IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


රතුපස්වල සැකකරුවෝ රිමාන්ඩ්

(ටෝනි කරුණානායක)
 
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තුන් දෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (24) නියෝගය කළාය.
 
වැලිවේරියේ රතුපස්වල ජල ප්‍රශ්නයකට විසඳුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයකට 2013 අගොස්තු 01 වැනි දා වැලිවේරිය නගරයේදී  යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් තිදෙනෙක් මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.   

රමිල රවිශාන් පෙරේරා සහ අඛිල දිනේෂ් යන පාසල් සිසුන් දෙදෙනා වෙඩි වැදී මිය  ගිය අතර  නිලන්ත පුෂ්පකුමාර පහරදීමකින් වූ තුවාල නිසා මිය ගොස් ඇතැයි රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දන්වා තිබිණි.
 
මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (7)

රතුපස්වල සැකකරුවෝ රිමාන්ඩ්

sam Friday, 24 March 2017 08:20 PM

මේකට අණ දීපු නිලධාරීන් මිසක් හමුදා නීතිය අනුව (පොලිසිය වැනි ආයතන වල ඉහලින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක නොකර සිටිය හැකි නමුත් හමුදාවේ ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කරනවා විනා ඒ ගැන ප්‍රශ්න කල නොහැකියි) අණ ක්‍රියාත්මක කල පහල නිලධාරීන් අල්ලාගෙන වැඩක් නැහැ .

:       0       1

mahee Friday, 24 March 2017 08:53 PM

රණවිරුවන් සහ රණවිරු නාමයට මුවාවී අපරාධ කරන්නවුන් අතර වෙනස තේරුම් ගැනීමට නොහැකි වුනොත් මේකත් බොර දියේ මාළු බානවුන්ගේ උද්ඝෝෂණයකට හේතුවක් වෙයි.

:       0       0

loku malli Saturday, 25 March 2017 04:38 AM

මේ මිනිස්සු නෙවෙයි අල්ලන්න ඕනේ උඩින් ඕඩර්ස් දීපු කට්ටිය.

:       1       3

akila Saturday, 25 March 2017 05:00 AM

මේ විදිහට උද්ගෝෂණ කරන සාමාන්‍ය මිනිසුන්ට හිතක් පපුවක් නැතිව වෙඩිතියන්න අණ දුන්නු නිසා තමයි පහුගිය වසර කිහිපයේ මැදපෙරදිග රටවල ගොඩක නායකයන්ට අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන්න වුනේ

:       0       0

adiri Saturday, 25 March 2017 09:29 AM

මේ බුද්ධි අංශේ අයද ?

:       0       0

raawana Saturday, 25 March 2017 03:26 PM

දැන් මෙයාලට වෙඩි තියන්න නියෝග දීපු අයට මොකද වෙන්නේ?

:       0       0

rohan Saturday, 25 March 2017 04:32 PM

කතෝලික පල්ලිය ඇතුලට ඇවීත් වෙඩි තබා තිබෙන බව අරංචියි ඒවාට පරික්ෂණ නැතිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 545 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 178 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 449 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 689 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 178 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 558 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site