වෘත්තිය සමිති 20 කට අයත් ශ්‍රේණි 22 ක කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයන් අද (30) ඉල්ලීම් පහක් මුල් කැර ගනිමින් ලෙඩ නිවාඩු දමා වර්ජනය කිරීම නිසා රෝහල් කටයුතු අඩාල විය.
වසර ගණනාවක සිට උසස් වීම් ද හිඟ වැටුප් ද නොලැබුණු බව ඔවුහු කියති.රෝහල්වලට රැගෙන එන අමාරු ලෙඩුන් ට්‍රොලි හා රෝද පුටුවලින් රැගෙන යාමට රෝගීන්ගේ භාරකරුවන්ටම සිදු විය.
රෝගීන්ට රෝහලෙන් කෑම සැපයුණේ ද නැත. රෝගීනට යම් සහනයක් ලැබුණේ සිවිල් ආරක්ෂක සෙබළුන් සාමාන්‍ය ඇඳුමින් සැරසී ලෙඩුන්ගේ ආවතේව කිරීමට ඉදිරිපත් වීම නිසාය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා ඡන්දෙ දෙන්නේ 5000 ක් පඩි වැඩි කලොත් විතරයි. (නදී)
මෙහෙම බලනකොට පඩි වැඩි කිරීම සහ උසස් වීම ලබා දිය යුත්තේ සිවිල් ආරක්ෂක සේවයේ උදවියට. ඒ කට්ටිය නිහඬ සේවයක් කරනවා. (අ)
ලොක්ක ඉස්පිරිතාලේ ඉදල සනීපෙන් ගෙදර යන කොට මට ඕක හිතුන..ලොක්කට අවුලක් නැතුව වැඩේ හරියට වෙන එක නයාට අදු කොළ වගේනේ.ගිය ගමන් ඔය සමිති ටිකට කියන්න ඇති බොලා මොකද කරන්නේ..අන්න අරහේ වැඩේ හරියට යනවා..ලෙඩ්ඩුන්ට බේත් ටික වැටෙනවා..මෙහෙම කොහොමද කරන්නේ..අපි කොහොමද දේශපාලනේ කරන්නේ..වහාම වර්ජනයක් කරපියව් කියල..(අ)
මම අද ගියා රාගම රෝහලලේ තිබුන සායනයකට බෙහෙත් ගන්න .වෙනදාට වඩා සේරම වඩාත් හොඳට කෙරෙනවා දැක්ක .වෙනද වගේ කච පච ගාන්න කවුරුවත් හිටියෙත් නැහැ. හැමෝම පුදුම සංවර කමකින් හැසිරුනා. අනේ මෙයාල හැමදාම වර්ජනය කලානම් කියල මට හිතුන.(අ) .
ලංකා තිලක් මසුරන් කතාව (නදී)
ලංකා තිලක් ඔබ සම්පුර්ණයෙන්ම හරි. එයාලගේ බලාපොරොත්තුව සැම තැනම අවුල. (නදී)
දැන් වර්ජනය තව දික් කරාවි රොහල් හමුදාකරණය කිරීම නවත්වව් කියලා.තව කොටසක් හමුදාවට ගිය කල කියලා කිඹුල් කදුළු සලාවි.ලොක්කා ටිකට් කපපු ගමන් ඕඩරය දීලා වගේ.(අ)
පෙරේරාගේ මල්ලිද අයියද ලංකා තිලක් කියන්නේ? එයත් අරයට දෙවෙනි නැහැ. හොඳට විහිළු සපයනවා අපිට. ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ කව්ද මේ දෙන්න එක්ක බැලුවම. (අ)
ලංකා තිලක් කියන පුද්ගලයා පිළිබද අනුකම්පා කරන්න ඕන තවමත් යථාර්තය අවබෝධ නොවීම ගැන , මෙහෙ ලොක්කෝ කැස්සක් හෙම්බිරිස්සවටත් යන්නේ සිංගප්පුරු ,(අ)
උසස්වීම්, හොඳ වැටුප් හිමිවිය යුත්තේ ඉතාමත්ම හොඳින් සේවය කරන අයටය (නි)
කෝ අර පාදෙණිය දොස්තර කෙනෙකුට ගහල දොස්තරලා පාදෙණියට ගහල කියන නිව්ස් එක මේකේ නැහැනේ.(අ)
විරාජ් මහත්තයාගේ අනුකම්පාවට ස්තුතියි ..හැබැයි ඉතින් මෙහෙ කව්රුත් කැස්සට හෙම්බිරිස්සාවට සිංගප්පුරු යන්නේනම් නැහැ මේ ඕන තරම් සියලු පහසුකම් සහිත පුද්ගලික රෝහල් තියෙද්දී..අනෙක හදිසි අනතුරකදී කාවවත් පුද්ගලික රෝහල් වලට ගෙනියන්නෙත් නැහැ ඒවාට බාර ගන්නෙත් නැහැ..හදිසි අනතුරකදී ඕන ලොක්කෙක් හදිසි අනතුරු වාටුවේ තමයි මුලින්ම..ඊට පස්සේ තමයි වෙනත් දෙයක් උනොත් වෙන්නේ..විරාජ් මේ ලොක්ක ඉස්පිරිතාලේ ගිය එකත් විකුණා ගන්න හදනවා.ස්ට්‍රයික් වෙලාවක ගෙනිච්චනම් ලෙඩ්ඩු ගහල පන්නනවා (අ)
අපේ අලුත් නායක තුමා මාර ගේම් නේ දෙන්නේ..ඇවිත් බෙහෙත් අරන් මෙහෙම නම් ලොකු ඔපෙරේෂන් එකක් කරගත්තනම් කොහොම තියේවිද. (අ)
අහිංසක දුප්පත් ලෙඩුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන එක කොහොමත් සුළු වැඩ තමයි. (නි)
පෞද්ගලික රෝහල්වල නම් මේ සෙල්ලම් බෑ (දිල්)
මේ අයගේ අඹුදරුවන්ටත් මේවා ඵලදේවි (නදී)