මෙම වසරේ පාසල් බැඩ්මින්ටන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ සමත් වූහ. විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය , ක්‍රීඩා බාර ආචාරිනී දීපානි ගුණරත්න මහත්මිය සහ ක්‍රීඩා පුහුණුකරු ඒ ජයග්‍රහණයන්ගේ නියමුවෝය. ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ඊ කොටසේ බාලිකා අනුශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලයයේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය. කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සමස්ත ලංකා පාසල් 15න් පහළ යුගල බැඩ්මින්ටන් තරඟාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට හිමි විය. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ද දිනාගත්තේ රත්නාවලි බාලිකා විද්‍යාල ශිෂ්‍යාවෝය. නුවර එළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ සී කොටසේ බාලිකා ශූරතාවය රත්නාවලි බාලිකා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනු ලැබීය.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්නාවලී බාලිකාවෝ බැඩ්මින්ටන් ජය දද බඳිති
පාලිත Thursday, 01 November 2012 07:56 PM
සුබ පැතුම් . ගම්පහට ගෞරවයක් (ස)
සමන් Friday, 02 November 2012 10:38 AM
දුප්පත් පාසලකින් පැමිණ ලබා ගත් දිනුමට අපේ තුති (ස)
ධනුක Thursday, 01 November 2012 07:59 PM
ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩාව බැඩ්මින්ටන්...ලංකාවෙත් මෙම ක්‍රීඩාව ජනප්‍රිය කරමු (ස)
චතූ Thursday, 01 November 2012 03:54 PM
පාසලටත් රටටත් විශාල වටිනාකමක් ඇති දරු පිරිසක් - හැබැයි පැටවුනේ ඉගෙන ගන්න එකත් ඉහලින්ම කරගන්න ඕනෙ හොඳේ.........(ස)
පෙඩ්‍රික් Thursday, 01 November 2012 04:08 PM
මගේ උණුසුම් සුබ පැතුම් ..(ස)
අනූෂා Friday, 02 November 2012 12:34 PM
රත්නාවලී බාලිකාව සුපිරි පාසලක් , O/L ප්‍රතිඵල අතිනුත් විශිෂ්ටයි ලංකාවේ (ස)
සුලක්ඛනා Thursday, 01 November 2012 05:14 PM
හොදයි හොදයි. ඔහොම යමු. (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 01 November 2012 06:29 PM
ගමටත්, පාසැලටත්, රටටත්, කීර්තියක් ගෙන දෙන මෙවැනි දක්ෂ දරුවන් ඇගයිය යූතුමයි. නමූත් නොවන්නෙත් ඒකමයි. මේවැනි දරුවන්ගේ අඩූ පාඩූ, කුසලතාවයන් හොදින් හදුනාගෙන තව තවත් ඉදිරියටම යෑමට අත දියයූතුයි. සියලුම දරුවන්ට ජයෙන් ජය නියතයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)