වැලිඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් සමග එක්වී පාසල් දරුවන් අතර පැවත් වු පොසොන් පහන් කුඩු තගරයක ජයග්‍රහකයින්ට රැවුල බෑමේ රේසර් හා සනීපාරක්ෂක තුවා තෑගි වශයෙන් දුන් බව තෑගි ලැබු කිහිප දෙනෙක් කියති කිරි ඉබ්බන් වැව බුද්ධික තිලක් කුමාර (11) සිසුවා පැවසුවේ තමාටද මෙවැනි තෑගි ලැබුණු බවයි.
මේ ගැන විමසීමට වැලිඔය ප්‍රාදේශිය ලේකම් දීපාල් නිශාන්ත සිරිමාන්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කැර ගැනිමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංවිදාන අපේ රටත් කාලා කෙල්ලෝ ටිකත් කාලා දැන් පුංචි දරු පැටව් ටිකත් කනවා ඔය අයව එලවන්න ඕනා.(නදී)
මේ වගේ රාජ්‍ය නොවන සංවිදාන තමා මානුෂීය මෙහෙයුම කාලේ කොටින්ට උදව් කලේ. (නි)
ප්‍රාදේශීය ලේකම්තුමෝ දෙනවා නම් මනුස්සයෙක්ට ගැලපෙන දෙයක් දෙන්න. දෙන්නන් වාලේ දෙන්නේ නැතිව.(නදී)
රතු කුරුස සංවිදානය කියන්නේ රාජ්‍ය නොවන ආයතනයක් නෙවෙයි මම දන්නා විදියට. ඒක අපි අහලා තියෙන්නේ මානුෂික සංවිදානයක් කියලා. ඔබ ඒ සංවිධානය කොච්චර කළක් සේවය කරලා තියෙනවාද?(නදී)
නිල්මිණිගේ රැවුල ආවේ ළගදීද?(නදී)
මල්ලි රේසර් ටික තියාගන්න රැවුල ආවහම කපාගන්න! ඒත් තුවා ටිකට මොකද කරන්නේ? ඒක තමා ප්‍රශ්නය?? (නි)
අනේ අප්පේ! ඕකත් ප්‍රශ්නයක් කරගන්න එපා. (නි)
සරත්, තුවා ටික පස්සේ නෝනට හරි දෙන්න බැරියෑ? (නි)
නොමිලෙ දෙන ඒවා තෑගි වලට දෙන්නේ ඇයි... එහෙම වෙන්නෙ ඇයි... අයි ඩෝන්ට් නෝ වයි... (නි)
සරත්, තුවා දීලා තියෙන්නේ කුඹුරේ වල්පැලනාශක බෙහෙත් විදිනකොට මුකවාඩමට ගන්නනේ...!!! (නි)
ඕක කුරුස කාරයන්ටම දෙන්න. (නි)
අනේ පව් මේ අහිංසක ළමයි ළමා කමට ළමා වැඩ කරලා ළමයින්න වෙන හදන කොට මේ පිස්සු මෝඩ සංවිධාන ළමා කම අමතක වෙන ජරා වැඩ කරනවා,,,පව් අහිංසක (අ)
ඕවා වැටිලා තුවාල උනහම පුළුන් වෙනුවට ගන්නත් පුළුවන්, විසි කරන්න එපා පුතේ. අපරාදේ.(නදී)
මේ වැඩෙන් තෑගි ලබාගත් දරුවන්ගේ මානසික තත්වය හොඳටම අවුල් වෙනවා. මේක නම් පැහැදිලිවම හිතා මතා කලදෙයක්. (නි)
රේසර් නම් කමක් නැහැ කියමුකෝ කවුරු උනත් දන්නවනේ කරන වැඩේ. සනීපාරක්ෂක තුවා, පොඩි උන් අම්මගෙන් මොනවද කියලා අහනකොට කියන්නේ කොහොමද? ළමා මනස විකෘති කරන්න දෙන තෑගි මේ. පව් පොඩි එකා.(නදී)
සරත් දන්නේ නැද්ද ගැහැණු අය රේසර් පාවිච්චි කරන බව? ඒ මොකටද කියලා නෝනාගෙන් අහගන්න. රේසර් වලින් කපන්නේ රැවුල පමණක් නොවෙයි.මේ පාර්සලේ ගැලපෙන්නේ ගැහැණු ළමයින්ට. (නි)
නිල්මිණි නෝනේ, පිරිමින්ට සනීපාරක්ෂක තුවා සුදුසු වෙන්නේ කොහොමද කියලා අපටත් කියා දෙනවද? ඔය කියන වෙබ් පිටුවක ලිපිනය කියන්න. (නි)
අපේ දරු කැලගේ මොළ විකෘති කරන්න නොයෙක් සංවිදාන තියෙනවා. අපේ හාමුදුරුවරු නිකන් නෙවෙයි මේවට ඉලපත ගන්න කියන්නේ. දැන පේනවා නේද යථාර්තය.(නදී)
අයියෝ, අයියෝ දෙන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද? මේ දරුවන්ට පොත් පත් දුන්නා නම් ඉතා වටිනවා. කොහෙත්ම ගැලපෙන්නේ නැති තෑග්ගක්නේ.(නදී)
බොදු බල සේනාවට පැමිණිලි කරන්න (නි)
කුමාරිහාමි ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර , ජයා දීලා තියෙනවා (නි)
මේක නම් බුද්ධාගමට එරෙහිව කුමන්ත්‍රනකාරී ලෙස කරවපු අපහාසයක්. තෑගි දුන් අසුරන වල අඩංගු මොනවාදැයි නොබලා ඒවා ළමුන්ට දුන්නා නම් එයත් බරපතල වරදක්. සංවිධායකයින් කෙරෙහි නීතිය ක්‍රියාත්මක වියයුතුයි. (නි)
ආනන්ද, ඔබට පරිගණකයක් පාවිච්චි කරන්න තරම්වත් මොලේ ටිකක් තිබීම ගැන පුදුමයි. මේක කවර හෝ ආගමකට සම්බන්ධ දෙයක් වෙන්නේ කොහොමද? හැම ආගමකම මිනිස්සු මේ සැම දෙයක්ම පරිහරණය කරනවා. ඔයාල වගේ මෝඩ මිනිස්සු නිසා තමා ප්‍රශ්න ඇතිවෙන්නේ (නි)
මේ පාර්සලේ තියෙන්නේ ඕවා විතරක් නෙමෙයි. සබන්, ෂැම්පු, ලොකු තුවායක්, පනා, දත්බෙහෙත්, දත් බුරුසු වගේ පවුලකට මාසෙකට විතර අවශ්‍ය දේවල් තියෙනවා. අපි දැක්කා. අනික මේවා දුන්නෙ ස්ථානයක් ගන්න බැරිවුන අයට. ස්ථාන ගත් අයට මුදල් තෑගි ගොඩක් දීලා තියෙනවා. හොද දේ නොදැක අඩුපාඩු විතරක් හොයන මිනිස්සු කොහෙත් ඉන්නවා. රූපවාහිනි මාධ්‍යවල මේ වගේ ප්‍රචාරක දැන්වීම් යන්නේ නැද්ද.එතකොට පොඩි උන් බලන්නෙ නැද්ද? එහෙනම් කඩවලත් මේවා ප්‍රදර්ශනය කරන එක තහනම් කරන්න වෙයි (නි)
මේකේ තිබ්බෙ මේවා විතරද? රුපියල් 2000 ක විතර බඩු තිබිලා තියෙනවා මේ පාර්සලේ ඇතුලේ (නි)
මේවා කැත වැඩ (නි)
තෑගි දුන්න අය හිතන්න ඇති ගැහැණු ළමයි විතරයි තරගයට ඉන්නෙ කියලා (නි)
ඔය එක එක බොරු සංවිධාන වල යථාර්තය ඕක තමයි. ලංකාවට ඇවිල්ලා කරන්නෙත් ඔය වගේ විකාර වැඩ තමයි (නි)
කුමාරිහාමි එතකොට රේසරුත් ගැහැණු ළමයින්ටද? (නි)
මොනවද මේ පිරිමි ළමයින්ට දීලා තියෙන්නෙ? මේවා දෙන්න තිබුනේ වැඩිහිටි ගෑනු පිරිමි අයට. පොඩි ළමයින්ට මොනවා කරන්නද මේවා? (නි)
පෙට්ටියේ සදහන් වෙලා තිබෙන ආකාරයට මෙම තෑගි පිරිනමා ඇත්තේ රතු කුරුස සංවිදානයෙන්. එම නිසා වෙන්න ඇති සෞඛ්‍යයට අවශ්‍ය දේවල් දීලා තියෙන්නේ. මේක වර්ගීකරණයකින් තොරව කාහටත් සරිලන පරිදි සකස් කළ පොදු පාර්සලයක්. ගෙදරක තව සාමාජිකයොත් ඉන්නවා නම් ඉතින් අවශ්‍ය පරිදි බෙදාගෙන පාවිච්චි කරන්න පුලුවන්නේ. (නි)
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධායකයෝ හිතලා තියෙනවා කාර්‍යාලයේ එක් පාර්ෂවයක් විතරයි තරගයට ඉන්නේ කියලා.(නදී)
මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ දීපුවා ළමයින්ම පාවිච්චි කළ යුතුයි කියලා. රාජ්‍ය නොවෙන සංවිධානය මොකද්ද කියලා පෙට්ටියෙන් පෙනෙනවා. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තිබුනා මේවා දෙන වෙලේ පොඩ්ඩක් හිතලා බලලා අවශ්‍ය විදියට තෑගි බෙදන්න. (නි)
සනීපාරක්ෂකතුවා දැක්කම මතක් වුනේ. ඉස්සර පොඩි කාලේ මම දැක්කා ගණිකා නිවාසයක් පොලිසියෙන් වැටලුවා කියලා ප්‍රවෘත්තියක්. ඒ පාර මම අම්මි,තාත්ති ඉන්න තැන මහ හයියෙන් ඇහැව්වා ගණිකා නිවාසයක් කියන්නේ මොකක්ද, මටත් එහෙ යන්න ඕනෑ කියලා. සත්තයි පොඩි කාලේ මම හිතන් හිටියේ ගණිකා නිවාස කියන්නේ ගණන් වලට සම්බන්ධ මොකක් හරි තැනක් කියලා.දැන් ඒක මතක් වෙනකොට මට ඇඩෙනවා ලැජ්ජාවට (නි)
බබාලට පුම්බන්න බැලුම් බෝල දීලා නැද්ද ? (අ)
මේ පුංචි එවුන් තරඟ වලට සහබාගී වෙන්නේ පුංචි හිත් සතුටු කරන යමක් දිනා ගන්නයි.මෙම තෑගී නිවසකට අවශ්‍ය වුනාට මොවුන්ට මේවා ගැලපෙන්නේ නැහැ. මේවා දෙන්න ඕනෑ නම් නිකන් බෙදා හරින්න තිබුනා. කරන්න ගියේ හොඳක් විය හැකි නමුත් නොගැලපීම තමා තියෙන්නේ. (නි)
කියනවත් වගේ ඔතන කෙරෙන්නෙත් ගණිතයෙන් කරන වැඩක් තමයි. ගණන් බැරුව ගියොත් වැඩේ පාඩුයි (නි)
ඕක සම්පුර්ණයෙන්ම කාගේ හරි බොරුවක් නේද? මමත් ඔය කියන පොසොන් බැති ගී ප්‍රසංගයට ගියා. මම නම් ඔහොම දෙයක් දැනගත්තේ නැහැ.(නදී)
කමක් නැහැ මේ සැරේ තණකොළ දීලා නැහැනේ. (නි)
මේ රාජ්‍ය නොවන සංවිධාන ගැන පුළුල් ලෙස සොයා බැලිය යුතුයි. මෙහි කුමන යටි අරමුණක් තියනවද හිතා ගන්න බැහැ. (නි)
මොන විදියේ පුද්ගලයෝද මෙය සංවිධානය කළේ? (නි)
සරත් ඔබ හරි. අපේ රටේ මිනිසුන්ට මොනවා දුන්නත් ඔච්චරයි. නිකන් දුන්න අස්වයගේ දත් බලනවා මේවා ගෙදර ලොකු කට්ටියට හරි පාවිච්චි කරන්න පුළුවන් කෙලෙහි ගුණ දන්නේ නැති මිනිස්සු.(නදී)
මේ අදහස් කියවද්දී මට ගැමුණු කුමාරයා සිය පියාට ගැහැණු ඇඳුම් ආයිත්තම් හා කාන්තා ආභරණ තෑගි දීපු හැටි මතක්වෙනවා. (නි)
අයියෝ ගණන් ගන්න එපා. ඔතන තියන ඕනෑ දෙයක් මෙකල ගැහැනු පිරිමි ඔක්කොටම සුදුසුයි. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකෙන් බලන්න (නි)
පාසල් ළමයෙකුට තෑගි දෙන්න තිබුනේ පොත් .පැන්සල් ,බෑග් ,වගේ දේවල්.මේ මොනවද මේ? ගමේ කඩේ විකුණන ඒවානේ. (නි)
එන්.ජී.ඕ. සන්විධා නයකින් ඔය භාණ්ඩ පාර්සල් කර ඇත්තේ විපතට පත් වූ අයට බෙදා ඉතිරි ටිකක් වෙන්න ඇති.අපේ උදවිය ඒවත් විකුණන බව දැනගෙනයි " විකිණීමට නොවේ" යන්න සඳහන් කර තියෙන්නේ.ලැබුන තෑග්ග එපා නම් කුඩුව හැදීමට උදව් කල පවුලේ අයට දුන්නාම ඉවරයිනේ. (නි)
මමත් රතු කුරුස සංවිදානයට දායක වුවෙක්, ආපදා අවස්ථාවලදී බෙදා දීමට දුන් භාන්ඩ කිසිම අයුරකින් තෑගි ලෙස බෙදා දීම සපුරා තහනම්. මේ ගැන සොයාබැලීම වටී. එංගලන්තයේ මෙවැනි දේ දඬුවම් ලැබිය හැකි වරදකි. පොසොන් කුඩු ජයග්‍රාහකයන්ට ඊට අදාල ත්‍යාග පිරිනැමිය යුතුයි. (නි)
මේ රාජ්‍ය නොවන සංවිදාන වලට අපේ ලංකාවේ සංස්කෘතිය නැති වුනාට කමක් නැහැ . ළමයින් නොමග ගියාට කමක් නැහැ. මොනවා හරි උප්පරවැට්ටියක් කරලා අපව නොමග ඇරලා ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම තමා කරන්නේ. මුදල් වලට ගිජු අපේම ශ්‍රී ලාංකිකයන් ඔවුන් කියන ඕනෑම දෙයක් කරනවා. (නි)
ඉතින් දිලීප, අම්මි ,තාත්ති මොනවද කිවුවේ ?ඔයා ගණිකා මඩමට යැවුවද ? (නි)
අනේ අපේ ලාංකිකයෝ එන්.ජී.ඕ එකකින් දෙනවා කිව්වොත් ඕන කුණුගොඩක් ගනී . ඕක සංවිධානය කරලා තියෙන අය ලංකාවේ නොවෙයිද ? ආයේ නම් පොඩි අය පොසොන් කූඩු තරංග වලට ඉදිරිපත් වෙන එකක් නැහැ . ලබනපාර උපත් පාලන උපකරණත් ඇතුලත් කරයිද දන්නේ නැහැ ළමයින්ගේ තෑගි පාර්සල් වලට , බබාලට එපානම් ගෙදර වැඩිහිටියන්ට දෙන්න කියලා. පාසල් ළමුන් සම්බන්ද කරගන්න වැඩ වලදී මව්පියන් ගුරුවරුන් සහ අනෙකුත් වගකිවයුත්තන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලයි මමනම් හිතන්නේ.(නදී)