(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ද ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් ද මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි කියති.
ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.
කරුණානායක මහතා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රවී ඉල්ලා අස්වෙන්න යයි
පිටිගල මිලානෝ Thursday, 10 August 2017 06:27 AM
ඉල්ලා අස්වී මෙම යහපත් ප්‍රතිපත්තියේ පුරෝගාමියා ඔබ වන්න.
sena Thursday, 10 August 2017 06:34 AM
අපේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ
raveendra Thursday, 10 August 2017 06:34 AM
අප අවංකව අපගේ රටට සේවය කලොත් අපටද එහි හොද ප්‍රථිපල අපගේ ජීවිතවලට ළගාකරගත හැකිබව නොරහසකි. මෙය අපහැමටම පොදුදෙයකි. හිටපු සහ දැනට බලයේ ඉන්න හැම දේශපාලකයෙකුටම මෙය අදාල බව හොදින් හිතේ තියාගත්තොත් හැමෝගේම ශරීර කුඩුවට හොදය.
sachith Thursday, 10 August 2017 07:01 AM
දශකයේ හොදම විහිලුව.... පවු අසරණ මනුස්සයා, දැන් ඉතින් කෝට්ටේ හන්දියේ ලොතරැයි කුඩුවක් දාගෙන තම ජිවත් වෙන්න වෙන්නේ.
Appuhami Thursday, 10 August 2017 07:40 AM
ඔය හදන්නේ තානාපති කමක් ගන්නයි. අපි දන්නවා ලංකාවේ හැටි.
MOHANThursday, 10 August 2017 07:51 AM
විවිධ පුද්ගලයන් මෙහි අදහස් දැමීම නිසා මේක විහිළුවක් වෙලා. මොහු අස් වෙන්නේ ඇමතිකමෙන් පමණි. තව දුරටත් මන්ත්‍රී කෙනෙක් ලෙස සිටිනවා.
CHANDA Thursday, 10 August 2017 09:37 AM
හොඳම මුදල් ඇමති කුසලානේ ලැබුණු රවිතුමෝ. අනේ ඉතින් මුදල් අමාත්‍යාංශයට වගේ සේවයක් විදේශ අමාත්‍යාංශයටත් කරලම යන්නකෝ... ජනාධිපතිතුමා එකනේ බාරදුන්නේ..
CHANDA Thursday, 10 August 2017 10:16 AM
මෙන්න ඇතුලත්මුදලි මහත්තයාගේ නමත් විකුණනවා.
Pradeep Thursday, 10 August 2017 03:22 PM
හොද පුර්වාදර්ශයක්, හැබැයි මෙතුමා තාම සැකකරුවෙක් පමණි. වරදකරුවෙක් නෙමෙයි. වැරදිකරුවොත් වෙලා තාම දේශපාලනේ කරන අයටත් දඩුවම් දිය යුතුයි. මොනවා වුනත් යහපාලනෙන් එක දෙයක් පැහැදිලි. නීතියට නම් ඇගිලි ගහන්නැ වගේ. මෙච්චර කාලෙකට තමන්ගේ ඇමති කෙනෙක්ට මේ වගේ දඩුවමක් දුන්නැ .පහුගිය කලේ හොරකන් කරපු මැති ඇමතිවරුන්ටත් දඩුවම් දීල ජනතාවගෙන් හොරකන් කරපු සල්ලි ආපසු ගන්නට නීතියක් ගෙන්නත් ඕන