.පො.ස. සා.පෙළ විභාගය ද පවත්වා අවසන් කරගැනීමට අධ්‍යාපන බලධාරීහු සමත් වූහ. උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේදී ද සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ජුනි මාසයේ ද නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව කටයුතු සිදුවුවහොත් තව සති කිහිපයකදී පාසල් අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අනුමාන කළ හැකිය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු ද ඔන්ලයින් සේවා පහසුකම් භාවිතයෙන් සහ වෙනත් ක්‍රමවේද යොදාගනිමින් හැකි තරම් දුරකට කරගෙන යන බව ද ඒ සමඟ සඳහන් කළ යුතුය.

අධ්‍යාපන කටයුතු පමණක් නොව සංස්ථා හා මණ්ඩල ද ඇතුළුව රාජ්‍ය සේවයේ නිවෙස්වල සිට සේවා සැපැයූ කාලය ද මේ සතියෙන් අවසන් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. රාජ්‍ය සේවය ද වසරක් තිස්සේ පවත්වාගනු ලැබුවේ සීමිත නිලධාරි සහ සේවක සංඛ්‍යාවක් සහභාගි කරගැනීමෙනි. කාර්ය මණ්ඩල පිරිස් ආයතනවල සේවයට ගෙන්වා ගනු ලැබුවේ කොටස් වශයෙනි. බොහෝදෙනකු සේවය කළේ නිවෙස්වල සිටිමිනි. රාජ්‍ය සේවයට තවදුරටත් එම පහසුකම නොලැබෙනු ඇත. රජයේ කාර්යාල මගින් සැපැයෙන සේවාවල අඩුපාඩුකම් මගහරවා ගැනීමට මේ තීන්දුව ගනු ලැබූ බව ද සඳහන්ය. එම තීන්දුව මගින් ද පෙන්වා දෙන්නේ වසරකට පසුව රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බවය. එසේම පෞද්ගලික අංශයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ද පවතින වර්තමාන තත්ත්වය ද එය තවදුරටත් සහතික කර තිබේ.

පොදු ගමනාගමන සේවා ද ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතින බව බැලූ බැල්මට පෙනී යයි. තදබද අවස්ථාවලදී බස් රථවල සෞඛ්‍ය නීති රීති සැලකිල්ලට නොගන්නා බව ද ඒ සමඟ පෙනෙන්නට තිබේ. එය යහපත් ප්‍රවණතාවක් නොවන බව ද පෙන්වා දිය යුතුය. සෑම අවස්ථාවකදීම වසරක් තිස්සේ පුරුදු පුහුණු කරගත් සෞඛ්‍යාරක්ෂක නීති රීති පිළිපැදීමට සියලු‍දෙනාගේම කැපවීමක් අවශ්‍යය. එම පුරුදු අත්හැරීම සියලු‍ දේ සාමාන්‍ය තත්ත්වයට පත්වීම තවදුරටත් ප්‍රමාද කරනු ඇත. එහි අවාසිය ඇත්තේ ද සාමාන්‍ය ජනතාවටමය.

රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා එන්නත්කරණ ක්‍රියාවලිය ද අඛණ්ඩව ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක වීම ද අවශ්‍යය. එන්නත රටේ ජනතාව තුළ ඇති බලාපොරොත්තු විශාල ලෙස ඉහළ නංවා ඇති බව ඒ සඳහා මහජනතාව තුළ පවතින දැඩි උනන්දුව පෙන්වා දෙයි. එන්නත අපේ රටේ පමණක් නොව ලොවේ සියලු‍ම රටවල උනන්දුව ඒ ආකාරයටම ඉහළ නංවා තිබෙන බව ද පැහැදිලිය. එහෙත් එන්නත දෙස බලාගෙන සියලු‍ සෞඛ්‍යාරක්ෂක නීති රීති අතහැර දැමීමත් ඒ කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීමත් කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වීමට හේතු වන බව නිතර සිහියේ රඳවා තබාගැනීම අවශ්‍යය. නැතහොත් මේ සියලු‍ උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් ප්‍රතිඵල රහිත ව්‍යායාමයක් පමණක් වනු ඇත.

කොරෝනා වසංගතය ලොවටම උගැන්වූ පාඩම් බොහොමයකි. ඒවා අප රටට ද අදාළය. එසේම මුළු ලොවම එකම අරමුණක් කරා යොමුවී එය සාර්ථක කරගත් අවස්ථාවක් වශයෙන් ද කොරෝනා එන්නත සොයා ගැනීම දැක්වෙයි. එය මානව සංහතියේම විශිෂ්ට ජයග්‍රහණයක් වශයෙන් ද සැලකෙයි. අපේ රට කොරෝනා වසංගතයේ අඳුරු කඩතුරාව ටිකෙන් ටික ඉවත් කරගනිමින් සාමාන්‍ය ජීවිතයට හුරුපුරුදු වෙද්දී පසුගිය වසරක කාලය තුළ උගත් පාඩම් අමතක නොකළ යුතු බව ද සිහියේ තබාගත යුතුය. රට දිගින් දිගටම වසාගෙන කටයුතු කළ නොහැක. එහි ආදීනව අපි සියලු‍දෙනා වින්දෙමු. යළිත් එවැනි තත්ත්වයකට රට ගොදුරු නොවීමට නම් අපි අපේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු වෙමු.

(***)



අදහස් (0)

රට හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගනිමු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේණුක පෙරේරා අත්අඩංගුවට ?
2024 දෙසැම්බර් මස 05 731 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් න


හන්තානේ අතරමං වූ සිසුහු 10ක් බේරා ගැනෙති
2024 දෙසැම්බර් මස 05 560 0

කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම


සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි
2024 දෙසැම්බර් මස 05 522 0

සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකර


පළාත් කීපයකට අද සවස වැසි
2024 දෙසැම්බර් මස 05 191 0

උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සහල් දැඩි හිඟයක්
2024 දෙසැම්බර් මස 05 1399 0

මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ඇමති පෝල්රාජ්
2024 දෙසැම්බර් මස 04 1966 0

අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ත


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 91 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 678 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 848 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site