රිය අනතුරු අවම කර දෙන ලෙස ඉල්ලා ගම්පහ පොලිසි 11ක රථවාහන ස්ථානාධිපතිවරු, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ද සමග යක්කල වීදියවත්ත ශ්‍රී විශ්නු දේවාලයේදී අද පූජාවක් කළහ.
ඔවුන් ගෙන ගිය පූජා වට්ටිය භාර ගත් දේවප්‍රිය කීනමින්න කපු මහතා දෙවියන්ට දේව කන්නලව්ව කළේය.
පොලිස් පිරිස පඩුරුද ගැට ගසා පොල් ද ගැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය 'පොල්' විතරක් නෙවෙයි ගල් ද ගහනවා. අල්ලන්න ආ විට සුදු ඒවාද, ගහේ බඩුද ගහනවා. (නි)
මේවා පොලිසිය නොකළ යුතු දේවල්. හරියට නිතිය රකින්න. එතකොට ඔක්කොම හරි. (ත)
මේ වගේ විස්වාස අපේ රටවල තියෙනවා. ඒවාත් සමගයි ජන ජීවිතය ගලා යන්නේ. උපහාසයෙන් බලන එක හොඳ නෑ. (ත)
අනේ බෞද්ධ රටකට ගිය කලක්.මිට වැඩිය හොඳයි හිරකාරයෝ ටිකක් අරන් ගිහින් රුවන්වැලිසෑය වටේ පහන්පත්තු කරානම්. මේ අයගේ ප්‍රඥාව වගේම රටේ හැමෝගෙම ප්‍රඥාව වැඩිවෙන්න කියලා . (ත)
පාලකයන්ව අනුගමනය කරනවා. (ත)
මේ වැඩවල ප්‍රතිඵල ගැන පසුවිපරමක් නැති නිසා හොදයි ඉතින්. ආයේ ගල් යුගයේ ගෝත්‍රික මානසිකත්වයට යනවා. (ත)
රාජකාරිය හරියට කරන් නැතුව බොරු ෂෝ දානවා. (ත)
ස්තුතියි පොලිස්පති තුමනි! මෙය ඉතාමත් ඥානාන්විත මෙහෙයකි. සියලු පොලිසි සහ රෝහල් වසා දමා මුළු රටටම බලපාන සේ එක දේවාලයක් අරිමු. කෙතරම් මුදල් ඉතිරියක්ද වෙන්නේ මෙම අලුත් සොයාගැනීමෙන්. 13 ව්‍යවස්ථාවේ පොලිස් බලතල, ස්වාධීන පොලිස් කොමිසම වැනි සංකීර්ණ ප්‍රශ්න පවා මෙයින් විසඳෙනවා.(ත)
මේ වගේ මෝඩ වැඩ කරන අයට දෙන්න ඕන පුන්නක්කු ද? (ත)
අනේ මන්ද දෙවියන්ගේම පිහිටයි (ත)
මොනවා කලත් කමක් නැහැ .කෞතුකාගාරය හොරු කඩපු එකට කනප්පු නම් කරකවන්න යන්න එපා .මොකද ඕවා කොහෙන් නතර වෙයිද කියන්න බෑ ,ඒකයි .(ත)
පොලිසියේ මහත්වරු ගියාට කමක් නැහැ.පොලිස් නෝනලා එහෙම යනවා නෙමෙයි පඩුරුගැට ගහන්න කියලා හොදේ (නි)
. අනතුරු අඩු කරන්න රියදුරන් දැනුවත් කරන්න,පාරවල් හරියට හදන්න,වැරදි කරන යට තරාතිරම් නොබලා දඩුවම් කරන්න. දියුණු රටවල් වල අගමැති උනත් නීති කඩ කෙරුවොත් දඩුවම් කරනවා එකට ලංකාව මැති ඇමතිලා යනකොට අනිත් අය කණුවට බහින්න ඕන.(අ)
ඕව මොනවද යුද්දේ දිනන්න හනුමට කෝවිලක් හදපු හමුදාපති කෙනෙක් හිටපු රටනේ මේක.(නදී)
හොරු අල්ලන්න නම් යන්න එපා දෙවියෝ ගාවට. සේරම දේෂපාලකයෝ ටික මැරිලා යයි. අනේ මෙහෙමත් රටක්. පොලිසිය අයින් කරලා එතන අපි දේවාලයක් හදමු. (ත)
දෙවියන්ට තියෙන තැනත් කනවා , හරි පුහුණුවක් දීලා නීති තව ටිකක් තද කලානම් නිකන්ම හරියනවා.(නදී)
අනතුරු වැඩි නිසා පවුල් කන්නත් නැහැ. ගෙදර දරුවෝ එක්ක ඉන්නත් නැහැ. අනේ දෙයියනේ ඒකයි අනතුරු අඩු කර දෙන්න කියලා කිව්වේ.(නදී)
නොපෙනෙන දෙවි කෙනෙකුට කන්නලව් කරමින් උදව් පදව් බලාපොරොත්තු වන්නේ ආත්ම විශ්වාශය නැති පිට කොන්ද හරියට ක්‍රියා නොකරන නීතියට පිටුපාන පුද්ගලයෝය.අනේ මොකද මේ මඩ නාගන්නේ (අ)........
එහෙනම් නීතිය මොකටද?කපුවා ඕ.අයි.සී.කරන්න (අ)
පූජා තියන්න ඕන ගණ දේවින්ට. රියදුරන්ට මොලේ පහල වෙන්නට කියල.(අ)
මේ වගේ වැඩකරන පොලිසියකුත් ලංකාවේ තියෙන බව දැනගත්තොත් සංචාරයින්ට සිය සංචාර අවලංගු කරන කියලා උපදෙස් දේවි අදාල රටවල් (නි)
තව ටික දවසකින් හොරු අඩු කරන්න කියලත් දේව පූජාවල් තියයි (නි)
විෂ්ණු කියන්නේ මොන දෙවි කෙනෙක්ද? (ත)
පොලීසියට හිතෙන්න ඇති මේ සිදුවෙන වාහන අනතුර්වල හැටි දැක්කම මේක අපට විතරක් නවත්තන්න බෑ . ඒ නිසා කාගේ හරි නොපෙනෙන්න කෙනෙකුගේ උපකාරයක් බලා පොරොත්තු වෙනවා ඇති. මිත්‍යා ක්‍රියාවක් උනත් ඔය අයට පුලුවන්නම් වැරදි කරන අයට දඩ කොලයක් ඉබේ ඔඩොක්කුවට දම්මන්න . (ත)
අනේ මෙහෙමත් මෝඩ වැඩක්. රිය අනතුරු අඩුවෙන්න ඔය වගේ වැඩ කරල හරි යන්නේ නෑ. පගා ගන්නෙ නැතිව, මාර්ග නීති නොපිළිපදින, බීමත්ව රිය පදවන අයට නිසි දඩුවම් දෙන්න ඕන. එහෙම කළොත් නම් මේව පොඩ්ඩක් හරි පාලනය වෙයි. (ත)
දැන් කාලයේ දේවාල වලට ගොස් පොල් ගැසීම සියලු දෙනාටම පොදු වෙලා වගේ. සමහර මැති ඇමති වරු නඩු හබ වලට දේවාල වලට පොල් ගැසීම කරති. මිනිසුන් පලි ගැනීමට පොල් ගසති. දැන් පොලිසියත් මේක පටන් අරන්. දෙයියෝ ඔබලාගේ පොල් ගෙඩියටත් තුට්ටු දෙකේ පඬුරු වලට මේ කියන ඒවා කරාවිද? දෙයියන්ටත් දැන් බොහොම අමාරු කාලයක් තෝරලා බේරලා කාටද කරන්නේ කියලා. ආශ්චර්ය මත ශ්‍රී ලංකාවේ මල විකාර මේවා.(නදී)
දෙවියන්ට පුළුවන් නම් මේ ඉල්ලන ඒවා කරන්න . අපේ රටේ ප්‍රසන ගොඩක් පොල් ගෙඩියෙන් පඬුරෙන් විසඳා ගන්න පුළුවන් . මේ ක්‍රමය වෙන රටවලටද කරදී මුදල් උපාය ගන්න පුළුවන් . (ත)
පන්නපු පළාත් සභාවල මන්ත්‍රීලත් දේවාලේ ගිහිල්ලා පොල් ගහනවා. පොලිසියත් අනතුරු අඩුකරන්න කපු මහත්තයලට පුද පඩුරු දෙනවා. තරුණියෝ කපු මහත්තයලා හමුවෙලා තෙල්ගාවාගෙන වැඩ කරවා ගන්නවා. රටේ මන්ත්‍රීකම් දෙන්න ඕනේ කපු මහත්තයලට තමා.(නදී)
තව දවසකින් මිනීමරුවෝ හොරු අහුවෙන්න කියලත් පොලිසේ අය පූජා වට්ටි තියයි. අනේ මන්ද මෙහෙමත් දේවල් (ත)
අපි හැම දේවාලයක් ගානෙම යනවා. හැබය් අපි බෞද්ධයෝ (ත)
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ හොරකම අල්ලන්න කනප්පුත් කැරකෙව්වේ. (ත)
අපි කෙලින්ම දේවප්‍රිය කීනමින්න කපු මහතා පොලිස්පති කරමු වැඩේ ඉවරයි. හොඳ වෙලාවට මම අද ටිකක් දුර ජීවත් වෙන්නේ. මේ රටවල්වල නම් අනතුරු වළක්වන්නේ විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුව. (ත)
රථවාහන පොලීසිය මාර්ග නීති රීතී හරියට අනුගමනය කරන එක බලාගන්නේ නැතිව ඉන්ජිනේරුවන්ගේ ජොබ් එක කරන්න යනවා. මේ ලගදී ඉන්ජිනේරුවෙක් හොද ආටිකල් දෙකක් පත්තරේ දාලා තිබ්බා. එම ආටිකල් දෙක කියෙව්වා නම් මේ මිනිස්සු මැරෙන එක අඩු කරන්න පුළුවන් කියලයි මන් හිතන්නේ. http://www.sundaytimes.lk/130421/business-times/stopping-the-carnage-on-lankan-highways-41032. http://www.sundaytimes.lk/130526/business-times/sri-lankas-highway-nightmare-45645.html.(නදී)
මතට තිත තිබ්බනම් හරි දෙන් තියෙන්නේ මතට කොමාව නේ? එවිට අනතුරු ටිකක් අඩුවේවි (ත)
කෝ එතකොට සේනාව....? (ත)
විනයක් නීතියක් නැති රටේ දැන් කාටත් දෙවියන්ගේ පිහිට තමයි. (ත)
කලියුගයේ..... දෙවියන්ගේ පිහිටයි.....(ත)
5000 කොළ වැඩියෙන් තියන තරමට තමා මම අනතුරු අඩු කරන්නේ. (ත)
එහෙනම් ආයේ පොලීසිය ඕනැ වෙන එකක් නැහැ. දෙයියොම බලාගනීවි. (ත)
ඔය කරලා තියෙන්නේ මුළු ලෝකයේම තියෙන පොලිසිවලට ආදර්ශයට ගතහැකි විදිහේ වැඩක් .මේ වැනි දෙයකට අදහස් පලකරන්න තරම් දැනුමක් නොමැති නිසා,මම කිසිවක් නොලිවෙමි .(ත)
පොලිසියේ මහත්වරුනි, මේ රටේ වෙන දේවල් වල හැටියට දෙවියන් සිටීද ? (නි)