IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රතු සීනි ආනයන තහනම ඉවත් කරන්න

(යොහාන් භාසුර)

නීති විරෝධීව රතු සීනි  මෙරටට ආනයනය කිරීම නැවැත්වීමට නොහැකි නම් රතු සීනි ආනයන තහනම ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණ හොත් ජනතාවට තව දුරටත් වැඩි මිලට රතු සීනි මිලදී ගැනීමට සිදුවන බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (27) ‘ලංකාදීප’යට පැවසීය.

දේශීය සීනි කර්මාන්තය රැකගැනීමට යැයි පවසමින් 2021 වසරේ නොවැම්බර් මස ඉන්දියාවෙන් රතු සීනි ආනයනය අත්හිටුවූ බව කී පැරකුම් අබේසේකර මහතා එය එසේ වුවද නීති විරෝධීව රතු සීනි ටොන් ගණනනින් රට තුළට පැමිණීමෙන් ජනතාව පමණක් අපහසුතාවට පත්වන බව ද සඳහන් කළේය.

දේශීය වෙළෙඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 200 කට අඩු මිල පැවතිය ද රතු සීනි කිලෝවක් රුපියල් 400 කට ආසන්න මිලට අළෙවි කරන බවත් මෙරට වෙළෙඳපොලේ අළෙවි කරන සියලුම රතු සීනි තොග ශ්‍රී ලංකාවේ නිෂ්දානය කරන ඒවා නොවන බව ද කීය.

රතු සීනි නීති විරෝධීව ආනයනය කළ පසු රුපියල් කෝටි ගණනක දඩයක් පනවා සීනි තොගය නිදහස් කිරීමෙන් තව දුරටත් ජනතාව අපහසුතාවට පත්වීම වැලැක්විය නොහැකි බව කී අබේසේකර මහතා සඳහන් කළේ රතු සීනි ආනයනයට පනවා ඇති තහනම හැකි ඉක්මණින් ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවත්ය.

ඉන්දියාවේ රතු සහ සුදු සීනි ලෝකවක් එකම මිලක පැවැතීම නිසා නීති විරෝධීව රතු සීනි මෙරටට ගෙන්වන ව්‍යාපාරිකයන් රුපියල් මිලියන ගණනින් ලාභ ලබන බව කී ඒ මහතා රතු සීනි ආනයන තහනම ඉවත් කළේ නම් රජයට විශාල බදු ආදායම් ලැබීමේ අවස්ථාව ඇති බව ද කීය.

රේගුව මීට දින කීපයකට පෙර අත්අඩංගුවට ගත් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි විශාල තොගයක් රුපියල් කෝටි 20 ක පමණ දඩයක් පනවා නිදහස් කර ඇති බව ද දැනගන්නට තිබේ.

 



අදහස් (0)

රතු සීනි ආනයන තහනම ඉවත් කරන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1577 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 305 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 609 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3969 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 557 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2993 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 292 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1719 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site