නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක හා විද්‍යුත් මාධ්‍යවේදියකු අතර මාදිවෙල ඔහුගේ නිල නිවසේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කේන්තියට පත් නියෝජ්‍ය ඇමැතිවරයා වීඩියෝ කැමරාවකට ගැසීය.
එම කැමරාව එම මාධ්‍යවේදියා නියෝජනය කළ ආයතනයේ කැමරාවක් නොවීය.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්න හමුවේ ඒ මේ අත ඇවිදිමින් අතපය විසිකරමින් කථා කළ නියෝජ්‍ය ඇමැතිවරයා අන්තිමේදී මාධ්‍යවේදියාට අතට අත දුන්නේය.
(වීඩියෝ දර්ශන - ඩේලි මිරර් වෙබ් අඩවියෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් නොකරන මෙහෙම අයව තමයි අද කාලේ පාර්ලිමේන්තු යවන්න ඕනෑ. රටෙන් හොරකම තුරන්වුණ කාලෙත තමයි උගත්කම ඇති අය විතරක් යවන්න ඕනෑ. දැනට ඒක බැහැ මහේෂ් (නි)
ඔබතුමා මීටවැඩිය ඉවසීම පුරුදුවෙන්න එපායැ (නි)
සමන් බූත කතා නොකිය ඉන්න. (ර)
නළුවන් දේශපාලනයට ආවම කරන්නේ දේශපාලනයේදීත් රඟපානඑක. ඉන් එහා දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.? (ර)
රන්ජන් නි. ඇමති තුමාගේ කේන්තිය සාධාරණය... (ර)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙයිද.? (ර)
ඒ කියන්නේ ලංකාවේ ගෙයක් හදාගෙන වාහනයක් ගන්නනම් ජරාව කන්න ඕනි. (ර)
මාධ්‍යවේදීන් මීට වඩා බුදිමත් විය යුතුයි. රන්ජන් ක්‍රියාකල ආකාරය නිවැරදියි. (ර)
රන්ජන් කරන්නේ මහජන සේවයක් මේ ළඟදි මම දැක්ක වගකීමෙන් කල ප්‍රකාශයක් ප්‍රදීප් එක්නැලිගොඩ මැරුවේ මහින්ද කියා මේවා බොරු වෙන්න බැහැ. ඕවට විරුද්ද මහින්දට කඩේ යන පහරයන්ගේ වැඩ .මොහුගේ මහජන සේවය අගය කරමි (අ)
හොරකම් කරන නූගතුන් සහ හොරකම් නොකරන නූගතුන් ලෙස කොටස් දෙක්ක ඇත. එසේම හොරකම් කරන උගතුන් සහ හොරකම් නොකරන උගතුන් ලෙසද කොටස් දෙකක් ඇත. මොනවා නැතත් මොහු හොරකම් නම් නොකරයි. (අ)
සමන්, නුගත්කම හා මෝඩකම සැගවිය හැක්කේ “නොලියා සිටින තුරු පමණි“ ලෙස වෙනස් වුනොත් හොදයි කියලා හිතෙනවා. (අ)
මේවගේ හරක්නේ ජනතාව පත්කර ගත්තේ.ලොක්කාගෙන් ලකුණු දාගන්න වෙන්න ඇති "දෙරනටම "ගහන්නේ?කලින් දිල්කට, දැන් මෙයාට,කොට කොට ගිහින් කෙසෙල් ගහට කොටපු දවසට තමයි රගේ තේරෙන්නේ? (අ)
කාඩ්බෝර්ඩ් වීරයෙක් වෙන්න එපා. බොරු සෝබන විතරයි. (නි)
මෙයාලා මේවායින් හරි ජනප්‍රිය වෙන්න හදනවා (නි)
නි. ඇමතිතුමා මේ දිනවල හිතේ කරදරයකින් ඉන්නවද මන්දා (නි)
ඉවසීමෙන් සැනසීමක් ලැබිලා නැතුව ඇති (නි)
නුගත්කම හා මෝඩකම සැගවිය හැක්කේ නිහඩව සිටින තුරු පමණි. දේශපාලන පක්ෂ නායකයන් තම මාධ්‍ය ප්‍රකාශකයන් පත් කිරීමේදී, උගත් ,දැනුවත් සමාජ දැනුමෙන් හෙබි පුද්ගලයන් පත්කළ යුතුය. එකිනෙකාට තම ප්‍රතිරූපය නංවා ගැනීමට මාධ්‍ය යොදා ගැනීම වැළැක්විය යුතුය. එවිට ජනතාවද බුද්ධිමත් තලයකට සංවාදයකට හුරු වනු ඇත.. (බ)
ඔහොම කේන්ති ගත්තොත් නම් හොඳ නැහැ හොඳේ (නි)
ඇත්ත කියනකොට නම් කාටවත් කේන්ති යන්නෙ නැහැ (නි)
සමන්, හැබැයි හිතපු තරම් නම් රන්ජන්ට කේන්ති ගිහින් නැහැ. (නි)
එයා නළුවෙක්නේ. ඕනෑ චරිතයක් රඟපාන්න පුළුවන්නේ (නි)
තවත් ගරු රඟපෑමක්ද? (නි)
ජනප්‍රිය නළුවෙක් නිසාම පාර්ලිමේන්තුවට යන්න ලැබුනා. නැත්නම් ඔවුන් ඉන්න ඕනෑ තැනම ඉඳීවි (නි)
රන්ජන්ට නළුකම සිනමාවට විතරක් තියාගත්තම ඇති. මාධ්‍යවේදියට ජනතා උපහාරය. (නි)
මොනවා වුණත් රන්ජන් අවංකවමයි දේශපාලනේ කරන්නේ. මහේෂ්/සමන් මම රන්ජන්ට කඩේ යනවා නොවෙයි. (නි)
නුගත් වුනත් කරන වැඩේ හරි නම් හරි නේ (බ)
මෙහෙම ප්‍රශ්න අහනකොටත් කේන්ති නොයන්න නම් මාර්ග ඵලයක්වත් ලබලා තියෙන්න ඕනේ. රන්ජන් මේතරමින් වත් කේන්තිය මැඩගෙන ක්‍රියාකිරිම අගය කළ යුතුයි. (බ)
මේගොල්ල කතා කරන්නේ ජරාව ගන්න අයට විතරය් ගෙයක් දොරක් ගන්න පුළුවන් වගේනේ. දේශපාලනේ පැත්තකින් තියන්නකෝ ඇයි රඟපාලා හම්බුකරන සල්ලි වලින් මොනවද කරන්නේ. අනිත් එක මෙයාට මොකද මෙච්චර තරහ ගියේ. (බ)
මේක පටල ගත්ත ඇහුවේ වෙන දෙයක් උත්තර දෙන්නේ වෙන දේකට මාධ්‍යවේදියාව බය කළ බවක් තමා මටනම් පෙන්නේ (බ)
මේ අයව පාර්ලිමේන්තුවට යවපු මිනිස්සුන්ට කස පහර දෙන්න ඕනෑ (ම)
මොහු කියන දේ තුල සත්‍යයක් තියනවා. සමහර අයට මෙහෙම වුණා නම් ඉතින් වලලපු තැන්වල ගසුත් නෑ (ම)
ඕව රන්ජන්ම සෙට් කරලා කරන රඟපෑම්. ඕවට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ. (බ)