IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිටවෙලාලු

උසස්පෙළ විභාගයේ අද (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබුණු බව සිසූහු පවසති.

තමාට දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන් විය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ උපකාරක පන්ති තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බවයි. මේ නිසා සිසුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන බවද ඔහු කීවේය.

 



අදහස් (15)

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිටවෙලාලු

lamaya Saturday, 19 August 2017 04:27 PM

ළමයින්ට ලොකු අසාධාරණයක් සිදු වූ නිසා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත අලුත් ප්‍රශ්න පත්‍රයක් දීමට කටයුතු කරන්න.

:       1010       1392

බණ්ඩාර-කැකිරාව Saturday, 19 August 2017 04:45 PM

මෝඩ කතා කියන්න එපා ළමයෝ .. විභාගය ලියන්න ළමයි මොනතරම් මහන්සි වෙනවද , ප්‍රශ්නපත්‍රය අවලංගු කරන්න නෙමයි ඕන ,ඒ පිළිබද විමර්ශනයක් කරන්න .සි.අයි.ඩි එකට බාරදෙන්න..

:       226       324

naradha Saturday, 19 August 2017 05:55 PM

මේ පත්‍රිකාවේ ඇති ටිව්ෂන් ගුරුවරයාගේ නම සොයා, ඔහුගෙන් ප්‍රශ්න කරොත් ඔහු ඒ අනුමාන ප්‍රශ්න ලබාගත් ප්‍රභවය සොයා ගත හැකියි.

:       46       112

anura Saturday, 19 August 2017 06:49 PM

මම සිතන විදිහට විභාග දෙපාර්තුමේන්තුවෙන් අඩු පාඩුවක් වෙලා නැහැ. නමුත් මෙම උපකාරක ගුරුවරයා ක්ෂණිකව ප්‍රශ්ණ පත්‍රය අවසන් වූ විගස ප්‍රශ්ණ පත්‍රයක් රැගෙන අත් පත්‍රිකා මුද්‍රණය කරන්න ඇති. දැන් තිබෙන උපකරණ වලින් කෙටි කාලයකින් එවැන්නක් කිරීමට පිළිවන. මෙම පුද්ගලයාගේ ක්‍රියාවට ශ්‍රී ලංකාවේ විභාග නීති අනුව දණ්ඩුවන් දිය යුතුය. මම දන්න එක්තරා භෞතික විද්‍යා උපකාරක ගුරුවරයෙක් හැම අවුරුද්දෙම කටකතා පතුරුවන වා තමන් පසුගිය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ කලින් දුන් බවටත් ඒ නිසා රිමාන්ඩ් එකේ සිටීමට සිදුවූ බවටත්. මෙම වෘත්තීය ගෞරවාන්විතව සිදුකරන බොහොමයක් අතර මෙවැනි කූට පුද්ගලයන් සිටීම කණ්ගාටුවට කාරණාවක්.

:       66       120

chandra weersinghe Sunday, 20 August 2017 12:51 AM

ඔය දැන් කරන්නේ !! හැම තැනම අවුල්!! හොඳයි ඔයාලට උඩ දාල දුන්නනේ !! චන්ද්‍ර

:       164       0

ගාල්ලේ කෙනෙක් Sunday, 20 August 2017 02:20 AM

ප්‍රශ්න පත්‍රය ළමයින්ට බෙදූ පසු කොහේ හෝ හිතවත් ශාලාධිපති කෙනෙක් ගෙන් ප්‍රශ්නපත්‍රයක් ඉල්ලගෙන කොපි ගහගෙන යළි සකසා වැඩර් කෙනෙක් වෙන්න කරපු ගොන් පාට් එකක් කියලයි මට හිතෙන්නෙ.

:       0       87

Chandra Sunday, 20 August 2017 03:08 AM

බලදාරින්ගේ වරදට ළමයින්ට දඬුවම් නොකළ යුතුයි. නැවත විෂය කනවා යනු ළමයින් අපහසුතාවයට පත් කිරීමකි.

:       60       75

Bimal Sunday, 20 August 2017 03:57 AM

කෝ මේ සයිටම් විරෝධී ඇත්තෝ '? දැන් උඩ පනින්නකෝ පුද්ගලික උපකාරක පන්ති තහනම් කරනු කියලා. ඒවාට කට අරින්නේ නැහැ . කවුරු හරි පුද්ගලික මුදලකින් කිඹුහුමක් ඇරියත් කුලප්පු වෙන අන්තරේ කට්ටිය කෝ ?

:       553       517

Susil Sunday, 20 August 2017 03:59 AM

මේක ප්‍රශ්ණ පත්‍රය පිටවීමක් නෙවෙයිනෙ.. ප්‍රවෘත්තියෙ පැහැදිලිවම කියන්නෙ "රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි " කියල... විභාග ශාලාවෙ සිටිය යුතු අවම කාලයට පස්සෙ ප්‍රශ්න පත්‍රයක් එලියට ගෙන්වාගෙන ප්‍රශ්ණ කීපයක් කොපි කරල තමන් වැඩකාරයෙක්ය කියල කියන්න කරපු වැඩක් වගේ.

:       10       14

rocky Sunday, 20 August 2017 04:04 AM

ටියුෂන් පන්ති පැවැත්වීම මුළුමනින්ම නීතියෙන් තහනම් කොට පාසලේදී පමණක් අධ්‍යාපනය ලබා දෙන්න. මේ පරපෝෂිත ටියුෂන් ගුරාලා ජාතික ව්‍යසනයකි.

:       6       60

AsankaSunday, 20 August 2017 10:46 AM

හරියට හරි , නමුත් දෙමව්පියන් මේ තරගය අත්හරිනකම් මේක කරන්න බැහැ... ලොව කිසිම රටක නැති තරගයක් අපේ රටේ තියෙන්නේ අධ්‍යාපනය සඳහා... අවංකව පිළිගන්න හැම ළමයෙක්ම උපාධිධාරියෙක් වෙන්නෙත් නැහැ. දොස්තර ඉංජිනේරු වෙන්නෙත් නැහැ. අනික මීට වසර 100 කට පෙර වගේ ඒවා විශේෂ රැකියාත් නොවේ. අද රටට අවශ්‍ය ශ්‍රම බලකාය නැතිකම නිසා ඉන්දියාවෙන් මෙහි පැමිණ ඒවා කරනවා.

:       0       0

koddaSunday, 20 August 2017 04:07 PM

අහිංසක දෙමාපියන්ට වැරැද්ද පටවන්න එපා. රටේ අධ්‍යාපන බලධාරීන් තම කාර්යය ඉටු නොකිරීම ගැන දොස් කියන්න..

:       0       0

thushari hewagama Sunday, 20 August 2017 05:54 AM

ඉතාම ඉක්මණින් ගුරුවරයා අත්අඩංගුවට ගත යුතුයි. විභාග දෙපාර්තමේන්තුවෙන් පිට වුණා කියලා හිතන්න බෑ. කලින් විභාගේ ලියලා ගියපු කෙනෙක්ගේ ප්‍රශ්න පත්‍රය අරගෙන මෙයා ප්‍රින්ට් කරලා දෙන්න ඇති... මේ වගේ මිනිස්සුන්ට ලොකු දඬුවම් දෙන්න ඕනෑ..

:       86       1

disanayaka Sunday, 20 August 2017 03:11 PM

නැවත ප්‍රශ්නපත්‍රය ලිවීමට ඉඩදීම ළමයින්ට කරන විශාල අසාධාරණයක්. අහිංසක ළමයි කොච්චර මහන්සිවෙලාද මේවාට ලියන්නේ. නිවැරදි සිදුවීම කුමක්දැයි සොයා ළමයින්ට අසාධාරණයක් නොවන විදියට රජය කටයුතුකළ යුතුයි. මෙය පිටුපස සිටින ටියුෂන් ගුරුවරයා මගඩියක් කළා විය හැකියි. ළමයින් තම පන්තිවලට ගෙන්වාගැනීමට... ටියුෂන් කඩ ක්‍රමය නැති කළ යුතුයි. පාසල්වල ඉගැන්වීම් ප්‍රමිතිකරණය කල යුතුයි. ටියුෂන් පන්ති සඳහා රජය අනුමත කරන වැඩපිළිවෙතක් හඳුන්වාදිය යුතුයි. ගුරුවරුන්ගේ සුදුසුකම් සොයාබලා රජයේ බලපත්‍රයක් ලබාදී මෙම ටියුෂන් පන්ති සඳහා ප්‍රමිතිකරණයක් ඇතිකළ යුතුයි. දැන් රජයේ පාසල් වල ගුරුවරුන් පඩි ලබාගෙන නිදැල්ලේ සිටිනවා. මෙම ටියුෂන් කඩ නිසා මොවුන්ව නිවැරදි මගට ගෙන පාසල් අධ්‍යාපනය ප්‍රමිතිකරණය කර අධීක්ෂණය කලයුතුයි. මෙවැනි මගඩි වැඩ නැවත කිරීමට ඉඩක් නොතැබිය යුතුයි. වැරදිකර ඇති පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි.

:       124       73

රාජුන් Sunday, 20 August 2017 10:20 PM

දක්ෂ ගුරුවරයෙකුට විභාගයකට ලැබිය හැකි ප්‍රශ්න අනුමාන කරන එක පහසුවෙන් කරන්න පුළුවන්. ප්‍රශ්න දෙතුන් සීයක් හැදුවම ප්‍රශ්න දෙකක්, තුනක් විභාග ප්‍රශ්න හා ගැලපීම සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. අනුමාන කළ ප්‍රශ්න වචනයෙන් වචනයට විභාග ප්‍රශන හා ගැලපේ නම් සැක පහල කළ හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 48 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 248 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 75 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 609 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 295 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1377 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site