IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘රුධිර පාරවිලයන ඒකකයේ රුධිර සංචිත අඩුවෙලා’

 
 
(ක.ග. කරුණාරත්න)

කොවිඞ් 19 දෙවෙනි රැල්ල ආරම්භ වන අවස්ථාවේ ජාතික රුධිර පාරවිලයන ඒකකය  සතුව රුධිර සංචිත 13,000ක් පමණ පැවැති  බවත් මේ වන විට එම සංචිත ප්‍රමාණය 5,500ක් පමණ දක්වා අඩුවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන ඒකකයේ අධ්‍යක්‍ෂ,වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ මහතා අද (6) පොලොන්නරුවේදී පැවැසීය.

රුධිර සංචිත එසේ අවප්‍රමාණ වුවද කිසි ලෙසකින්වත් රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය නවතා හෝ සපයාදීමේ බැරිකමක් ඇතිවී නැතැයිද ඒ මහතා කීය.

ජාතික රුධිර පාරවිලයන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවැති ජංගම රුධිර කඳවුරු වැඩ සටහනක සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

සුදු අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඞ්ලි සිරිසේන මහතාගේ උපදෙස් පරිදි “ඩඞ්ලි සිරිසේන සමාජ සත්කාරක පදනම” මගින් මෙය සංවිධානය කර තිබුණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ මහතා මෙසේද කීය.

“බස්නාහිර පලාතේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම ගැටළුවක්ව තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව මහජනයා ඒකරාශී කිරීම සීමා කරන්න සිද්ධ වෙලා තිබෙන නිසා අපි ඒ කටයුතු එම නීති රීති වලට අනුවයි කටයුතු කරනු ලබන්නේ. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම තීරණය කලා ජාතික රුධිර පාරවිලයන ඒකකය හැටියට රටේ කොවිඩ් අවදානම අඩු ප්‍රදේශවලදී සෞඛ්‍ය අමාත්‍යංශයත්,වසංගත රෝග විධ්‍යාඥ ඒකකයත් නිකුත් කර තිබෙන එම සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව ඉතාමත් සීමිත කණ්ඩායම් සමඟ රුධිර කඳවුරු සංවිධානය කරලා එමගින් ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර් ණ කිරීම සඳහා රුධිරය ඒකරාශී කරන්න. අද ඉඳලා ඉදිරි සතියක කාලයක් පුරා අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආගමික ස්ථාන,බෞද්ධ පූජනීය ස්ථාන ආශ්‍රිත කරගෙන රුධිර කඳවුරු මාලාවක් සංවිධානය කරනු ලබනවා. එහිදී සෞඛ්‍ය ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින්,කණ්ඩායම් සීමාසහිත ලෙස ගෙන්වා ගනිමින්,සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් විශේෂයෙන් කොවිඞ් ආශ්‍රිතයින් සහ රෝග ලක්‍ෂණ සහිතපුද්ගලයන් මඟ හරිමින්   මේවෙනකොට අපේ රුධිර සංචිත මට්ටම පහත වැටීමක් තිබෙනවා. නමුත් කිසි ලෙසකින් වත් රෝගීන් ගේ අවශ්‍යතාවය සඳහා වන රුධිරය අපි නවත්වලා නෑ.

උතුරු,උතුරු මැද සහ නැගෙනහිර යන දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පොලාන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති උඩගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් පිරිසපංච ශීලයෙහි පිහිටුවනු ලැබූ අතර පැපිලියාන සුනේත්‍රාදේවී මහ පිරිවෙනේ පරිවෙන් අධ්‍යක්‍ෂ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහනසේ මෙහිදී අනුශාසනයක් සිදු කළහ.

 

 

 
 

 

 
 



අදහස් (0)

‘රුධිර පාරවිලයන ඒකකයේ රුධිර සංචිත අඩුවෙලා’

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 96 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 285 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 207 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 476 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 102 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 646 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site