මහත් අන්දෝලනයකට තුඩු දුන් ගම්පහ සහ මහර බල ප්‍රදේශයන්ට අයත් ගම් කිහිපයක පානීය ජල ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස නළ ජලය ලබා දීමට ජල සම්පත් හා ජලා ප්‍රවාහන මණ්ඩලය සැරැසෙයි.
මේ ප්‍රදෙස්හි ජලයේ ඇසිඩ් ගතිය ඇති බවටත් පී එච් අගය හයට අඩුවවත් ඇති හෙයින් ළිං ජලය බීමට කිසිසේත්ම නොසුදුසු බවත් කියති.
මෙහි පළමු අදියර යටතේ බියගම පොම්පාගාරයෙන් රතුපස්වල,නැඳුන්ගමුව සහ ඌරුවල යන ප්‍රදේශයන්ට ජලය ලබා දීම පිණිස නළ එලීම මේ දිනවල සිදු කෙරෙන අතර මේ සඳහා රුපියල් ලක්ෂ හත්සියපනහක් වැය කෙරෙනු ඇත.
මෙමගින් නිවාස 1000 කට පමණ ජලය ලබා දීමට හැකි වන බව ගම්පහ ප්‍රාදේශිය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල ගෙවන්නේ කවුද? (ත)
අපි, සටන වෙනුවෙන් දිවි දුන් විරුවන් සමරමු (අ)
නිකන් දේශපාලනඥයන්ගේ කතා වලට රැවටෙන්න එපා.... වතුර ටික දැන් බට වලින් අරන් බොන්න... ගමට ගිහින් බල්ලන්න ගමේ වතුර බොන්න බැරිද පුළුවන් ද කියල... (ත)
අහෝ ජවිපේ තවත් සිහිනයක් බොඳ වී යන ආකාරය (ත)
අනේ අපේ ගමටනම් වතුර එපා !.මම විතරයි ගෙදර කොල්ලෙකුට ඉන්නේ. (ත)
අනේ අපේ ගමටනම් වතුර එපා !.මම විතරයි ගෙදර කොල්ලෙකුට ඉන්නේ. (ත)
ජනතාව වෙනුවෙන් කඩිනමින් පියවරක් ගැනීම ඉතා හොඳ කටයුත්තක් (ත)
ඇසිඩ් බිව් ජනතාවට හොඳ වතුර ටිකක් බීමට හැකි වේවි (අ)
පවතින තත්වයේ හැටියට ගම්පහ දිසාවටම නල ජලය දෙන්න වේවි (අ)
මොනවා කරත් ඔය රතු මල්ලිලා අකමැතියි. (ත)
මොනවා වුණත් දැනට තියෙන විසදුම ඕක තමයි. (ත)
රතුපස්වල කීම් අහල පාරට බැස්ස රතුපස්වල මිනිසුන්ට දැන් සල්ලි දීලා ක්ලෝරීන් වතුර බොන්න පුළුවන්. (ත)
අඩන්න ඕනලු කිරි එරෙන්න.... (ත)
අපේ නිවෙස් ආසන්නයේ ලීටර් 500 ප්ලාස්ටික් වතුර ටැංකියක් ගෙනවිත් තියලා දැන් සතියකට වැඩියි. හැබැයි තවම වතුර නම් දුන්නේ නැහැ.නිකන් ටැංකියකයට වතුර පිරෙන්නේ නැහැ නේද? බව්සර් මගින් ගෙනවිත් පිරවීම කළ යුතුයි නේද? එහෙම කරන්න කාටවත් වුවමනාවක් නැති බවයි අපේ සිතුවිල්ල. වුවමනා කෙනෙකුට සත්‍ය පරීක්ෂා කර බැලිය හැකියි. (නි)
තේරිපැහැ සිරිධම්ම හාමුදුරුවනේ.... ඔබ වහන්සේටත් නුවණැස පහල වේවා.(අ)
රවිනාත් මල්ලි වෙස්ස වෙලාවට අහසට අල්ලාගෙන ඉන්න, (අ)
බන්දුල, හරකෙක් වුණාට තප්පුලන්න එපා (නි)
මේවා ඡන්ද ගුණ්ඩු ,මෝඩයෝ මේවට රැවටෙයි. (ස)
සිංහයා එක්ක සටනට ඌරෙක් ආවලු අසුචි නාගෙන.අසුචි ගාගන්න සිංහයා කැමතිනැති නිසා ඌරට දිනුම දුන්නලු.බන්දුල පෙරේරා කියන්නෙත් පක්ෂ දේශපාලනය නමැති අසුචි නාල ඉන්න කෙනෙක් එම නිසා ඔබ දිනුම්.එහෙත් එකක් මතක තබාගන්න.ඔබ වැනි අය ඔබගේ අයටම මහා විනාසයක්.ඔබ කට අරින හැම වතාවකම ඔබ පෙනී සිටින අයගේ චන්ද අඩුවෙනවා.අපි මෙම ඉදෙන් බලාපොරොත්තුවෙන්නේ පක්ෂ දේශපාලනයක් නොව රට යහ මගට ගැනීමට අදහස් පළකිරීමක් පමනයි ඔබට මේ දවස්වල පෝස්ටර් ඇලවීම වැනි වැඩ අදික බැවින් එම කටයුතු කරගෙන යන්න. (දී)
සත්‍යපාල මහත්තයාගේ මතේ විතරද එතකොට මතේ. අනුන්ගේ මතත් එකග නැති උනත් ඉවසන්න පුරුදු වෙන්න.ඔබ තුමා දකින බලන කන්නාඩියෙන් හැමෝම බලනවා දකිනවා කියල හිතන්න එපා. අපි බබ්බු නෙමෙයි මහත්තයෝ.හොදට පදම් වෙච්ච ඔය කාගේ කාගේත් කල්කිරියාවන් දැකලා මිනී මරපු හැටි දැකලා, මිනී මරණ හැටි දැකලා, මේ රට විසාලා නුවරක් කරපු යුග පහු කරලා මෙතනට ඇවිත් ඉන්නේ. ගොනා හැරෙණ කොට අපි දන්නවා පොල් පැලේට කෙලින්න තමයි කියලා.(නදී) මහත්තයෝ..ඔය මහත්තයාගේ හක්කේ බුදුරැස් උනාට බොක්කේ දඩ මස් කියල මම කලිනුත් කිව්වේ එකය්.ඔය මහත්තයත් අරාබි වසන්ත එනකම්නේ පෙරුම් පුරන්නේ..බලන්න 21 වෙනිදට චන්ද අඩු වෙලාද වැඩි වෙලාද කියල..
ඔන්න ලංකාව පිබිදෙන හැටි. එක් කෙනෙක් දෙන්නෙක් වැඩ. තවත් දෙන්නෙක් බලාගෙන ඉන්නවා. ඔක්කොටම අපි තමා ගෙවන්නේ. (නි)
නිකන් බීපු ජලයට තව ටික දවසකින් බිලක් එනකොට එක ගෙවන්නේ ආණ්ඩුවෙන්ද ?
ජීවිත 3 බිලිඅරන් තවත් ජීවිත 30-40 රෝහල්ගත කලාට පස්සෙද කට්ටියගේ මොලවල් පෑදුනේ , ඔය වැඩේ කලින් කොලනම් අර අහිංසක දරුවෝ දෙන්න තාමත් පාසල් යනවා අර තාත්ත තමන්ගේ එකම දරුවාගේ සුරතල් බලනවා නේද ? මීට පස්සෙවත් බලය තිබුන පලියට පාවිචි නොකරන්න (දී)
ජලයේ ඇසිඩ් නම්, එක සිදුවන ආකාරය සොයා නවත්තන එකයි විසදුම. (දී)
ආණ්ඩුව කරන හැම හොඳ දේටම ඊර්ෂ්‍යා කරන ,මැරුණු අසරනයන්ව විකුණාගෙන කන විපක්ෂයට කඩේ යන අයට දැන් කට උත්තර නැතුව ඇති. (දී)
මේවා විහිලු.ඔය පොම්පාගාරයේ වතුර ඇතිතරම් තිබෙනවද ?කිසියම් සක්‍යතා අධ්‍යනයක් සිදුවුණාද ? තවත් සුදු අලියෙක් නොවෙවිද ? (දී)
එක කර්මාන්ත ශාලාවක් තියෙන රතුපස්වලට,කර්මාන්ත පුරයක් තියන බියගමින් වතුර දෙනවා කියන්නේ "ඉගුරු දිලා මිරිස් ගන්නවා වගේ මෝඩ වැඩක් ''.අනේ රතුපස්වල මිනිසුනේ , දේශපාලුවන්ගේ කපටිකම් වලට අහුවෙන්නනේ නැතුව ලිදේ වතුර බීපල්ලා. නුබලගේ වතුර වල කිසිම අව්ලක් නැහැ.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්නේ.අපරාදේ අහිංසක ජිවිත.(අ)
අනේ නාලක, ඔයාල මෙතරම් මෝඩද? ප්‍රතිචාර දන්නා කලින් ටිකක් හිතන්න පුරුදු වෙන්න.(අ)
මේවා තාවකාලික විසදුම්. දිර්ඝ කාලිනව කරන්න වැඩ ගොඩක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. අපිත් අවදියෙන්. (නි)
ඕක කලින් කරන්න බැරි උනේ මොකද (දී)
දැන් ඉතින් ගෙවාපල්ලකෝ වතුර බිලකුත්. (නි)
රතු පස්වල යකඩ අඩංගුයි කියලා මට හිතෙන්නේ. ගම්පහ පළතේම ඔය ගැටලුව ඇති. කම්හල වටේ පරීක්ෂණ කරලා මදි. ඔය වගේ ගැටළුවක් ඇහැළියගොඩත් තියෙනවා. කරන්න දෙයක් නැති නිසා මිනිස්සු බොනවා. කලටුවාව ජලාශයට තියෙන්නේ කිලෝමීටර් අටයි.කොළඹට වතුර අපිට ලෙඩ. (නි)
වීර, ඔබගේ අදහසට මමත් එකඟයි (නි)
දැන්නම් මටත් හොද වැඩත් හරහට පෙනෙන කාලයක් (නි)
වටිනා ජීවිත බිලි අරගෙන පස්සේ කිඹුල් කදුළු හළා වැඩක් නැහැ (නි)
වීර,විවේචන වලට ඉඩක් මෙන්ම අයිතියක් තිබිය යුතුයි (නි)
මෙපමණ විනාශයක් වෙනකල්ම හිටියනේ මේ ටික කරන්න? (නි)
මේ රටේ වියළි කලාපයේ මිනිස්සු වතුර නැතුව කොච්චර දුක් විදිනවද.මේ මිනිස්සු කරන දේ බැලුවම එහෙනම් ඒ මිනිස්සු පාරවල් වලට බැහැල ගිනි තියා ගන්න ඕනෑ නේද? මේ ප්‍රදේශයේ පසේ තියෙන යම් ප්‍රස්නයක් නිසා පී එච් අගය අඩු වෙලා තියෙනවා මිසක් වතුර විස වෙලා නැහැ.පී එච් අගය අඩු ජලය තියෙන පැති ලංකාවේ ඕනෑ තරම් තියෙනවා. කම්හල මගින් මේ දේ වෙනවා කියලා මිනිස්සු උසි ගැන්නුවේ කවුද කියලා අපි දන්නවා. (නි)