හික්කඩුවේ රේස් ඔට්ටු අල්ලන්නකුගේ රුපියල් තුන් දහසක ඕල් ඔන් තුණ්ඩුවට රුපියල් දස ලක්ෂ හතලින් නවදහස් දෙසිය දහ අටක දිණුමක් හිමි වූ නමුත් එම මුදල ගැනීමට ගාල්ල පොලිසියට යෑමට සිදු විය.
ඔට්ටුපොළ හිමියා පොලිසියේ දී පොරොන්දු වූයේ කොටස් වශයෙන් ඒ මුදල ගෙවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අයට ගෙදර ළමයින්ගේ උපන්දිනය මතක නැතිවුණාට අස්සයාගේ නම කියූ ගමන් කියයි අයිතිකාරයාගේ නම, අස්සයාගේ උපන්දිනේ, පාට, බර, උගේ දෙමුපියන්ගේ වතගොත, දුවපු රේස් ගාන, දිනපු පැරදුනු රේස් ගාන, දිනුවොත් ගෙවන ගාන. (නි)
මට කීවානම් මරදානේ ජොහාර් අය්යට කියනවා.පොලිසි යන්න ඕනේ නැහැ.මිනිහා බුකිකාරයාව හමගහයි (අ)
රේස් බයි රේස් තියෙද්දී මොන කෙන්ගෙඩියකටද බුකිවල තුන්ඩු දාන්නේ. ලක්ස පනහ වුනත් එවෙලේම ගෙවනවානේ. (නදී)
බුකිය අයිති කාටද දන්නෙ නැහැ. තරුවකටද? (නි)
මීට අවුරුදු විස්සකට විතර කලින් මම දැක්ක පත්තරේ තිබුණු සත්ත්‍ය සිදුවීමක්, කොළඹ ප්‍රධාන බුකිකරුවෙක් රුපියල් 3000 දිනුමට හිමි රුපියල් ලක්ෂ 25 නොගෙවා උසාවියේ නඩුවක් කියනවා. ඔහුගේ තර්කය උනේ බුකියෙන් දෙන තුන්ඩු කෑල්ල නීතිමය එකක් නෙමෙයි කියන එක. අර අහිංසකය ලක්ෂ ගණනක් පැරදිලා තමයි ඒක දිනලා තිබුනේ. එම නිසා මේ සුදුවලට තවදුරටත් මිනිස්සු අහුවෙනවා නම් ඒක එයාලගේ මෝඩකම තමයි (නදී)
රේස් වලින් ලොකු දිනුමක් ඇදුනම එ්ක ගන්න පොලිසිය පාරෙන් හරි උසාවිය පාරෙන් හරි එන්න ඕන කියල මමත් අහල තියෙනවා. (නදී)
මදැයි කරගත්ත දේ? (නි)
බලාගෙන යනකොට රේස් ඔට්ටු දාන අයයි, බුකි කාරයොයි, කුඩුකාරයොයි ඔක්කොම දිනුම්.ඡන්දදායක අපි තමයි ඇප නැතිවෙන්නම පැරදිලා තියෙන්නේ. (නි)
එච්චරයි අඩුවෙලා තිබුනේ. දැන් සූදු මුදලාලිලා හැමෝම දිනුම් මුදල් කොටස් වශයෙන් ගෙවන්න පටන් ගනීවි. (නි)
ආශ්චර්යය කියන්නේ ඕකයි. කන්න බොන්න නැති අයට දැන් අතේ තියෙන තුට්ටු දෙකෙන් සුදු ගහලා ගොඩඑන්න පුළුවන්. බලන්න අපි කොච්චර දියුණුද කියලා. මේක බොහොම භයානක දෙයක්. (නි)
එහෙම කොහොමද ටික ටික ගෙවන්නේ?මේක තනිකරම බුකි කරුවාගේ වංචාවක්නේ. හරි නම් ජයග්‍රාහකයාට මුදල් අරගෙන දීලා රේස් බුකියත් තහනම් කරන්න ඕනෑ නේද? (නි)
මගේ මාමාටත් ඔයවගේම වැඩක් වුණා ඉස්සර බුකියක් කරලා. මිනිහ ගාන ගෙවලා කඩේ වැහුවා. (නි)
වැඩි තණ්හාවට දුර දිග නොබලා අර මොකක්දෝ බැංකුවක සල්ලි දාලා දැන් පෙළපාලි යන කට්ටිය මතක් වුණා. (නි)
"අපේ රටේ සුරා සුදුවෙන් තොර යහපත් ගුණධර්ම සමාජයක් බිහිකරමු, " (අ)
බුකි කරුවා හිතාගෙන ඉඳල තියෙන්නේ කවදාවත් දිනුමක් නම් කාටවත් ඇදෙන එකක් නෑ කියලයි ..එකනේ ගෙවන්න සල්ලි නැති උනත් බුකියක් කරගෙන යන්නේ ...ඔය වගේ තව 1 - 2 ක් මහා දිනුම් ඔය බුකියෙන් ඇදුනොත් බුකි කරුවා සියදිවි නහගන්නවා අනිවාර්යයි .(අ)
අපේ රටේ සුරා සුදුවෙන් තොර යහපත් ගුණධර්ම සමාජයක් බිහිකරමු, (අ)
මිනිසෙකු පිටනැගි අසරුවෙකි සිංදුව වෙනස් කරන්න වේවිද (අ)
ටික,ටික ගෙවීම ණයක් නොවේ ! තුන්ඩුවක් දැම්මානම් ඊට අදාළ මුදල ලබාදීම බුකී කරුගේ වග කීමක් ! බුකී කරු සබ් ඒජන්ට් නම් ප්‍රධාන ආයතනයෙන් අනිවාර්යයෙන් ගෙවනු ලබයි.තුණ්ඩුව ළඟ තබා ගත්තා නම් බුකී කරු අමාරුවේ ! (අ)
1955 වගේ කාලෙක මමත් සත 10 ට්‍රිබල් එකක් දාලා රුපියල් 33.40 ලැබුන. ඒකාලේ රුපියල් 33 කියන්නේ ලොකු ගණනක්. මේස් බැනියමක් සත 50යි ඒකාලේ. රේස් තුණ්ඩුව ලියු .මගේ මිත්‍රය පසුකලෙක මහේස්ත්‍රාත් වරයෙක් උනා පාසල් යන විට කරපු දේවල්. (දී)
ටික ටික හරි රේස් බුකී කරු මුදල ගෙවනවනම් වරදක් නැහැ . සුදුව නීතිගත නොවේ නිසා , දෙන්නම වැරදි කාරයන් (දී)
කාගේද ඔය බුකිය ? ඔකේ නම කියන්න (අ) .
වාසනාව ලැබුණත් ගන්න වාසනාවක් නැති හැටි? (නි)
පුදුම වාසනාවන්තයෙක්නේ! (නි)