IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රැල්ලට නොගිය රංගගෙන් 'පුංචි පුතා'

2016-10-03-ent-107

 

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස ‘ළංවෙලා ළඟ උන්නු කාලේ’ ගීතය තුළින් ජනප්‍රියත්වට පත්වෙන්නට ඔහුට හැකිවිය. ඔහු රංග සොයිසාය. ඔහුගේ කලා දිවිය පිළිබඳව ‘සාරවිට’ සමග පැවැසුවේ මෙවැන්නකි.

 

අලුත්ම වැඩේ ගැන කියලා හිටියොත්?

2016-10-03-ent-109මගෙ ජීවිතේ හැඟීම්බරවම ආශාවෙන්ම ගායනා කළ ගීතය මගේ ආදර අබිරු පුතාට ගායනා කළේ. ගීතය නම් කළේ, ‘පුංචි පුතා’ කියලා.

 

ඇයි පුතා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න හිතුවේ?

මෙච්චර ඉක්මනට කරන්න හිතුවේ නෑ. අහම්බෙන් තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ඒක අශාන් ප්‍රනාන්දු මල්ලි සහ නිසල් ප්‍රනාන්දු. මල්ලි මට දුන්න (surprise) එකක්. ඒ නිසාම මේක මගේ ජීවිතයේ සුවිශේෂීම ගීතයක්.

 

කොහොම දැන් ගීතයට ලැබෙන ප්‍රතිචාර?

තවම ගීතය අන්තර්ජාලයට එකතුකලා විතරයි අහපු ගොඩක් අය මට අන්තර්ජාලයෙන් හා දුරකථන ඇමතුම්වලින් සුභපැතුවා. ගීතය හරිම සංවේදියි. ලස්සනයි. කියලා. විශේෂයෙන් අලුතෙන් පුතාල ලැබුණු ගොඩක් අය සුභපැතුවා. ගීතය අලුත් නිසා, ටික ටික තමයි රසිකයන් අතරට යන්නේ. මම කියනව අන්තර්ජාලයෙන් අහන්න කියල අහපු නැති මගෙ සියලු රසිකයන්ට. යාලුවන්ට. පියවරුන්ට.

 

අද තිබෙන ගීත රැල්ලත් එක්ක මෙවැනි ගීතයක් රසිකයන් අතරට ගියහම ඔවුන් එය වැලඳ ගන්න ප්‍රමාණය වැඩි නේද?

ඇත්ත. විරහ ගීත, ආදර ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය වන වකවානුවක මෙවැනි නිර්මාණ අහන්න කැමති ගොඩක් රසිකයො ලංකාවේ ඉන්නව කියන එකයි මගෙ විශ්වාසය. වෙනස් අර්ථයක් ගන්න ගීත අඩුවෙන් බිහිවන නිසා.

 

අවසාන වශයෙන් කිව්වොත් ඉදිරි කටයුතු මොනවාද කියලා

කොරියානු සංචාරය සාර්ථකව නිමකරලා ආපූ ගමන් තමයි. පුතාගෙ ගීතය රිලිස් කළේ. ඉදිරියට ආශාවෙන් ඉන්නව රූපරචනයක් කරන්න. මේ ගීතයට. තවම අනුග්‍රාහයකයෙක් ලැබුණේ නෑ. මේ මාසෙ මැද ඉඳන් එළිමහන් සංගීත ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට සහභාගි වෙන්න සහ රැකියාවේ කටයුතුත් කරගෙන පවුලේ කටයුතුත් කරගෙන හෙමින් ගමනක් යනවා.

 

ස්තූති කරන්න පිරිසක් ඇති නේද?

කොරියානු සංචාරයේදී මට උදවු කළ මිලින්ද ප්‍රසාද්, අමිල අයියා, උපාලි අයියා, දීපාල් අයියා. දිනේෂ් සොයිසා. වෙරංග මල්ලි. ඉන්දික රවින්ද්‍ර, මදුර මල්ලි. සිත්තරා, උදාර, ගයාන්, චානක, අරෝස්ටාර් කණ්ඩායමේ සියලු සාමජිකයන්, රයිනි, ශනුද්‍රි, ආත්මා ලියනගේ, ඇතුළු උදව් කරපු සියලු දෙනාටත්. පුතාගෙ ගීතය කරපු. අශාන් මල්ලි. නිසල්. දුලීක. සොයුරන්ටත්. මේක අවස්ථාවක් කරගන්නව ස්තූතිය පුද කරන්න සහ පවුලේ සියලු දෙනා බිරිඳ. අම්මා, සියලු ගුරුවරු සහ මට මේ අවස්ථාව ලබාදුන් ඩිලාන් මල්ලිටත් මගේ හද පිරි ස්තූතිය.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-03-ent-108



අදහස් (0)

රැල්ලට නොගිය රංගගෙන් 'පුංචි පුතා'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 258 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1185 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2372 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1396 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1630 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1810 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39579 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site