IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලංකා තෑග්ග රජයට

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට්ට මහින්ද රාජපක්ෂ ජනපති වටිනා තෑගි දුන්නේය.

කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් හා කැටයම් කළ රිදී පෙට්ටියක් ඔහුට පිරිනැමිණි.

කමිස  බොත්තම් කටු දෙකේ  වටිනා දියමන්ති ද ඔබ්බවා තිබිණි.

ඕස්ට්‍රේලියා අගමැති සිය රටට ගිය ගමන් එම තෑගි  රජයට භාර දුන්නේය.

ඕස්ට්‍රේලියා නීතිය අනුව ඕස්ට්‍රේලියා ඩොලර්  හත්සිය පනහකට (රුපියල් 89505 )  වඩා වටිනා තෑග්ගක් මන්ත්‍රීවරයකුට භාර ගත නොහැකිය.

බෘනායි රාජ්‍යයේ සුල්තාන් වරයාගෙන් ලැබුණූ හම් බෑගයක් ද ෂැම්පේන් බෝතල් දොළහක්ද, ශිරාස් වයින් බෝතල් දොළහක් ද ඔහු  රජයට භාර දුන්හ.  

ටෝනි ඇබට් හා ඔහුගේ බිරිය මාගීට උතුරු සිඩ්නි නුවර නිවස හැර අන් ආයෝජනයක් නැත.

 

 

                                                             

 



අදහස් (0)

ලංකා තෑග්ග රජයට

පිටබැද්දර ජයා Monday, 16 December 2013 10:41 AM

නීලා, මට ඔයාගේ කතාව අනුමත කරන්න බැහැ (නි)

:       0       0

සෙනෙවි Monday, 16 December 2013 10:47 AM

මේ තෑග්ග අරන් තියෙන්නෙ අපි ගෙවන බදු සල්ලි වලින් නිසා ඒක දුප්පත් අපි දුන්න එකක් (දිල්)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 16 December 2013 11:36 AM

අපේ දේශපාලනඥයින්ට නයිල් නිම්නයේ හැර වෙන කොහෙවත් නිවාස නැත සුවිස් බැංකු වල පොඩි මුදලක් තිබුණට රුපියල් නැත (දිල්)

:       0       0

සදුනි Sunday, 15 December 2013 09:08 PM

ජේ.ආර් ජනපතිකාලේ ඔය විදියට ලැබුණු වටිනා තෑගි ගොඩක් එසේම තියලයි ගියේ. ඒ එතුමාගේ වැදගත් බව. නමුත් පස්සේ ඒවා අතුරුදහන් වුනු බව ආරංචි වුනා. (නදී)

:       0       0

චන්දන Monday, 16 December 2013 01:45 PM

මෙම කතාවේ වැදගත්ම දෙය අපේ රටේ කන්ඩ නැතත් දියමන්ති තෑගි කිරීමයි (නදී)

:       0       0

පරා Sunday, 15 December 2013 11:02 PM

ඔන්න පාඩමකට ගන්න හොද ආදර්ශයක් (දිල්)

:       0       0

අශෝක දේව සුරේන්ද්‍ර Sunday, 15 December 2013 11:05 PM

අපේ ඇමතිවරු කොච්චර නම් අවංකද. ඉන්නෙත් රජයේ ගෙවලි වල.(නදී)

:       0       0

ද සිල්වා Monday, 16 December 2013 02:19 PM

හොද ආදර්ශයක් (දිල්)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 16 December 2013 02:22 PM

මේ වගේ රාජ්‍ය නායකයෝ කොච්චර ආඩම්බරයක්ද.(දිල්)

:       0       0

ජයතිලක Tuesday, 17 December 2013 08:08 AM

පිටබැද්දර ජයා, මමත් නීලාගේ අදහස අනුමත කරනවා. ඉංග්‍රීසි කාරයින් යටත් කරගත්ත රටවලින්, නිදහස ලබා නොදුන් රටවල් අද ලෝකයේ ඉතාමත්ම දියුණු රටවල් බවට පත්වී තිබෙනවා. උදාහරණයක් හැටියට නවසීලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල් පෙන්වා දිය හැකියි. (නදී)

:       0       0

නීලා Monday, 16 December 2013 12:25 AM

මිනිසුනේ, පුදුමෙන් පුදුම හිතෙන්නේ නැද්ද මේවා අහලා. මේක වෙන්න පුළුවන් දෙයක්ද එක පාර හිතා ගන්නත් බැරි උනා. අර සුද්දන්ට බැන අඩගසන බටහිර විරෝදී අදහස් දාන අයට මන් නම් කියන්නේ මේ ප්‍රවෘත්තියේ මුද්‍රණය අරන් දියකරලා බොන්න කියලා.(නදී)

:       0       0

ජීවන් Monday, 16 December 2013 12:26 AM

ඕව මොනවද, අපේ අය රොකට් ඇරියේ.(නදී)

:       0       0

සුධීර Monday, 16 December 2013 12:28 AM

අපටත් එහෙම දේශපාලකයෝ හිටියා ඒ කාලේ කියමින් කුහක පුරාජේරු ප්‍රතිචාර කවුරුත් දාලා නැහැනේ.(නදී)

:       0       0

කමල් Sunday, 15 December 2013 03:32 PM

මුදා හරින්න කියලා ලියුමක් ගන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙලාද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 15 December 2013 03:35 PM

ඒ ඕස්ට්‍රේලියාවෙනේ මේ ලංකාව. අපේ අයට නම් හම්බවෙන තෑගි ලිඳේ දැම්මා වගේ තමයි. (නදී)

:       0       0

සමන් විතාරණ Sunday, 15 December 2013 03:36 PM

කියන්න වදන් නැහැ මේ වගේ මිනිසුන් ගැන. ඔබ තුමාට අපේ රටේ පාර්ලිමේන්තුවට එන්න සුදුසු කම් තියෙනවා.(නදී)

:       0       0

සත්සිරි Sunday, 15 December 2013 03:39 PM

අනේ අපේ නම් ලංකාවේ කොහෙවත් වත්කම් නැහැ. (දිල්)

:       0       0

නිශාන්ත Sunday, 15 December 2013 03:51 PM

අපේ රටේ වගේමයි.(නදී)

:       0       0

ශාන් Monday, 16 December 2013 01:33 AM

ඕස්ට්‍රලියාවේ මම දන්න නගර සභාවක පොතක් තියනවා නිලධාරින්ට පිට අයගෙන් ලැබෙන දේවල් ලියන්න. කොන්ත්‍රාත් කාරයෙක් කෑම වේලක් දුන්නත් එකේ ලියනවා.(දිල්)

:       0       0

හෆ්සාල් Sunday, 15 December 2013 03:57 PM

අනේ එකට අපේ රට...(අ)

:       0       0

අල්විස් Sunday, 15 December 2013 04:08 PM

වර්තමාන ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ දිදුලන නිහතමානි ජන නායකයෙක් වන ටෝනි ඇබට් මැතිදුන් අපේ රටටත් ලෝකයේ අනෙක් සියලුම රටවලටත් උතුම් ආදර්ශයක්. එතුමා අපේ රටට පැමිණි වෙලාවෙත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ අවසාන ගෞරව දැක්වීමේ අවස්ථාවේදීත් ඉතාමත් උසස් රාජ්‍ය නායකයෙකු ලෙසින් හැසිරුණ බව අපි දුටුවා. චිරං ජයතු..! (දිල්)

:       0       0

සම්පත් Sunday, 15 December 2013 04:13 PM

අපේ ඇමැතිවරුත් එහෙම තාමා..! ඕවා ළඟ තියාගන්නේ නැහැ.(දිල්)

:       0       0

බුද්ධි Sunday, 15 December 2013 04:17 PM

ඔස්ට්‍රලියව දියුණු ඇයි කියල දැන් තේරෙනවා නේද? රටට වැඩ කරන්න බැරි නම් , ජනතාව අකමැති නම් පාලකයෝ කෙලින්ම ගෙදර යනවා.(අ)

:       0       0

බුද්ධි Monday, 16 December 2013 02:33 AM

ඕස්ට්‍රේලියාව දියුණු රටක් වෙන්නේ මොකද කියල දැන් තේරෙනවා නේද ? එහෙ නීතිය කාටත් එකයි (දිල්)

:       0       0

පාලිත Sunday, 15 December 2013 04:18 PM

ඒ ඕස්ට්‍රේලියාවේ නේ. (අ)

:       0       0

ගිම්හානි Sunday, 15 December 2013 04:24 PM

අනේ මේ රත්තරන් මිනිස්සු දිහාවත් බලල අපේ අය හැදෙන්නේ නැති හැටි (අ)

:       0       0

අක්ෂි Sunday, 15 December 2013 04:28 PM

අපිට මහා දියුණු ඉතිහාසයක් තිබුනත් දැන් නම් ආයිම ඉගෙන ගන්න හොඳයි මේ එංගලන්තෙන් පිටුවහල් කරපු ජනතාවගෙන් වත්? අපේ රටේ දේශ පාලුවෝ කරන විනාසේ නිසා රටක් ජාතියක් ඉතුරුවෙන එකක් නැහැ කලකදී? (අ)

:       0       0

ජයා Sunday, 15 December 2013 04:29 PM

බලන්නකෝ අපේ ඇමැතිවරුන් දිහා. එයාලත් මේ විදියමයි (නි)

:       0       0

සනත්- කටාර් Sunday, 15 December 2013 04:37 PM

ටෝනි ඇබට් මහත්මයාට ස්තූති වේවා! ලෝකයට ආදර්ශයක් (නි)

:       0       0

ද සිල්වා Monday, 16 December 2013 05:10 PM

මේ වගේ දේශපාලකයන් ඉස්සර ලංකාවෙත් සිටියා. නමුත් ටිකෙන් ටික වඳ වීමට ලක්වී දැන් බෙහෙතකට වත් සොයා ගැනීමට නොහැක.(නදී)

:       0       0

සෙනරත් Monday, 16 December 2013 05:08 AM

ලංකාවේ ඕකේ ප්‍රති විරුද්ද නේ.(නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 05:19 AM

'කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ ඔහුගේ ක්‍රියාවෙනි'. කෙනෙකු සැබෑ ජන නායකයෙකු හෝ හොරෙකු වන්නේත් එසේමය. (නදී)

:       0       0

ගයන් Sunday, 15 December 2013 05:11 PM

අහන්නත් සන්තෝසයි.(නදී)

:       0       0

තික් වන්නිනායක Sunday, 15 December 2013 05:12 PM

ඒකට අපේ රටේ! මේ ලඟදි දික්කසාද නඩුවකින් හෙළි වුනේ අපේ රටේ පොඩි එක්කෙනෙකුගේ තියෙන දේවල් . තව ජෙෂ්ට කට්ටියගේ කොච්චර ඇද්ද. (නදී)

:       0       0

රොෂාන් Sunday, 15 December 2013 05:14 PM

මෙන්න දේශපාලකයන් ලෝකෙටම ආදර්ශයක්.(නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 15 December 2013 05:35 PM

ඕස්ට්‍රේලියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ(දිල්)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 05:59 PM

ජන හදවත් තුල නොමියෙන මිනිසුන්.(නදී)

:       0       0

රසල් හේමන්ත Tuesday, 17 December 2013 11:57 AM

අති විශිෂඨයි. නීති ගරුක නායකයෙක්. අපිට කවදා හම්බවෙයිද මෙහෙම පාලකයෙක්.(නදී)

:       0       0

ෂේන් Sunday, 15 December 2013 06:12 PM

අනේ අපොයි ඒකට අපේ අය.(නදී)

:       0       0

කොටගම Sunday, 15 December 2013 06:13 PM

රාජ්‍ය නීතිය එයයි නමුත් හැම තැනම ඒ දේ සිදු වනවාද ?(දිල්)

:       0       0

නිමල් ලලිතා Monday, 16 December 2013 09:27 AM

ශ්‍රී ලංකාවට මෙවැනි දේශපාලන නායකයන් හෝ දෙශපාලකයන් කවදා බිහි වේවිද? (නදී)

:       0       0

මොනොලිසා Sunday, 15 December 2013 07:09 PM

අපේ ජනාධිපති තුමාත් මේවගේ කෙනෙක් නේද ?(දිල්)

:       0       0

ඇන්ටන් Sunday, 15 December 2013 07:11 PM

මෙතුමා මේ ආදර්ශය ඉගෙන ගත්තේ ශ්‍රිලංකාවේ මැති ඇමති හා උතුමාණන්ගෙන් බව පෙනී යනවා (දිල්)

:       0       0

නීලා Monday, 16 December 2013 10:01 AM

සුද්දා ලංකාවට නිදහස නොදුන්නා නම් අපටත් මෙවැනි දේශපාලකයෝ ඉන්නවා. සුද්දා දාල නොගිය ඕනෑම රටක අද තත්වේ ඉතා උසස්. (නදී)

:       0       0

සුභසිංහ Monday, 16 December 2013 10:02 AM

බලන්න මොන තරම් පුදුම හිතෙන ප්‍රවෘත්තියක්ද කියලා. අම්මපා අර අපේ කට්ටිය බෝට්ටුවෙන් යන එක අහන්ට දෙයක්ද? (නදී)

:       0       0

කෝලිත Sunday, 15 December 2013 07:27 PM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ගොවි කම්කරු, වෙද, ගුරු කට්ටියනේ ඉතින් එයාල කොහොමත් පෝසත් අය නෙමෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 50 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 237 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 796 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 1246 2

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 1834 3

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 571 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14539 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 106 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site