දක්ෂිණ අධිවේගී මාර්ගයේ 19 වෙනි සැතපුම් කණුව අසල බණ්ඩාරගම, පරගස්තොටට වැටී ඇත්තේ පුහුණු ගුවන්යානයක රෝදයක් ගුවන් හමුදාව කියයි.
එම ගුවන්යානය නිරුපද්‍රිතව රත්මලානට බැස්ස වු බවද ගුවන් හමුදාව කියයි.
ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් පොඩි රෝදයක් ? (නදී)
සඳුන්, මම මේක අනතුරක් නෙවෙයි කියලා කොතැනවත් කියලා නැහැ. ඒ වගේම මේක පුද්ගලිකද නැත්නම් ගුවන් හමුදාවේද කියලත් කොතනකත් මම කියලා නැහැ. මම කියල තියෙන්නේ මෙවැනි අනතුරු වලට හේතුවිය හැකි කාරණය පමණයි. සාමාන්යෙන් ලංකාවේ ඇතුලත මෙවැනි දෙයක් සිදු උන ආරංචියක් ලැබුනම මුලින්ම ගුවන් හමුදාව එන බවනම් මම දැකලා තියෙනවා. එකට ආසන්න උදා හරණය තමයි පහුගිය දවසක මාළු දැලක පැටලුනු රෝදයක් හමුවීම(ප්‍රදේශය මතක නැත) සොයා බැලීමට ගුවන් හමුදාව ගොස් ඒ පිලිබඳ පරීක්ෂණයක් කර ගුවන් යානයක රෝදයක් නොවන බවට තහවුරු කරගෙන තිබුනා. ඔවුන් ගුවන් යානා සම්බන්ධ අත්දැකීම් සහ පළපුරුද්ද ඇති නිසාත්, ශ්‍රිලංකාවේ ගුවන් කලාපයේ ආරක්ෂාව ඔවුන් සතුන් නිසාත් ඔවුන් එසේ යනවා ඇති. අනිත් කාරණය ලංකාවේ ඕනෑම මාදිලියේ අනතුරකදී මුලින්ම යන්නේ පොලිසිය. ඉන්පසුව පොලිසිය ගුවන් හමුදාවට ඒ බව දැනුම් දෙන්න ඇති. ඉන් පසුව තමයි සිවිල් ගුවන් යානයක් නම් (මගී හෝ භාණ්ඩ ප්‍රවාහන) සිවිල් ගුවන් සේවා අධිකාරිය ඔවුන්ගේ පරීක්ෂණ පවත්වන්නේ. (අ)
කුසුම් නොදන්න දේවල් කියන්න එපා. කෙනකුගේ දැනුවත්කමට අපසාහකරන්න එපා. මට මතක් වුණේ වඳුරට දැලි පිහිය අහු උන වාගේ කියන කියමන.
කුසුම් ඔයා ඔයා ගැනම ප්‍රස්තා පිරුලකින් හදුන්වලා දීලා තියෙනවා ඔයා හරියට මගේ අදහස කියවලා නැහැ. ඒ වගේම සමහරු ශිර්ෂපාටය විතරක් බලලයි අදහස් දමන්නේ. මම අන්තර් ජාලයෙන් කියවල හරි මගේ දැනුම වැඩිකර ගන්න හදන්නේ බක පණ්ඩිතයෙක් වෙන්න නෙවෙයි ඔයාගේ හැඳිමිටේ දැනුමට එහෙම පෙන්න ඇති. ක්ෂේත්‍රයේ අවුරුදු විසිපහකට ආසන්න කාලයක මගේ අත්දැකීම් එක්ක, සිදුවිය හැකියැයි නිගමනයකට එළඹිය හැකි දෙයක් මම විස්තර කලේ. (දී)
මොනවා කරන්නද මංජුල අපේ අයගේ නොදැනුවත්කම තමයි. රටේ මොනවා උනත් රජයට බනින එක විතරමයි අපේ මිනිස්සු දන්නේ (දී)
මංජුල අබුඩාබි, ඔබ වැනි අන්තර්ජාලයෙන් කරුණු හොයාගෙන මෙතන බක පණ්ඩිත ලීලාවෙන් අදහස් දමන පණ්ඩිතයින් අපි ඕන තරම් දැක තිබෙනවා. අන්තර්ජාල පුවත්පතක් කියවා තම හිතට නැගෙන ස්වාධින අදහස් දමන්නන් හට ඔබ අන්තර්ජාලය ගැන පාඩම් කියා දෙන්න හදනවා වගෙයි. " පිරුණු කළේ දිය නොසැලේ" පුළුවන් නම්, විකිපීඩියා වලට ගිහින් හොයල දැන ගන්නකො සිංහල තේරුම මොකක්ද කියල. අපි නම් රහ දැනගන්නේ හොඳ කෑමක් කාලා. එත්, සමහරු රහ දැනගන්නේ, විකිපීඩියා කතන්දර කියවල. මංජුල ඔයා ගොඩක් බුද්ධිමත් අනේ! දැන් සතුටුද? (දී)
අපේ සමහර අයගේ අදහස් දැක්කම දුක හිතෙනවා මොනවා හරි දෙයක් අල්ලාගෙන මෙලෝ රහක් නැති විකාර ලියන නිසා. තමුන්ට අදාළ නැති ක්ෂේත්‍රයක මොනවා හරි දෙයක් වෙලා තියෙනවනම් ඒ ගැන අන්තර් ජාලයෙන් හරි හොයලා ඉගෙන ගන්න බලන්න. මේ සිදුවීම වෙලා තියෙන්නේ විශාල මගී ගුවන් යානාවක නෙවෙයි. සැහැල්ලු පුහුණුවීම් කටයුතු සඳහා යොදා ගන්න යානාවක. ඕනෑම ගුවන් යානාවක් නිවැරදි තත්ව පරීක්ෂාවක් කරනවා ගුවන් ගතවෙන්න කලින් ඒක අන්තර් ජාතික සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් අධිකාරි රෙගුලාසි අනුව සිදුවෙන්නේ. නමුත් ගුවන් යානාවක් ගුවන් ගතවෙන මොහොතේදී යම් කිසි අබාදයක් සිදුවෙන්න පුළුවන් ගුවන් යානය වේගයෙන් ගුවන් පථයේ යනකොට ඇතිවන දෙදරීම හේතුකොට ගෙන විශේෂයෙන් රෝදය සම්බන්ධ වෙලා තිබෙන ආධාරකයේ (LANDING GEAR ) එකේ. මේකත් එවැනි දෙයක් කියලා සැක හිතන්න පුළුවන්. පළපුරුදු ගුවන් නියමුවෙකුට රෝද ඇතිව හෝ නැතිව ගුවන් යානාව ධාවන පථයට ගෙන එන ආකාරය පුහුණුවක් ලබලා තියෙන්නේ. ඒ නැතත් මෙවැනි හදිසි තත්වයක සුදුසු වන ආකාරයට තමයි ගුවන් ධාවන පථයක් දෙපස පුළුල් තණ තීරු දක්නට ලැබෙන්නේ. ලංකාවේ සිදු නොවුනට මිට වඩා විශාල මගී ගුවන් යානා රෝද අක්‍රිය වීම හෝ රෝද ගුවන් ගතවුණු පසු රඳවා තබන WHEEL WELL එකෙන් පිටට නොඑම නිසා ගොඩ බාන අයුරු විවිධ රුපවාහිනී පුවත් සහ අන්තර් ජලයේ දී මම නම් දැක තියෙනවා (දී)
කොහොම බෑවද අප්පෝ රෝදේ නැතුව (දී)
"අධිවේගී මාර්ගයෙත් ගුවන් යානා යනවද දන්නෙ නෑ" ටුවින් ඔට්ටර්, සෙස්න වගේ පොඩි එකක් බිමට බාගන්න නම් පුළුවන් වේවි ප්ලේන් එකේ තටු වැටට ඉහලින් තිබෙන නිසා (අ)
ඔය ගුවන් යානයේ රෝදයක් ගැලුණාට ඔච්චර කෑ ගහන්න එපා. අපේ රට බේරා ගන්න මේ අය කරපු දේවල් මෙටිකට අමතකද. (අ)
අධිවේගී මාර්ගයෙත් ගුවන් යානා යනවද දන්නෙ නෑ ? (අ)
අධිවේගයට හැමදාම මොකක් හරි මරාලයක් කඩා ගෙන වැටෙනවානේ. රිය අනතුරු ,ජල ගැලීම්, .ගිලා බැසීම් , වැටේ කෑලි ගලවන සොර සතුරන් දඩ කොළ , සහ දැන් ගුවන් යානා රෝද ! (අ)
මේක මහා බොරුවක්. රෝදය හැටියෙන්ම පේනවා මේක ගොතපු කතාවක් බව (අ)
ලංකාවේ වෙන දේවල්වල හැටියට ඕවත් වැඩ ද? (අ)
නියමුවන් පුහුණු කරවන "සෙස්නා" වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් හා සමාන ගුවන් යානයකින් තමා මෙම රෝදය ගැලවී ඇතිබවට තොරතුරු තියෙන්නේ. යානය රත්මලානට පාත්කර ධාවන පථය ටිකේ ටික දුරක් ගිහිල්ල ධාවන පථයෙන් පිටතට ඇදිලා ගිහිල්ල තියෙනවා. නියමුවා ද රෝහලට ඇතුලත් කර ඇත්තේ "චෙකප්" එකකටය. ගුවන් හමුදාවේ පුහුණු පාසලේ කළමනාකාරීත්වයේ යම්කිසි හිඩැසක ප්‍රතිඵලයක් නිසා මෙය වුවානාම් තත්ත්වය වඩා අසතුටුදායකය. (අ)
රෝදයක් ඉබේ ගැලවිලා වැටෙන්න තරම් සිදු වූ ප්‍රමාද දෝෂය ඉතා භයානකයි. බිම යන වහනයක් නම් අයින් කරලා නවත්වන්න පුළුවන්, අනේ බලාගෙන! (දී)
මේ දවස්වල ඉබේම අපේ හිස මතට වැටෙන ඒවා මදිවට දැන් ගුවන් යානාවල කෑලිත් ඔලුවට වැටෙන්න ගියොත් එහෙම හොඳට තියේවි. ඇති යන්තම් ඔයින් බේරුනා. ගුවන් යානාව පියාසර කරවන්න කලින් පරීක්ෂා කරලා තියෙන්නේ අපරික්ෂා කාරිව වෙන්න ඇති. (නදී)
මෙම පුහුණු ගුවන් යානා වල රෝද සවිකරන්නේ පරණ කම්මල් වලද ? ගුවන් යානයක් ගුවනට ගැනීමට පෙර පරික්ෂා කිරීමක් නැද්ද ? මේවා ඉන්දියාවේ බජාජ් සමාගමේ නිෂ්පාදිත ත්‍රි රෝද ගුවන් යානයක්ද ? (නදී)
නියමයි ! (නදී)
කොහොම හරි අද හවස් වෙනකොට නිවේදනයක් නිකුත් කරාවි මේ සෙල්ලම් ගුවන් යානකින් ගැලවී විසිවුණු රෝදයක් කියා (නදී)
මේක පොඩි එකක රෝදයක්ලු නේ. අපිට තියෙනවා කියන ඔය ලොකු ඒවලත් රෝදවල හුලන් තියනවද ඇන තදවෙලාද කියලා පරික්ෂා කරලා බැලුවොත් නරකද උඩ යන්න කලින්ම. (නදී)
ඕක උනත් ඇති ඔලුවකට වැටුන නම් මැරිලා යන්න! (නදී)
ගුවන් යානයක් පියාසර කරවන්නේ සෑම පරික්ෂාවක්ම කරලනේ. ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද ගැටළුවක්ම තමයි (නදී
ඒ රයිට් සහෝදරයෝ අද හිටියනම් එයාලට මොනවා හිතේවිද මේවා දැකල. (අ)
මේක පුද්ගලික ගුවන් නියමු පුහුණු පාසලක ගුවන් යානයක් මිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එකක් නෙවෙයි . අපේ ගුවන් හමුදාවට අයිති ගුවන් යානයක් නෙවෙයි. (අ)
මේ වගේ අරුම පුදුම දේවල් වෙන්නෙත්....එම වුනු දේවල් පිළිබඳව මාධ්‍ය ප්‍රකාශකයන් කරන හාස්‍ය ජනක ප්‍රකාශයනුත් දැක බලාගන්න පුළුවන් එකම රට අපේ රට කියලයි මට හිතෙන්නේ. (අ)
ඔය රෝදය කිසම කෙනෙකුට අනතුරක් නොකරපු එකනම් හරිම පුදුමයි.ඒ වගේම ඒ ගුවන් යානය පදවපු සහෝදර ගුවන් සෙබල හරිම වික්‍රමයක් කරලා තියෙන්නේ. ඔය ඉස්සරහ රෝදය ද පිටුපස රෝදයක් ද කියල දැනගන්න තිබුනා නම් මට ඒ ගුවන්යානය ලෑන්ඩ් කරපු විදිහ මීට වඩා රසවත්ව හිතන්න තිබුණා. (අ)
ජීවිත හානියකින් හෝ දේපල හානියකින් තොරව මෙවන් අනතුරක් සිදුවීම හාස්කමක් වගෙයි. කොහොම වුනත් ගුවන් හමුදා ඉතාම සැහැල්ලුවෙන් කර ඇති ප්‍රකාසය හෙළා දකිමි. වග කිවයුත්තන්ගේ ඇස යොමුවනු ඇතැය් බල පොරොත්තු වෙමි (අ)
පුහුනුවේ කොටසක් ද ? දන්නේ නැහැ , රෝද නැතිව ගොඩබාන එක.(අ)
පුහුණු ගුවන් යානා කෑලි හැලෙන ඒවා නම් පුහුණු වන නියමුවන්ට දෙවි පිහිට තමයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය මේවා සොයා බලන්නේ නැද්ද? රයිට් සහෝදරයෝ (නදී)