රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය.
යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ
”දකුණු සහ බටහිර හමුදා දිස්ත‍්‍රික්කවල සිටින හමුදා භටෙන් ඒ ගොල්ලන්ගේ රාජකාරි අවසන් වී ඇති නිසා දුම්රිය සහ වාහන මගින් අද දින තමන් අයිති හමුදා කඳවුර වෙත පිටත් වීම ආරම්භ කරනවා,දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස ඒ විදිහට ම පවත්වා ගෙන යනවා යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති සේනාංකය වෙත පිටත් වේවි”
මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික විසදුමකින් අවසන් වේ යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.
(විමුක්ති එස් රුද්රිගු රොයිටර්ස් ඇසුරිනි)
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාව අඩියක් පස්සට තබයි
දර්ශන Tuesday, 15 February 2022 04:25 PM
අඩියක් පස්සට ගත්තා කියන්නේ මොකක්ද? යුක්රේන දේශසීමාවේ තිබුණු රුසියානු සහ බෙලෝරුසියානු යුද අභ්‍යාසය ඉවරවෙලා හමුදාව කලින් තිබුණු තැන්වලට ස්ථානගත කරලා... රුසියාව යුද්ධයක් ගැන කිව්වේ නෑ. ඇමෙරිකාව, එංගලන්තය, නේටෝ, යුක්රේනය සහ බටහිර මාධ්‍ය තමයි යුද්ධයක් ගැන කිව්වේ...!!!
NissankaWednesday, 16 February 2022 10:06 AM
ලෝකය ගැන අවබෝධයක් තියෙන ලංකාවෙ මනුස්සයෙක් දැක්කමයි. ඔබ ගැන සන් තෝසයි. ඇත්තටම ඔය මාධ්‍ය නාඩගම ඇමරිකාවයි, බ්‍රිතාන්‍යයයි තමයි කරගෙන ගියේ. කොහොම වුනත් දැනට යුරෝපේ බලවතා වන ප්‍රංශය මේ වෙලාවේ කැත්තට පොල්ල වගේ ඉන්නෙ නැතුව, ඇවුලුනු ගින්න නිවන්න ගත්ත උත්සාහය අගය කරන්න ඕන.
බිංදු Friday, 18 February 2022 03:20 PM
මේ පුටින් පිස්සු කෙලිනවා. ගහනවා නම් ගහන්න ඕනේ. ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා කියන්න...