රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් අද ගාල්ල කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මාළඹේ වෛද්‍ය පීඨය වසා දමන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතා දමන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් අද ගාල්ල කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මාළඹේ වෛද්‍ය පීඨය වසා දමන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතා දමන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒක විතරක් වහන්න කියන්නේ ? ඔයාලගේ බොසාල හවසට චැනල් කරන්න යන වෙද කඩ ටිකත් වහන්න කියන්නකෝ. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක වැරදි නම් නිදහස් සෞඛ්‍ය පුද්ගලීකරණ කරන එකත් ඒ වගේම වැරදියි. (නදි)
අනුරුද්ධ ඔබ හරියට හරි...මේ ගොල්ලොත් කෑ ගහල අන්තිමට පත්වීම් අරගෙන ., සල්ලිවලට වහ වැටිලා කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවය පැත්තකට දාල එකට දෙවැනි තැන දීල සල්ලි පස්සේ දුවන එක..(හැබැයි බහුතරය හැමෝම නෙමෙයි ) (අ)
අනුරුද්ධගේ කතාවට මමත් 100% එකඟ වෙමි , පෞද්ගලික විශ්ව විද්‍යාල එපා නම් චැනල් සර්විස් ඇතුළු ගෞද්ගලික ඩිස්පැන්සරිත් වසා දමන්න , අපේ රටේ ජනතාවගේ ප්‍රමාණයට ඉන්න දොස්තරලා මදි ,(අ)
රටකට පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ රජයට අයිති ඒවා පුගලික කරණය වුණොත් ඒක වැරදි වැඩක් එහෙම නැතුව පෞද්ගලික විශ්ව විද්‍යාල කියන නමේම තියනවා ඒවා රජයේ ඒවා නොවන බව. 90% ලෝකේ රටවල මෙහෙම පෞද්ගලික විශ්ව විද්‍යාල තියනවා . වෛද්‍ය පීඨයට ඇතුලත් වුන දවසේ ඉදල මොකක් හරි මොලේ අමාරුවක් හැදෙනවද මන්ද මේ ලංකාවේ දොස්තරලට. මුළු ලංකාවම පාලනය කරන්න යන්නේ එක නිසානේ. (අ)
කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් දක්ෂ සිසුන් දහස් ගානකට වාර්ෂිකව දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි වරම් අහිමි වෙනවා. අඩු ලකුණු ගත් සිසුන් සති අන්තයේ කොළඹට ටියුෂන් එනවා. මම මේ පාසල් කාලයේ අත්දැකීමෙන් කියන්නේ. ලංකාවේ ඉන්න එකම මොලකාරයෝ ටික තමන් කියල දොස්තර සිසුන් හිතනවා නම් ඒකෙන්ම තමන්ගේ මෝඩකම ඔප්පු වෙනවා. මෙහෙ සරසවියට ඇතුල් වෙන්න බැරි වුනත් ඉගෙනීමට දක්ෂ කෙනා පුළුවන් නම් පිටරට ගිහින් හරි ඉගෙන ගනීවි. ඒකත් නවත්තන්න පුළුවන් කියල වෙන්න ඇති මේගොල්ල හිතන්නේ. (නදී)
මෙතැන තියෙන්නේ ඒකාධිකාරිය පිලිබඳ ප්‍රශ්නයක්. දුප්පත් මිනිසුන්ට හෝ අධ්‍යාපනයට තියෙන ආදරයක් නෙෙමයි. අවශ්‍ය පුද්ගලික විශ්ව විද්‍යාලවලට සුදුසු නියාමනයකි. මැද පෙරදිග බැලුවොත් 90% ඉන්දියන් වෘර්තිකයන් .මේ අය රජයේ විශ්ව විද්‍යාල වලින් නෙමෙයි . අපි පුහු මතවාද අරගෙන , මිනස්සුත් මුලා කරලා ,තමනුත් මුලා වෙලා මේ රටත් පස්සට දානවා. අර්ත්මර්තය 1000% බලවත් වෙලා. හරිම පිලුකුල්. (හේ)
ඉස්සර තමයි ලංකාවේ මිනිස්සු දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් දෙයක් කිව්වහම ඉස් මුදුනෙනේ පිළිගත්තේ. චැනෙල් කාක්කෝ අපිව ගසා කන්න පටන් ගතට පස්සේ අපිත් වෙනස් විදිහට හිතන්න පුරුදු වෙලා. ලංකාවේ පුද්ගලික ඉස්පිරිතාල තිබෙනවා නම් රජයේ මුදලින් ඉගෙනගත්ත දොස්තරලා ඒවායේ වැඩ කරනවානම් රජයේ රෝහල් වල දොස්තරලා පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනවනම් මොකද පුද්ගලික විශ්ව විද්‍යාල අරම්භ කරන්න බැරි. කරුණාකරලා පාඩුවේ ඉගෙනීමේ කටයුතු කරගෙන යන්න ජනතාව කෝප නොකර. වැරදිලාවත් ජනමතය ඔබලාට විරුද්ධව ගොඩ නැගුනොත් ඔබලා ලොකු අමාරුවක වැටෙනු ඇත. මිනිස්සු දුටු දුටු තැන ඔබලාව පිළිකුල් කිරීමට සහ පහර දීමට පටන් ගනු ඇත (නදී)