IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රියැලිටි තරුවලට කාර් දෙනවා නම් වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනෑ

2016-10-08-ent-145

මේ පේ‍්‍රම සීමා මාලකේ හමු වී

නෙතු කැන් සලා ලතැවුල් නිවා

කඳුළින් සිනාසෙමූ

මේ පේ‍්‍රම සීමා මාලකේ තනිවී...

2016-10-08-ent-153ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මාලා රණතුංග මේ ගයන්නේ පෙම්වතුන්ගේ සදාදරණීය ගීතයයි. අව්‍යාජ වූ පේ‍්‍රමයෙන් බැඳුණු පෙම් යුවලක් තමන්ගේ පේ‍්‍රමයට වැටුණු දහසක් තහංචිවලින් මොහොතකට මිදී එකිනෙකා හමු වූ මොහොතක හිතේ උපදින ආදරය ගීතයකට නැගුවා නම්, ඒ මේ ගීතයයි. සැබැවින්ම මේ ගීතය තරම් කන්කළු ගීතයක්, පෙම් යුවලකට තම හමු වීම සටහන් කරනු පිණිස තවත් නම් නැත්තේමය. ගල්කිස්ස කලාපුරයට ගොස් ලක්ෂ්මන් විජේසේකර මුණගැසුණු මොහොතේ මම මුලින්ම ඇසුවේද මේ ගීතය ගැනමය.

 

” ඕක ලිව්වේ සපු”

ලක්ෂ්මන් ඉතාම කෙටියෙන් පිළිතුරු දී නිහඬ වූයේය. එහෙත් ඔහුට නිහඬව සිටින්නට ඉඩ දිය නොහැකිය. එබැවින් මම තව තවත් තව තවත් ප‍්‍රශ්න අසමින් ඔහු නොකියා සිටින්නට උත්සාහ ගන්නා රසවත් අතීතය කෙසේ හෝ අසාගත යුතුමය.

 

කොයි කාලෙ විතරද ඕක ගායනා කෙරුණේ.

හැත්තෑපහ අසූව අතරෙ තමා. මම ගුවන් විදුලියෙ සරල ගී ගායකයෙක් විදිහට සමත් වුණේ. නවසිය හැත්තෑ පහේදී. ඊට පස්සේ තමයි මගේ සරල ගී වැඩසටහන්වලට මම සිංදු කිව්වේ.”

 

මුල්ම සරල ගී වැඩසටහන මතකද?

මතකයි

 

මොනවද ඒකට කියපු සිංදු?

දෑත දෙපා,

ඇයි තරහෙන් මාන්නකාරි,

ඔබ මට තරුවකි

ඔබ මට තරුවකි

ගණදුරු රැයකදි

දිදුලන සඳ ලෙස ගුවන අරා

ලාහිරු මඬලයි මා අභියස ඔබ

බැසයන්නේ නැති සසර පුරා

 

නිර්මලා රණතුංග සමඟ ගයපු මේ ගීතයේ රචකයාද සපු හෙවත් කරුණාදාස සපුතන්ත‍්‍රීය.

 

ඇයි මේ සපු අයියාම ඔයාට ඔක්කොම සිංදු ලියන්නේ?

මම යළිත් අසමි

”සපු හිටියේ අපේ ගෙදරනේ...”

ලක්ෂ්මන් ඔහු සතු අර ලස්සනම සිනාව පෑවේය.

‘‘සපු බඳින තුරුම හිටියේ අපේ ගෙදර කාමරේක’’

 

කොහෙද ඒ?

නාරාහේන්පිට.. ඔය කාලේ විවිධ ගායක ගායිකාවෝ හැමදාම වගේ අපේ ගෙදර එනවා සපුට කියලා සිංදු ලියවාගන්න. ඊට පස්සෙ ඔය ගොල්ලො ආපහු යන්නෙ කාල බීලා එහෙම. ගුවන් විදුලියෙ සරල ගී වැඩසටහනක් තිබුණු දාට ඒක ඉවර වෙලා කට්ටියම අපේ ගෙදර එන පුරුද්දක් තිබුණා. ලක්ෂ්මන් යළිත් සිනාසුණේය.

ඔයාට වැඩිපුරම සිංදු ලිව්වේ සපු වගේම ඔයා වැඩිපුරම යුග ගීත ගායනා කළේ නිර්මලා රණතුංග එක්ක. කොහොමද ඔබට නිර්මලා මුණගැහෙන්නේ?

මම ලක්ෂ්මන්ගේ කතා බහ තවත් මානයකට යොමු කරවමි. ”ස” ප‍්‍රසංගයෙ කෝරස් කියන්න ගිහින්... ඒකෙ මම වගේම නිර්මලාත් කෝරස් කිව්වා. එතකොට පේ‍්‍රම සීමා මාලකේට ගොඩවුණේ?

 

‘‘මට මතක හැටියට ඕක නිර්මලාගෙ සිංදුවක්. එයයි මට කතා කළේ ඔය සිංදුව ගායනා කරන්න.”

 

අප මේ කතා බහ පටන් ගත්තේ අතර මගිනි. හරි නම් මේ කතා බහ ආරම්භ කළ යුත්තේ ලක්ෂ්මන්ගේ පාසල් ජිවිතයෙනි. අපි කවුරුත් ජීවිතය ආරම්භ කරන්නේ පාසලෙන් වන නිසාය. ඉතින් පමා වී හෝ මම ලක්ෂ්මන්ගේ පාසල් වියේ මතක අවුස්සමි.

”මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලියදේවෙ. ඔය කාලෙ මගේ ගුරුවරයා වුණේ කේ.එම්. දයාපාල... ඔහු තමයි මට මුලින්ම සප්තස්වරය කියා දුන්නේ. නිමල් ගුණසේකර හිටියේ මගේ පන්තියෙ. ටී.එම්. ජයරත්න මට වැඩිය සීනියර්..” පාසලෙන් පසුව ලක්ෂ්මන් රජයේ සංගීත විද්‍යාලයට ඇතුළත් විය.

”කොහොමද ඒ ජීවිතේ?”

”ඉගෙන ගන්නවාට වැඩියෙන් කළේ යූනියන් වැඩ...”

 

ලක්ෂ්මන් තවත් කෙටි පිළිතුරක් දී සිනාසෙන්නට පටන් ගත්තේය.

මේ යුගය රස කතා ආකාරයක් විය යුතුය. එහෙත් ලක්ෂ්මන් ගේ කෙටි පිළිතුරු, රචනා මාදිලියේ උත්තරයක් ලිවීමට බාධාවකි.

ඒ කාලෙ කවුද සමකාලීනයෝ.

රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ආනන්ද විජේසිරි, මාලිනි බුලත්සිංහල, බණ්ඩාර අතාවුද...

ලක්ෂ්මන්ගේ ආදරණීය බිරිඳ චන්ද්‍රා කළුආරච්චි නම් වන සුප‍්‍රකට නිළියයි. ඇය ලක්ෂ්මන්ගේ දෙනෙත නෙත් කළු කළේ මේ කාලයේදී වියයුතු යැයි මගේ හිත කීවේය. ඉතින් මේ මොහොත එවැනි පේ‍්‍රමණීය ඉසව්වකට පා තබන්නට සුදුසු මොහොත නොවේද?

 

”චන්ද්‍රාට කිව්වේ ඔබ මට තරුවකි ද පේ‍්‍රම සීමා මාලකේද”

 

2016-10-08-ent-146ලක්ෂ්මන් යළිත් සිනාසෙයි. එහෙත් ඔහු එවර නම් කිසිම උත්තරයක් දුන්නේ නැත. සමහර විට මගේ ප‍්‍රශ්නයට පිළිතුරු ඇයි තරහෙන් මාන්නකාරී වීමටද බැරි නැත. කෙසේ වූවත් මම ඒ පේ‍්‍රමණීය මතක සටහන් ලක්ෂ්මන්ගේ කටින් අල්ලා ගන්නට වෙහෙසෙමි.

අපි රජයේ සංගීත විද්‍යාලෙ ඉන්න කාලෙදී දයානන්ද ගුණවර්ධන, අපේ රෝහණට කතා කළා. එයාගෙ නාට්‍යවල සංගීතය නිර්මාණය කරන්න. ඉතින් රෝහණ එක්ක මමත් යනවා සුදර්ශියට. එතකොට චන්ද්‍රා එනවා නාට්‍යයෙ රඟපාන්න. ඔය විදිහටයි අපේ දැන හැඳුනුම්කම හටගත්තේ. චන්ද්‍රා රඟපානකොට මම සමූහ ගායනාවලට සම්බන්ධ වුණා. අන්තිමේදී අපි ආදරය කරන්න පටන් ගත්තා.

 

ලක්ෂ්මන් විජේසේකර දිගු කලක් ගුරු වෘත්තියේ නිරත වූවේය.

 

”මට පත්වීම ලැබුණේ 1975 දී. තම්මැන්නාවෙ වේළුසුමන විද්‍යාලය තමයි මගේ පළවෙනි පාසල. ඊට පස්සේ විජය විද්‍යාලය, එතනින් ඉසිපතන, එතනින් ඞී.එස්. සේනානායක... ඔය අතරෙදි නියම වයස එන්නත් කලින්ම 1993 දී මම විශ‍්‍රාම ගියා.

 

ඇයි ඒ ටීචිං එපා වෙලාද?

නෑ, ටීචිංවලට මම ආසයි. ඒත් ඒ කාලෙ මට කරන්න හුඟාක් වැඩ තිබුණා. ඒ වැඩවලට ටීචිං බාධාවක් වුණා. ඉතිං මම ටීචිංවලින් අයින් වුණා. ඊට පස්සේ සංගීත ප‍්‍රසංගවලට වැඩියෙන් යන්න ඇති. මම අසමි.

නැහැ මම එළිමහන් ප‍්‍රසංගවලට ගිහින්ම නැහැ. එළිමහන් ප‍්‍රසංගවලට යන එක වෙනම කලාවක්. ඒකට ප‍්‍රසංග සංවිධායකවරු හඳුනාගන්න ඕනේ. ප‍්‍රසංගයට ගිහින් සිංදු කියන්න වෙලාව එනතුරු නිදිමරන්න ඕනේ. මෙහෙම නිදි වැරුවට පස්සේ පස්සෙන්දාට කිසි වැඩක් කරන්න බෑ. මේ නිසා එළිමහන් ප‍්‍රසංග මට අරහං.

නමුත් ඔබ ගෘහස්ථ ප‍්‍රසංගවලට යනවා. මා එසේ ඇසුවේ ඊයේ (8 සවස ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති ස්වර සමාධි පේ‍්‍රම ගී දැහැන රසවත් කරන්නට ලක්ෂ්මන් සහ නිර්මලා පැමිණි බැවිනි.

”ඔව් මම ගෘහස්ථ ප‍්‍රසංගවලට නම් යනවා. හැබැයි ඒ යන්නෙත් ආශාවකින් නෙමෙයි. මොකද මම සිංදු කියන්න ආස නැහැ.” ලක්ෂ්මන් විජේසේකර මේ කියන්නේ විහිලූවටදැයි සැකයෙන් මම ඔහුගේ මුහුණු බලමි.

”ඇත්තමයි! මම ගායකයෙක් වුණාට සිංදු කියන්න කැමැති නෑ. ඒ වගේම රඟපාන්න කැමතිත් නෑ. මම කැමති වීඩියෝ ඩිරෙක්ට් කරන්නයි සංගීත අධ්‍යක්ෂණයටයි විතරයි.”

ලක්ෂ්මන් යළිවරක් කලින් කළ ප‍්‍රකාශයට ඌනපූර්ණ එකතු කරයි.

ලක්ෂ්මන් ටෙලි නාට්‍ය කිහිපයක නළුවකු ලෙස රඟ පෑ බව මට සිහිපත් විය. දඟයන්ට පමණයි, විලම්භීත, රේඛාව ඒ අතර විය.

”මාව රේඛාවට දැම්මේ රෝහණනෙ. එයා තමයි එකේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඊට පස්සේ තවත් ටෙලි කීපයක රඟපෑවත් මට තේරුණා මම නළුවෙක් විදිහට අසාර්ථක බව. ඉතින් මම රඟපෑමෙන් ඈත් වුණා. හැබැයි මම රේඛාවෙ රඟපාන්න වවපු රැුවුල නම් ඊට පස්සෙ මම කැපුවේ නැහැ. ඔහු නළුවකු ලෙස අසාර්ථක වුණත් ගායකයකු ලෙස නම් සාර්ථකයි. එසේ වූවත් ලක්ෂ්මන්ගේ සමස්ත ගීත අස්වැන්න ගීත පහනකට වඩා වැඩි නොවේ..

 

”ඇයි අලූතින් ගීතයක් එහෙම නිර්මාණය නොකෙලේ?”

 

මම හැම ප‍්‍රවීණයකුගෙන්ම අසන ප‍්‍රශ්නය ලක්ෂ්මන්ටද යොමු කරමි.

”ගීත කලාට ප‍්‍රචාරය කරගන්න බැහැනේ.. ඉතිං මොකටද සිංදු කරන්නේ. අද කවුරුත් වගේ ඒ අයගේ පරණ සිංදුවලින් යැපෙනවා විතරයි. හැබැයි ඒ හැමෝම දැන් සිංහල සිංදු කියන්න ගන්න ගාන වැඩි කරලා. ඒකට හේතුව තමයි රියැලිටි තරු ගාස්තුව ලක්ෂයක් විතර අය කිරීම. එහෙම අය කරලා ඒ අය කියන්නේ අනුන්ගෙ සිංදු. මේ නිසා ඒ සිංදුවල සැබෑ හිමිකාරයන්ටත් තමන්ගේ ගණන් වැඩි කරන්න සිදු වුණා. මේකෙන් ගෘහස්ථ ප‍්‍රසංග සංවිධානය කරන අය අසීරුවට පත්වෙලා.”

ලක්ෂ්මන් වර්තමාන සංගීත ක්ෂේත‍්‍රයේ ස්වභාවය ගැන කතා කරන්නට පටන් ගත්තේය.

”අද රියැලිටි තරුවලට කාර් දෙනවා. හරි නම් තරු අතරෙත් තරුවක් වුණු වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනේ. මේ ඔක්කොම වෙනස්කම් කරන්නේ මාධ්‍ය ආයතනවලින්. ඒත් රූකාන්තගෙන් පස්සේ අපේ සංගීත ක්ෂේත‍්‍රයට දැනෙන වෙනසක් කරන්න ඔය කාටවත්ම බැරි වුණා.

අද ඔය වෙනස්කම් කරනව කියන අය කරන්නෙ එහෙන් මෙහෙන් කෑලි ටිකක් එකතු කරලා තනිකරම බොරුවක් කරන එක. මේ අය සිංදු ජනප‍්‍රිය කරන්නේ මියුසික් වීඩියෝ එකෙන්. වීඩියෝ එක බලනකන් සිංදුව ජනප‍්‍රියයි. හැබැයි මාස හයකට විතර පස්සේ සිංදුව ඉවරයි. මේ සිංදු ජනප‍්‍රියයි කියන්න පුළුවන්ද? සිංදු ජනප‍්‍රිය නම් කාලාන්තරයක් තිස්සේ තියෙන්න ඕනෙ. වික්ටර් රත්නායකලගෙ, මිල්ටන් මල්ලවාරච්චිලගෙ, ජෝතිපාලලගෙ සිංදු ඔය තවමත් තියෙන්නේ... ඒකනේ ජනප‍්‍රියකම කියන්නේ.’’

ලක්ෂ්මන් දැන් දෙන්නේ රචනා මාදිලියෙ පිළිතුරුය.

”ඇයි ඔයාගෙ සිංදුත් එහෙමනේ. සිංදු ටික තවමත් ජනප‍්‍රියයිනේ. මම අසමි. ලක්ෂ්මන් සිනාසෙයි. ඔහු තමන් ගැන කයිවාරු ගහන ගායකයෙක් නොවේ.

තරු කඩා වැටී ඉවුරේ

තරු පිපී රැයක සයුරේ

සැඩ සුළං නොමැති අහසේ

ලොව නිසොල්මනේ නැවතේ

ලක්ෂ්මන් සිය සන්ධ්‍යා ගීතය තවත් ටිකකින් ගයනු ඇත.

ඊට කලින්ම

ඔව්, ඊට කලින් අපි ඔහුගේ කැදැල්ලෙන් සමුගෙන ආවෙමු.

 

 

ශාන්ත කුමාර විතාන / සේයාරූ ඇලෙක්සැන්ඩර් බාලසූරිය

 

2016-10-08-ent-152
2016-10-08-ent-151
2016-10-08-ent-150
2016-10-08-ent-149
2016-10-08-ent-144
2016-10-08-ent-147
2016-10-08-ent-148



අදහස් (0)

රියැලිටි තරුවලට කාර් දෙනවා නම් වික්ටර් රත්නායකට නැවක් දෙන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 254 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 993 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 203 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1020 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 399 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1036 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site