‘‘ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි කරන්න අද අපිට හැකි වී තිබෙනවා. අද දිනය 2013 වසරේ අපේ තවත් ඉලක්කයක් ඉටු වු දිනයක්‘‘ යැයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය පැවසුවාය.
පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ආ අවස්ථාවේ අපි සැලසුම් කළා 2013 වසරේ කුමන විෂය දාරාවකින් හෝ දිවයිනෙන් ඉහළ ස්ථානයක් අපේ පාසැලෙන් බිහි කරනවා කියා. අද එය සාර්ථක වුනා.
සාමාන්‍යෙයන් අපේ ළමයි 400 ක් පමණ වසරකට විශ්ව විද්‍යාලයට යනවා.
අපේ ඉලක්කයට ලඟා වීමට සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කලා. ඒ අනුව මාර්තු මාසය වෙද්දී විෂය නිර්දේශය අවසන් කළා. එතැන් පටන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. හවස් වරුවේ පන්ති කළා.
මේ දියිණියන් තිදෙනාම හැමදාම පාසැල් ආවා. සියලු වාර විභාගවලට පෙනී සිටියා. හරියට වැඩ කළ නිසා මේ අය සැහැල්ලුවෙන් තමයි විභාගයට මුහුණ දුන්නේ.
අපේ දියණිවරු ලබා ගත් ජයග්‍රහණ ගැන හරිම සතුටුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියනිවරුනි අපේ සුබපැතුම් මෙහෙම සැලසුම් කරලා වැඩ කරන ගුරු මව් පියවරු රටටම වාසනාවක් (අ)
කොයි කවුරු මොනවා කිව්වත් යහපත් ජීවිත අරමුණු ඇති දරුවන්ට විශ්ව විද්‍යාලවල සිදුවන නවක වද, වර්ජන, පෙළපාලි ආදිය නුවණින් නොසලකා හැරිය හැක. ඔබටද ඒ ධෛර්ය ලැබේවා දියණියනි! (අ)
මෙම දරුවන්ගේ සහ විදුහල්පතිනියගේ මෙන්ම ගුරුභවතුන්ගේ උත්සාහය අනෙක් විදුහල්වලට ආදර්ශයක් වේවා.. (අ)
දරුවනි වාසනාවන්.ගුරු මව්පියවරුනි ඔබටත් වාසනවාවන් (අ)
මොනවා කියන්නද හරිම ආඩම්බරයි මේ ගුරු මෑනියන්ට නිදුක් නිරෝගේසුවය ලැබේවා (අ)
සූභ පතනවා....!! (අ)
විශිෂ්ටයි රත්නාවලි
ඔබ තුමිය බෙන්තොට ගාමිණී ජාතික පාසලට එන්නකෝ වසරකට ...පින් සිද්ද වෙනවා. නායකත්වය කියන්නේ ඔබතුමිය වගේ කෙනෙකුට.(අ)
ගුරුවරුන් දන ගස්සන මන්ත්‍රීවරුන් එන්න රටක ෙමම ගුරුවරුන් වාසනාවන් රටටම. හැමොටම යහපත් අනාගතයක් ට සුබපැතුම් ! (අ)
මේ තුන් දෙනා එකදු විෂයකටවත් පුද්ගලික උපකාරක පන්තිවල පිහිට නොපැතූ බව ඔප්පු කරන්න පුලුවන්නම් මේ ජයග්‍රහණය පාසලේ සැබැ ජයග්‍රහණයක්..නමුත් යථාර්තය මෙයට වඩා ගැඹුරුයි කටුකයි කියල පාසල් වල උසස්පෙළ අද්‍යාපනය ගැන දන්නෝනම් හොදින්ම දන්නවා..උසස් පෙළ පාසල් අධයාපනය අද නමට පමනයි.මේ ඔක්කොම රගපෑම් ...(අ)
කොහොමටත් දැන් අපේ රටේ කෙල්ලො තමයි වැඩ පෙන්වන්නෙ. විශ්ව විද්‍යාලවල 70% ක්ම ඉන්නෙ කෙල්ලො. ඉංජිනේරින් ෆැකල්ටි එකේ හැර අනික් ඔක්කොම ෆැකල්ටිවල අතිමහත් බහුතරය (70% ට වඩා) කෙල්ලො. (අ)
බන්දුල පෙරේරා ඔබ හරියටම හරි.(නදී)
අමතර පන්ති ගියත් ඕනේ නම් දවසකට පැය දෙකයි. මේ දරුවන්ගේ සහ ගුරු වරුන්ගේ නොපසුබට උත්සාහයෙන් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. සැමටම සුභ පැතුම්! (නදී)
මේ ගුරු මෑනිවරුන්ගේ හිත් වලට මොන තරම් සතුටක් දැනෙනවා ඇතිද? ඔබ සැමටම තෙරුවන් සරණයි.(නදී)
ගුරුවරුන් කවදත් දෙවිවරුන් වගේ.. අපගේ නැණස පාදපු ඒ දෙවි වරුන්ට උපහාරයක්ම වේවා.. (අ)
මේ රටේ ගුරුවරියංග දරුවන්ට තියනපහසුකම් අනික් දරුවන්ට නැහැ (අ)