(විනීතා එම්. ගමගේ)
පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී අද (09) අළුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගනුලැබ ඇත. නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් මෙම ව්‍යාපාරිකයා වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.
ඔහු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ. මියගිය දෙදෙනාගෙන් අයෙක් වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මියගිය දෙදෙනාගෙන් අයෙක් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයකු බවද වාර්තා වේ. අනතුර සිදුවූ අවස්ථාවේ පලාගිය ව්‍යාපාරිකයා අද (09) උදෑසන පැමිණ පොලොන්නරුව පොලීසියට බාරවී තිබේ. අනතුරුව අත්අඩංගුවට ගන්නා ලද රියදුරා ලබන සඳුදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිය ගිය එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගෙන් අයෙක් වන ඒ. ජේ. එම් ජයරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රීක්කයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී හිඟුරක්ගොඩින් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඔහු යටිගල්පතාන දිරිය පුරවැසි කමිටුවේ සභාපතිවරයා යැයි ද කියැවේ.
මෙම අනතුර සිදුවූ ස්ථානයේ තිබු සී සී ටීවී කැමරාවක අනතුර සටහන් වී තිබුණත් වාහනයේ අධික වේගය නිසාම සිද්ධිය පැහැදිලිව දැකගැනීමට පවා නොහැකි බව ද එම ප‍්‍රකාශකයා කීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රිය අනතුරක් හේතුවෙන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවේ
ජගත් ලියනගේ Saturday, 09 September 2017 05:02 PM
මේ වගේ දේවල් ( ජනාධිපති ගෙ සහෝදරයා අත් අඩංගුවට ගැනීම ) ඉස්සර සිද්ධ වෙයිද ?
siri Saturday, 09 September 2017 05:09 PM
බැසිල් ගේ වාහනේ හැපුනානම් කොහොම තියෙයිද? මේවා හොඳ වැඩ ලෙස කවුරුවත් කියන එකක් නැහැ... මොනවද ඔට්ටු... සේරම කෑ ගහයි "සිරිසේනගේ මල්ලි මිනි මරයි කියල" සමහරවිට "බිමත්" කියලත් කියයි....
kumar (galf) Saturday, 09 September 2017 06:52 PM
මේ පවුලත් රජ්ජුරුවන්ගේ පවුල වගේ වෙලාද?
mahee Saturday, 09 September 2017 07:36 PM
මොනවා? නීතිය එහෙමම ක්‍රියාත්මක වෙන්න ද යන්නේ? එහෙම වුනොත් මම මල් මිටක් නෙමෙයි මල් ලොරියක් පුද කරනවා ජනාධිපතිතුමාට. තව ඉතින් කල් තියෙනවනේ.
chinthaka Saturday, 09 September 2017 07:47 PM
ඔන්න දැන් බලන්න පුළුවන් ලලිත් වීරතුංගලාට, අනුෂලාට නොනැමුණු නීතිය නැමෙන නැමිල්ල...
de silva Saturday, 09 September 2017 09:23 PM
බලාගෙන ගියාම ජනාධිපතිතුමාගේ සහෝදරයෝ ඔක්කොම හොඳ පුවත් මවන්නෝ... වැලි රාජු ගහගෙන මලා... දෙන්නෙක් වාහනයට යටකරල මැරුවා. අරලිය මුදලාලි හොඳ කෝටිපතියෙක්...වෙනසකට තිබෙන්නේ රජතුමාගේ කලේ රජපවුලේ කෙනෙක් මෙහෙම කලානම් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්නේ නැහැ...
sam Saturday, 09 September 2017 09:34 PM
රිය අනතුරක් සිදු කර පලා යාම මනුසත් බව ලැබුවෙකු නම් කරන්නේ නැහැ . මියගිය දෙදෙනාට නිවන් සුව .
RaveendraSunday, 10 September 2017 03:56 PM
සෑම් මය වෙත ඔබගේ නිවැරදි අදහසට අපද එකග වන්නෙමු. මෙතන සිරිසේනද, මහින්දද නොව සිදුවීම පිලිබදව කතා කිරීමේදී අප අවට පරිසරයේ නම් මෙම රියැදුරගේ රියදුරු බලපත්‍රය තහනම් කර අදික වන්දි මුදලුත් අයකර පරිවාස හිර අඩස්සියේ තබා සම්පුර්ණ පුනරුත්ථාපනයකින් පසු සමාජ ගතකරනු ඇත. මෙවන්නගේ රියදුරු බලපත්‍රය පරීක්ෂක නිලධාරියටද තරයේ අවවාද සහිත ලිපි ලැබෙනු ඇත. මෙතන "අරයගෙ මල්ලි ,මෙයාගේ නංගි අරයගෙ පුතා" කතා අදාල නැත. මොකා උනත් වැරදිනම් වැරදිය.
Chandana - Australia Saturday, 09 September 2017 11:14 PM
මහින්ද තාමත් කියන්නේ හිටපු ලේකම් ලලිත් සහ අනුෂ හිරේ දාපු එක වැරදිලු. උසාවි නඩු විභාගයකින් වැරදිකරු වුණාට පස්සෙත් ඒක පිළිගන්න කැමති නැහැ. එකෙන් අපිට හිතා ගන්න පුළුවන් දේ තමයි මහින්ද හිටියනම් මේ මිනිසුන්ට කවදාවත් දඩුවම් හම්බ වෙන්නේ නැහැ කියන ඒක. ජනවාරි 8 මිනිසුන් ගත්ත තීරණය කොච්චර නිවැරදිද කියල තේරෙන්නෙ දැන් තමයි
පිටිගල මිලානෝ Saturday, 09 September 2017 11:29 PM
'නැණසිරි ප්‍රඥා රත්න ' මහෞශද කුමාරයාට නොදෙවැනි නමක්. අත්වල වැලි තියෙනවද?
dingirala Saturday, 09 September 2017 11:57 PM
දැන් ලංකාවේ නීතියයි පොලිසියයි සුපිරිනේ. ඉස්සර ජනාධිපතිගේ සොහොයුරෙකු තියා යාලුවෙක්වත් අත්අඩංගුවට ගන්න එක හීනයක්.මේ තත්ත්වය රටේ හැමදේකටම හැමතැනම තියනවනම් කොච්චර ෂෝක්ද?බැංකු මංකොල්ල කෑවත් තව පාරක් මේගොල්ලන්ට චන්දෙ දෙන්න වටිනවා මන් හිතන්නේ.
sathyayaa Sunday, 10 September 2017 12:27 AM
ජනාධිපතිගේ සොහොයුරෙක්ද නැත්නම් සාමාන්‍ය රියදුරෙක්ද කියන එක ප්‍රශ්නයට සෘජුව අදාළ නැති වුනත් මේ රියදුරා සතු විශාල වගකීමක් තිබුණා සිතන්න: 1. තමා අතින් යම් වරදක් සිදුවුව හොත්, රටේ ජනාධිපති වූ තම සොහොයුරා ට ඉන් ඇතිවිය හැකි අපහසුතාවය 2. මේ පවුලේ ඉන්නෙත් මනුෂ්‍යයෝ වුණාට තමන් සුවිශේෂ පවුලක් නොවන බවත් අන් අය වගේම රටේ නීතියට ගරු කළ යුතු බව 3. සුඛෝපබෝගී වාහන තිබෙන්නේ ගුවන් ගත වෙන්න නොව මහා මාර්ග වල ගමන් කරන්න බව 4. අනතුරක් කර පළායාම තුලින් දැක්වූ අකාරුණික හා අමානුෂික බව පවුලේ ජානවල ගැබ් වී ඇත්ද යන කුකුස ජනතාව තුළ ඇතිවිය හැකි බව . මේ අනතුර දේශපාලනය ට කිසිසේත්ම සම්බන්ධ නොවුවත්, අහඹුවෙන් හෝ රියදුරා ජනාධිපතිගේ සොහොයුරෙක් වීමද, මිය ගිය සොහොයුරන් දෙදෙනා ජ.වී පෙ සාමාජිකයින් වීමත් මේ අනතුරට දේශපාලනයක් ගෑවීමේ ප්‍රවණතාවයක් ඇතිවීමද නොවැළක්විය හැකියි. අප දැඩි ලෙස විශ්වාස කරන පරිදි, ජනාධිපති කිසිසේත්ම මේ ප්‍රශ්නයට ගෑවිය යුතු නැහැ. අඩු වශයෙන් අපරාධය කළ සොහොයුරාට විරුධව තරාතිරම නොබලා දඬුවම් කළයුතු බවවත් නීති අංශවලට දැනුම් නොදිය යුතුයි. එසේ කිරීමෙන් දේශපාලන වාසියක් ලැබීමද නොවැළක්විය හැකියි.
C.K.Lankaputhra Sunday, 10 September 2017 12:34 AM
ඉස්සර කාලේ වුණානම්? බලන්න තිබුණා වැඩ වෙන හැටි.
chamind Sunday, 10 September 2017 01:29 AM
රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාව නීතිය නැති ව රටක්ව පැවතිනි. අද ජනපති සොහොයුරාටද නීතිය එකය. මෙය ආදර්ශයට ගෙන රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුය.
ධම්ම Sunday, 10 September 2017 03:06 AM
මහින්ද පාරවල් හදලා කරපු වින්නැහියක්. ඔය පාරවල් පෙර තිබූ විදියට තිබුනා නම් මේ දෙන්නාගේ ජීවිත බේරා ගන්න තිබුනා.
rohana Sunday, 10 September 2017 03:06 AM
මේ දැන් කාලේ ඒ කාලේ ?????
බන්දුල පෙරේරා Sunday, 10 September 2017 03:13 AM
හිටපු කෙනාගේ සහෝදරයෙක් ඇල්ලුවා නම් එහෙම අල්ලපු පොලිස් නිලධාරීන් මෙලහට අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ..
Daham Sunday, 10 September 2017 03:16 AM
පොලොන්නරුවේ වකුගඩු රෝගීන් ගැන මහා අනුකම්පාවෙන් කතාකරන කාලයක වකුගඩු රෝගය සඳහා පොලොන්නරුව මහරෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ආපසු ජීවිතය බේරාගෙන මධ්‍යම රාත්‍රියේවත් තම ගෙදරට යාමට නොහැකි ලෙස, බලවත් පිරිස් අධික වේගයෙන් ජීප් වලින් යටකරගෙන ගොස් මිනිසුන් මිය යාමට සැලැස්වීම හෙලා දැකිය යුතුය.
shan saudi Sunday, 10 September 2017 04:03 AM
පසුගිය කාලේ නම් පොලිසියේ උදවිය මාරු කරලා යාපනේ දිසාවට දාලා.. අදනම් ඒ අය මෙලහකටත් නැහැ. අහිංසක හමුදාවේ හරි සාමාන්‍ය රියදුරෙක් හරි හැප්පිලා බලන්න ඕනේ මෙයාට මොකද වෙන්නේ කියලා හා අගතියට පත් අයට මොකද වෙන්නේ කියලා... යුක්තිය පසිඳලයිද නැත්නම් බලය පතුරුවයිද කියලා.
justin Sunday, 10 September 2017 04:21 AM
යහපාලනය! ජයවේවා ! එදා නම් මැරුණ අයගේ කාව හරි රිමාන්ඩ් කරලා හොඳ කතාවක් ගොතලා ඇති...
Chanak los angeles Sunday, 10 September 2017 05:42 AM
මේක මෛත්‍රී මැතිතුමාට අපහාස කරන්න කරපු රාජපක්ෂවරුන්ගේ වැඩක් වගේ මට පේන්නේ...
loku Sunday, 10 September 2017 06:12 AM
නියම යහපාලනය කියන්නේ මේකට තමයි. ජනපතිතුමා ප්‍රමුඛ යහපාලනය සදා පවතීවා.!!!
kumar (galf) Sunday, 10 September 2017 06:13 AM
ලියන අදහස් දාන්නේ නැත්තේ බය ඇතිනේ !!!
Rizwan Dubai Sunday, 10 September 2017 07:05 AM
දැන් බලමු අපේ රටේ නීතිය කාටත් සමානද කියලා.?
PA-RA Sunday, 10 September 2017 07:54 AM
පොලිසියේ දඩ වැඩි කරන්නේ මේ අයගේ වැඩ නිසයි. නමුත් පලිය වන්නේ අහිංසක රියදුරන්... බලන්න මේ ආණ්ඩුවට වෙනදේ...
රජින්ද Sunday, 10 September 2017 08:34 AM
දේශමාමක සහ මොහුගේ හෝ මොහුගේ සහෝදරයාගේ හෝ අවංක භාවය ගැන කෙස් පැලෙන තර්ක හෝ ලෝක බොරු අදහස් නොදා ඉන්න ඕනේ. මොකද මේ මොහුව අත්අඩංගුවට අරගෙන මිසක් ඇවිත් බාර වෙලා නොවන නිසාත්, වැඩි කාලයක් කූඩුවේ නොයිඳ ඉතාමත් ඉක්මණින්ම නිදහස් වීමට සියල්ල සුදානම් නිසාත්ය.
Chanukah Sunday, 10 September 2017 12:40 PM
වැලි රාජුගේ පවුලේ උදවිය ගැන ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
siri Sunday, 10 September 2017 08:03 PM
තමුන්ගේ වාහනේකට කෙනෙක් හැපුනොත්,අඩු තරමින් රෝහලකට ගෙනියන්නවත් තරම් මනුස්ස කමක් නැති අමනුස්සයෙක්ද මේ මිනිහ.සමහර විට එහෙම රෝහලකට ගෙනිච්චනම් ඔවුන්ගේ ජීවිත බේරෙන්න තිබුන.