IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලංකා කැවලියර්ස් ප‍්‍රවීණයන්ගේ ක‍්‍රිකට් තරගාවලිය 11දා මොරටුවේදී

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකින් සමන්විත ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජය සංවිධානය කරන වයස 40 ට වැඩි ප‍්‍රවීණයන්ගේ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 11 වැනිදා පෙරවරු 8.30 සිට මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණ්ඩායම් 12 ක් සහභාගි වන මෙම තරගාවලියේ ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් හය දෙනාට වයස 40 ට වැඩි ක‍්‍රීඩකයන් පස් දෙනකු සහ වයස 50 ට වැඩි ක‍්‍රීඩකයකු ඇතුළත් විය යුතුය. මෙම තරගාවලියට හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් සහභාගිවීමට නියමිත බව සංවිධාකයෝ පවසති.

තරගාවලියේ ශූරයන්ට රුපියල් 50,000 ක් ද, අනු ශූරයන්ට රුපියල් 30,000 ක් ද, පිරිනැමේ. ඊට අමතරව දක්‍ෂතම පිතිකරුට, පන්දු යවන්නාට, පන්දු රකින්නාට සහ අවසන් තරගයේ වීරයාට ත්‍යාග පිරිනැමීමට නියමිතය. තරගාවලියට සහභාගි වන වයස්ගතම ක‍්‍රීඩකයාට ද විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගම කටයුතු කරයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:

මොරටුව ස්ටාර්ස්, වෙළෙඳ සේවා පිල, වෘත්තිය විනිසුරුවන්ගේ පිල, නාවික හමුදාව, ශ්‍රීමත් හෙන්රි ස්ටිල්  ඕල්කට් විදුහල් පිල, ආදි බෙනඩික් පිල, කොල්්ට්ස් ටවර්නස්, ඇඩස්ටි‍්‍රයන්ස්, ලංකා බැංකුව, ආදි ශාන්ත පීතර විදුහල් පිල, හැටන් නැෂනල් බැංකුව සහ ලංකා කැවලියර්ස්

ඡයාරූපය:
ඊස්ට් වෙස්ට් මාර්කටින් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා විසින් ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජයේ සභාපති බැසිල් පෙරේරා මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව.

‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සමාජයේ හිටපු සභාපති මෙන්ම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර (වමේ) සහ ‘ලංකා කැවලියර්ස්’ ක‍්‍රිකට් සංගමයේ ලේකම් නිසාල් ප‍්‍රනාන්දු (දකුණේ) යන මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

ලංකා කැවලියර්ස් ප‍්‍රවීණයන්ගේ ක‍්‍රිකට් තරගාවලිය 11දා මොරටුවේදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 110 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 991 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 263 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 161 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 361 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 898 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site