වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම ගැනත්, තිදෙනකු මරා දැමීම ගැනත් මුළු රටටම පිළිගත හැකි ස්වාධින පරික්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මිය ගිය අයට හා තුවාල ලැබුවනට වන්දි ගෙවන ලෙසද ඔහු කියා සිටියේය.
බිමට වතුර ඉල්ලා පැවැත්වු උද්ඝෝෂණය යුද්ධයක් බවට පරිවර්තනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා ඇසුයේ යුද හමුදාව එහි කැඳවුයේ කුමන හේතුවක් මතද යන්නයි.
උද්ඝෝෂණයකදී මුලින්ම පොලිසිය කැඳවීම ජල ප්‍රහාර ,කදුළු ගෑස්, රබර් උණ්ඩ වැනි දේ පාවිච්චි කිරිම සාමාන්‍ය ක්‍රමය වුවද එසේ නොකර හමුදාව කැඳවා වෙඩි තැබුවේ ඇයිදැයි රජය උත්තර දිය යුතු බවද වික්‍රමසිංහ මහතා කීවේය.
මෙම සිද්ධියට තවත් පාර්ශවයක් ඇතැයි හමුදා ප්‍රකාශක කළ ප්‍රකාශය ගැන සඳහන් කළ වික්‍රමසිංහ මහතා ඒ ගැන සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටියේය.
මේ සිද්ධියෙන් මිය ගිය තිදෙනාම උද්ඝෝෂණයට සහභාගී නොවු බව කී වික්‍රමසිංහ මහතා ඔවුන් නිරපරාදේ මරණයට ලක් කැර ඇතැයිද පැවසීය.
රතුපස්වල පානිය ජල ප්‍රශ්නයට විසදුමක් දීම වෙනුවට යුද හමුදාව කැඳවා මහජනයාටද මාධ්‍යවේදීනටද පහර දීම යැයි කි වික්‍රමසිංහ මහතා දැඩි සේ දෝෂ දර්ශනයට ලක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම රජය වන්දි ගෙවන්න ඕනෑ මේ ජීවිත වලට. (නි)
පරීක්ෂණ කරලා විතරක් මදි. දඬුවම් දෙන්නත් ඕනෑ මතක හිටින්න. (නි)
ඔබ හරි.දැන්වත් කොන්ද කෙලින් තබාගෙන එඩිතරව කතා කරන්න ...... (නි)
හොඳ මනුස්සයෙක්. (නි)
මෝඩ ප්‍රකාශ කරලා නම් නැති කර ගත්තේ නැත්නම් මේ ප්‍රකාශය ආණ්ඩුව හෙල්ලෙන තරම් බලවත්. එත් ආණ්ඩුව විපක්ෂයේ ප්‍රකාශ ගණන් ගන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. (අ)
අතේ ලේ තවරා නොගත් බුද්දිමත් මානුෂික හැගීමෙන් පිරිපුන් නායකයා ඔබයි. (නි)
ගරු විපක්ෂ නායක තුමනි කඩුවෙල කම්මලට ගිහින් අසිපත තව තවත් මුවහත් කරගෙන ඉදිරි සටන් වලට සුදානම් වෙන්න .කම්මලට ගිහින් පරණ මයිනහමෙන් ඩෝසර් එකට හුළං ගගහනම් ඉන්න එපා .අන්තිමට තලපු යකඩෙකුත් නැහැ මයින හමේ පාලුවකුත් නැහැ වගේ වෙයි (දී) .
අන්න එහෙම ප්‍රකාශ නිකුත් කරන්නකෝ. ඔබතුමාට සැමදා ජය ලැබේවි. හැබැයි ඔය කිව්වට පරීක්ෂණ කරයිද නම් දන්නේ නැහැ. (නි)
මෙතුමා හරි ඔය විදියට රජයට බලපෑම් කරන්න ඕනි!! මේ මර්දනයය කරන්න හදන්නේ ජනතාවට ඉල්ලීම් වලට උත්තර දෙන්නේ උන්ඩයෙන්ද? හොරකම් මැරකම් රට පුරාම පැතිරිලා ජනතාව පාගාගෙන සැප විදිනවා හරිම හොදයි (දී)
රනිල්ගේ නායකත්වය දැන් රටට ඕනෑ. ජනතාවනි, තේරුම් ගන්න. (නි)
කරන දෙයක් අපේ සේනාවන්ගෙන් එහෙමත් අහලා කරන්න (නි)
රටට ශාපයක් වැදිලා ජනතාව අසරණවෙලා (නි)
උනාට පස්සේ ඇවිල්ලා මොකටද පරීක්ෂණ
"අතේ ලේ තවරා නොගත් බුද්දිමත් මානුෂික හැගීමෙන් පිරිපුන් නායකයා ඔබයි" අනේ අපොයි අර 60000 ට ඇහුනොත් වලවල් වලින් නැගිටලා ඒවි.(නදී)
එක එක කතා කියා කියා මේ දේවල් යට ගහන්න හදන්නේ අයි? (දී)
රනිල් වගේ පරිනත දේශපාලකයින්ගෙන් රටට බොහෝ වැඩ ගන්න පුළුවන් (දී)
ඌරෝ කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල් කියලා තිබෙන අපේ පුරාණ කතාවක් මට මතක් වුණා. (නි)
මිනිස්සු කවුරු කවුරු ගැනත් හොදට දන්නවා. (නි)
තමන්ගේ ප්‍රශ්න ගැන බලධාරීන්ව නිසි ලෙස දැනුවත් කළා නම් සාකච්ඡා කරලා විසදාගන්න තිබුණු ප්‍රශ්නයක්... ඒක බොරුවට අවුල් ජාලයක් කරගෙන අන්තිමට නතර වුණේ අහිංසක ජිවිත 3ක් නැති කරලා.දැන් පරීක්ෂණ තියන්න කිව්වට වැඩක් නැහැ. වෙන්න තිබුණු හැමදේම වුණා.දැන්වත් අනිත් අයගේ කතා වලට නොරැවටී හොදින් විසදා ගන්න බලන්න... (නි)
රටේ දියුණුවට අතදෙන මේ වගේ විපක්ෂ නායකයෙක් ලැබීම ගැන අප සතුටු විය යුතුය. (නි)
මේකේ හේතුව මෙතුමාත් අමතක කරලා වගෙයි. දැන් කර්මාන්ත ශාලාව ගැන ඔබතුමා මොකද කියන්නේ? (නි)
රනිල් වගේ පරිනත නායකයෙක්ගේ සේවය ලබාගන්න ලංකාවේ මිනිස්සුන්ට පින් මදි.බොරු නැති මනුෂ්‍යකමට ගරුකරන නියම නායකයෙක් ඔබ.ඔබට ජය! (නි)
පරික්ෂණ මණ්ඩලයයි මෙය මෙහෙය වූ අයගෙයි වෙනසක් නැතිනම් පරීක්ෂණයේ ප්‍රතිපලය තවත් කොහේ හරි ඉන්න කන්ගැට්ටෙක් හදුන්වා දීම විය හැකියි. (අ)
දැන් මීට කලින් කාළගුණ අනාවැකි ප්‍රශ්නයේදී මියගිය ධීවරයින් වෙනුවෙන් වන්දි ගෙව්වද? (නි)
රනිල් නායකතුමනි, ඔබතුමාට හැකිනම් අර වෙඩි වැදී මියගිය අවුරුදු 29 වියැති එක් දරු දුප්පත් පියාගේ මරණයේ වැඩ කර ගන්න පිහිටවෙන්න. ඉතාම දුප්පත් අහිංසක පවුලක දරුවෙක්. ඔබතුමාට නොහැකි නම් අඩුගානේ එ ජා ප අරමුදලින් හරි එය කරන්න. මිනිසුන්ගේ හදවතට ලංවෙන්න. ඔබතුමා ගැන මිනිසුන්ට හොඳින් හිතන්න හොඳ දේවල් කරන්න (නි)
ලංකාවෙත් වෙන වැඩ! (නි)
කර්මාන්ත ශාලාව කගේ හෝ හොද තදබල කෙනෙක්ගේ කියලා නම් හිතෙනවා (නි)
හොද ප්‍රවණතාවයක්. මේ අසරණයින්ට වන්දි ගෙවන්න. (නි)
මෙතුමාත් යමක් කරන්න හදනවා වගෙයි (නි)
නීති උපදේහකයින් යොදවා හැමෝටම වන්දි අරන් දෙන්න උත්සාහ කරන්න. මේ මැරුණු දරුවන් අනාගතයේ තමන්ගේ පරම්පරාව ගොඩ නගන්න හැකියාව තිබුණු දරුවන්. නායකතුමනි,මේ ගැටලුව විසෙදෙනතුරු සටන නවත්තන්න එපා. තවත් මෙවැනි දේවල් නොවෙන්නට ජාත්‍යන්තරයේ සහයෙන් හෝ මේ රටේ ජනතාවට නිදහස් අදහස් ක්‍රියාත්මක කරන්න අවස්ථාව හදලා දෙන්න (නි)
දේශපාලකයන් ඉල්ලන පරීක්ෂණ ගැනත් ඒ ගොල්ලෝ කරන පරීක්ෂණ ගැනත් මිනිස්සු හොඳට දන්නවා. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් (නි)
එතුමා මේ විදිහට ඇත්තටම ප්‍රශ්න කරලා රජය වගඋත්තර කියන තැනට ගෙනාවා නම් විපක්ෂ නායක හැටියට එතුමා නිසි පරිරිදි ක්‍රියාකලා කියලා අපට සතුටු වෙන්න පුළුවන්. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව එතුමා ක්‍රියාවෙනුත් පරිණත බව දකින්න කැමතියි. (නි)
මේ හැම ප්‍රශ්නයකටම මුල කවුද කියලා අපි දන්නවා (නි)
මෙතුමා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරපු එක අගය කළ යුතුයි. (නි)
අන්තර්ජාලයෙන් මැරුන සහ මැරෙන්න සිටින අසරණයන්,අතුරුදහන් වුන ගණන ගැන මුළු ලෝකෙටම කියලා ඉවරයි. ඒත් ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ මෝඩයෝ දන්නේ නැහැ ඒවා.සුබ අනාගතයක් (නි)
අසරණ මිනිස්සුනට නීරෝගීව ජීවත් වීමේ අයිතිය තහුවරු කර ගන්න බැරිද?
පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ අපිට. තවත් ඔහොම අකල් මරණයක් නොවේවා කියලා ඒ දරුවට පිං දෙන්න වන්දියක්වත් දෙන්න. අර වතුර සමග වහ බොන අයට හොද වතුර ටිකක් දෙන වැඩපිළිවෙළක් හදන්න (නි)