IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රන් පාවහන් දෙකක් රේගුවේ හිරවේ

රුපියල් තිස් හතර ලක්ෂ දස දහසක් වටිනා රත්තරන් කැබැලි 4 ක් සපත්තු පතුලේ අලවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ කොළඹ පදිංචි වයස 42 සහ 45 වියැති පුද්ගලයෝ බව පොලීසිය කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ රත්තරන් වල බර ග්‍රෑම් හයසිය අසු දෙකකි.

සැකකරුවෝ  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරිමේදී මේ බව දැන  රේගුවට බාර දී ඇත.

මේ පිළිබඳව රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සැකකරුවන්ට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම රත්තරන් තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක  ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

රන් පාවහන් දෙකක් රේගුවේ හිරවේ

ගාමිණී - සිරි Friday, 08 August 2014 05:13 AM

මිරි වැඩි සඟලක් පැළඳුවේ පුරාණයේ රජවරු. නුතනයේ ගුවන් මගීන්. මේ රාජ සන්තක කරන රත්තරන් හා නියම කරන දඩ මුදල් බැර කරන්නේ කිනම් ගිනුමකටද ? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 August 2014 03:46 PM

ගුවන් තොටුපොලෙන් අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ?(අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 August 2014 03:49 PM

මේ අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති ලංකාවේ දුප්පත්කම තුරන් කරන්න.ලංකාවේ 45% ක දරුවන් මන්දපෝෂණයෙන් බේරා ගන්න.40% ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් බේරා ගන්න.(අ)

:       0       0

අබේරත්න Friday, 08 August 2014 07:27 AM

රේගු නිලධාරීන්ගේ කැපවීමෙන් යුතු සේවාවට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 08 August 2014 10:43 AM

මේවාට වෙන්න ඇති ඉස්සර කාලයේ මිරිවැඩි සඟල කිව්වේ , ඉන්දියාවට අපේ රටින් පිට කරන රත්තරන් ප්‍රමාණය කොපමණද කියා ලංකාදීපයේ දිනපතා පුවත් පත බලන මට හිතා ගන්නටත් බැහැ. මේවා අපේ රටේ ධනස්කන්දය නේද? (නදී)

:       0       0

නලීන් Friday, 08 August 2014 11:34 AM

ගාමිණී , ඔබ හරි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 08 August 2014 03:23 AM

මේ අල්ලන විදියට මේ වෙනකොට කිලෝ 50ක විතර රත්තරන් රේගුවේ තියෙන්න ඕන. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 450 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 478 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1452 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1100 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 432 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site