(සුජිත් හේවාජුලිගේ )
මෙරට ජනගහනයෙන් සියයට හතළිහකට වැඩි පිරිසක් ආහාර සඳහා යන අධික වියදම හේතුවෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වෙන් කරන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාව පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙය සමාජ ආර්ථික වශයෙන් ඉතා නරක ප්‍රතිඵල අත්විය හැකි කාරණයක් බවද ඔහු පෙන්වා දෙයි.
මේ අතර මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් සියයට හතළිස් තුනකට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවේ සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම අම්පාර අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල ඒ තත්වය ඉතාම උග්‍ර බව එහි සඳහන් වන්නේ යැයිද ප්‍රකාශ කළේය.
අම්පාර ප්‍රදේශයේ එම අගය සියයට 59ක් බවද ඔහු කීවේය.
මේ අතර ජනගහනයෙන් සියයට 68ක් ආහාර අනාරක්ෂිත තත්වයට( ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරිම, ගන්නා ආහාර වේල් ගණන අඩු කිරිම, අඩු රුචිකත්වය සහිත ආහාර ගැනීමට පෙළඹීම,සහ විකල්ප ආහාර ලබා ගැනීම) සඳහා පෙළඹී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ යැයි වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේය.
තවද වයස පහට පහළ අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය සියයට 15.3 ක් දක්වාද වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 9.2 ක් දක්වාද ඉහළ ගොස් ඇති බව මහාචාර්යවරයා කීවේය.
එසේම උසට සරිලන බර නොමැති දරුවන් ප්‍රතිශතය සියයට 10.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා එය 2021 වර්ෂ පැවැතියේ සියයට 8.2 ක් හැටියට බවද සඳහන් කළේය.
භාණ්ඩ මිල ඉහළ යෑම, බලශක්ති අර්බුදය,ආහාර ද්‍රව්‍යවලට ඇතිවූ තරඟය, ජීවනෝපාය අහිමිවීම සහ වැයකළ හැකි ආදායම සංකෝචනයවීම යනාදී කරුණු හේතුවෙන් මෙම ගැටළු මතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ යැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටෙන් භාගයක්ම ඉගෙනුමට:බෙහෙතට පස්ස ගහලා
City Saturday, 06 May 2023 12:33 PM
Knowing these factors, your colleague's are demanding for tax relief.
සි. කුලරත්න Saturday, 06 May 2023 12:40 PM
මෙයාගේ සංඛ්‍යා ලේඛන ගැන විශ්වාස කරන්න බැහැ. මාසෙකට විතර කලින් සංඛ්‍යා ලේඛනයක් ගෙනාවා ආරක්ෂක හමුදාවන්ට රාජ්‍ය සේවක වැටුපෙන් 49%ක් වැයවෙනවා කියලා, හැබැයි ඒක හදලා තියෙන්නේ පලාත් රාජ්‍ය සේවය අමතක කරලා, ඒකත් එක්ක ඔය අගය 33%කට අඩුයි. දේශපාලන ගැතිකම නිසා උගත්කම පාවා දෙන්නෙක්
නිහාල් Saturday, 06 May 2023 02:02 PM
යුද්ධයක් නැති කාලෙක 33% ත් ලොකු අගයක්.
Pradeep Kumara Saturday, 06 May 2023 12:54 PM
එහෙව් රටේ අපි වෙසක් දිනය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ත්‍රී වීල් වල ස්ටිකර් අලවමු.
කිරිපුතා Saturday, 06 May 2023 03:33 PM
මේ කියන ප්‍රදේශවල ජනතාව වැඩි හරියක් ගොවිතැනින් යැපෙන අය. ඔවුන් බඩගින්නේ ඉන්නවා නම් එක්කෝ ලෙඩින්, නැත්නම් අතට පයට කම්මැලිකමට. කිසිම උගතෙක් විශ්වාස කරන්න බෑ. මොවුන් මෙවැනි සංඛ්‍යා ලේඛන හදන්නේ සත්‍ය ලෙසද නැත්නම් කිසිවෙකුගේ වුවමනාවකට දැයි කියන්න බෑ...
Lalla Saturday, 06 May 2023 09:49 PM
ඔය විශ්ව විද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රටේ මේ තත්ත්වයට සෑහෙන දුරට වගකියන්න ඕනෑ කියලා මහාචාර්ය කට්ටිය දන්නවා නේද? උපාධිධාරීන් එළියට ආපු ගමන්ම ආණ්ඩුවේ රස්සාවලට දඟලන එක නවතා ව්‍යවසාය සංවර්ධන කටයුතුවලට යොමු නොකිරීම උගන්වන අයගේ වරදක් නොවේද?