ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වැලිවේරියේ රතුපස්වල ජල ප්‍රශ්නය පිළිබඳ පරීක්ෂණ පවත්වා සියළු පාර්ශවයන්හි සාක්කි හා අදහස් ලබා ගෙන නිර්දේශ ඉදිරිපත් කරන බව එහි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මහනුවරදී පැවසීය.
මානවහිමිකම කොමිසම මහජන පැමිණිළි සඳහා 1996 දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවිදියකට නීතිය ක්‍රියාත්මක නිසා තමා මිනිස්සු සටන් කරලා දිනාගන්න පුරුදුවෙන්නේ.ඔය සාමාන්‍ය සත්‍ය නොතේරෙන හරක් තමා ඉන්නේ ලංකාවේ. (අ)
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මගින් යම් කිසි දෙයක් කළ හැකි බව මගේ විශ්වාසයයි (නි)
ප්‍රදීප්, ඔයා බන්දුලට කියන්නේ ඔයත් එක්ක පාරවල් බ්ලොක් කරන්න ඇවිල්ලා නිකරුනේ කරදරේ වැටෙන්න කියලද? ඔයාට පිස්සු තිබුනනට බන්දුලට පිස්සු නැහැ. ඉන්දික නාපොලි, ඔවු. තිබෙනවා. ඔයාට නිදහසේ පාරේ යන්නත් අයිතිය තිබෙනවා. තව දන්නෙ නැති මොකුත් තියනවා නම් අහන්න. ලජ්ජා වෙන්න එපා. (නි)
බන්දුල කියන පුද්ගලයා මිනිසුන් කුපිත වන ලෙසට අදහස් පලකරලා ඒවාට විවිද මත පළකරමින් පුද්ගලයන් දමන අදහස් බල බලා මානසික සුවයක් ලබන පුද්ගලයෙක් වගේ. ලෝකයේ මෙවෙනි පුද්ගලයෝ ඉන්නවා සමාජයේ අවදානය තමන් වෙත හරවා ගැනීමට ප්‍රිය කරන. මානසික දොස්තරවරු මෙය ක්ලේප්ටෝමෙනියාව ලෙස හඳුන්වනවා. මම කෙලින්ම අහන්නම් බන්දුල මම වැරදියිද?(නදී)
අපිත් ඔය කියන අයටම තමයි ශාප කළේ කුසුම් අක්කේ (නි)
කෝ බන්දුල පෙරේරා...? (නි)
මහානාම මහත්තයෝ මුල අමතක කරලා දේශ ද්‍රෝහියක් වන්න එපා. ඔයාට පත්වීම දුන්නේ අපේ ඇති ගරු ජනාදිපති තුමා කියල මතක තියා ගන්න.(නදී)
ලංකා තිලක කියන එක හරියටම හරි. එත් ඉතින් පාරිභෝගික ආරක්ෂක පනත්, අධිකාරී, අමාත්‍යංශ තිබෙන රටක එක එක සමාගම් වලට අවශ්‍ය විදියට කරන්න පුලුවන්ද. කමක් නැහැ අපි යමු මානව හිමිකම් එකට. එහෙත් අන්තිමට අපි දේශ ද්‍රෝහියෝ වේවිද දන්නේ නැහැ නේද ලංකාතිලක? (නි)
චානක ඔය හරි. ඒත් ඉතින් ලෙඩා දන්නේ නැහැනේ එයාට ලෙඩක් තියනවා කියලා. (නි)
ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම කරන වැඩෙන් වෙන්නේ මේකේ වැරදි කරපු උන්ට දඬුවම් නොලැබෙන තත්වයක්. නිර්දේශ ඉදිරිපත් කලාට කමක් නැහැ අර වෙඩි තියපු උදවියට දඬුවම් ලැබෙනවා නම්. පැහැසර කියන විදියට මහානාම මහත්තය මුල අමතක කරන කෙනෙක් නොවෙයි. මුල මතක තියාගෙන කටයුතු කරන්න යන බවකුයි මට පෙන්නේ. (නදී)
පුදුමය කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාත් කියල තියෙනවා ආරක්‍ෂක අංශ එම පියවර නොගත්තා නම් හොඳයි කියලා. ඒත් මේකේ සමහර ලියන අය කියන්නේ වෙඩි තියපු එක හොඳයි කියලා.(නදී)
දෙකටම නැති අය ඉන්නකම් මේවා නවත්වන්න බෑ. (ස)
සනත් , බන්දුල ගේ අදහස් වලට මම එකගයි. මමත් මේ පාරට බැසීම අනුමත කරන්නෙම නැහැ. මේ ගැන අදාළ කණ්ඩායම් පරීක්ෂා කරාවි. මිනිසුන් කුලප්පු කළ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ. මේ අවස්ථාවේ ලාංකික අපි හැමෝම පොන්ටෙරා සමාගමට විරුද්ධවයි මානව හිමිකම් කොමිසමට යන්න ඕනෑ. සිංහල මුස්ලිම් ආදී කිසි බේදයක් නැතුව අපි ඔක්කොටම වස කිරි බොන්න ඇරියට. (නි)
කුසුම්, ඔබ යෝජනා කරන ජල-නල ක්‍රමයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ පොළවෙන් ප්‍රයෝජනයක් තියේවිද? මේ පොලවේ වගා කරන දෙයකට ඔරොත්තු දෙයිද? (ස)
හමුදාවට තිබුනේ දණහිසෙන් පහලට වෙඩි තියන්න. ට්‍රක්ස් වල දමාගෙන ගිය මිනිස්සුන්ට මොකද උනේ. ඒ අයගේ සිරුරු ගොඩ ගහල තිබුනා නේද. මානව හිමි කම් කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන එකනේ.(නදී)
හමුදාවේ නම්බුවට වඩාත් හානිකර වන්නේ, ප‍්‍රංශ සිනමා උළෙලක ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමෙන් ද, එසේ නැතහොත්, හමුදාවේ තුවක්කු බටයෙන් ඉගිලෙන වෙඩි උණ්ඩයකින් අහිංසකයන් දෙසට එල්ල කෙරෙන තුවක්කු කටකින් ද? (අ)
ලුම්බිණි අදහස් දක්වන බොහෝ විට කරුණු ගෙනහැර පෙන්නන අකාරය මට නම් පිළිකුල්. ගොනු කරන කාරනා යාදෙක නොරත රථ.(නදී)
කොහොමද අසංග ගෙවල් වල මිනිස්සුන්ට නැති කැක්කුමක් ඔයාට තියෙන්නේ.? වැලිවේරියේ කව්රුවත් ගෙවල් වලින් අතුරුදන් වුන කියල පැමිණිල්ලක් කව්රුවත් දල නැත්නම් කාවද ඔයා අතුරුදන් කරන්න හදන්නේ..ඇඩ්රස් නැතුව අතුරුදන් වෙලානම් .එහෙමනම් එ මේ ගැටුමට ආපු තුන්වන පාර්ශවය වෙන්න ඇති..ඉතින් ඒ අය අතුරුදන් වුනාට ප්‍රශ්නයක් නැහැනේ කාටවත්..ඔයා තාම පච බලකායට ලාමක වැඩ්ය් කොල්ලෝ..තව ටිකක් මෝරලා එන්න,අර පුංචි ටිකිරිලා,ඩුබයි තිලක්ල වගේ..මගේ අම්මෝ.මේ අය මිනී පා කරන්න හදන දුර..(අ)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
මොනවද මේ සැරේ වෙන්න යන්නේ? (නි)
භූගත ජලය බීමට ගත නොහැකි නම් වැසි ජලය එක්රැස් කර භාවිතා කළ හැකිය. මෙය අනෙකුත් රටවලද කෙරෙන දෙයකි. කර්මාන්ත ශාලාව හේතුවක් නම් පිලියමක් කළ හැකිය. නමුත් පොළව තුල සිදුවන රසායනික වෙනස්වීම් වල ප්‍රතිපලයක් නම් වෙනත් විකල්ප කරා යා යුතුය. (නි)
කොච්චර කල් යාවිද දන්නෙ නැහැ නේද? (නි)
බන්දුල, ඔයාගේ විස්තර මම නිතරම කියවනවා. ඔයා ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව දේශපාලකයන්ගේ කුණු හෝදනවා මිසක් තියෙන ගැටලුවට සාදාරනයක් අසාදාරනයක් ඔයාට පේන්නේ නැහැ. ඔයා හුදකලා වෙලා ඔයා තනි පුද්ගලයෙක් විතරයි. අනිත් අයගේ අදහස් බැලුවම ඒක පේනවා. මගෙත් අයියා හමුදාවේ පස් පාරක් මැරෙන්න ගිහින් යන්තම් බේරුනා එත් රට වෙනුවෙන්. ඒත් මම කතා කරන්නේ වෙච්ච් වැඩේ වැරදියි. කලින්ම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න බොරුවට තපුල්ලන්නේ නැතිව. ආත්මාර්තකාමී වෙන්න එපා. ඔයත් රතුපස්වල ඔය ජල ප්‍රස්නේට මුහුණ දුන්න කෙනෙක් විදිහට හිතන්න පුරුදු වෙන්න. ඔයා වගේ හිතන මිනිස්සු ඉන්නකන් අපිට ජාතියක් විදිහට ලෝකයා ඉස්සරහට යන්න බැහැ. ලැජ්ජයි, ලැජ්ජයි මට ඔයා ගැන.(නදී)
කුසුම්, කවුද අනේ එදා වේල හොයන් කන අහිංසකයා. (අපි නිකන් චෝදනා කරනවයි කීව කෙනා).(නදී)
කොහොම නමුත් කමක් නැහැ සාධාරණ විසදුමක් ලැබෙනවා නම්... (නි)
නිර්දේශ ඉදිරිපත් කරන එක ඉතාම හොඳය. නමුත් ඒවා ක්‍රියාත්මක වීමද වියයුතුය (නි)
ප්‍රදීප්, ඔයා වටිනා ප්‍රශ්නයක් ඇහුවේ. මටත් ඒක දැනගන්න ඕනෑ (නි)
කවුරු මොනවා කිවුවත් අපේ ගමේ මිනිස්සුන්ට සල්ලි දීලා ජලය ගන්නයි වෙන්නේ (නි)
මේ ගොල්ලන්ගේ තීරණ සහ නිර්දේශ වලට අපේ අර බන්දුල පෙරේරා වගේ අය නම් කොහෙත්ම කැමති වෙන එකක් නැහැ (නි)
තීරණ සහ නිර්දේශ වලට විරුද්ධව ආයෙමත් පාරවල් වහගෙන කලින් වගේ හැසිරේවිද දන්නේ නැහැ? (නි)
කෝකටත් තෛලය කියලා චීනෙන් ණයක් ගන්නයි තිබුනේ, රතුපස්වල ජනතාවට වතුර යෝජනා ක්‍රමයකට. (නි)
ලංකාව විතරක් නොව, මුළු ලෝකයම මේ සිදු කළ ක්‍රියාව දෙස ඇස යොමු කරගෙන සිටින වග අපි කියමු (නි)
මේ වැලිවේරියේ සිදුවූ මිනිස් ඝාතන වලට ලංකාදීප බොහෝ පාඨකයින් දොස් නැගුවේ හා ශාප කළේ මෙම ඝාතන කළ හා විශේෂයෙන් ම ඝාතන සිදු කිරීමට අණ දුන් අයට නොවේ. එදා වේල හොයගගෙන කන තවත් අසරණ පුද්ගලයෙකුටයි. එමගින් සිදුවන්නේ, අදාල කරුණ යටපත් වීම මෙන්ම ඝාතන වලට ඍජුවම වගකිව යුත්තන් ආඩම්බරකාර, සමජ හිතවාදී ධර්මිෂ්ඨයන් ලෙස තවත් සමාජයේ ඉහලින් වැජඹීමයි. එමෙන්ම මිනීමරු දුෂ්ටයන්ගේ උප්පරවැට්ටියට පාඨක ජනතාව හසුවීම පමණයි. හරි වැරැද්ද නිවැරදිව හඳුනා ගත් පාඨකයිනි, අපරාධ කළ වුවන්ට ශාප කරමු . මරණයට පත්වුවන් හට සැවොම එක්වී නිවන් සුව පතමු. ජල ගැටලුවට විසදුමක් ලෙස,ඉදිරියේදී නල මගින් එන ජලය ලබාගෙන නිසි වෙලාවට මුදල් ගෙවමු. (නි)
මොනවද මේ පරීක්ෂණ? (නි)
කවුද මේ මානව හිමිකම් කොමිසමේ ඉන්නෙ කවුද කියල දයාන් ජයතිලක මහත්තය හොඳට පෑහෑදිලි කෙරුව ආන්ඩුවෙන්ම පත්වෙච්ච නිලධාරි කොහොමද මේවට විසදුම් දෙන්නෙ.(නදී)
සාක්කි දෙන අයව ආරක්ෂා කරගන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද? (නි)
වැලිවේරියේ පළවෙනිදා සිදු වුනු සිදුවීම් ගුටි කෑවා කියන මාධ්‍යවේදීන් සටහන් කර ගත් සිදු වීම් දිහාම බැලුවම විෂෙශයෙන් දෙරණ ට්ව එකේ දැක්ක ගැටුම ආරම්භයේදීම දෑත බදලා පොලු වලින් ආරක්ෂක අංශයට සලකපු හැටි. ඒ වගේම රුප රාමු සියල්ලම සැලකිල්ලෙන් බැලුවම හොදටම පේනවා පිරිසක් හිතාමතාම ගැටුම් කාරී තත්වයක් නිර්මාණය කරන්න මුල ඉදලම දගලපු හැටි. මේක අහිංසකව වතුර ඉල්ලලා කරපු උද්ගෝෂණයක් කියනවනම් උන් අන්දයෝ. එහෙම නැත්නම් මේ ප්‍රතිපලය බලාපොරොත්තු වුනු එව්වොම වෙන්න ඕනා. ඇස් කන් තියෙන මනුස්සයෙකුටනම් එහෙම හිතන්න බැහැ. මේ සිදුවීමේ ආරම්බය හොදින්ම කැමරාවල සටහන් වෙලා තියෙද්දී ඒවා බලපු කෙනෙකුට ගැටුමේ අවසානය මේ තරමින් නතර වුනු එක ගැන හමුදාවට ස්තුති කරනවා ඇරෙන්න දොසක් කියන්නනම් කොහොමටවත් හිතෙන්නේ නැහැ. මර බිය කාටත් එකයි. අවි අරන් ඉන්න සන්නද්ධ හමුදා බටයන්ට එහෙම සැලකුවානම් පොලිසිය මේක මර්දනය කරන්න යෙදෙව්වා නම් අද පොලිස් මරණ 10ක් 15ක් තියන්න වෙනවා. මොන කොමිසම් දැම්මත් මොකා වැරදියි කියල කීවත් මේ ප්‍රහාරය මම නම් එක සිතින් අනුමත කරනවා. වතුර ඉල්ලලා අඩන අහිංසකයෝ නෙමෙයි එතන හිටියේ අමුම අමු තිරිසන්නු පිරිසක්.(නදී)
අපි තවමත් දියුණු වෙන්න දගලන ජාතියක්. පරිසරය කියන්නේ භාවිතා කලයුතු දෙයක් මිසක් අගුලු දාල තියන්න ඕන දෙයක් නෙවෙයි. වැදගත් වෙන්නේ පරිසරය සමග මනා ලෙස ගනුදෙනු කිරීමයි. මේ පැක්ටරි වහල දාපුවාම ඔක්කොම හරිද? මේක අන්තර් ජාතික මට්ටමේ නිෂ්පාදනයක් ලොවට දෙන තැනක්. ලංකාවේ මිනිස්සු කොම්පැනි වලට පැක්ටරි වලට බයයි. හොයන්නෙත් ආණ්ඩුවේ රස්සානේ. නිකම් කෑ ගහලා වෙඩි කන්න පාරට මිනිස්සු දාන්න කලින් මේ අයට තිබුන පැක්ටරිය නිකුත් කරන අප ජලය පිළිබද විදිමත් පරීක්ෂණයක් ඉල්ලන්න අදිකරණය මගින්. මේ තරම් සෙනගක් විදිමත් ක්‍රියාවකට ආව නම් අදිකරණය නොබලා ඉදියිද? ජලයේ ආම්ලිකතාවයට වෙනත් හේතුවක් බලපානවා නම්? හරි , මේක වහලත් ආම්ලිකතාවය අඩු නොවුනොත් ? මැරුණු අයට වන්දි ගෙවන්නේ කවුද ? පාරට බැස්ස එක වැරදියි . පැක්ටරිය වහන්න ඕනි නැහැ . ජල සාම්පල පරීක්ෂා කරවන්න හොර බොරු වංචා නැතුව.(නදී)
කුසුම් නිකන් හඳෙන් ගොඩ බැහැල වගේ.මිනී විකුණන් කන මිනී කාක්කන්ට රටේ මිනිස්සු උත්තර දෙන හැටි බලන්න පුළුවන් ඔයාට තව මාසෙකින්. (අ)
බන්දුලගේ පිස්සුව තදවෙලා. බෙහෙත් ගන්න දැනටත් පරක්කුද කොහෙද?(නදී)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමක් කියා දෙයක් තියෙනවද දන්නේ නැති නිසා අහන්නේ .(නදී)
මට තියනවා මානව හිමිකම් කොමිසමට විශේෂ පැමිණිල්ලක්. මගේ සීයා ඉස්පිරිතාලේ අමාරුවෙන් හිටියේ. එයා තමා පොඩි කාලේ මාව හදා වඩා ගත්තේ. මේ පාර හරස් කිරිල්ල නිසා මට සීයා හුස්ම යවන්න කලින් යන්න බැරි වුනා. අපහු හරවලා ගෙදර ඇවිත් මල ගෙදර සංවිදානය කලා. මගේ මානව හිමිකමක් කඩ වුණේ නැත්ද. (අ)
රන්දිකට උන සිදුවීම කණගාටුදායකයි. බන්දුල ඔබගේ අදහස් සාමාන්‍ය දුරට එකග වෙන්න පුළුවන් නමුත් ජිවිත හානි සිදුකල අයට උපරිම දඩුවම් ලැබෙන්න ඕනා.(නදී)
ඇයි දවස් ගානක් උද්ගෝෂණය කළා පත්තරවල දැක්කේ නැද්ද? (නි)
අනේ මන්දා මොනවද මේ සැරේ වෙන්න යන්නේ? (නි)
මොකද දැන් රටට වෙලා තියෙන්නේ? (නි)