(තරිදු ජයවර්ධන,ටෝනි කරුණානායක)
පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසින්ට වෙඩි තබා තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (14) නියෝග කළේය.
පරික්ෂණ සාක්කිකරුවන්ට අපහාසයන් හා තර්ජනයක් වන අයුරින් වාර්තා කළැයි අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රතුපස්වල බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ්
kk Wednesday, 14 June 2017 05:26 AM
මේ බ්‍රිගේඩියර් මහත්තයා ඉන්නේ අපේ ගමේ.. පන්සලේ හොඳම දායකයෙක්... මට හිතාගන්න අමාරුයි ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. ඒ කාලේ හිටිය ඉහළ නිලධාරීන්ගෙන් ආපු නියෝගයක් වෙන්න ඇති... කණගාටුයි..
Nuwan Wednesday, 14 June 2017 07:35 AM
කරන කලට පව් මිහිරිය මී සේ ...
shan saudi Wednesday, 14 June 2017 08:06 AM
අද නිදහසක් නෑ කියලා කෑගහන රාජපක්ෂ පවුලේ අයට එදා මේක වැටහුණා නම් අද මේ නිලධාරීන් විලංගු දාගෙන මේ විදිහට පාරවල් ගානේ දුක් විඳින්න වෙන්නේ නෑ. ඔවුන් වරදකරුවන් වෙන්නෙත් නෑ....
athula Wednesday, 14 June 2017 09:13 AM
මේවා මහා විහිළු... මෙයට අණදුන්නේ කවුද කියල කවුරුත් දන්නවා. නියම විත්තිකාරයා එළියේ... ඔය එදා වෙච්ච මහා අපරාධවලට ඍජුවම වග කියන්න ඕනේ අයව ඇයි අත්අඩංගුවට නොගන්නේ?
thilina Wednesday, 14 June 2017 11:07 AM
එදා වගේම අදත් මෙතන සිද්ද වෙන්නේ දේශපාලනයක්.. කොම්පැනිය නිසා වතුර විස වුණා කියලා ගමේ මිනිස්සුන්ව ඉස්සරහට දාගෙන දේශපාලනය කරපු අයවයි මුලින්ම අත්අඩංගුවට ගන්න ඕනේ.. මේ ලඟදි ඔප්පු වුණා කොම්පැනිය නිසා වතුරට කිසිම බලපෑමක් සිදුවෙලා නැති බව.. මේ සිදුවීමේදී හමුදා සෙබලුත් තුවාල වී රෝහල් ගත කලා.. හමුදාවට පහර දෙන්න තරම් බලපෑමක් කරපු දේශපාලකයෝ ටික මේ ආණ්ඩුවේ සාමාජිකයෝ අද..