IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රතුපස්වලට බියගමින් නළ ජලය

මහත් අන්දෝලනයකට තුඩු දුන්  ගම්පහ සහ මහර බල ප්‍රදේශයන්ට අයත් ගම් කිහිපයක පානීය ජල ප්‍රශ්නයට  කඩිනම් විසඳුමක් ලෙස නළ ජලය  ලබා දීමට  ජල සම්පත් හා ජලා ප්‍රවාහන මණ්ඩලය සැරැසෙයි.

මේ ප්‍රදෙස්හි ජලයේ ඇසිඩ්  ගතිය ඇති බවටත්  පී එච් අගය  හයට අඩුවවත් ඇති හෙයින් ළිං ජලය බීමට කිසිසේත්ම නොසුදුසු බවත් කියති.

 මෙහි පළමු අදියර යටතේ  බියගම පොම්පාගාරයෙන්  රතුපස්වල,නැඳුන්ගමුව සහ ඌරුවල යන ප්‍රදේශයන්ට  ජලය ලබා දීම පිණිස නළ එලීම මේ දිනවල සිදු කෙරෙන අතර මේ සඳහා රුපියල් ලක්ෂ හත්සියපනහක් වැය කෙරෙනු ඇත.

 මෙමගින්  නිවාස 1000 කට පමණ ජලය ලබා දීමට හැකි වන බව ගම්පහ ප්‍රාදේශිය සභාවේ  සභාපති  රංජිත් ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (0)

රතුපස්වලට බියගමින් නළ ජලය

සේනානායක Monday, 12 August 2013 12:57 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්නේ.අපරාදේ අහිංසක ජිවිත.(අ)

:       0       0

තාර Monday, 12 August 2013 12:59 PM

අනේ නාලක, ඔයාල මෙතරම් මෝඩද? ප්‍රතිචාර දන්නා කලින් ටිකක් හිතන්න පුරුදු වෙන්න.(අ)

:       0       0

සමන් Monday, 12 August 2013 01:04 PM

මේවා තාවකාලික විසදුම්. දිර්ඝ කාලිනව කරන්න වැඩ ගොඩක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. අපිත් අවදියෙන්. (නි)

:       0       0

රන්ජිත් Monday, 12 August 2013 01:04 PM

ඔන්න ලංකාව පිබිදෙන හැටි. එක් කෙනෙක් දෙන්නෙක් වැඩ. තවත් දෙන්නෙක් බලාගෙන ඉන්නවා. ඔක්කොටම අපි තමා ගෙවන්නේ. (නි)

:       0       0

ඉෂාර Monday, 12 August 2013 01:06 PM

දැන් ඉතින් ගෙවාපල්ලකෝ වතුර බිලකුත්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 13 August 2013 06:51 PM

සත්‍යපාල මහත්තයාගේ මතේ විතරද එතකොට මතේ. අනුන්ගේ මතත් එකග නැති උනත් ඉවසන්න පුරුදු වෙන්න.ඔබ තුමා දකින බලන කන්නාඩියෙන් හැමෝම බලනවා දකිනවා කියල හිතන්න එපා. අපි බබ්බු නෙමෙයි මහත්තයෝ.හොදට පදම් වෙච්ච ඔය කාගේ කාගේත් කල්කිරියාවන් දැකලා මිනී මරපු හැටි දැකලා, මිනී මරණ හැටි දැකලා, මේ රට විසාලා නුවරක් කරපු යුග පහු කරලා මෙතනට ඇවිත් ඉන්නේ. ගොනා හැරෙණ කොට අපි දන්නවා පොල් පැලේට කෙලින්න තමයි කියලා.(නදී) මහත්තයෝ..ඔය මහත්තයාගේ හක්කේ බුදුරැස් උනාට බොක්කේ දඩ මස් කියල මම කලිනුත් කිව්වේ එකය්.ඔය මහත්තයත් අරාබි වසන්ත එනකම්නේ පෙරුම් පුරන්නේ..බලන්න 21 වෙනිදට චන්ද අඩු වෙලාද වැඩි වෙලාද කියල..

:       0       0

රණා Monday, 12 August 2013 01:08 PM

රතු පස්වල යකඩ අඩංගුයි කියලා මට හිතෙන්නේ. ගම්පහ පළතේම ඔය ගැටලුව ඇති. කම්හල වටේ පරීක්ෂණ කරලා මදි. ඔය වගේ ගැටළුවක් ඇහැළියගොඩත් තියෙනවා. කරන්න දෙයක් නැති නිසා මිනිස්සු බොනවා. කලටුවාව ජලාශයට තියෙන්නේ කිලෝමීටර් අටයි.කොළඹට වතුර අපිට ලෙඩ. (නි)

:       0       0

තරු Monday, 12 August 2013 08:28 PM

තේරිපැහැ සිරිධම්ම හාමුදුරුවනේ.... ඔබ වහන්සේටත් නුවණැස පහල වේවා.(අ)

:       0       0

තාරා Monday, 12 August 2013 08:34 PM

රවිනාත් මල්ලි වෙස්ස වෙලාවට අහසට අල්ලාගෙන ඉන්න, (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 13 August 2013 01:08 PM

සිංහයා එක්ක සටනට ඌරෙක් ආවලු අසුචි නාගෙන.අසුචි ගාගන්න සිංහයා කැමතිනැති නිසා ඌරට දිනුම දුන්නලු.බන්දුල පෙරේරා කියන්නෙත් පක්ෂ දේශපාලනය නමැති අසුචි නාල ඉන්න කෙනෙක් එම නිසා ඔබ දිනුම්.එහෙත් එකක් මතක තබාගන්න.ඔබ වැනි අය ඔබගේ අයටම මහා විනාසයක්.ඔබ කට අරින හැම වතාවකම ඔබ පෙනී සිටින අයගේ චන්ද අඩුවෙනවා.අපි මෙම ඉදෙන් බලාපොරොත්තුවෙන්නේ පක්ෂ දේශපාලනයක් නොව රට යහ මගට ගැනීමට අදහස් පළකිරීමක් පමනයි ඔබට මේ දවස්වල පෝස්ටර් ඇලවීම වැනි වැඩ අදික බැවින් එම කටයුතු කරගෙන යන්න. (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 12 August 2013 01:38 PM

වීර, ඔබගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

කමල් Monday, 12 August 2013 01:42 PM

දැන්නම් මටත් හොද වැඩත් හරහට පෙනෙන කාලයක් (නි)

:       0       0

අචිනි Monday, 12 August 2013 01:43 PM

වටිනා ජීවිත බිලි අරගෙන පස්සේ කිඹුල් කදුළු හළා වැඩක් නැහැ (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 12 August 2013 01:54 PM

වීර,විවේචන වලට ඉඩක් මෙන්ම අයිතියක් තිබිය යුතුයි (නි)

:       0       0

ටිරෝන් Monday, 12 August 2013 01:55 PM

මෙපමණ විනාශයක් වෙනකල්ම හිටියනේ මේ ටික කරන්න? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 02:25 PM

මේ රටේ වියළි කලාපයේ මිනිස්සු වතුර නැතුව කොච්චර දුක් විදිනවද.මේ මිනිස්සු කරන දේ බැලුවම එහෙනම් ඒ මිනිස්සු පාරවල් වලට බැහැල ගිනි තියා ගන්න ඕනෑ නේද? මේ ප්‍රදේශයේ පසේ තියෙන යම් ප්‍රස්නයක් නිසා පී එච් අගය අඩු වෙලා තියෙනවා මිසක් වතුර විස වෙලා නැහැ.පී එච් අගය අඩු ජලය තියෙන පැති ලංකාවේ ඕනෑ තරම් තියෙනවා. කම්හල මගින් මේ දේ වෙනවා කියලා මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 12 August 2013 02:38 PM

මොනවා වුණත් දැනට තියෙන විසදුම ඕක තමයි. (ත)

:       0       0

සමන් ප්‍රදීප් Monday, 12 August 2013 02:46 PM

අපි, සටන වෙනුවෙන් දිවි දුන් විරුවන් සමරමු (අ)

:       0       0

මගලේ Monday, 12 August 2013 03:02 PM

නිකන් දේශපාලනඥයන්ගේ කතා වලට රැවටෙන්න එපා.... වතුර ටික දැන් බට වලින් අරන් බොන්න... ගමට ගිහින් බල්ලන්න ගමේ වතුර බොන්න බැරිද පුළුවන් ද කියල... (ත)

:       0       0

උදය Monday, 12 August 2013 03:15 PM

අහෝ ජවිපේ තවත් සිහිනයක් බොඳ වී යන ආකාරය (ත)

:       0       0

සඳරුවන් Monday, 12 August 2013 03:19 PM

අනේ අපේ ගමටනම් වතුර එපා !.මම විතරයි ගෙදර කොල්ලෙකුට ඉන්නේ. (ත)

:       0       0

සඳරුවන් Monday, 12 August 2013 03:19 PM

අනේ අපේ ගමටනම් වතුර එපා !.මම විතරයි ගෙදර කොල්ලෙකුට ඉන්නේ. (ත)

:       0       0

අනුෂ්ක Tuesday, 13 August 2013 07:32 AM

බන්දුල, හරකෙක් වුණාට තප්පුලන්න එපා (නි)

:       0       0

රෝහිනී Monday, 12 August 2013 03:28 PM

ජනතාව වෙනුවෙන් කඩිනමින් පියවරක් ගැනීම ඉතා හොඳ කටයුත්තක් (ත)

:       0       0

චන්ද්‍රික Monday, 12 August 2013 03:29 PM

ඇසිඩ් බිව් ජනතාවට හොඳ වතුර ටිකක් බීමට හැකි වේවි (අ)

:       0       0

අතුකෝරල Monday, 12 August 2013 03:35 PM

පවතින තත්වයේ හැටියට ගම්පහ දිසාවටම නල ජලය දෙන්න වේවි (අ)

:       0       0

සමන් Monday, 12 August 2013 03:56 PM

මොනවා කරත් ඔය රතු මල්ලිලා අකමැතියි. (ත)

:       0       0

මංජු ඩුබායි Monday, 12 August 2013 03:57 PM

බිල ගෙවන්නේ කවුද? (ත)

:       0       0

ධම්ම Monday, 12 August 2013 04:06 PM

රතුපස්වල කීම් අහල පාරට බැස්ස රතුපස්වල මිනිසුන්ට දැන් සල්ලි දීලා ක්ලෝරීන් වතුර බොන්න පුළුවන්. (ත)

:       0       0

හිරාන් Monday, 12 August 2013 04:24 PM

අඩන්න ඕනලු කිරි එරෙන්න.... (ත)

:       0       0

ශාන් Tuesday, 13 August 2013 10:41 AM

මේවා ඡන්ද ගුණ්ඩු ,මෝඩයෝ මේවට රැවටෙයි. (ස)

:       0       0

රවිනාත් Monday, 12 August 2013 05:30 PM

අපේ නිවෙස් ආසන්නයේ ලීටර් 500 ප්ලාස්ටික් වතුර ටැංකියක් ගෙනවිත් තියලා දැන් සතියකට වැඩියි. හැබැයි තවම වතුර නම් දුන්නේ නැහැ.නිකන් ටැංකියකයට වතුර පිරෙන්නේ නැහැ නේද? බව්සර් මගින් ගෙනවිත් පිරවීම කළ යුතුයි නේද? එහෙම කරන්න කාටවත් වුවමනාවක් නැති බවයි අපේ සිතුවිල්ල. වුවමනා කෙනෙකුට සත්‍ය පරීක්ෂා කර බැලිය හැකියි. (නි)

:       0       0

නාලක Monday, 12 August 2013 12:18 PM

ඕක කලින් කරන්න බැරි උනේ මොකද (දී)

:       0       0

සංජීව Monday, 12 August 2013 12:27 PM

නිකන් බීපු ජලයට තව ටික දවසකින් බිලක් එනකොට එක ගෙවන්නේ ආණ්ඩුවෙන්ද ?

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 August 2013 12:34 PM

ජීවිත 3 බිලිඅරන් තවත් ජීවිත 30-40 රෝහල්ගත කලාට පස්සෙද කට්ටියගේ මොලවල් පෑදුනේ , ඔය වැඩේ කලින් කොලනම් අර අහිංසක දරුවෝ දෙන්න තාමත් පාසල් යනවා අර තාත්ත තමන්ගේ එකම දරුවාගේ සුරතල් බලනවා නේද ? මීට පස්සෙවත් බලය තිබුන පලියට පාවිචි නොකරන්න (දී)

:       0       0

සත්‍යපාල Monday, 12 August 2013 12:35 PM

ජලයේ ඇසිඩ් නම්, එක සිදුවන ආකාරය සොයා නවත්තන එකයි විසදුම. (දී)

:       0       0

වීර Monday, 12 August 2013 12:35 PM

ආණ්ඩුව කරන හැම හොඳ දේටම ඊර්ෂ්‍යා කරන ,මැරුණු අසරනයන්ව විකුණාගෙන කන විපක්ෂයට කඩේ යන අයට දැන් කට උත්තර නැතුව ඇති. (දී)

:       0       0

සත්‍යපාල Monday, 12 August 2013 12:36 PM

මේවා විහිලු.ඔය පොම්පාගාරයේ වතුර ඇතිතරම් තිබෙනවද ?කිසියම් සක්‍යතා අධ්‍යනයක් සිදුවුණාද ? තවත් සුදු අලියෙක් නොවෙවිද ? (දී)

:       0       0

තාරා Monday, 12 August 2013 12:39 PM

එක කර්මාන්ත ශාලාවක් තියෙන රතුපස්වලට,කර්මාන්ත පුරයක් තියන බියගමින් වතුර දෙනවා කියන්නේ "ඉගුරු දිලා මිරිස් ගන්නවා වගේ මෝඩ වැඩක් ''.අනේ රතුපස්වල මිනිසුනේ , දේශපාලුවන්ගේ කපටිකම් වලට අහුවෙන්නනේ නැතුව ලිදේ වතුර බීපල්ලා. නුබලගේ වතුර වල කිසිම අව්ලක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5265 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3541 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4329 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3619 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 840 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1572 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36242 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24149 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site