IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“

(රංජන් කස්තුරි)

මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

අධිකරණ අමාත්‍යංශයේදී අද (31) වැඩ බාරගනිමින් අමාත්‍යවරිය මේ බව කීවාය.

“ජනාධිපතිතුමායි අගමැතිතුමායි මම කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මට මේ වගකීම බාරදුන්නා.මම මගේ වගකීම උපරිමයෙන්ම කරනවා.අද මට වැඩකරන්න වෙලා තියෙන්නේ නොයෙකුත් ආන්දෝලනාත්මක වාතාවරණයක් යටතේයි.අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම කටයුතු කරනවා“

“කොහොම වුණත් මම එකක් කියන්න ඕනේ.මේ රට ආරක්ෂා කරපු කිසිම රණවිරුවෙක් විදෙස් අධිකරණයකට යොමු කරන්නේවත් ඔවුන්ට දඬුවමක් ලබාදෙන්නත් ඉඩක් දෙන්නෑ“ යැයි අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.



අදහස් (10)

“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“

srimala Thursday, 31 August 2017 04:01 PM

එ්ක ඇත්ත අැමැතිතුමියනි, අපේ නියම රණවිරුවන් අධිකරණවලට යවන්න එපා. නමුත් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ හිඳිම සහ යුද්ධයට සම්භන්දවීම වංචා දුෂණ මිනීමැරුම් වලට ආවරනයෙක් නොවේ. රණවිරු නාමයෙන් මාද්‍යවේදීන් ඇතුළුව මිනීමරපු අයට දඬුවම් දිය යුතුයි.

:       1735       1384

vijedasa Thursday, 31 August 2017 04:52 PM

ඔබව පත් කලේ බයිල අහන්න නෙමෙයි හොරු අල්ලන්න.

:       842       821

K Perera Thursday, 31 August 2017 05:26 PM

ඕක කියන්ඩ ඕනේ දෙයක්‌ද? ලංකාවේ කවුරු බලයට ආවත් ඕක කරන්නේ නැහැ.

:       130       245

mahee Thursday, 31 August 2017 09:31 PM

අපි හිතනවා ඔබට යමක් කළ හැකියි කියල. හැබැයි ඒ කළ හැකිදේ ඔබේ අමාත්‍යංශය විසින් කල යුතු දේට සීමා කරගන්නවා නම් වටිනවා. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයකට යවනවද කියන එක වෙන කට්ටියක් තීරණය කරයි. දෙවියන්ගේ නාමෙන් පුළුවන් නම් උසාවි වල නඩු ප්‍රමාද වීම වගේ දේවල් වළක්වන්න කටයුතු කරන්න. ඒකට අග විනිසුරුගේ ඉඳල සියල්ලගේම සහාය උවමනා බව හැබැයි, නමුත් මහජනයාගේ පැත්තෙන් මේක දිහා බලන්න ඉන්නේ ඔබයි. ඔබේ නම ඉතිහාස ගතවෙනවා එවැන්නක් කලොත්.

:       1       5

Dr. Edward Perera Thursday, 31 August 2017 10:28 PM

දිවංගත ඔබේ සොහොයුරු ගාමිණි ඉතා යහපත් කෙනෙක්. ඔබ ගාමිණි නොවුනත් ඔබ පවුල සතු යහපත් ගුණාංග රාශියක් ඔබටත් ජානමය හා සාමාජීය වශයෙන් උරුමව ඇති බව අප විශ්වාස කරනවා. එසේනම් ඔබේ යුතුකම පක්ෂය වෙනුවෙන් ඉටුකරන්න නොවෙහෙසී රට හා රටේ නීතිය හා සාමය රැකෙන පරිදි අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. කියන්නේ එකක් කරන්නේ එකක් න්‍යායට ගොදුරු නොවී ඔබගේ ස්වාධීනත්වයත් දිවි හිමියෙන් රැකගන්න. එවිට ජනතා ආශීර්වාදය ඔබ ට නිතැතින්ම හිමිවනවා ඇත.

:       10       183

චාරුලතා Friday, 01 September 2017 01:51 AM

කරන්න කැමති උනත් කරගන්න බැරි දෙයක් කරන්නේ නැ කියන එක ඕන කෙනෙක් කියන දෙයක් ඕකට ආදී කාලේ ඉඳල එන ප්‍රස්තා පිරුලකුත් තියෙනවා. නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ. දැන් අපේ රටට තියෙන ලොකුම නීතිමය ප්‍රශ්නය තමයි මේක. මහා පරිමාන වංචා දුෂණ, සාමාන්‍ය නඩු කටයුතු ඉක්මනින් අවසන් නොකිරීම, නිතිය වේගවත්ව ක්‍රියාත්මක නොවීම, කිසිම දෙයකට පැහැදිලි නීතියක් නැති එක වගේ දේවල් හරි සුළු දේවල් ..

:       8       2

Chanak los angeles Friday, 01 September 2017 02:34 AM

අපි යහපාලන රජය පත් කරේ යුද්ධ අපරාධ කල සියලු දෙනාට දඩුවම් දීමටයි.

:       450       1

සෙනෙවි Friday, 01 September 2017 06:11 PM

ලොස්ඇන්ජලීස් ඉඳගෙන කොහොමද මෙහේ ආණ්ඩු පත් කළේ?

:       0       0

husen-riyad Friday, 01 September 2017 03:21 AM

එතකොට නාවික හමුදාපතිතුමා කිව්වේ, " හමුදා නිළ ඇඳුම වැරදි කරන්න අවසරයක් නෙමේ " කියලා. යුනිෆෝම් එකක් දැම්ම කියලා කාටවත් අසාධාරණ විදියට කරදර කරන්න හැකියාවක් නැහැ. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි. ඔය කතා නවත්තලා, රටට ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට සිද්ධ කරන්න. ඔය වගේ කතා අහල අහලා, ජනතාවගේ කන් පිරිලා තියෙන්නේ.

:       1       3

Shanaka Saturday, 02 September 2017 04:52 AM

චානක්, කොහොමද ලොස් ඇන්ජලීස් ඉඳන් යහපාලන ආණ්ඩුව පත්කළේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 84 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 279 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 84 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 650 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 302 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1399 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site