IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘‘රටතුළ රඳවාගන්න පඩි වැඩි කළා‘‘

(ෂේන් සෙනෙවිරත්න)

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

රටක මහ බැංකුවකට විශේෂිත වූ පුද්ගලයන් නොගත්විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අත්විඳ තිබෙන බවද සියඹලාපිටිය මහතා පවසයි .

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙනවා .

එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සිදු කරගෙන තිබෙනව. 

මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව අමතක නොකළ යුතු බවද කීය .

මහජනතාව බදු බරෙන් පීඩා විඳිද්දී මහ බැංකුවේ පිරිස් පඩි වැඩි කර ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කරත් එහි දෙපැත්තක් තිබෙන බවත් උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන බවට චෝදනා එල්ල වන බැවින් එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය .

 



අදහස් (8)

‘‘රටතුළ රඳවාගන්න පඩි වැඩි කළා‘‘

dupul Monday, 19 February 2024 11:22 AM

එහෙම විශේෂිත පුද්ගලයින් සේවය කරලත් රට බංකොලොත් නේ.

:       0       23

Ratne Monday, 19 February 2024 12:54 PM

හොර සියබලාපිටිය බයිලා කියනවා. ඔය මහ බංකුවට එකෙක් අරන් ඌ ලවා බැදුම්කර හොරකම කළා. පහුගිය කාලයේ ඒකෙ වැරදි තීරණ ගන්නකොට හිටපු කට්ටිය අතැරලා, ඊ ට පස්සේ සේවයට අපු යට විතරද පඩි වැඩි කරලා තියෙන්නේ. සාමාන්‍යපෙළ වලින් ගත්ත මහා බැංකුවේ කම්කරුවා, ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ට වැඩ වැටුපක් ගන්න එකේ තියෙන සදරණය මොකක්ද?

:       0       19

සාලිය​ Monday, 19 February 2024 01:25 PM

රට බංකලොත් වෙනකන් පුටු රත් කරකර, කට පියාගෙන හිටියාට දෙන්න ඕනෑ.. පනිෂ්මන්ට් මිස වැඩි පඩි නොවේ...

:       0       1

H.M.DharmPala Monday, 19 February 2024 02:12 PM

ඈ... සියඹලාපිටිය මහ බැංකුවේ වැඩ කරන සියලු දෙනාම රඳවා ගන්න ඕන අයද? මේ රටේ ලිපිකරු, කම්කරු සේවයේ යෙදෙන්න ඕනතරම් පුද්ගලයින් ඉන්නවනේ. එහෙම නම් ඇයි ඔවුන්ගේ වැඩි කළේ...?

:       0       4

Rohana Monday, 19 February 2024 02:19 PM

කවුරු ආවත් කාගේ පඩි වැඩිකළත් රටේ දියුණුවක්නම් පේන්න නැති බව පෙනෙන්නේ මට විතරද...?

:       0       2

sene Monday, 19 February 2024 03:26 PM

යන ඈයෝට යන්න දෙන්න, ගිහිල්ලා බලන්න කියන්න, මෙහෙ තියන සැප ලෝකයේ කොහෙවත් අයට නැහැ. මේක වෙද ගොල්ලන්ටත් අදාළයි..

:       0       2

Ranpatabendi Mudiyanselage Dharmasena Monday, 19 February 2024 03:35 PM

දේශපාලකයෝ හැමදාම තමා කරපු වැරැද්ද වහගන්න හරි හරියක් නැති දේවල් කියනවා. ඒත් දැන් මිනිස්සු ඒවා පිළිගන්න තරම'.. නැතැයි සිතමි.

:       0       4

Bamunuarachchi Tuesday, 20 February 2024 09:44 AM

පියුන්ටත් එක් ලක්ෂ අසුදාහක් පමණ ගෙවනන්නේ එයාවත් ලංකාවේ රඳවා ගන්න ඕනේ නිසාද? මහ බැංකුව ස්වාදීන වෙන්න ඕනේ පරිපාලන කටයුතු මිසක් වැටුප් සම්බන්දව නොවෙයි. වැටුප් සම්බන්දව ස්වාදීන කලොත් ඉසෙල්ලාම කරන්නේ තමන්ට බෙදා ගන්න එකයි. උපයන විට බදු ගෙවීමත් බැංකුවෙන්ම කරනවද කියලා සොයා බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 115 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 519 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1104 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 986 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 971 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site