IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රතුපස්වල කම්හල බියගමට ගෙනාවොත් උපවාසයක්

ගම්පහ රතුපස්වල  වෙනිග්‍රොස්  කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කලාපයේ  පිහිටුවහොත්  එය ඉදිරිපිට   මාරාන්තික උපවාසයක්  ආරම්භකරන බව  බියගම  ප්‍රාදේශිය සභාවේ  විපක්ෂ නායක මංජුල ප්‍රසන්න සම්පත් (එජාප) මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

රතුපස්වල කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කළාපයේ  යළි පිහිටුවන බව  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  මහනුවර පල්ලෙකැලේ  ආයෝජන කලාපයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.



අදහස් (0)

රතුපස්වල කම්හල බියගමට ගෙනාවොත් උපවාසයක්

chaminda Friday, 13 September 2013 03:30 AM

ඇමති ගත්ත කුට්ටියට කොහේ හරි තැනක් දෙන්න එපාය.(අ)

:       0       0

චමින්ද Friday, 13 September 2013 03:35 AM

ඔව් ඔව් හම්බන්තොටට ගෙනියමු. (අ)

:       0       0

මිගිද Friday, 13 September 2013 01:02 PM

දැන් මේක හොදාලු, වස නැහැලු.ඒ වගේම ඔය කර්මාන්ත ශාලව අපද්‍රව්‍ය වලින් හානියක් නැහැ. මේ ගොල්ලෝ කාවද රට්ටන්න හදන්නේ. රතුපස්වල පිහිටි පොලවේ තියෙන්නේ කබුක් ගල්. ඒවා වලින් තවත් පස ආමලිකරණය වෙනවා. කර්මාන්ත ශාලාවල් තියෙන්න ඕනේ ගම් වල නොවේ. නිසි ප්‍රමිතියක් ඇති කර්මාන්ත පුරයක., දැන්වත් තේරෙනවද ලගදී වී අස්වනු ගත්තා කොලඹ ගමකින්.ඒවාට රසායනික පොහොරේ දාල නැහැ. හේතුව තමයි රජරට සහල් වල ආසනික් තියෙන හින්දා. කොටස් වෙළදපොලට වඩා අගයන්නේ මිනිසාගේ නිරෝගී භාවය නොවේද?.(නදී)

:       0       0

ඉමන්කා Thursday, 12 September 2013 06:45 PM

මේක හදන්න හොද කොහෙද? (දී)

:       0       0

සරත් Friday, 13 September 2013 04:42 AM

ගම්පහ දිස්ත්රික්කයේ (අ)

:       0       0

අමිල කටුනායක Friday, 13 September 2013 06:10 AM

ඔන්න ඕකත් කටුනායකටම ගේන්න (නි)

:       0       0

රීමා Thursday, 12 September 2013 07:05 PM

එහෙනම් තියෙන පන්සල් ටිකත් අයින් කරන්න කියල උපවාස කරන්නකෝ. එකත් මේ වගේම එකක් නේ

:       0       0

පිටිගල Thursday, 12 September 2013 07:15 PM

ඕක නම් දේශපාලන අමුඩයක්. එතකොට ඇන්සල් ලංකා එකෙත් හදන්නේ අත් වැසුම් නේද? තව කොච්චර කෙමිකල් පැක්ටරි බියගම තියෙනවාද? උපවාස කලාට කමක් නැහැ. ඕක රතුපස්වලින් බියගමට ගෙනියන්න.(නදී)

:       0       0

කුමාර Thursday, 12 September 2013 07:19 PM

මේ කම්හල බන්දුල පෙරේරගෙ ගේ ලඟට ගෙනියන්න (දී)

:       0       0

පුෂ්පා Thursday, 12 September 2013 07:25 PM

අපේ රට කවදාවත් දියුනු වෙන්නේ නැහැ බන්දුල ම,මමත් ඔබ සමග එකඟයි (දී)

:       0       0

රවින්ද්‍ර Friday, 13 September 2013 01:51 PM

ඉතින් මේක ගෙනියන්නකෝ හම්බන්තොටට... (නි)

:       0       0

රුවන් Friday, 13 September 2013 08:35 AM

ඔවූ තව අවුරුදු 5 කින් විතර බියගම මිනිස්සු ටිකක් මැරුනම බියගම අය තෙරුන් ගනීවි (අ)

:       0       0

චන්දි Friday, 13 September 2013 08:40 AM

අනේ මන්ද මොනවා කියන්නද කියල ''ඒත්''මේක කියන්නම ඕනි !!! දැන්නම් ගොඩක් අයට තේරිලා වගේ රතු පස්වල වැඩේ යටිකුට්ටු වැඩක් කියල අපිනම් දැන ගත්තා මුල ඉදලාම (ඔන්න ඕක ගෙනියන්න තැනක් ඇත්තෙම නැත්නම් දකුණට දෙන්න )අපේ කෙල්ලෝ.., කොල්ලෝ ගොඩක් ඉන්නවා ජොබ්ස් නැතුව (අ)

:       0       0

රනා Friday, 13 September 2013 08:41 AM

මමත් කියන්නේ ඔය කම්හල අපේ ගමට ගෙනෙන්න. අයාලේ බුරන්නේ නැතිව ටිකක් හොයල බලන්න. නිතරම කියනවා වගේ. ඔය කම්හල වසාදැම්මට ඇසිඩ් ගතිය නැති වෙන්නේ නැහැ.(අ)

:       0       0

ටිකිරි Thursday, 12 September 2013 08:00 PM

රතුපස්වල කම්හල නැති කරන්න කියල මිනිස්සු පාරට බස්සපු අයට ඊළඟට පුළුවනි රස්සා නැති වුන අයට රස්සා දියවූ කියලා මිනිස්සු පාරට පාරට බස්සන්න . ලංකාව නැත්තටම නැතිවෙනකල් ඔය ප්‍රශ්නය අල්ලාගෙන ඉන්න පුළුවනි . ප්‍රසන්න මල්ලි , චන්දෙන් දිනන්න බැරිනිසා හෙන්චයියල ටිකක් සෙට් කරගෙන ඔය වගේ වැඩක් වත් කරලා රටට මමත් මොනවා හවරි කෙරුවා කියල ලකුණු ටිකක් දාගන්න අනාගතේට කියන්න දෙයක් තියෙනවා . (දී)

:       0       0

පලන්සුරිය Thursday, 12 September 2013 08:02 PM

මේක යවන්නේ අපි කොහාටද (දී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 September 2013 09:12 AM

පිටිගල, නොදන්නා දේවල් ගැන කියනකොට හරියට දැනගෙන කියන්න. ඇන්සල් එකේ රබර් නිෂ්පාදනය කලාට කර්මාන්ත ශාලාවේ අපිරිසිදු ජලය පිටතට දමන්නේ නැහැ. ඒවා පිරිසිදු කරන්න වෙනම යන්ත්‍රාගාරයක් තියෙනවා. ජලය පිරිසිදු කරලයි පිටතට යවන්නේ. එපමණක් නොවෙයි, මෙම කම්හලෙන් ඉවත දමන අත්වැසුම් පිට කරන්නෙත් නැහැ. ඒවා යන්ත්‍රානුසාරයෙන් කුඩා කැබලිවලට කපල ප්‍රතිචක්‍රී කරණයට විදේශයන්ට යවනවා. රතුපස්වල කම්හලේ ඉවත දමන රබර් අත්වැසුම් (විෂ කෙමිකල් සහිත ) ටොන් ගණනින් පිටස්තර වෙළෙන්දන්ට විකුනනවා. එමගින් ඔය විෂ රට පුරාම බෙදනවා .ඔය වගේ වැරදි ක්‍රියා කරන කම්හල් බියගමට නොවෙයි ලංකාවේ කොහෙට ගෙනිච්චත් වැරදියි. අප ජලය පිරිසිදු නොකර එලියට යවපු වරද නිවැරදි කරගත්තා නම් වෙන කොහෙවත් යන්න උවමනා නැහැනේ. ඇයි ඒ වරද හදාගන්න එක මේගොල්ලන්ට ලැජ්ජද? සම්පත් කියන්නේ බියගම ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ගත්තු කෙනෙක්.(නදී)

:       0       0

ගාමිණී Friday, 13 September 2013 09:12 AM

අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා. මේ කම්හල නිසා අවට තියන වෙල් යායම වගා කරන්න බැහැ. පළාතේම ලිංවල වතුර පාවිච්චි කරන්න බැහැ .ඔබලටම වැටහෙයි ටික කලක් යනකොට.(නදී)

:       0       0

කුසුම් Friday, 13 September 2013 02:36 PM

පරිසරයට හානි සිදුවෙනවා කියආ හිතලා කර්මාන්ත ශාලා වහනවා නම්, ලෝකෙම තියන හැම කර්මාන්ත ශාලාවක්ම වහන්න වේවි. නමුත් රතුපස්වල කර්මාන්ත ශාලාවෙන් බැහැර වෙන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදා හැරීමක් සිදුවෙනවා නම්, ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමත් එතරම් අපහසු කාර්යයක් නොවේ. (නි)

:       0       0

හසිනි Thursday, 12 September 2013 08:26 PM

මේ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට රස්සා දෙන්නේ කවුද (දී)

:       0       0

වරුණ Thursday, 12 September 2013 03:51 PM

එහෙනම් ඉතින් ඔය ෆැක්ටරිය අහසේ තමා හදන්න වෙන්නේ (නි)

:       0       0

බණ්ඩා Friday, 13 September 2013 09:18 AM

ගම්පහ දේශප්‍රේමී කස්ටිය නම් ලක්ෂ 6-7ක් ඡන්දය දීලා හොඳ හොදි නැතිවම පරිප්පු කෑවා.තව කාටද පරිප්පු කන්න ඕනේ? (ස)

:       0       0

තිලක් - ඩුබායි Friday, 13 September 2013 09:23 AM

සත්‍යා, ඕක මැලේෂියාවෙන් අයින් කරපු කර්මාන්ත ශාලාවක්. පරිසරය විනාශ කරනවා. සල්ලි මොකටද පරිසරය විනාශ වෙනවා නම්.සත්‍ය මැලේසියාව අරෝවන(ලකී ෆිෂ්) කියන සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයෙන් විශාල ආදායමක් ලබනවා.ගෝල්ඩ්,රෙඩ් චිල්ලි අරෝවන් එකෙක් ඩොලර් 7000 වටිනවා.අරෝවන් බූවෙන්නේ ගඟ ඇලදොළ පිරිසිදු ජලය නිසා.එයාලා කැමති නැහැ පරිසරය අපිරිසිදු කරගෙන අරෝවන් ව්‍යාපාරය විනාශ වෙනවා දකින්න. (ස)

:       0       0

සුනෙත් Thursday, 12 September 2013 08:41 PM

විපක්ෂයට ඕනේ මේ ප්‍රස්නේ විසදෙනවා දකින්න නෙමේ..ඕක තමා මේ රටේ කරුමේ.(නදී)

:       0       0

සේනාදීර Thursday, 12 September 2013 08:43 PM

ඔබතුමාලගේ කලෙත් මේ කර්මාන්තශාලාව තිබුන නේ ද (දී)

:       0       0

සත්‍යපාල Thursday, 12 September 2013 08:45 PM

බන්දුල පෙරේරාට පුදුම කැක්කුමක් මේ කම්හල ගැන මුල ඉදලම තිබෙන්නේ, වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව අයිති කැසිනෝ ව්‍යාපාරිකයාමද "බන්දුල පෙරේරා" කියන්නේ කියල මට හරිම සැකයක් දැන්නම් තියෙන්නේ. (දී)

:       0       0

ජීවන්ත Thursday, 12 September 2013 08:49 PM

රතු පස්වල තමයි අපේ ජාතික ප්‍රශ්නය (දී)

:       0       0

තිලක් Thursday, 12 September 2013 08:51 PM

ලංකාවේ රබර් වවනවා ඒවා අමු ද්‍රව්‍යයක් ලෙස පිට රට පටවනවා. ඊට පස්සේ අපි ගිනි ගණන් දීල ටයර් ගෙන්නනවා. ඔය රබර් අත්වැසුම් කම්හලත් වහල එක මැලේසියාවට ගෙනියන්න කියමු. අපිට අත්වැසුම් පිටරටින් ගෙන්නමු. වෙන රටවල විරුද්ධ පක්ෂය ඉන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා ජනතාවට සේවය කරන්න. මෙහෙ ඉන්නේ තියෙන ඒවත් කඩාකප්පල් කරලා ආණ්ඩුව වට්ටලා බලය උදුරාගන්න. ඔන්න අපේ ප්‍රජාතන්ත්‍ර වාදය. (දී)

:       0       0

සක්විති Thursday, 12 September 2013 04:03 PM

හඩු බල්ලන් බිරුවට කදු පාත් නොවෙති (දී)

:       0       0

සමන්ත Thursday, 12 September 2013 08:59 PM

එල්ලෙන්න වැල් නැති යු එන් පි වැඩ වල ගණන් ගන්න දෙයක් නෑ.! (අ)

:       0       0

මිනිපෙ Thursday, 12 September 2013 09:04 PM

කාට මේ කම්හල අයති උනත්,මෙය මිනිසුන්ට රැකියාවන් සපයන ක්‍රමයක්.නිත්‍යානුකුලව, මේ නිෂ්පාදන ක්‍රියා වලියේ වරදක් නැත්නම්,මෙය නවතන්න එපා.විරුද්දනම් නීතියේ පිහිට පතන්න. මට එක ඉල්ලීමක් කරන්න ඕන,ජන මාධ්‍යයෙන් උපවාසය ආරම්භ කලොත්, ප්‍රසිධියක් දෙන්න එපා.අනික මේ තාක් කල් උපවාස වලින් කිසිවක් මිය ගොස් නැත. (දී)

:       0       0

සමීර Friday, 13 September 2013 10:05 AM

අදහස් දාන අය ගැන මට දුකේ බැරුවා. අර මැරුණු කොල්ලෝ ගැන කවුරුවත් කතා කරන නෑ. (ස)

:       0       0

රහල් Thursday, 12 September 2013 09:24 PM

මේක කොහෙටද ගෙනියන්නේ එතකොට?(දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 12 September 2013 04:18 PM

oඕක ඔතන පිහිටුවන්නේ නැතුව කොතනද පිහිටුවන්නේ ආයුබෝවන්

:       0       0

පිටිගල Thursday, 12 September 2013 09:33 PM

උපවාස වලට නව අර්ථකතනයක් දුන්න නේද කව්ද ඇමති කෙනෙක්. ඒ නිසා කව්රු උපවාස කලත් බය වෙන්න දේකුත් නැහැ.දැන් කාට හරි ටිකක් සද්දෙට වාතයක් පිට උනත් එකට විරුද්ධව උපවාස කරන්න අය ඉන්නවා. ඒ නිසා ඔය උපවාස ඒ තරම් ගණන් ගත යුතු නැහැ. (අ)

:       0       0

සෙනරත් Thursday, 12 September 2013 09:41 PM

උසාවි තීන්දුව අනුව කම්හලින් විස ද්‍රව්‍ය පොළොවට එකතු නොවන්නේයයි තීරණය වන්නේ නම්, කරුණාකර කම්හල කන්ද උඩරටට එවන ලෙස අපි ඉල්ලා සිටිමු. අපට තරමක් හෝ රැකියා ප්‍රශ්නය විසඳගන්න පුළුවනි. (දී)

:       0       0

අජිත්කරුණාරත්න Saturday, 14 September 2013 10:00 AM

පිටිගල මහතාණෙනි, මම බියගම කලාපය ආසන්නයේ පදිංචිකරුවෙක්. ඔබගේ නිහතමානිකම අගය කරමි. බියගම කර්මාන්ත පුරය එදා වගේ නොවෙයි, අද. කර්මන්තශාලවල්ට ඕන විධියට 50% ක විතර වැඩ කෙරෙනවා. අපි භය එකයි. මගේ අදහස්වලින් ඔබගේ හිත රිදුනානම් මට සමාවන්න.(දී)

:       0       0

දයා අළහකෝන් Thursday, 12 September 2013 04:35 PM

තැනක් නැතිම නම් දියුණුවේගෙන යන දකුණු ලකටවත් ගෙනියමු (නි)

:       0       0

රධ. Thursday, 12 September 2013 04:37 PM

හම්බන්තොට වරායක්,මෙන්ම මත්තල ගුවන්තොටුපලත් තියෙන නිසා මේක වඩාත්ම හොඳ හම්බන්තොටටම නේද? (නි)

:       0       0

මලින්ද Thursday, 12 September 2013 04:41 PM

කම්හල රතුපස්වලම තියලා පදිංචිකාරයෝ වෙන කොහේහරි යවමු (නි)

:       0       0

ආරි Friday, 13 September 2013 03:41 PM

සත්‍යපාල, එතකොට ඔය වගේ කර්මාන්ත ලෝකයේ වෙන කොහෙවත් නැද්ද. (නි)

:       0       0

දිල්ශානි Thursday, 12 September 2013 04:48 PM

ඕක හම්බන්තොටට ගෙනියමු. (නි)

:       0       0

ගාමිණී අප්‍රිකා Friday, 13 September 2013 11:02 AM

ඔය ටික ටික එලියට එන්න රතුපස්වල පිටිපස්සේ හිටපු කට්ටියගෙන් එක කට්ටියක් .(අ)

:       0       0

අනුර Thursday, 12 September 2013 04:58 PM

එතකොට මේ කම්හල ලංකාවේ හදන්නේ නැතුව මොනවා කරන්නද? එහි වැඩ කළ අයට මොකද කරන්නේ? (නි)

:       0       0

රන්ජිත් Thursday, 12 September 2013 05:01 PM

වැඩේට කවුරුත් සහයෝගය දෙයි. (නි)

:       0       0

කීර්ති පතිරාජ Friday, 13 September 2013 11:16 AM

රතු පස්වල සිද්ධිය පිටිපස්සෙන් ඉන්නෙ කවුද කියලා දැන් හොඳට ඔප්පු වෙනවා.ජාතියටම සාපයක්, මට තියෙන බුද්ධිය හොඳටම ප්‍රමාණවත් මේවා යටින් පෙනෙන දේ තේරුම් ගන්න.දේශපාලන කණ්නාඩි ගන්නෙ නැතිව මේ දිහා බැලුවනම් ඇත්ත පේනවා.මේක කපා හැරියත් මම කියන්න ඕන ටික කිවුවා. (ස)

:       0       0

රන්දික Thursday, 12 September 2013 05:11 PM

අපි ඔබ සමගයි. පරිසරයට හානි වන පරිදි පිහිටවන්න දෙන්න එපා. පරිසර හිතකාමී විදිහට කමක් නැහැ (නි)

:       0       0

කළණ Thursday, 12 September 2013 05:17 PM

මේවගේ විස තිබෙන කරමාන්ත ඉවත් කරන්න. එහෙම නැත්නම් ඒවාට විකල්ප හොයන්න. පරිසරය ආරක්ෂා කරන්න. (නි)

:       0       0

නිපුන Thursday, 12 September 2013 11:30 PM

සත්‍යපාල තමන්ගේ නුගත්කම පෙන්නන්න එපා. මේ කර්මන්තසලව අයිති ලංකාවේම මහජනතාවට. මෙය කොටස්වෙලදපොලේ වාර්තාගත සමාගමක්. කොටස් අයිති හැමෝම මෙහි අයිති කරුවෝ (දී)

:       0       0

පිටිගල Friday, 13 September 2013 11:36 AM

අජිත් කරුණාරත්න, මම නො දන්නා දෙයක් කිව්වේ නැහැ. මම දන්නා නිසයි කිව්වේ රතුපස්වලත් අන්සල් ලංකා වගේ කළා නම් ඕක වෙන්නේ නැහැ. බියගම ෆැක්ටරි වලට තියෙනවා පරිසර ආරක්ෂක ක්‍රමවේදයක්.ඒ ෆැක්ටරි වලින් පරිසරය දූෂණය වෙන්නේ නැහැ.මම වැඩ කලා බියගම කලකට ඉස්සර. පටන්ගත්ත අලුත. දැන් නම් කොහොමද දන්නේ නැහැ. කවුරු කොහාට ගෙනිච්චත් හරියට වැඩකළ යුතුයි. නැත්නම් බියගම නෙවේ කොහාට ගෙනිච්චත් එකයි. පාලකයෝ ෆැක්ටරියට කඩේ යනවා නම් ඕක වහලා දමනවා මිසක වෙනත් විකල්පයක් නැහැ.අඩුපාඩු හදා ගන්නේ නැතුව. බියගමට ගෙනියන්න කියා මම කිවුවේ මහා කොළඹ ආර්ථික කොමිසම ෆැක්ටරි කාරයින්ට ඕන හැටියට වැඩ කරන්න දුන්නේ නැහැ. ඉස්සර නම් මම ඒ බව දන්නා නිසයි මේ අදහස දැම්මේ කරුණාරත්න මහතාණෙනි. (ස)

:       0       0

ස්ටැන්ලි Thursday, 12 September 2013 05:32 PM

බුදුන්ගේ කාලෙත් හිටියනේ නිඝන්ඨනාදපුත්ත කියලා කෙනෙක්. මොනවා කිවුවත් මොනවා කළත් වැරද්දක් දකින්න පුරුදුවූ දේශපාලකයෝ චීවරධාරියෝ කොටසක් ඉන්නවා ජනතාව අවුස්සන. (නි)

:       0       0

සත්‍යා Friday, 13 September 2013 01:23 AM

ඕක මැලේෂියාවෙන් අයින් කරපු කර්මාන්ත ශාලාවක්. පරිසරය විනාස කරනවා. සල්ලි මොකටද පරිසරය විනාස වෙනවා නම්.(නදී)

:       0       0

උපාලි Thursday, 12 September 2013 06:03 PM

මාරාන්තික උපවාස දාහක් හමාරක් අපි දැකල තියෙනවා. හැබැයි, ඒ සංඛ්‍යාවෙන් ජනගහනය නම් අඩුවුණේ නැහැ. මෙයානම් ඒක කරන්නයි හදන්නේ. රන්ජිත් කියනවා වගේ අපිත් සහයෝගය දෙනවා. (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 September 2013 06:04 PM

කම්හලේ වරදක් නැත්නම් එක එකා කියන පලියට කම්හල මාරු කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ පෙනෙන්නේ...මුන් හදන්නේ බොර දියේ මාළු බාල අවුලවන්න පුළුවන් හම තැනම අවුලවන්න. කම්හල පිළිබද පරීක්ෂණ අනුව කමහළේ වරදක් නැහැ කියල ඔප්පු වෙනවනම් උසාවියෙන් එ අනුව තීන්දුවක් ලැබෙනවානම් කම්හල ඔතනම් තියන්න ඕන.නැත්නම් බොහොම වැරදි ආදර්ශයක් රටට යන්නේ. මිනිස්සුන්ට ඕන ඕන හැටියට කම්හල් වහන්න අරින්න තැන වෙනස් කරන්න ඉඩ දුන්නොත් මේ රටට දෙවියන්ගේම පිහිට තමයි ..රතු මල්ලිලට කඩේ යන හැමදුරුවන්ටත් හැමදාම මිනිස්සු උසිගන්නන්න බැහැ.. (දී)

:       0       0

දසුනි Thursday, 12 September 2013 06:11 PM

අපේ එක මත්මයෙක්නම් හුගාක් කැමැත්තෙන් හිටිය මේක එයාලගේ ගේ ගාවට ගෙනියන්න.කෝ එයා? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1216 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7933 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4037 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 328 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1606 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1705 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29116 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23625 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site