‘ආණ්ඩුව මාකට් කළේ යුද්ධය. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බුදලයක් නෙමෙයි. මේක එක්කෙනකුගේ දෙන්නකුගේ භූදලයක් නෙමේ. ලක්ෂ ගණනක් තරුණ තරුණියන්ගේ ජීවිතය අහිමි වෙලා තියෙනවා. පූජ්‍ය පක්ෂය උදවිය මේ කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කර තියෙනවා. එක පුද්ගලයකු දෙන්නෙකු කීර්තියක් අත්කර ගන්න හදනවා නම් වැරදි. සරත් ෆොන්සේකා බඩවැල් පොදිය අතේ තියාගෙන ගිය හැටි අපිට මතකයි. ඒ මනුස්සයා ගැන අද කතාවක්වත් නෑ. එවැනි ඉතිහාසයක් තියෙන්නේ.
යුද්ධය විකුණලා අහිංසක ජනතාවගේ රීරි මාංසය උරාගෙන කන්න එපා. කුඩු කන්ටේනර් ගණන ගෙනල්ලා ඒවාට අහිංසක මිනිස්සුව අල්ලලා අහිංසක මිනිස්සුන්ගේ පිට පටවන්නේ. මහා විනයක් ඇති කරන කැසිනෝ පටන්ගන්නවා. තවමත් මේ ඉරහද පායන ඒක පුදුමයක්.‘ යැයි වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.
සම්බුද්ධ ජයන්ති විහාරයේ මාධ්‍ය හමුවක් කැදවමින් සිරිධම්ම හිමියෝ එසේ පැවසූහ.
2014 වසර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියක පමණ කාලයක් නිසා මේ සතියේ විසඳුමක් නොලැබුණහොත් ජනවාරි පළමු වැනි දා රතුපස්වල කර්මාන්ත ශාලාව ඉදිරියට ගොස් එහි පැල් බැඳගන්නා බව ද සිරිධම්ම හිමියෝ කීහ.
රතුපස්වල ජල ගැටළුව ආරම්භ වූ දා පටත් ගම්වාසීන් සමග සිටි සිරිධම්ම හිමි රතුපස්වල කම්හල සමග ගිවිසුමකට එළඹීමත් සමග ගමෙන් පිටවී සිටියහ. ඒ හිමියන් මුදල් ගෙන ගම්වාසීනට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. එම චෝදනාව සිරිදම්ම හිමි ප්‍රතික්ෂේප කළේය.
ගම්වාසීන් නියෝජනය කරන සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා තෙරිපැහැ සිරිධම්ම හිමිගේ මාධ්‍ය සාකච්ඡාව ගැන අදහස් දක්වමින් පැවසුවේ මේ සතියේ විසඳුමක් නොලදහොත් සිරිධම්ම හිමියන්ට පෙර ගම්වාසීන් පාරට බහින බවයි.
පෙරේරා මහතා මෙසේද පැවසීය.
‘රතුපස්වලට දැන් වතුර දෙන්නේ නෑ. වතුර නවත්වලා. තාම කර්මාන්ත ගෙනිච්චෙත් නෑ. මේ ගැටලුව ලබන වසරට ගෙනියන්න බෑ. දැන් ජන ජීවිතය අවුල් වෙලා තියෙන්නේ.
කම්හල ගැන වාර්තා සියල්ල ඇවිත් තිබෙනවා. අපි ආණ්ඩුවෙන් පොරොන්තුවක් දුන්නා මේක මෙතැනින් ගෙනියනවා කියා. තවම විසඳුම් නෑ. මේකට අද හෙට විසඳුමක් නොලැබුණොත් ගම්පහ පොලිස් අධිකාරී සමග සාකච්ඡා කර තෙරිපැහැ සිරිධම්ම හිමියනට පෙර අපි පාරට බහිනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක , ඇගිල්ල දික්කරල හඳ පෙන්නනකොට ඇගිල්ල දිහා බලල කෑ ගහන්න එපා (ත)
අගමැති තුමා හරියි කියලත් හිතෙනවා ඔය වෙලාවට නම් (ත)
මෙච්චර දෙයක් වෙලත් මේ යථාර්තය අවබෝද නොවුනා නම් කොහොමද බුදු බනේ තියෙන විමුක්තිය ලබන්නේ. .මට පෙනෙන්නේ නම් පළාත් සභාවට පන්දමෙන් ඉල්ලන්න වගේ හදන්නේ.(නදී)
මෙතන කම්හලේ පාලන අදිකාරිය දාම් අදින්න හොඳට දන්නවා. එක ඇදිල්ලක් තමයි රතුපස්වල ජනතාවයි හාමුදුරුවොයි බේද බින්න කිරීම. මෙතනදි රතුපස්වල ජනතාව තාම එකම විදියට ඉන්නවා. (නදී)
අන්තෝ ජටා බහි ජටා. හිතාගන්න බෑ මොකද්ද කියලා. (නදී)
අනේ හාමුදුරුවනේ බණ කව්වට කමක් නෑ බොරු නම් කියන්න එපා පව් සිද්ධ වෙනවා. කම්හලට එරෙහිව කරන විරෝධතා වැඩේ පාවාදීලා විරෝධය නිහඩ කලොත් දෙන්නට පොරොන්දු වුන මුළු මුදලම දැන් නොලැබෙන නිසා තවත් ක්‍රමයක් අනුගමනය කරනවද? දැන් ඔබවහන්සේ අමාරුවේ වැටිලා ඉවරයි. ගමේ පැත්ත ගත්තොත් කම්හල සියල්ල හෙළි කරනවා. හරියට අර "ගලේ පැහැරුව බළලා" වහගන්න බැරුව දගලනවා වගේ. "ගෙදර ගියොත් අඹු නසී,මග හිටියොත් තෝ නසී" කීවලු. (නදී)
හා හා හාමුදුරුවනේ ඔය ගැන කතාකරන්ඩ එපා. ඔය කම්හලේ නියම අයිති කාරයෝ කව්ද කියලා දන්නවනේ. (නදී)
අද රතුපස්වල, හෙට කාගේ ගමට මේ ආනිසන්සේ එයිද දන්නේ නැහැ. (නදී)
ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවාගන්න බැරිය.(නදී)
සටනක් පාවා දුන්නට පස්සේ ආපහු සටන් කරන්න හරිම අමාරුයි.(නදී)
මුන් වහන්සේත් යමක් මාර්කට් කරන බව පෙනෙනවා. පළාත් සභා මැතිවරණ දෙකක් ඉදිරියේ තියෙන නිසා උන්වහන්සේ කියන දෙය සත්‍ය බවට තර්කයක් නැහැ. (නදී)
ඔය ටිකම තමි අපේ හාමුදුරුවනේ.(ත)
මේ පාර පැල් බැඳගත්තොත් තනියම තමා බදින්න වෙන්නේ. (ත)
එතකොට හාමුදුරුවනේ අපේ පාන්සකුල වලට වදින්න, පෝයට බණ ටිකක් අහගන්න එහෙම වෙලාවක් නැතිවෙයි නේද?(දිල්)
තවත් පිරිස් මෙහෙන් ඡන්දය ඉල්ලනවා. (ත)
ඉතිහාසයේ පටන් රටේ විවිධ අරගල වලදී පෙර පැන ගලවා ගත්තේ ස්වාමීන්වහන්සේලාය. ඒ බව ඉතිහාසයේ රන් අකුරින් සටහන්ව ඇත. මෙයත ඇවැනි අවස්ථාවකි. (ත)
තුවාල වුණු මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරිද? (ත)
මේ හාමුදුරුවො ළඟඳිම දේශපාලනයට එන්න වගේ හදන්නේ. (ත)
මේ හාමුදුරුවො ‘මාකට් කරන්නේ‘ මොනවද? (ත)
තරුණයන් කී දාහක් ජීවිතය පූජා කරලද රටට නිදහස අරන් දුන්නේ. (ත)
අපි කිසිම කෙළෙහිගුණයක් නොදත් පිරිසක්. (ත)