කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමාඝර සහිත බෝධි ප්‍රාකාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.
අගමැති වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් මෙම බෝධි ප්‍රාකාරය ඉදි කැරිණි.
මීට වසර 150කට පෙර දොන් පිලිප් විජයවර්ධන මහතා සහ හෙලේනා විජයවර්ධන ළමාතැනිය මෙම විහාරස්ථානය සහිත ඉඩම සඟසතු කර පූජා කළහ. ඔවුහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ද මී මුත්තා හා මී මිත්තණිය වෙති.
මෙම අවස්ථාවට අගමැති බිරිය මෛත්‍රී වික්‍රමසිංහ, සොයුරු ශාන් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ වෙන දේවල් වලට උඩ පැනගෙන අදහස් දාන මහා සිංහලයෝ මේකට අදහස් නොදා ඉන්න හැටි. (බ)
මෙතුමා තවත් අක්කර ගණනාවක් එගොඩ කැලණි පන්සලට පුජාකර තිබෙනවා නේද? ඒ අපේ ජාතිය අාගම වෙනුවෙන්. (නි)
"හොඳ දේ හොඳයි, නරක දේ නරකයි" කියන්න තරම් නිහතමානී මිනිසුන් අඩුයි කියලා දාලා තියන අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්. (නි)
අනේ සාධු සාධු සාධු!!! (නි)
කෝ මේ බෞද්ධයෝ නැති කරන්න බලයට ආවා කියල කිව්වා සෙට් එක. හොද වැඩක් කරන අය ලකුණු දා ගන්න පොරකන් නැහැ. මෙතුමා අපේ ආගම දහම වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙනෙක්.මෙතුමාගේ පරම්පරවෙන් එන ගතිගුණ. (බ)