විදේශ අමාත්‍යංශ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා බ්‍රසල්හි යුරෝපා සංගම් නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කරනු ලැබ සිටියි.
නිව්යෝර්ක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලයයේ ඉවීලීග් ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු ද වන ඔහු ඉතාලිය, නොර්වේ, සයිප්‍රිස්, මෝල්ටා හා ඇල්බේනියාවේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද නිව්යෝර්ක් හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයයේ ද කෙන්යාවේ නයිරෝබියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේ ද තානාපති නිලධරයකු වශයෙන් සේවය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මැද පෙරදිග සේවය කලත් මෙතුමා දක්ෂ අවංක නිළධාරියෙක් කියලා අහලා තියෙනවා. (ස)
පිටරට ඉදගෙන ව්‍යාපාර කරන්නේ නැතුව තානාපති කම කරනවා නම් හොදයි ,මම මෙයා ගැන දන්නේ නැහැ.නමුත් හුගක් තානාපති වරු කරන්නේ එකයි පුද්ගලික මුදල් ඉපයීමයි. (අ)
සුභපතනවා (දී)
යමක් රට වෙනුවෙන් කරන්න පුළුවන් කෙනෙක් නම් , රටටත් අපිටත් හොඳයි (අ)
මගේ හෘදයාංගම සුබ පැතුම්! (නි)
මම හදවතින්ම සුබ පතනවා! තමා වැදූ මවත්,උපන් බිමත් වෙනුවෙන් කිසිම දේශපාලන හෙන්චයියෙකුට කොන්ද නමන්නේ නෑතුව කෙළින් වෑඩකරන්න ශක්තිය ඔබතුමාට ලෑබේවා කියා. (නි)
ඉතා හොඳ මහත්මයෙක් (නි)
ඔබ රට රකිනවා නම්, රට ඔබව රකිනු ඇත. (නි)
තානාපතිවරුන් ලෙස පත් කළයුත්තේ උගත්, බුද්ධිමත්, රාජතාන්ත්‍රික කටයුතු පිළිබඳව මනා අවබෝධයක් සහ පලපුරුද්දක් තිබෙන මෙවැනි ශ්‍රී ලාංකිකයනුයි. (නි)
ඉතා වැදගත් මහතෙක්. (නදී)
අනුර දිසානායක මන්ත්‍රී තුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා ලංකාවෙන් යවල තියෙන තානාපති වරුන් (පුතුන්) ගැන. (අ)
සුභපතනවා ඔබ තුමාට (දී)
සුදුසුකම් එහෙම පත්තරවල පල කරන ක්‍රමයක් නැද්ද.... (දී)
ලාංකිකයෙක් හැටියට සන්තෝසයි (දී)
ඔහු හොද මහත්මයෙක්. දේශපාලනීකරණය නිසා හොදින් රාජකාරි කිරීමට සමහර අවස්ථාවලදී අපහසුවත් තිබුනත් ඉතා සාධාරණ තීරණ ගත් අයෙක්. සුබ පැතුමි. (දී)