IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘රතුපස්වල වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘

‘රතුපස්වල සිද්ධිය වෙලා දැන් දවස් ගාණක්.  පිළියම් යොදනවා කිව්වට තවම ස්ථිර විසඳුම් ලැබී නෑ. ඒ නිසා වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

‘එක පැත්තකින් කියනවා ආයතනය වහන්න කිවූ බව. ආයෝජන මණ්ඩලෙන් කියනවා ආයතනය එතැනින් ඉවත් කරගන්න කියා දැනුම් දුන්නේ නැති බව.

රතුපස්වල ඇතිවුණු මේ සිද්ධිය යට ගහන්න දැන් විවිධ උත්සාහයන් දරනවා. ආණ්ඩුවේ පිරිස් කියනවා මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙනවා කියා. පරීක්ෂණ අවසානයේ නිගමනවලට එළඹෙන්න පුළුවන් කියනවා.

එහෙම කියන ගමන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කරනවා. එතැන සටනක් ඇති කළේ ජනතා විමුක්ති පෙරමුණ බව කියනවා. පරීක්ෂණ ඉවර නැත්නම් කොහොමද එහෙම කියන්නේ. එතැනම පරස්පරයක් තිබෙනවා.‘

 

මෙවැනි මෝඩ තර්ක ඉදිරිපත් කරමින් ප්‍රශ්නය යට ගහනවා.

අපි ආණ්ඩුවට කියනවා බොරු බේගල් කියන්නේ නැතිව රතුපස්වල ජනතාවට යුක්තිය ඉටු කරන්න කියා.

සාක්කි ගන්න හමුදා කඳවුරුවලට එන්න කියා සිතාසි නිකුත් කර තිබෙනවා. සිතුසි නිකුත් කර ජනතාවගෙන් සාක්කි ගන්න හමුදාවට බෑ.



අදහස් (0)

‘රතුපස්වල වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘

දිසානායක Monday, 19 August 2013 05:30 PM

රෝහණ,රෙමා,ඔබලාට නම් ප්‍රශ්නයක් නැතුව ඇති.නමුත් මේ අහිංසක මිනිස්සුන්ට බොන්න වතුර නැති එක ගැනත් ටිකක් සාධාරණව හිතන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

රෝහණ Tuesday, 20 August 2013 10:27 AM

අච්නි ඔයා හරි.අපිට අඩුවකට තිබුනේ එච්චරයිනෙ නේද? (නි)

:       0       0

මුණසිංහ Monday, 19 August 2013 07:51 PM

මේ මහත්තයෝ මෝඩ කතා කියන්න එපා. ඇසිඩ් වතුර කියන්නේ මොනවාද කියලා ඔයා දන්නවද? දැන් මිනිස්සු 88/89 ට වඩා බුද්ධිමත්. තේරුනාද? (ස)

:       0       0

ඉන්දික නාපොලි Monday, 19 August 2013 08:01 PM

රතු පස්වල වතුර ප්‍රශ්නයේදී විපක්ෂය දඩමීමෙක් වගේ ආණ්ඩුවට අනින්න හදනවා වගේ.එහෙත් ආණ්ඩුව කලට වෙලාවට මේකට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පෙනී යන්නේය (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 August 2013 08:08 PM

ඔන්න ඉන්නවා තුන්වෙනි පාර්ශවය.. (නි)

:       0       0

පාලිත Tuesday, 20 August 2013 11:09 AM

අනේ හේරත් මහත්තයෝ, පොඩ්ඩක් ඉවසන්න. ඒ වැඩ ඉක්මනට වෙයි, මොකද ජනතාව බලාගෙනනේ ඉන්නේ. (නි)

:       0       0

සෙනෙවි Sunday, 25 August 2013 06:30 PM

ඇයි මේ තත්ත්වය දැනගෙනත් උද්ගෝෂණයට හේරත් සහෝදරයල නායකත්වය නොදුන්නෙ මර්ධණයට බය වෙලාද ? (දී)

:       0       0

උපාලි Monday, 19 August 2013 01:30 PM

මන්ත්‍රීතුමා ඒ ගැන පැහැදිලි කිරීමක් කලොත් අපටත් දැනගන්න එක්ක, බොහොම වටිනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 21 August 2013 09:37 AM

බන්දුල, ඔය තුන්වන පාර්ශවය මෙතෙනට කිට්ටු උනේ වැඩේ බොහොම දුර ගියාට පස්සේ. ඒකෙ වාසිය ගන්න.දැන් ප්‍රවෘති සාකච්ඡා කරමින් කොළ කැලි පෙන්වමින් වීරයෝ වෙන්න හදනවා. එදා එතන හිටියේ දේශපාලන පක්ෂයට සීමා වෙච්ච පිරිසක් නොවෙයි. අසාධාරණයට ලක්වෙච්ච උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දුන් ගම් කිහිපයක වැසියෝ පිරිසක්. මේ කට්ටිය දැන් බොරුවට එලියට පැනගෙන උඩු බුරනවා. උවමනා වෙලාවට කොහෙද හිටියේ? බොරු කාරයෝ.මේ ගොල්ලෝ හැමදාම කලේ ඕකනේ. (අ)

:       0       0

වරුණ Monday, 19 August 2013 01:36 PM

ඕවට කෑගැහුවා කියලා ලොක්කන්ට ගානක් නැහැ. ඕවා බොන්නේ ඒ ගොල්ලෝ නෙමෙයිනේ.අපේ මිනිස්සුත් මේවට රැවටෙනවා හැමදාම. මට ඒකයි දුක (නි)

:       0       0

අචිනි Monday, 19 August 2013 02:01 PM

අයියෝ! දැන් ජැක්සන්ගේ අයියාත් ආවනේ. ඕක අමතක කරලා සතුටු වෙමු. අපිට වෙන ප්‍රශ්න නැහැ නේ ........ පහුගිය දේවල් ගැන හිතන්න එපා (නි)

:       0       0

රෝහණ චමින්ද Monday, 19 August 2013 02:02 PM

ඒ පැත්තේ ගියාද: දැක්කේ නැද්ද බට දානවා වතුර දෙන්න. වක්කඩක් කැඩුවා වගෙයි වතුර දෙන්න බෑනේ මහත්තයෝ. ඒක නිසා බොරු කියන්න එපා. (ස)

:       0       0

රන්ජිත් Monday, 19 August 2013 09:58 PM

කිරිපිටි , වතුර බොන්න බැරි මේ මනරම් පුරේ මේ මනරම් සමේ යලි උපදින්නට මතු වාසනා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 August 2013 10:00 PM

ලුම්බිණි, කිරිපිටි වල විස තියෙනවා කියන කතාවේ සත්‍ය අපි දැන් දන්නවා. (නි)

:       0       0

දුමින්ද Monday, 19 August 2013 02:10 PM

අපි තවම තුන්වන ලෝකයේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 August 2013 08:29 PM

කට්ටිය තුන්වන පාර්ශවය ගැන ඇහුවා නේද? දැකලා නැත්නම් අහලා නැත්නම් බලාගන්න තුන්වන පාර්ශවය.අවුලක් කොතනද..ඒක පිටිපස්සේ මෙයාලා ඇති අනිවාර්යයෙන්. (නි)

:       0       0

නිලන්ත Monday, 19 August 2013 02:26 PM

රෝහණ .....ඔච්චර කඩේ යන්න එපා.එතකොට ගම මැදට බට දාන්නෙ ඔයාද?. නොමිලේ බෙදපු වතුර ටික හෙට වෙද්දී සල්ලි වලට තමා බොන්න වෙන්නේ.....නොදන්නා දේවල් වලට කට නොදා ඉන්න රෝහණ........ඔයාලා වගේ එක් කෙනෙක් ඇති මුළු ගමකටම කඩේ යන්න......(ස)

:       0       0

රේමා Monday, 19 August 2013 02:33 PM

මේ අයට සිල්ලර කඩයක් කරගන්න බැරි වුනාට කතාව නම් දෝලාවෙන්. ඔක්කොම අවුස්සලා තියලා දැන් බණ කියනවා. (ස)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 02:53 PM

වැසිකිළි පෝච්චියෙනුත් වතුර බොන්න පුළුවන් බටයක් ඩෙන්මාර්කයේ හදලා. අපේ අය හැමදාම හදන්නේ මිනිස්සු ගොනාට අන්දවන්න. අලුතින් යමක් හොයාගෙන තමන්ගෙ ප්‍රශ්න විසඳාගන්න තරමට නැතත් කාටවත් පිංසෙන්ඩු වුනාටවත්, අරක දීපියව් මේක දීපියව් කියපු පලියටවත් කිසිවක් නොලැබෙන බවවත් වටහාගන්න තරම් බුද්ධියක් ජනතාවට තියෙන්න ඕනෙ.(ස)

:       0       0

නිශාර්ඩ් Monday, 19 August 2013 02:55 PM

සියලුම පක්‍ෂ එකමුතුවී මෙවැනි අවස්ථාවක නොබෙදී ක්‍රියා කල යුතුයි.අපි කවුරුත් එකතුවෙලා සියලු දෙනාගේම හොඳ අදහස් අරගෙන මේකට පිළියමක් යෙදුවානම් තමා හොඳ. මොකද අපි ඔක්කොමලාම එකම රටේ උදවිය.(ස)

:       0       0

චමල් Monday, 19 August 2013 03:00 PM

නිකන් බීපු වතුර ටිකට දැන් සල්ලි ගෙවපල්ලකෝ වැලිවේරියේ දේශප්‍රේමින් ටික . මතක ඇතුව ඡන්දෙත් දෙන්න. තව මොන මොනවා හරි ලැබෙයි. (ස)

:       0       0

ලුම්බිණි Monday, 19 August 2013 03:27 PM

කිරිපිටි තහනමට තියෙන කලබලේ විෂ වතුර බීම නවතන්න නැහැ වගේ. (ස)

:       0       0

අමිත Tuesday, 20 August 2013 01:32 PM

වර්ජන යුගය අවසන් කරන්න කාලය ඇවිත්. ගමේ පන්සල මුල් කරගෙන සාකච්ඡා මාර්ගයෙන් විධිමත් ආකාරයකට ප්‍රශ්ණ නිරාකරනය කරගත යුතු වැඩපිළිවෙලක් සකසා කරගැනීම මූලිකයි. (නි)

:       0       0

කුමාර​ Monday, 19 August 2013 03:45 PM

ආණ්ඩුවෙන් වෙඩි තියනකොට හබැයි හැමෝටම වැදෙනවා, ඒ නිසා මෙවට කල්පනා කරල පිලිතුතරු දෙන්න,සමහර අය මොකද මේතරම් කෑගහන්නෙ මෙම ප්‍රකාසෙට? කඩේ යන අයට හරියට රිදෙනව වගේ, (අ)

:       0       0

ස්ටැන්ලි Monday, 19 August 2013 03:52 PM

මේ ගැටලුවට හරි පිළිතුරක් ලැබෙන්න කාලයක් යාවි. ප්‍රශ්නේ අත්විදින ජනතාව තමයි එක දන්නේ. අපේ රටේ පිරිසිදු වතුර නැතුව දුක්විදින වෙනත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් එක දේශපාලඥයෙක්වත් මෙතුවක් කාලෙකට කතා කලාද? අනුන්ගේ ප්‍රශ්න වලින් ලාභ ප්‍රයෝජන දේශපාලන වාසි ගන්න දඟලන අය දැන්නම් බොරුවට කෑගහනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 774 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 899 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1621 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2043 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 521 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1065 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35817 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site