හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැයිස්තුවල නොතිබිණි.
සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ද ඔවුන්ගේ නම් නැත.
හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැයිස්තුවල නොතිබිණි.
සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ද ඔවුන්ගේ නම් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම යන උදවියට නිදහසේ ඉන්න ඕනේ කාලේ. (අ)
දී.මු ගැන මෙතන තියෙන අදහස් දැක්කහම දුක හිතුණා. ප්‍රභාකරන් කියපු එක හරි. අපේ මිනිසුන්ට මතක සති දෙකයි. (නි)
මේ තීරණය ගැන මට නම් සතුටුයි (නි)
දැන්වත් මේ රටේ තරුණයින්ට තැන දීල පැත්තකට වුණා නම් හොඳයි නේද?රෝද පුටුවෙන් යනකම් දේශපාලනය කරන්නද කල්පනාව.රාජ්‍ය සේවයේ අවු: 60 න් විශ්‍රාම දෙනවනම්, මෙයාලත් 60 න් පසු ගෙදර යැවිය යුතුයි.(ම)
විශ්‍රාම යන උදවියට නිදහසේ ඉන්න ඕනේ දැන් කාලේ එලඹිලා (ම)
ඔබ දේපල තනතුර භුක්ති වින්දා ඇති. දැන් ඔය දෙන්නට තියෙන්නේ පිනක් දහමක් කරගෙන, නිවනට යන මග ගැන හිතල පින් අතේ වැඩ සහ ආගමික කටයුතුවල යෙදිලා ගෙදරට වෙලා ඉන්න. (ම)
පින ගෙවී ඇත (ම)
දැන් කන්ටේනර් එකක් ගෙන්න ගන්න ලියුමක් ගන්න මිනිහෙක් නැති වෙනවා. අයියෝ....!!!! (බ)
නන්දලාල්-ප්‍රංශය, ප්‍රංශයේ ඉදන් මෙහෙ වෙන දේවල් දන්නේ නැහැනේ. දී. මු. ව කපපු එකම තමයි හොඳ. (ස)
පින ගෙවී ඇත (ම)
හැම පැත්තෙන්ම අලුත් මුහුණු පත් කර ගනිමු, (ම)
බය වෙන්න එපා ජගත් ඔයාට ලියුම් ගන්න කට්ටිය ඕන තරම් අය ඇතුලේ ඉන්නවා. (ර)
අනේ මේ නිමාෂා, මගෙන් මොකුත් අහගන්න එපා. (නි)
මේ දෙන්නා ජාතික ලැයිස්තුවෙන් ආවොත් මොකද වෙන්නේ ? (නදී)
කියූවත් නැතත් ලංකාවේ අය හිතන්නේ දේශ පාලකයෝ කියන්නේ දෙවි වරු වගේ අදහන්න ඕනැ කට්ටියක් කියලා. මේ අයට තේරෙන්නේ නෑ අපේ ඡන්දයෙන් මේ අය රජ සැප ගන්න බව. දැන්වත් ඡන්දයක් අත ලඟට ඇවිත් තියන මොහොතේ රටට සේවයක් කරන්න පුළුවන් තරුණ දක්ෂ අය පාර්ලිමේන්තුවට යවන්න උත්සහ කලොත් නරකද. අනේ මේක මේ විදියටම පත්තරේට දාන්න මිනිස්සුන්ගේ මොලේ පෑදෙන්න ? (නදී)
රයිගමයයි ගම්පලයයි නැතුව පාර්ලිමේන්තුව පාළු වේවි . දෙන්නම අගමැති තනතුර දැරුවනේ (ම)
හොද මිනිස්සුන්ට ලැයිස්තුවේ තැනක් නැහැ. (ර)
පව් වැඩේ කියල වැඩක් නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම කවදා හෝ නැති වෙනවා කියල බුදු වදනින්ම දේසනා කරලා තියෙනවා නේ. අගමැති කම විතරක් නෙමෙයී මහා රජකමත් බ්ලාස් වෙලා ගියා නේ (නදී)
රාධා මම පාසලේදී ඉතිහාසය ඉගෙන ගත්තේ නැහැ. පාසලෙන් අස් වෙලා වෙනම ඒ විෂය ඉගෙන ගත්තේ , පාසලේදී ඉගෙන ගත් ඉතිහාසය වර්තමාන දේශපාලනයට අදාළ නැහැ (නදී)
දැන් මේ අය වයසයි.(හේ)
අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ඔබ අවංක, බුද්ධිමත්, නොබියව, එඩිතරව කටයුතු කළ යුග පුරුෂයෙක්! සිටිය යුතුම දේශපාලකයන් කෙනෙක්! මම ඔබ තීරණයට හිස නමනවා! (ම)
සමීර, ඔයා නිමාෂට නිදහසේ ලියන්න හැරලා. ඔබගේ ස්වාධීන අදහස එවන්න අපටත් බලන්න. එයයි මෙතනට අවශ්‍ය. (ර)
අපරාදේ! ඉන්නම ඕනෑ අය නැහැනේ බලනකොට (නි)
ඒ මහතුන්ට විශ්‍රාම යන්න ඉඩදෙන්න (නි)
මේ හිටපු අගමැතිවරු දෙදෙනාට අපේ උපහාරය!මේ දෙපළ තමන්ට පුළුවන් විදියට සිය රටට, ශ්‍රී ලංකාවට සේවය කරලා, නම්බුකාර විදියට විශ්‍රාම ගියා. (නි)
සිටිය යුතුම දෙන්නෙක්නේ! (නි)
පොඩ්ඩක් හොයලා බලමු මේ ගැන (නි)
මේ දෙන්න හිටියත් වැඩක් නැති අය (නදී)
ඔවුන් එහෙම තීරණයක් ගත්තා නම් මම ඔවුන්ගේ තීරණයට හිස නමනවා (නි)
ඔය ඇති අවුරුදු ගානක් දේශපාලනය කළා (නදී)
ඔවුන් තීරණයක් ගන්න ඇති (නි)
අළුත් අයට තැනක් දීමයි වියයුත්තේ (නි)
මේ දෙන්නාගේ වයසේ හැටියට විවේක සුවයෙන් ඉන්න ඕනෑ දැන්. රත්නසිරි වික්‍රමනායක අවංක හොඳ මනුස්සයෙක්. (නි)
හොඳ ආරංචියක් (නි)
බලන්න බලන්න, පොඩ්ඩක් තව හොයලා බලන්න (නි)
ඒ මහත්වරු දේශපාලනයෙන් ඉවත් වෙන්න තීරණය කරලද? අපි මේ නොදන්නා නිසයි අහන්නේ (නි)
ඇයි දන්නෙ නැහැ එහෙම වුණේ? (නි)
මෙවර ලැයිස්තු බලපුවාම ඡන්දයෙන් පසු දියවන්නාවේ රාත්‍රී කෑම නවතීද දන්නේ නැහැ. දහවලත් කෑම 12 ට පෙර වගේ. (නදී)
ආනන්ද දොඩන්ගොඩ, ඔබ පාසලේදී ඉතිහාසය ඉගෙනගත්තාද? (නි)
මට ගොඩක් දුක හිතුණා. රත්නසිරි මහත්තයා නැති එක ගැන ගොඩක්ම දුකයි (නි)
ඒක ගැන අපි ඒතරම් කරදර වියයුතු නැහැ. ඔවුන්ගේ කාර්යබහුලත්වය සළකා ඔවුනට නාමයෝජනා නොදෙන්න ඇති. (නි)
ඇත්ත. ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා ගත් තීරණයක් වෙන්න පුලුවන් (නි)
නියම දේශපාලකයන්ගේ හැටි එහෙමයි. සල්ලි වලට,බලයට තණ්හා ඇති අය පැරදිලත් පහත් තත්වයකට අද වැටිලා. ලැජ්ජයි.ඒ වගේම රට ගැන දුකයි (නි)
සිටිය යුතුම අය නැතිවෙද්දී දුකයි (නි)
රත්නසිරි වික්‍රමනායක අවංක හොඳ මනුස්සයෙක්. අපගේත් උපහාරය! දී මු ජයරත්නත් එක්තරා යුග පුරුෂයෙක්. 1977 යු එන් පී භීෂණයේදී නොබියව එඩිතරව කටයුතු කළ අපේ කාලයේ වීරයෙක්. එහෙත් අවසානයේදි අපේ මිනිසුන් එයා වැරදිකාරයෙක් විදිහටයි හංවඩු ගැහුවේ. මිනිසෙකුගේ අහිංසකත්වය කපටි අවස්ථාවාදී ව්‍යාපාරිකයන් දඩයම් කරනවා. එහි අවසානය කෙතරම් සංකාකූලද? දෙදෙනාටම නිරෝගී අනාගතයක් අපි පතමු! (නි)