
(අංජුල මහික වීරරත්න)
ලෝක මලල ක්‍රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් සහ තුර්කි ගුවන් සේවයේ නියෝජිතයන් අතර සිවිල් ගුවන්සේවා අධිකාරී පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
මෙම සාකච්ඡාවේදී රුමේශ් තරංගගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳ තුර්කි ගුවන් සේවා ආයතනයේ නියෝජිතයින් කනගාටුව පළ කළ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු කිරීමට ද එකඟතාව පළ කර තිබේ. එම හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදු කරන ලෙසත් අදාළ හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් මෙහිදී තීරණය කෙරුණු බව සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය නිවේදනය කරයි.
වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. එස්. මංගල , සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහත්වරුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
හංගේරියාවේ බුඩාපේස්ට් නුවර සිට ලංකාවට පැමිණි ගුවන් ගමනේදී රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියේ වටිනා හෙල්ල පහම කැඩී බිඳී හානියට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ඉතින් කතා දෙකක් නැහැ ඔය අවලම් වැඩේ කලෙත් මේ ලංකාවේ එකෙක්මයි...එයාර්පෝර්ට් එකේ වැඩකරන කාලකන්නින්ට කොහෙද ඕවා ගැන හැගීමක්... ඕවා ගැන පරීක්ෂණ කරන්න ඉන්න එවුන් ඊටත් වඩා හපන්..මම නම් කියන්නේ යන්න රොමේෂ් පුතේ මනුස්සයෝ ජීවත් වෙන වෙන රටකට ඔය තුර්කි ගුවන් යානයෙන්ම ඔයාටත් මොනා කරයිද දන්නේ නැහැ....
මේ හෙලි පහම කඩලා බලන්න. අතේ මොනවාහරි මන්තරයක් මෙහි මැද සවිකරලා තියෙනවාද බලන්න. නැත්නම් එකක් කඩන්න පුළුවන් නෑ. අන්තිමට රුමේෂ්ට ආරක්ෂාවක් ලබා දිය යුතුයි, රටින් පිට ඉන්න අවස්ථාවලදී.
ලක්ෂ 200 ක් ඩොලර් වලින් ගෙවන්න කියන්න. එපාම කරපු එයාර් ලයින් එකක්. ඉස්තාන්බුල් එයාර් පෝට් එකත් ජරා පොට් එකක්.
මෙන්න නියම එයා ලයින්