රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යද්දී, ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසියන් රජය එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රුසියාවත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් මෙසේ පිරිහී ගොස් ඇත්තේ, 1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව බවය.
ඇයිහොඳයිකම් පළුදුවීමට හේතුව, රුසියන් යුක්රේන යුද්ධය යැයි ද පැවැසෙයි. මේ වනවිට ඇමෙරිකාවත් රුසියාවත් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ බියක් ද හටගෙන ඇත.
“අප කැමතියි අපේ රුසියන් වැසියන්ට අනතුරු අඟවීමක් කරන්න. ඇමෙරිකාවට හෝ ඇමෙරිකන් හිතවාදී බටහිර රටවලට යෑමෙන් වළකිනවා නම් වඩා හොඳයි. ඒත් ඔබ එසේ යනවා නම් කල්පනාකාරී වෙන්න ඕනෑ. ඔබට අනතුරක් වීමේ අවදානමක් තිබෙනවා” යැයි රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පැහැදිලි කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන් රුසියන් යුක්රේන යුද්ධයේ දී දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කළ අයෙකි. බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දී ඇති යුධ ආධාර ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 62 කි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වූ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා සලකා බලන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර ඇත.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියානුවන්ට අනතුරු ඇඟවීමක්