ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙසත් කලින් සිදුවූ කනගාටුදායක තත්ත්වය යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත්, සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා අද ප්‍රකාශ කෙළේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසූයේ එම කම්හලට එරෙහිව ගැමියන් වෙනුවෙන් ඉදිරිපත් කැරුණු පැමිණිලි පොලිසියෙන්ඉදිරිපත් කළ අවස්ථාවේය. පොලිසිය උසාවියට දැන්වූයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාව අනුව කම්හල ගැන පරීක්ෂණ වර්තා පාර්ශව හතකින් ලබා ගන්නා ලෙස නියම කළත් ඉදිරිපත් වූයේ ආයතන කිහිපයක් බවයි. එහෙයින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු හෙයින් තවත් දින කිහිපයක් කම්හල වසා තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. දැනටම හරසියයක් පමණ දෙනා රතු පස්වල ක්‍රීඩාංගනයට රැස්ව සිටින බව පොලිසිය සඳහන් කළේය. කම්හල වෙනුවෙන් පෙනී සිටි ජීවන්ත ජයතිලක මහතා පැවැසූයේ කම්හල නිසා ජලය අපවිත්‍ර වන කතාව වැරදි බවයි. එවැන්නක් සිදු වී නැති බවත් ඔහු කීවේය.
කම්හල වසා දමන ලෙස කිසිවකු නොදැන්වූ බව කී ඔහු දැනට කම්හල වසා ඇති බවත් එයින් සෑහෙන පාඩුවක් වී ඇති බවත් දින තුනකින් කම්හල විවෘත කිරීමට ක්‍රියාකරන බවත් නීතිඥවරයා දැන්වීය.
ගැමියන් වෙනුවෙන් පෙනී සිටි පාලිත සේනාරත්න මහතා කරුණ දක්වමින් ප්‍රශ්නය බේරුමක් වන තුරු කම්හල විවෘත නොකරන්නැයි කීවේය. වැඩිදුර විභාය සැප්තැම්බර් 26 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්මල ඇරියට ඇසිඩ් වතුර එවන්න එපා (නි)
කම්හල ආරම්භ කරන්න කලින් පරිසරයට වෙන අවදානම ගැන සොයා බැලුවා නේද? (නි)
අන්තිමට වෙන්නේ ඕක තමයි.මේක සිරි ලංකාවනේ. (නි)
මේවට අදහස් නැහැ අපිට. දැන්නම් මට මේ රට ඇතිවෙලා තියෙන්නේ (නි)
මෙම කම්හල් වලින් ඉවත දමන ඔයකියන විස ද්‍රව්‍ය සහිත අත් වැසුම් රටපුරා ටොන් ගණනින් විකුනනවා. ඒවා ගම්මානවල තිබෙන තෝරන මඩුවලට ගෙනත් ගන්න පුළුවන්. ඒවා එම විස ද්‍රව්‍ය සමග නැවත විකුණනවා. ඒක රටපුරා බෙදී යනවා. ඉතිරිවන රබර් ගොඩවල් ගමේ ජල මාර්ග වලට, පාලු පිට්ටනි වලට , ගිහින් දානවා. මුළු පරිසරයම වනසනවා. මේ ගැනත් හිතන්න. ජනතාවට නැති ලෙඩ හැදෙන්නේ මේවායින්. ඉදිරියේදී රජයට මේක තවත් බරක් වේවි. (නි)
හරියට අදාල ප්‍රශ්නය මොකක්ද කියලා හදුනාගෙන ඒකට විසදුම් හොයන්නෙ නැති එක හැමදාම වගේ අපේ අයට වෙන දෙයක්. මේකෙත් වෙලා තියෙන්නෙ ඒක.. වතුර බොන්න බැරි තත්වයට හේතුව ෆැක්ටරිය කියලා ඔප්පු කරගන්නේ නැතුව ඒක වහගෙන වැඩක් නැහැ.අනික ඔය අවට තව ෆැක්ටරි කීයක් තියෙනවද? ඒවාලින් මෙහෙම වෙන්න බැරිද? අනික ඔය ජනතාව දැන් එකතු වෙලා ඉන්නෙ හරියට ෆැක්ටරිය මිනිස්සු මරා ගත්තා කියන ආවේගයත් එක්ක.. ප්‍රශ්න විසදන්න ඕනෑ බුද්ධියෙන් මිසක් අපි හුග දෙනෙක් කරනවා වගේ අවේගයෙන් නෙමෙයි.එහෙම ආවේගශීලී වුනහම ඇත්ත පේන්න නැහැ.ඕක වහගෙන හිටියා කියලා පයිප්ප දානකම් හොඳ වතුර හම්බ වෙන්නෙත් නැහැ. ඕකේ වැඩ කරපු මිනිස්සුන්ට එදා වේල හොයා ගන්නත් නැහැ.අන්තිමට වතුරත් නැහැ, කන්නත් නැහැ. (නි)
කම්හලින් එන වතුර පිරිසිදු බවට වාර්තා ලැබිලා තියෙනවා නම් , කම්හල අරින එකේ වරදක් නැහැ නේද (නි)
මේක උසාවියෙන් විසදෙනවානම් හොදයි. ජනතාව, දේශපාලකයන් පණ්ඩිත වෙන්නේ නැතිව, උසාවියට සහයෝගය දෙන්න ඕන. (අ)
පොඩ්ඩක් කල්පනා කරන්න රජරට වකුගඩු රෝගියෝ ගැන. කලින් කිව්වේ ආසනික් කැඩ්මියම් සම්බන්ධයක් නැහැ කියලා. දැන් කියන්නේ කැඩ්මියම් හා ආසනික් තියෙනවාය කියලා. ඒ වුනත් ඒවාට තහනමක් නැහැ.ඒ කට විරුද්ධව දේශප්‍රේමියෝ පෙළපාලි ගියේ නැහැ. ඒකත් මේ රතු පස්වල ඇසිඩ් වාගේ. පැක්ටරි තියෙන්න ඕනෑ නියම කාර්මික පුරයක. අන්තිමේදී අපි බොන්නේ වහ වතුර,බොන්නේ වහ කිරි, කන්නෙත් වහ ,ඊළගට හුස්ම ගන්නෙත් විස වෙච්ච වාතය. මුළු මිනිස් පරම්පරාවම විනාශ වෙනවා. (නි)
රටම ඉවරයි කියන්න තියෙන්නේ එච්චරි. (අ)
මේ කම්හල ඔතනින් වෙන දිහාවකට අරන් යන්න බැරිද? කොච්චර ඉඩම් තියනවද කැළෑවට ගිහිල්ලා? (නි)
රට ඉවර වෙනවනම් වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි තිලක් ඩුබය්..ඊලගට පුංචි ටිකිරි.(අ)
නිතර නිතර නීරස බොල් අදහස් ලියන පුද්ගලයෙක් ඉන්නවා. ඔහුව මානසික රෝගයෙන් පෙලෙන බව නම් සහතිකෛ. හිස්කුඩුච්චියක් දාගත්තොත් නරකද.?(අ)
ජීවන්ත ජයතිලකේ මහතනනී මොන දෙයක් කරන්න ප්‍රථම දානය ගැන පමණක් හිතන්න එපා එයට වැඩ වටින මිනිස් ජීවිත ගැනත් හිතන්න තමන්ගේ කම්හල නිසියාකාර ප්‍රමිතියක් අනුව සකසන්න. එම නිෂ්පාදනාගාරය නිසා එම අවට පරිසරයට හානියක් වෙනවනම් මොන දානයක් ලැබුනත් එය එම පළාතේ පිහිටුවන්න එපා (අ)
බන්දුල පෙරේරා නිසා පත්තර පිටුවත් ගඳ ගහනවා (නි)