IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් වැලිවේරියට පරීක්ෂණයක් ඉල්ලයි

වතුර  ඉල්ලා උද්ඝෝෂණය කළ  ජනතාවට  වෙඩි තැබීම ගැනත්, තිදෙනකු මරා දැමීම ගැනත් මුළු රටටම පිළිගත හැකි ස්වාධින පරික්ෂණයක් පවත්වන ලෙස  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 මිය ගිය අයට හා තුවාල ලැබුවනට  වන්දි ගෙවන ලෙසද ඔහු කියා සිටියේය.

බිමට වතුර ඉල්ලා පැවැත්වු  උද්ඝෝෂණය  යුද්ධයක් බවට පරිවර්තනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා  ඇසුයේ   යුද හමුදාව එහි කැඳවුයේ කුමන හේතුවක් මතද යන්නයි.

 උද්ඝෝෂණයකදී මුලින්ම පොලිසිය කැඳවීම ජල ප්‍රහාර ,කදුළු ගෑස්, රබර් උණ්ඩ වැනි දේ පාවිච්චි කිරිම  සාමාන්‍ය ක්‍රමය  වුවද එසේ නොකර හමුදාව කැඳවා වෙඩි තැබුවේ ඇයිදැයි රජය  උත්තර දිය යුතු බවද  වික්‍රමසිංහ මහතා කීවේය.

 මෙම සිද්ධියට තවත් පාර්ශවයක් ඇතැයි හමුදා ප්‍රකාශක කළ ප්‍රකාශය ගැන  සඳහන් කළ වික්‍රමසිංහ මහතා ඒ ගැන සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටියේය.

 මේ සිද්ධියෙන් මිය ගිය තිදෙනාම  උද්ඝෝෂණයට සහභාගී නොවු බව කී  වික්‍රමසිංහ මහතා ඔවුන්  නිරපරාදේ මරණයට  ලක් කැර ඇතැයිද පැවසීය.

 රතුපස්වල පානිය ජල ප්‍රශ්නයට විසදුමක් දීම වෙනුවට යුද හමුදාව කැඳවා  මහජනයාටද මාධ්‍යවේදීනටද  පහර දීම  යැයි කි වික්‍රමසිංහ මහතා  දැඩි සේ දෝෂ දර්ශනයට ලක් කළේය.

 



අදහස් (0)

රනිල් වැලිවේරියට පරීක්ෂණයක් ඉල්ලයි

සමීර වීරක්කොඩි Tuesday, 06 August 2013 05:05 PM

ගරු විපක්ෂ නායක තුමනි කඩුවෙල කම්මලට ගිහින් අසිපත තව තවත් මුවහත් කරගෙන ඉදිරි සටන් වලට සුදානම් වෙන්න .කම්මලට ගිහින් පරණ මයිනහමෙන් ඩෝසර් එකට හුළං ගගහනම් ඉන්න එපා .අන්තිමට තලපු යකඩෙකුත් නැහැ මයින හමේ පාලුවකුත් නැහැ වගේ වෙයි (දී) .

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 06 August 2013 05:08 PM

අන්න එහෙම ප්‍රකාශ නිකුත් කරන්නකෝ. ඔබතුමාට සැමදා ජය ලැබේවි. හැබැයි ඔය කිව්වට පරීක්ෂණ කරයිද නම් දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 06 August 2013 05:14 PM

මෙතුමා හරි ඔය විදියට රජයට බලපෑම් කරන්න ඕනි!! මේ මර්දනයය කරන්න හදන්නේ ජනතාවට ඉල්ලීම් වලට උත්තර දෙන්නේ උන්ඩයෙන්ද? හොරකම් මැරකම් රට පුරාම පැතිරිලා ජනතාව පාගාගෙන සැප විදිනවා හරිම හොදයි (දී)

:       0       0

ජයා Tuesday, 06 August 2013 05:19 PM

රනිල්ගේ නායකත්වය දැන් රටට ඕනෑ. ජනතාවනි, තේරුම් ගන්න. (නි)

:       0       0

අමිල Tuesday, 06 August 2013 05:25 PM

අනිවාර්යෙන්ම රජය වන්දි ගෙවන්න ඕනෑ මේ ජීවිත වලට. (නි)

:       0       0

නයෝමි Tuesday, 06 August 2013 05:27 PM

රටට ශාපයක් වැදිලා ජනතාව අසරණවෙලා (නි)

:       0       0

ලම්කා Tuesday, 06 August 2013 05:28 PM

උනාට පස්සේ ඇවිල්ලා මොකටද පරීක්ෂණ

:       0       0

චතූ Wednesday, 07 August 2013 05:02 AM

ඌරෝ කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල් කියලා තිබෙන අපේ පුරාණ කතාවක් මට මතක් වුණා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 August 2013 08:14 PM

"අතේ ලේ තවරා නොගත් බුද්දිමත් මානුෂික හැගීමෙන් පිරිපුන් නායකයා ඔබයි" අනේ අපොයි අර 60000 ට ඇහුනොත් වලවල් වලින් නැගිටලා ඒවි.(නදී)

:       0       0

වීර Wednesday, 07 August 2013 09:24 AM

මිනිස්සු කවුරු කවුරු ගැනත් හොදට දන්නවා. (නි)

:       0       0

අජිත් Tuesday, 06 August 2013 09:07 PM

එක එක කතා කියා කියා මේ දේවල් යට ගහන්න හදන්නේ අයි? (දී)

:       0       0

සහෙහාර් දාවුඩ් Tuesday, 06 August 2013 09:25 PM

රනිල් වගේ පරිනත දේශපාලකයින්ගෙන් රටට බොහෝ වැඩ ගන්න පුළුවන් (දී)

:       0       0

කපිල Tuesday, 06 August 2013 03:17 PM

මෙතුමාත් යමක් කරන්න හදනවා වගෙයි (නි)

:       0       0

කිරිමටින් Tuesday, 06 August 2013 03:18 PM

මේකේ හේතුව මෙතුමාත් අමතක කරලා වගෙයි. දැන් කර්මාන්ත ශාලාව ගැන ඔබතුමා මොකද කියන්නේ? (නි)

:       0       0

මනෝ Tuesday, 06 August 2013 03:22 PM

රනිල් වගේ පරිනත නායකයෙක්ගේ සේවය ලබාගන්න ලංකාවේ මිනිස්සුන්ට පින් මදි.බොරු නැති මනුෂ්‍යකමට ගරුකරන නියම නායකයෙක් ඔබ.ඔබට ජය! (නි)

:       0       0

දිසානායක Tuesday, 06 August 2013 03:23 PM

පරික්ෂණ මණ්ඩලයයි මෙය මෙහෙය වූ අයගෙයි වෙනසක් නැතිනම් පරීක්ෂණයේ ප්‍රතිපලය තවත් කොහේ හරි ඉන්න කන්ගැට්ටෙක් හදුන්වා දීම විය හැකියි. (අ)

:       0       0

නීල් රණා Tuesday, 06 August 2013 03:23 PM

දැන් මීට කලින් කාළගුණ අනාවැකි ප්‍රශ්නයේදී මියගිය ධීවරයින් වෙනුවෙන් වන්දි ගෙව්වද? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 06 August 2013 03:28 PM

රනිල් නායකතුමනි, ඔබතුමාට හැකිනම් අර වෙඩි වැදී මියගිය අවුරුදු 29 වියැති එක් දරු දුප්පත් පියාගේ මරණයේ වැඩ කර ගන්න පිහිටවෙන්න. ඉතාම දුප්පත් අහිංසක පවුලක දරුවෙක්. ඔබතුමාට නොහැකි නම් අඩුගානේ එ ජා ප අරමුදලින් හරි එය කරන්න. මිනිසුන්ගේ හදවතට ලංවෙන්න. ඔබතුමා ගැන මිනිසුන්ට හොඳින් හිතන්න හොඳ දේවල් කරන්න (නි)

:       0       0

සමන්ත Tuesday, 06 August 2013 03:28 PM

ලංකාවෙත් වෙන වැඩ! (නි)

:       0       0

කමල් Tuesday, 06 August 2013 03:29 PM

කර්මාන්ත ශාලාව කගේ හෝ හොද තදබල කෙනෙක්ගේ කියලා නම් හිතෙනවා (නි)

:       0       0

කොස්තා Tuesday, 06 August 2013 03:29 PM

හොද ප්‍රවණතාවයක්. මේ අසරණයින්ට වන්දි ගෙවන්න. (නි)

:       0       0

ධම්ම Tuesday, 06 August 2013 03:29 PM

රටේ දියුණුවට අතදෙන මේ වගේ විපක්ෂ නායකයෙක් ලැබීම ගැන අප සතුටු විය යුතුය. (නි)

:       0       0

විශ්ව Tuesday, 06 August 2013 03:32 PM

නීති උපදේහකයින් යොදවා හැමෝටම වන්දි අරන් දෙන්න උත්සාහ කරන්න. මේ මැරුණු දරුවන් අනාගතයේ තමන්ගේ පරම්පරාව ගොඩ නගන්න හැකියාව තිබුණු දරුවන්. නායකතුමනි,මේ ගැටලුව විසෙදෙනතුරු සටන නවත්තන්න එපා. තවත් මෙවැනි දේවල් නොවෙන්නට ජාත්‍යන්තරයේ සහයෙන් හෝ මේ රටේ ජනතාවට නිදහස් අදහස් ක්‍රියාත්මක කරන්න අවස්ථාව හදලා දෙන්න (නි)

:       0       0

නන්ද Tuesday, 06 August 2013 03:39 PM

දේශපාලකයන් ඉල්ලන පරීක්ෂණ ගැනත් ඒ ගොල්ලෝ කරන පරීක්ෂණ ගැනත් මිනිස්සු හොඳට දන්නවා. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් (නි)

:       0       0

විජේසිරි Wednesday, 07 August 2013 10:23 AM

තමන්ගේ ප්‍රශ්න ගැන බලධාරීන්ව නිසි ලෙස දැනුවත් කළා නම් සාකච්ඡා කරලා විසදාගන්න තිබුණු ප්‍රශ්නයක්... ඒක බොරුවට අවුල් ජාලයක් කරගෙන අන්තිමට නතර වුණේ අහිංසක ජිවිත 3ක් නැති කරලා.දැන් පරීක්ෂණ තියන්න කිව්වට වැඩක් නැහැ. වෙන්න තිබුණු හැමදේම වුණා.දැන්වත් අනිත් අයගේ කතා වලට නොරැවටී හොදින් විසදා ගන්න බලන්න... (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 03:47 PM

එතුමා මේ විදිහට ඇත්තටම ප්‍රශ්න කරලා රජය වගඋත්තර කියන තැනට ගෙනාවා නම් විපක්ෂ නායක හැටියට එතුමා නිසි පරිරිදි ක්‍රියාකලා කියලා අපට සතුටු වෙන්න පුළුවන්. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව එතුමා ක්‍රියාවෙනුත් පරිණත බව දකින්න කැමතියි. (නි)

:       0       0

වරුණ Tuesday, 06 August 2013 03:47 PM

මේ හැම ප්‍රශ්නයකටම මුල කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 06 August 2013 03:48 PM

මෙතුමා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරපු එක අගය කළ යුතුයි. (නි)

:       0       0

ටිකිරි Tuesday, 06 August 2013 03:53 PM

අන්තර්ජාලයෙන් මැරුන සහ මැරෙන්න සිටින අසරණයන්,අතුරුදහන් වුන ගණන ගැන මුළු ලෝකෙටම කියලා ඉවරයි. ඒත් ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ මෝඩයෝ දන්නේ නැහැ ඒවා.සුබ අනාගතයක් (නි)

:       0       0

ටිරාන් Tuesday, 06 August 2013 04:12 PM

අසරණ මිනිස්සුනට නීරෝගීව ජීවත් වීමේ අයිතිය තහුවරු කර ගන්න බැරිද?

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 06 August 2013 04:17 PM

පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ අපිට. තවත් ඔහොම අකල් මරණයක් නොවේවා කියලා ඒ දරුවට පිං දෙන්න වන්දියක්වත් දෙන්න. අර වතුර සමග වහ බොන අයට හොද වතුර ටිකක් දෙන වැඩපිළිවෙළක් හදන්න (නි)

:       0       0

අරුණ Tuesday, 06 August 2013 04:19 PM

කරන දෙයක් අපේ සේනාවන්ගෙන් එහෙමත් අහලා කරන්න (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 06 August 2013 04:26 PM

පරීක්ෂණ කරලා විතරක් මදි. දඬුවම් දෙන්නත් ඕනෑ මතක හිටින්න. (නි)

:       0       0

නිලන්ත Tuesday, 06 August 2013 04:26 PM

ඔබ හරි.දැන්වත් කොන්ද කෙලින් තබාගෙ‍න එඩිතරව කතා කරන්න ...... (නි)

:       0       0

ලංකා Tuesday, 06 August 2013 04:31 PM

හොඳ මනුස්සයෙක්. (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 04:33 PM

මෝඩ ප්‍රකාශ කරලා නම් නැති කර ගත්තේ නැත්නම් මේ ප්‍රකාශය ආණ්ඩුව හෙල්ලෙන තරම් බලවත්. එත් ආණ්ඩුව විපක්ෂයේ ප්‍රකාශ ගණන් ගන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ. (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 August 2013 04:50 PM

අතේ ලේ තවරා නොගත් බුද්දිමත් මානුෂික හැගීමෙන් පිරිපුන් නායකයා ඔබයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 2 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 278 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 356 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1974 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12679 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36633 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site